The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ : ප්‍රතිසංස්කරණ සහ විශ්වාසනීයත්වය, සහ විනිවිද බව : II කොටස - ලයනල් බෝපගේ

T

The Leader Desk

September 17, 2025 • 7:38 AM

හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ : ප්‍රතිසංස්කරණ සහ විශ්වාසනීයත්වය, සහ විනිවිද බව : II කොටස - ලයනල් බෝපගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ලිපියේ පළමු කොටසෙන් ගැට‍ලුව හඳුනා ගත්තේ නම්, දෙවන කොටස විසඳුම් සලකා බලයි.
  • ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම (the PSC) විසින් කලක් මෙහෙයවන ලද රාජ්‍ය සේවය, දශක ගණනාවක් පුරා කළ ව්‍යවස්ථා සංශෝධන හේතුවෙන් කැබලි වී දේශපාලනීකරණයට ලක් ව ඇත.
  • එහි ප්‍රතිඵලය වී ඇත්තේ නිලධරය තුළ වෘත්තීය අභිවෘද්ධිය (careerism), කුසලතා පදනම (meritocracy) සහ වෘත්තීමය බව (professionalism) පිරිහී යමින් පැවතීම යි.
  • “අඩුක් කරන ලද” රාජ්‍ය සේවයකට එරෙහිව අනතුරු අඟවමින් වෘත්තීය සමිති දේශපාලන පක්ෂපාතකම් ක්‍රමයෙන් ඇති කරන බලපෑම ගැන යළි යළිත් සිය කනස්සල්ල පළ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මෙම ලිපියේ පළමු කොටසෙන් ගැට‍ලුව හඳුනා ගත්තේ නම්, දෙවන කොටස විසඳුම් සලකා බලයි.

ශ්‍රී ලංකාවට, තීරණ ගැනීම ශක්තිමත් කර, විශ්වාසය යළි ගොඩ නගා, විශ්වාසනීයත්වය (integrity) සහ වග වීම මුල් කර ගත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කල හැක්කේ කෙසේ ද? ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර යන දෙආකාර අත්දැකීම්වලින් - විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ විකාශනය වන විශ්වාසනීයත්ව රාමුවෙන් (Integrity Framework) - මේ සඳහා පාඩම් උකහා ගත හැකි ය.

රාජ්‍ය සේවය යළි ගොඩ නැංවීම

රාජ්‍ය සේවයේ බිඳ වැටීම හා පාස්කු තීන්දු ප්‍රකාශය -(නීතිඥ චන්ද්‍රසිරි  සෙනෙවිරත්න)
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාකූලත්වයේ හරය වන්නේ එහි රාජ්‍ය සේවය නොකඩවා සෝදා පාළුවට ලක් වීම යි. ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම (the PSC) විසින් කලක් මෙහෙයවන ලද රාජ්‍ය සේවය, දශක ගණනාවක් පුරා කළ ව්‍යවස්ථා සංශෝධන හේතුවෙන් කැබලි වී දේශපාලනීකරණයට ලක් ව ඇත. එහි ප්‍රතිඵලය වී ඇත්තේ නිලධරය තුළ වෘත්තීය අභිවෘද්ධිය (careerism), කුසලතා පදනම (meritocracy) සහ වෘත්තීමය බව (professionalism) පිරිහී යමින් පැවතීම යි. “අඩුක් කරන ලද” රාජ්‍ය සේවයකට එරෙහිව අනතුරු අඟවමින් වෘත්තීය සමිති දේශපාලන පක්ෂපාතකම් ක්‍රමයෙන් ඇති කරන බලපෑම ගැන යළි යළිත් සිය කනස්සල්ල පළ කර ඇත.

