The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කතරගමට වැඩ බලන නිලමේ කෙනෙකු පත් කොට කොමසාරිස් අතර මං වුණා ද? | සුනිල් කන්නගර

T

The Leader Desk

September 23, 2025 • 10:54 AM

කතරගමට වැඩ බලන නිලමේ කෙනෙකු පත් කොට කොමසාරිස් අතර මං වුණා ද? | සුනිල් කන්නගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බෞද්ධ විහාර දේවාලගම් ආඥා පණතේ12 වන වගන්තියට අනුව බස්නායක ධුරයකට පත්වන යම් තැනැත්තෙකු ඉල්ලා අස්වීම, වැඩ තහනම් වීම , නෙරපා හරිනු ලැබීම හෝ වෙනයම් අන්දමකින් ධුරය දැරීම නතර නොවුණහොත් පත් වූ දින සිට පස් අවුරුද්දක කාලයක් ධුරය දැරීමට හිමිකම ඇත්තේය.
  • එසේ වුව ද ඔහු තමන් යළි තරඟ නොකරන බව ප්‍රකාශයට පත්කළේ රුහුණු කතරගම මහ දේවාලයේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ බලා පොරොත්තු කඩ කරමිනි.
  • ඩිෂාන් ගුණසේකර නමුත් මේ දක්වා රුහුණු කතරගම දේවාලයේ බස්නායක ධුරය දැරූවන්ගෙන් විශිෂ්ටතම මෙහෙවරක් කරමින් වාර්තා තැබූ බස්නායක නිලමේ වරයකු ලෙස ඩිෂාන් ගුණසේකර චිර ප්‍රසිද්ධ වී අවසන් ය.
  • ඒ අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා විසින් වහාම නව බස්නායක නිලමේ පත්කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ යුතු ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

බෞද්ධ විහාර දේවාලගම් ආඥා පණතේ12 වන වගන්තියට අනුව බස්නායක ධුරයකට පත්වන යම් තැනැත්තෙකු ඉල්ලා අස්වීම, වැඩ තහනම් වීම , නෙරපා හරිනු ලැබීම හෝ වෙනයම් අන්දමකින් ධුරය දැරීම නතර නොවුණහොත් පත් වූ දින සිට පස් අවුරුද්දක කාලයක් ධුරය දැරීමට හිමිකම ඇත්තේය.

කීර්තිමත් බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර එසේ තම නිල කාල වන පස් අවුරුද්ද සම්පූර්ණ කර එම නිලය උද්දීප්තිමත් කරමින් බස්නායක ධුරයෙන් සමුගත්තේ ය. ඔහුට අවශ්‍ය නම් මීළඟ පස් අවුරුද්ද සඳහා බස්නායක නිලමේ ධුරයට යළිත් පත්වීම සඳහ තරඟ කිරීමට හැකියාව තිබුණි. එසේ වුව ද ඔහු තමන් යළි තරඟ නොකරන බව ප්‍රකාශයට පත්කළේ රුහුණු කතරගම මහ දේවාලයේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ බලා පොරොත්තු කඩ කරමිනි.

 

ඩිෂාන් ගුණසේකර

නමුත් මේ දක්වා රුහුණු කතරගම දේවාලයේ බස්නායක ධුරය දැරූවන්ගෙන් විශිෂ්ටතම මෙහෙවරක් කරමින් වාර්තා තැබූ බස්නායක නිලමේ වරයකු ලෙස ඩිෂාන් ගුණසේකර චිර ප්‍රසිද්ධ වී අවසන් ය.

රුහුණු කතරගම මහ දේවාලයේ ධුරය දරනු ලැබූ බස්නායක නිලමේ වරයාගේ නිල කාලය අවසන් වූ පසු බෞද්ධ විහාර හා දේවාලගම් ආඥා පණත 8(2)වගන්තිය අනුව ප්‍රප්පාඩුව සිදු වී මාස තුනක් ගතවීමට ප්‍රථම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා විසින් බස්නායක නිලමේ වරයෙකු තෝරා ගැනීමේ තේරීම් මහ සභාවක් කැඳවිය යුතු වේ. එම තේරීම් මහ සභාව සඳහා දේවාලය පිහිටි මොනරාගල දිස්ත්‍රිකයේ බෞද්ධ පිරිමි ප්‍රාදේශීය ලේකම් වරුන්, මොනරාගල දිස්ත්‍රික්කයේ වෙනත් දේවාල වල බස්නායක නිලමේ වරුන් ද බෞද්ධ විහාර දේවාලගම් ආඥා පණත් ප්‍රකාරව භාරකරුවන් පත්කරන විහාරස්ථාන වල භික්ෂුන් වහන්සේලා නොවන භාර කරුවන්ට ද ආරාධනා කළ යුතු වේ. එහිදී මහ සභා රස්වීමට කැඳවීමේ දී මසකට නොඅඩු කාලයක් කල් දීම ද අනිවාර්ය වේ.

මෙසේ කැඳවන රැස්වීමේදී යෝජනා ස්ථිරත්වයෙන් ඉල්ලුම් කරන අපේක්ෂකයන් අතර ඡන්ද විමසීමක් පවත්වා බහුතර ඡන්ද ලබාගත් අපේක්ෂකයාව බස්නායක නිලමේ ධුරයට පත්කර ගැනීම නීත්‍යානූකූල ක්‍රියා මාර්ගය වේ. ඒ අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා විසින් වහාම නව බස්නායක නිලමේ පත්කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ යුතු ව ඇත.

