The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මාලිමාවට අවුරුද්දයි | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

September 21, 2025 • 9:36 AM

මාලිමාවට අවුරුද්දයි | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මං හිතන්නෙ අපට ග්‍රවුන්ඩ් එක අහිමි වෙලා නැහැ.
  • කලින් ආණ්ඩුව 2024 අංක 36 දරණ විදුලිබල පනත ගෙනාවෙ එහි කොටස් වෙන් කර, ඇතැම් කොටස් රාජ්‍ය අංශයේ තබාගනිමින් ඇතැම් කොටස් පෞද්ගලික ආයෝජන සඳහා විවෘත කරන්න.
  • ඔවුන්ට ඒ ගැන නම් කිසිම අවබෝධයක් තියෙන බවක් පෙනෙන්නෙ නැහැ.
  • ඇත්ත වශයෙන්ම පසුගිය ජනාධිපතිවරණය ජයගත්තෙත් එක්සත් ජාතික පක්ෂය.
අකුරු ප්‍රමාණය (Font Size):


මං හිතන්නෙ අපට ග්‍රවුන්ඩ් එක අහිමි වෙලා නැහැ. ජවිපෙ තමන්ගෙ ග්‍රවුන්ඩ් එක අහිමි කරගනිමින් මේ කරන දේ එක්තරා දුරකට අල්ලපු අත්තකුත් නැති, පයගහපු අත්තකුත් නැති වැඩක්. උදාහරණයකින් පැහැදිලි කරන්නම්. කලින් ආණ්ඩුව 2024 අංක 36 දරණ විදුලිබල පනත ගෙනාවෙ එහි කොටස් වෙන් කර, ඇතැම් කොටස් රාජ්‍ය අංශයේ තබාගනිමින් ඇතැම් කොටස් පෞද්ගලික ආයෝජන සඳහා විවෘත කරන්න. මේක විප්ලවීය ප්‍රතිසංස්කරණයක් වෙන්නෙ එහෙමයි.

ghytyu
ජවිපෙ දැන් ක්‍රියාත්මක කරන්නට යන විදුලිබල පනත ගෙනාවෙ මොකටද? තමන් ඒක කරන්නෙ මොකටද කියල ඔවුන්ට අදහසක් නැහැ. මූලික ප්‍රශ්නය ප්‍රතිසංස්කරණ කරන එක නෙමෙයි. කරන්නෙ මොකටද කියල ඔවුන් දන්නෙ නැහැ. කිසි කෙනෙකු ඒක පැහැදිලි කරන්නෙත් නැහැ.

මේ විදියට ලංකාවෙ රාජ්‍යය රැකගන්න ඔවුන්ට බැහැ. ඒකට මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි රනිල්වාදී ධනේශ්වර මාවත පූර්ණව අනුගමනය කරන එක. ඒ පාරිභෝජනවාදය මත පදනම් වුණ ධනේශ්වර ක්‍රමය.

දෙවෙනි මාර්ගය තමයි ජවිපෙට තේරිය හැකිව තිබුණු වඩා තත්කාර්යවාදී මාවත. ඒ රනිල්ගේ වේගවත් ආර්ථික සංවර්ධන ඉලක්කය වෙනුවට තිරසර සංවර්ධන අරමුණු අවධාරණය කරමින් දරාගත හැකි සංවර්ධන මාවතක් නිර්වචනය කරමින් ඒ සඳහා ජන මනස හැඩගස්වන මැද මාවත. ඔවුන්ට ඒ ගැන නම් කිසිම අවබෝධයක් තියෙන බවක් පෙනෙන්නෙ නැහැ.

දැන් ඔවුන් මේ යන එන මං නැතිකම තුළ අවුරුද්දක් ගිහින්. ආපහු හැරීමක් නැහැ. ඔවුන්ගේ ඉදිරි කාලයත් මේ යන එන මං නැතිකමම තමයි.

 

hfhjyi878
මේ තත්වය තුළ අපි නම් ඉතා පැහැදිලිව මේ ආණ්ඩුව වෙනස් කළ යුතුයි කියන තෝරාගැනීම කරලා ඉවරයි. ජවිපෙට ජනතාව අවස්ථාව දුන්නා වගේම, ධනේශ්වර වැඩසටහන හරියට කරන්නට ජනතාව ඊළඟ අවස්ථාව එක්සත් ජාතික පක්ෂයට ලබාදිය යුතුයි.

ඇත්ත වශයෙන්ම පසුගිය ජනාධිපතිවරණය ජයගත්තෙත් එක්සත් ජාතික පක්ෂය. සමගි ජන බලවේගයේ සහ රනිල් වික්‍රමසිංහගේ ඡන්ද පදනම් එකතු වුණා නම්, ඔවුන් ඉතා පහසුවෙන් 50% ඉක්මවා යනවා. ඒ වගේම, මාලිමාව ලබාගන්නා ඡන්ද තවත් අඩු වෙනවා.