එදිනෙදා සේවාවන් ලබා දීමේ දී වග වීම, විනිවිද බව සහ ප්‍රතිචාර දැක්වීම නොමැති වීම නිසා පුරවැසියෝ ද කලකිරීමට පත්ව සිටිති. ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ස්වාධීනත්වය සහ නිදහස යන දෙකම නොමැති බවට උසස් නිලධාරීන්ට චෝදනා එල්ල කර ඇත. මෙම ප‍්‍රවණතාව ආපසු හැරවීමට නම් අලංකාර වදන් මාලාවන්ට වඩා වැඩි යමක් අවශ්‍ය කරයි. එය ඉල්ලා සිටින්නේ අව්‍යාජ ස්වාධීනත්වයක්, විෂයබද්ධ තෝරා ගැනීමේ ක්‍රියාවලියක් සහ බඳවා ගැනීම්, උසස් වීම්, මාරු කිරීම් සහ විනය පාලනය කිරීම සඳහා සාධාරණ හා විනිවිද පෙනෙන ක්‍රියා පටිපාටි සමගින් රාජ්‍ය සේවා කොමිසම (PSC) ප්‍රතිසංවිධානය කිරීම යි. බලයේ සිටින මොනයම් පක්ෂයකට හෝ වඩා ජාතියට සේවය කරන ආයතනයක් වශයෙන් රාජ්‍ය සේවයට විශ්වාසනීයත්වය යළි ලබා ගත හැක්කේ එවිට පමණකි.

රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය ආරක්ෂා කළ හැකිවන්නේ කෙසේ ද...?

v78978980890fghfghty
මේ සම්බන්ධයෙන්, ඕස්ට්‍රේලියාව ආශ්වාදයක් ද, අනතුරු ඇඟවීමක් ද ඉදිරිපත් කරයි. එහි ශක්තිමත් විශ්වාසනීයත්ව නිමැවුම තිබියදීත්, ඕස්ට්‍රේලියානු රාජ්‍ය සේවය දේශපාලන මැදිහත් වීම්වලින් විනිර්මුක්තව නැත. මොරිසන් ආණ්ඩුව යටතේ, ඇමතිවරු රාජ්‍ය සේවකයින්ට සැලකුවේ රජයේ මධ්‍යස්ථ භාර කරුවන් ලෙසට වඩා පක්ෂග්‍රාහී අභිලාෂ වෙනුවෙන් පවතින මෙවලම් ලෙසට යි. වඩා ශක්තිමත් විශ්වාසනීයත්ව නීතිරීති සම්පාදනය කිරීමෙන් පාලනයට හානි ඇති කරනු ඇතැයි යනුවෙන් සමහරු අනතුරු ඇඟවීම් පවා කළහ.

එහෙත්, ඕස්ට්‍රේලියාවේ ප්‍රතිසංස්කරණ සහ විමර්ශණ පෙන්වා දෙන්නේ ආයතනවලට බලතල ලබා දුන හොත් සහ සිවිල් සමාජය සුපරීක්ෂාකාරීව සිටිය හොත් රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය ආරක්ෂා කළ හැකි බවයි. ශ්‍රී ලංකාවට උගත හැකි පාඩම නිරවුල් එකක් වේ: රාජ්‍ය සේවයේ වෘත්තීමයබව සහ විශ්වාසනීයත්වය සුඛෝපභෝගී තත්ත්ව නොවේ; ඒවා යහපාලනය සඳහා අවශ්‍ය කරන පූර්ව කොන්දේසි වේ. විශ්වාසනීයත්ව ක්‍රම පද්ධති මගින් දූෂණය පාලනය කිරීම නඩු පැවරීම් මත පමණක් විශ්වාසය තබා දූෂණයට එරෙහිව සටන් කිරීම කළ නොහැකිය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත වැනි දුර්වල ලෙස සැලසුම් කරන ලද නීති පෙන්වා දී ඇත්තේ ප්‍රතිසංස්කරණ කිරීමට වඩා නීතිරීති අපයෝජක මෙවලම් බවට පත් විය හැකි ආකාරය යි. ඒ වෙනුවට අවශ්‍ය ව ඇත්තේ, නීතිමය සුරැකියාවන්, ආචාර ධර්ම ප්‍රමිතීන්, ස්වාධීන අධීක්ෂණ ආයතන සහ සක්‍රීය පුරවැසි සහභාගීත්වය එකට සම්බන්ධ කරන අන්දමේ පුළුල් විශ්වාසනීයත්ව ක්‍රම පද්ධතියකි.