 

WaDa BaLaNa NiLaMe WaDa BhaRa GaNeeMe UthSaWa AwasTha 8
එසේ තිබිය දී ඊයේ (22) අපට දැනගන්නට ලැබුණේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා විසින් දෙවුන්දර විෂ්ණු දේවාලයේ බස්නයක නිලමේ තිලිණ මධුශංඛ යන අයව රුහුණු කතරගම මහ දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේ ලෙස පත් කළ බව ය.

බෞද්ධ විහාර දේවාලගම් ආඥා පණතේ 17(1)වගන්තිය ප්‍රකාරව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට වැඩ බලන බස්නායක නිලමේවරයෙකු පත් කිරීමට හැකිවන්නේ විශේෂිත තත්වයන් කිහිපයක් යටතේ පමණි. එසේ වැඩ බලන බස්නායක නිලමේවරයෙකු පත් කළ හැක්කේ යම් බස්නායක නිලමේ වරයෙකු තනතුර ප්‍රතික්ෂේප කිරීම, මිය යාම, නිලයෙන් අස්වීම, දුර්වලකම, අයෝග්‍යතාවය නිලය අත් හැර දැමීම, නිලය තහනම්වීම හෝ නිලයෙන් නෙරපා හැරීම වස්තු භංගත්වයට පත්වීම යන හේතූන්මත පමණි.

වැඩ බලන බස්නායක නිලමේ ලෙස තිලිණ මධුසංඛ යන අය පත් කිරීම නීත්‍යානුකූල ක්‍රියාවක් නොවන බව...
 

එබඳු අවස්ථාවක එම තනතුරේ පුරප්පාඩුවට අයෙකු පත්කරන තුරු තාවකාලික පිළිවෙලක් සලසන්නට මිස බස්නායක නිලමේ වරයකු ගේ ධුරකාලයක් අවසානයේ අභිනව බස්නායක නිලමේවරයා පත්කරන තෙක් වැඩ බලන බස්නායක වරයකු පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට බලයක් බෞද්ධ විහාර දේවාලගම් පණතින් ලබා දී නැත. ඒ අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා රුහුණු මහා කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේ ලෙස තිලිණ මධුසංඛ යන අය පත් කිරීම නීත්‍යානුකූල ක්‍රියාවක් නොවන බව පෙන්වාදිය යුතු ය.

 


පසුගිය කාලයේ සබරගමු මහ සමන් දේවාලයේ නීත්‍යනුකූල ව පත්ව සිටි මිගාර ජයසුන්දර බස්නායක නිලමේගේ ධුරකාලය අවසන් වූ පසු මේ අයුරින්ම වැඩ බලන බස්නායක නිලමේ වරයෙකු පත්කිරීමට කලින් සිටි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරස්ල්වරයා ක්‍රියා කොට තිබිණ. ඒ පිළිබඳව අභියාචනාධිකරණයේ පැවරූ රිට් ආඥා අයදුම්පතකට අනුව වැඩ බලන බස්නායක නිලමේ වරයා ලෙස පත් වූ අයට ඔහුගේ ධුරයේ කටයුතු කිරීම වලක්වා අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණයෙන් නිකුත් කළ බව නව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා තේරුම් ගත යුතුව තිබුණි. එම පත්වීමේ යම් වරදක් පවතින බැව් අධිකරණයට නිරීක්ෂණය වීම එසේ අතුරු තහනම් නියෝගයක් පැනවීමට හේතු වූ බව පෙනේ.

මෙසේ වැඩ බලන බස්නායක නිලමේ වරුන් පත් කරන්නේ ස්ථිර නිලමේ වරයෙකු පත්කිරීමේ ඡන්ද විමසීමකදී වැඩ බලන අයට ද ඡන්ද බලයක් ලබාදීමට බව සිතිය හැකිය.

 

WaDa BaLaNa NiLaMe WaDa BhaRa GaNeeMe UthSaWa AwasTha 7

කෙසේ වුවද අනීතිකව පත්කෙරෙන තනතුරක කටයුතු කිසිවක් නීත්‍යානුකූල නොවන බැවින් මේ වැඩ බලන නිලමේවරයා විසින් තේරිම් සභාවක දී ගෙන එන යෝජනා කිරීමක්, ස්ථිර කිරීමක්, හෝ ඡන්දය භාවිතා කිරීමක් නීත්‍යානුකූලව වලංගු වන්නේ නැති බව බලධාරින් තේරුම්ගත යුතු ය. රාජ්‍ය නිලධාරීන් නීතියට අනුව කටයුතු කරනවා මිස බලවතුන්ට අවශ්‍ය පරිදි නීතිය නවා අනීතිකව වැඩ කිරීම නොකළ යුතු ය. එසේ ක්‍රියා කිරීමට ගොස් සබරගමු සමන් දෙවොලයෙන් හිටපු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා උගත් පාඩම වත්මන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා රුහුණු කතරගමිනුත් ඉගෙන ගනීවිදැයි කීමට තවම කල් වැඩිය.

sunil kannangara(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කතරගමට වැඩ බලන නිලමේ කෙනෙකු පත් කොට කොමසාරිස් අතර මං වුණා ද? | සුනිල් කන්නගර | The Leader