ඒ වුණාට ඒ වෙලාවේ තිබුණු තත්වය මත ජවිපෙට බලය ලබාදීම විසින් සිදු විය හැකි සාධනීය ප්‍රතිඵල දැන් අපට දකින්නට ලැබෙනවා. ප්‍රධානම දෙය තමයි ජවිපෙට වම දකුණ මාරු වෙලා පාරවල් දෙකක් මැද්දේ නැති පාරක යන්නට උත්සාහ කිරීම.

ජවිපෙට සාර්ථක වෙන්නට තිබුණා ඔවුන් රනිල්ගේ මාවත වෙනුවට විකල්ප මාවතක් තෝරාගත්තා නම්. ඇත්තටම ලංකාවට වඩා තිරසර වෙන්නෙ ඒ මාවත මිසක් රනිල්ගේ මාවත නෙමෙයි. ලංකාවේ ජනවිකාස ප්‍රවණතා ගත්තත්, වේගවත් කර්මාන්ත සංවර්ධනයක් අත්පත් කරගැනීමේ රනිල්ගේ මාවත බොහෝ ගැටලු ඇති කරනවා. අපට ප්‍රාග්ධනය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි, ශ්‍රමය සම්බන්ධයෙනුත් ඉන්දියාව මත යැපෙන්නට සිදුවන තත්වයක් නිර්මාණය වේවි. අපේ පරිසරයට, සංචාරක කර්මාන්තයට, ජන ජීවිතයට පවා එය පහසු නොවන බවයි මගේ මතය.

nryhuikui

 

ජවිපෙ පාලන කාලය තුළ ජවිපෙ වම දකුණ මාරු කරගන්නවාට අමතරව, ඊළඟ එජාප ආණ්ඩුවකටත් රනිල්ගෙන් වමට චලනය වෙන්නට අවස්ථාව උදා වේවි. රනිල්ට වඩා සජිත් හෝ වෙනත් මධ්‍යස්ථ ධනේශ්වර නායකයෙකුට මේ අවස්ථාව ලබාගත හැකි වේවි.

ජවිපෙ මේ පාලනය ඇත්තටම ඓතිහාසිකව වැදගත්. ඔවුන් ලංකාවේ වෘත්තීය සමිතිවාදය හා වාම අරාජිකවාදය බිඳ දමනවා. මූලිකව ඔවුන් එයින් දුරස්ථ වීමම ඒවායේ පරාජයට හේතු වෙනවා. දූෂණය, නිලධාරිවාදය, ප්‍රභූවාදය වැනි රාජ්‍ය පාලනය සම්බන්ධ බොහෝ ධනේශ්වර පිළිකා ඔවුන් සුව කරනවා. එයින් වැඩියෙන්ම ඉගෙන ගන්නා බලවේගය තමයි මා දකින විදියට පොහොට්ටුව හා නාමල් රාජපක්ෂ. ඔවුන් හදිසි නොවී ඒ පරිවර්තනය තමන් තුළ කරගැනීම ඉතා වැදගත්.

එක්සත් ජාතික පක්ෂයට අවුරුදු පහක් දෙන එක සාධාරණයි. මං හිතන්නෙ ජනතාව ඒක කරයි. හැබැයි, ජවිපෙ විසින් සිදුකරන පරිවර්තනයෙන් අඩුවෙන්ම ඉගෙන ගනිමින් ඉන්නා බලවේගය තමයි ඔවුන්. ඔවුන්ට වෙනස් වෙන්නට බැරිකම නිසාම ඔවුන් වෙනස් වන බලවේගයකට බලය ලබාදීමේ සංක්‍රාමීය කාර්යය විතරක් කරන්නට ඉඩ තිබෙනවා. විපක්ෂ සහෝදරත්වය නිසා එතන සිටින විකාරකාරයන් නම් නොකර ඉන්නවා.

 

jklioii87

තුන්වන බලවේගයකට හිස ඔසවන්නට නම්, ජවිපෙ පැලවත්ත පාර්ශ්ව තව සක්‍රිය විය යුතුයි. ඒ කියන්නෙ අර රන්ජන් ජයලාල්ගේ කටින් පැන්න ලක්ෂයක් මරලා හරි බලය රැකගන්නා තැනට තල්ලු විය යුතුයි. ඒක කරන්නට යනවා නම්, ලාල් කාන්ත කිව්වා වගේ සතුරාට වැරදි කරන්නට ඉඩ දී බලා සිටීමේ උපායමාර්ගය පැත්තෙන් නම් මරේ මරු.

මොකද, ජවිපෙ කියන්නෙ ඕවා කරන්නට පුළුවන් කඳක් නෙමෙයි, දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ගැස්ට්‍රයිටිස් විතරක් නෙමෙයි, විෂාදය හා භින්නෝන්මාදයත් බරපතල විදියට තියෙන කුණු කයක්. මං හිතන්නෙ නැහැ ජනාධිපති අනුර වගේ කෙනෙකුට ඒක තේරෙන්නෙ නැහැ කියලා.

ජවිපෙ ඉදිරි කාලයේදි මොකක්ද කරන්නෙ කියන එක තීරණය වෙන්නෙ මාලිමා කඳට වඩා පැලවතු ඔලුව කරන දේ අනුවයි. එහෙනම් හැපී බර්ත්ඩේ!

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

නිර්මාල්ගේ වීඩියෝව:

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...