විෂමාචාර වැළැක්වීම සහ විශ්වසනීයත්වයට ත්‍යාග ලබා දීම

nymuo89o78o978
පාරදෘශ්‍යතා ජාත්‍යන්තරයේ (Transparency International) සහාය ලද, “ඕස්ට්‍රේලියාවේ ජාතික විශ්වාසනීයත්ව ක්‍රම පද්ධතිය: ක්‍රියාමාර්ග සඳහා සැලැස්ම” නමැති වාර්තාව මෙම ප්‍රවේශය: එනම්, ස්වාධීන දූෂණ විරෝධී මුරකරුවන්, තොරතුරු හෙළි කරන අයට සපයන වඩා ප්‍රබල රැකවරණ සහ බලපෑම් කිරීමේ දී පවතින විනිවිදභාවය, නිවැරදිව අවධාරණය කරයි. විෂමාචාර වැළැක්වීම සහ විශ්වසනීයත්වයට ත්‍යාග ලබා දීම යන කාරණා දෙක ම සඳහා ශ්‍රී ලංකාව තම සන්දර්භයට ම ගැළපෙන ලෙස සකස් කළ සමාන සුරක්ෂිතතා යොදා ගැනීමෙන් ප්‍රතිලාභ ලබනවා ඇත.

තීරණාත්මක අන්දමට, වග වීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ කළමනාකරණය වෙත ද පැතිරවිය යුතු ය. නිලධාරීන් අත් හිටුවීම හෝ සේවයෙන් පහ කිරීම පැහැදිලි ක්‍රියා පටිපාටි, එනම්, ස්වාධීන තීරණ ගැනීම, ප්‍රතිචාර දැක්වීම සඳහා අවස්ථා ලබා දීම සහ විෂමාචාරයේ බරපතළකම ප්‍රවේසමෙන් සලකා බැලීම, අනුගමනය කරමින් සිදු කළ යුතුය. ඊට වඩා අඩු යමක් චිත්ත ධෛර්යය සහ ඵලදායිතාව යන දෙකම අඩපණ කරමින්, රාජ්‍ය සේවයේ අසාධාරණ ව්‍යවහාර සහ දේශපාලනීකරණය වූ ශුද්ධ පවිත්‍ර කිරීම් මුල් බැස ගැනීමේ අවදානමට ලක් කරයි.

ඡන්දදායකයන් යළි සහභාගි කරවා ගැනීම

අරගලය: දින පනහකින් ඉක්බිති...-(ජයසිරි අලවත්ත)
ආයතනවලට පමණක් වග වීම සහතික කළ නොහැකි ය. පුරවැසියන් ම ඒ පිළිබඳව මිඩංගුව, සුපරීක්ෂාකාරී ව සිටිය යුතුය. 2022 අරගලය විරෝධතා ව්‍යාපාරය විදහා පෑවේ මහජන උදහසට මුල් බැස ගත් දේශපාලන ප්‍රභූ පෙළැන්ති සෙලවිය හැකි අන්දමයි. එහෙත් තිරසාර සහභාගිත්වයක් නොමැතිව ඒ උදහස ඉක්මනින් ම පහව යයි. ප්‍රතිසංස්කරණ නොකඩවා පවතින්නට නම්, දේශපාලන ත්‍යාග අනිවාර්යයෙන් හෙළිදරව් කිරීම, ආණ්ඩුවේ වියදම්වල විනිවිදභාවය, පිවිසෙන්නට හැකි අන්දමේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් යාන්ත්‍රණ, සහ බිම් මට්ටමේ සංවිධානවලට පාලනය නිරීක්ෂණය කරන්නට ඇති ඉඩකඩ ද ඇතුළුව සිවිල් සහභාගිත්වය ආයතන ගත කළ යුතු ය. විරෝධතා දක්වන්නට පමණක් නොව, සියුම් ලෙස පරීක්ෂාවට ලක් කරන්නට සහ සහභාගී වන්නට පුරවැසියන් බලායනය කරනු ලැබ ඇති විට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වේ.

දේශපාලන නායකත්වය සහ ආචාර ධර්ම ප්‍රමිති

අවසානයේ දී, පාලනයේ ගුණාත්මක බව රඳා පවතින්නේ දේශපාලන සංස්කෘතිය මත යි. පෙළපත් හිමිකරුවන් සහ කල්ලි කණ්ඩායම් දිගු කලක් අධිපති බව දැරූ ශ්‍රී ලංකාවේ දේශපාලනය, කුසලතා මත පදනම් වූ නායකත්වයකට ඉඩ හළ යුතුය. දේශපාලනඥයින් සඳහා වන, ස්වාධීන ආයතන විසින් බලාත්මක කරනු ලබන චර්යා සංග්‍රහ මෙහි දී උපකාරී විය හැකිය. ජාත්‍යන්තර උදාහරණ උපද්‍රව ද, කළ හැකි දේවල් ද ඉස්මතු කර දක්වයි. දේශපාලන අභිලාෂයත්, දැඩිව බලාත්මක කිරීමත් පාලනයේ ඉහළම මට්ටම්වල විශ්වසනීයත්වය රෝපණය කළ හැක්කේ කෙසේ දැයි සිංගප්පූරුව පෙන්නුම් කරයි.

ක්‍රම පද්ධතික දූෂණය හෙළිදරව් කළ, එහෙත් ඒ සමගම පුළුල් ප්‍රතිසංස්කරණ ද ඇති කරවා ලූ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ෆිට්ස්ජෙරල්ඩ් විමර්ශනය (Fitzgerald Inquiry) 1 අර්බුද, හැරවුම් ලක්ෂ්‍ය බවට පරිවර්තනය කළ හැකි බව පෙන්වා දෙයි. අවංකත්වය, විවෘත බව සහ වගකීම උදෙසා පක්ෂ මායිම් ඉක්මවා යන සාමූහික කැපවීමකින් යුත් තමන්ගේම වුණ හැරවුම් සන්ධිස්ථාන මොහොතක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වේ.

දුබලතාවේ සිට ප්‍රතිසාධනය කරා

මානීගේ තීරුව : ඡන්ද පාඩම - (සුන්දර නිහතමානි ද මැල්)
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දුබලතාව නොවැළැක්විය හැකි හෝ ආපසු හැරවිය නොහැකි දෙයක් හෝ නොවේ. පාලක පක්ෂය විනිවිදභාවය වැලඳ ගත යුතු ය; නිලධරය වෘත්තීමය බව යළි අත්පත් කර ගත යුතුය; ඡන්දදායකයෝ ජනතාවාදය (populism) ට ගොදුරු නොවී වග වීමට බල කළ යුතුය. පුළුල් විශ්වාසනීයත්ව ක්‍රම පද්ධතියක් මත පදනම් වන සහ මිඩංගුව සිටින පුරවැසියන්ගේ සහාය ලබන, යළි පණ ගැන්වූ රාජ්‍ය සේවා කොමිසමක් ප්‍රතිසාධන අත්තිවාරම බවට පත් විය හැකි ය.

“හිරු යට පවතින සියල්ල දේශපාලනික” වන්නේ නම්, දේශපාලනය පුද්ගලික ලාභයට නොව පොදු ඵල ප්‍රයෝජන උදෙසා සේවය කරන බව ශ්‍රී ලාංකිකයෝ අවධාරණය කළ යුතු වේ. අපකීර්තිය සහ උපයෝගීතාව අභිබවා යුක්තිය, සාධාරණත්වය සහ සෞභාග්‍යය අත්පත් කර දීම සඳහා පාලනයට නැඟී සිටිය හැක්කේ එවිට පමණකි.

සමාප්තයි.

1987 දී, ක්වීන්ස්ලන්ත අගමැතිවරයා නීති විරෝධී සූදුව සහ ගණිකා වෘත්තියේ පැවති පොලිස් දූෂණ විමර්ශනය කිරීම සඳහා ෆිට්ස්ජෙරල්ඩ් පරීක්ෂණය පවත්වන්නට නියෝග කළේය. මෙම විමර්ශනය සැලකිය යුතු නඩු පැවරීම්වලට සහ ප්‍රතිසංස්කරණ කිරීම සඳහා නිර්දේශයන්ට මග පාදා දුන්නේය. 

සබැඳි ලිපිය :

ශ්‍රී ලංකාවේ ද ඇතුළුව, හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ : පළමු කොටස: විශ්වාසය, වග වීම සහ පාලනයේ අර්බුදය | ලයනල් බෝපගේ


bopage c9823y4(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව
2025 සැප්තැම්බර් 16 වන දා

lionel.bopage@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ : ප්‍රතිසංස්කරණ සහ විශ්වාසනීයත්වය, සහ විනිවිද බව : II කොටස - ලයනල් බෝපගේ | The Leader