The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සම්මුති - විසම්මුති : සුළං මෝල්, වැලි සහ ස්වෛරීභාවය - ශ්‍රී ලංකාවේ සංවර්ධන අර්බූදය | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

September 26, 2025 • 10:12 AM

සම්මුති - විසම්මුති : සුළං මෝල්, වැලි සහ ස්වෛරීභාවය - ශ්‍රී ලංකාවේ සංවර්ධන අර්බූදය | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට මන්නාරම දූපතේ ගම්මාන 40ක 8000ක් ජනයා වරින්වර උපවාසයට සම්බන්ධ වී ඇති බව අපට කීවේ ධීවර උපවාසකරුවකු වන අරුනාලන්දම් කිෂොර්ය.
  • කිෂොර් කියන්නේ මෙම අරගලය ආණ්ඩුවට විරුද්ධ එකක් නොවන බවයි.
  • ජනාධිපති අනුර කුමාර සමඟ පැවැති සාකච්ජාවේදී දැනට ගිවිසුම් ගතව ඇති ඉතිරි සුළං ටර්බයින 14 පමණක් ඉදි කිරීමෙන් පසු නතර කිරීමට පොරොන්දු වූ බව ඔහු කීවේය.
  • එනමුත් ඔවුන්ගේ ඉල්ලීම ඉදිකර ඇති සුලං ටර්බයින 36 තිබියදී අලුතින් ඉදි නොකළ යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ වන විට මන්නාරම දූපතේ ගම්මාන 40ක 8000ක් ජනයා වරින්වර උපවාසයට සම්බන්ධ වී ඇති බව අපට කීවේ ධීවර උපවාසකරුවකු වන අරුනාලන්දම් කිෂොර්ය. කිෂොර් කියන්නේ මෙම අරගලය ආණ්ඩුවට විරුද්ධ එකක් නොවන බවයි. ජනාධිපති අනුර කුමාර සමඟ පැවැති සාකච්ජාවේදී දැනට ගිවිසුම් ගතව ඇති ඉතිරි සුළං ටර්බයින 14 පමණක් ඉදි කිරීමෙන් පසු නතර කිරීමට පොරොන්දු වූ බව ඔහු කීවේය.

එනමුත් ඔවුන්ගේ ඉල්ලීම ඉදිකර ඇති සුලං ටර්බයින 36 තිබියදී අලුතින් ඉදි නොකළ යුතු බවයි. කෙසේ වෙතත් අප එහි යන විට ටර්බයින රෑං පෙති කරකැවීම නතර කර තිබුණි. ඒ ජනාධිපති මාසයකට නතර කිරීමට පොරොන්දු වූ නිසාය.

vw46u5hyhg
එමෙන්ම ඛනිජ වැලි නිශ්කාශනය නතර කළ යුතු බවය.

‘අපට නොමිලයේ විදුලිය දෙන බව කිව්වා. පාරවල් හදන බව කිව්වා. ඒ මුකුත් වෙලා නැහැ’ යැයි කිෂෝර් චෝදනා කරයි. ‘සුළං ටර්බයින රූං පෙති ඡායාව මුහුදේ මීටර 500 විතර දුරට වැටෙනවා. එතකොට මාදැල් ධීවර කර්මාන්තයට පහර වදිනවා. මාලු දියඹට යාවි. පරෙයි කුරුල්ලෝ දැනටමත් මැරෙනවා. ඉඩම් අරං තියෙන්නේ රිෂාඩ් බදුර්දීන්ගෙන්. බදුර්දීන් ඒ ඉඩම් ගත්තේ වංචාවෙන්. ඇයි මන්නාරමටම ආවේ? ලංකාවේ වෙන තැන් නැද්ද මේව හයි කරන්න?’

‘අක්කර 10 යක් යනවා එක සුළං ටර්බයිනයකට. දැනට අක්කර 360 අරං ඉවරයි. එතකොට ඉස්සරහට අපේ මිනිස්සුන්ට ඉඩම් නැති වෙනවනේ’

‘ තල් ගස් නැති වුණොත් කල්ගොඩි වලින් කොට්ට කෙලෙංගු හදල ජීවත් වෙන මිනිස්සුන්ට ආදායම් නැති වෙනවා’

 

v56756jj
මේ කරුණු විසඳා ගත නොහැකි කාරණා නොවේ. ඔවුන්ගේ තර්ක අතර පරස්පරයන්ද තිබේ.

මන්නාරම දූපතේ ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගය ලබා ගත්තේ රිශාඩ් බදුර්දීන්ගේ පක්ෂය සමඟ හවුල් වීමෙනි. කතෝලික පල්ලිය සහ එහි අනුගාමිකයින් රිශාඩ්ට කැමැති නැත. ‘ඔහු දූෂිතයෙක්’ යැයි චෝදනා කරති.

තමන් සතුව මන්නාරම දූපතේ අක්කර 6000ක් තිබූ බවත් පසුව ඉන් 5000ක් කතෝලික දේවාස්ථානය ලබාගත් බවත් ඉතිරි ඉඩම් රිශාඩ් බදුර්දීන් වංචාවෙන් ලබා ගත් බවත් දීර්ඝ කාලීන ඉඩම් අයිතිය සනාථ කිරීමට තමන් සතුව ලියවිලි සහ ඔප්පු තිරප්පු ඇති බවත් දුරකතනයෙන් ඇමතූ කාන්තාවක් කියා සිටියාය. ඇය කියා සිටියේ ඉල්මනයිට් නිශ්කාශණය සඳහා දැන් තමන්ට අයිතිව තිබූ එම ඉඩම් බදු දී ඇති බවයි.

මෙම සුලං ටර්බයින ඉදිකරන විට කිසිදු විරෝධයක් නොදැක්වූ  මන්නාරමේ කතෝලික දේවස්ථානය දැන් විරෝධතා පවත්වන්නේ දේශපාලන ලැදිකම් විපක්ෂයට නිසා බවට අයෙක් චෝදනා කරති. එය ප්‍රතික්ෂේප කරන කිෂෝර් කියන්නේ ‘මේ අරගලයට ජාති බේද හෝ දේශපාලන බේද නැහැ’ කියාය.

n67ir67i

 

උපවාස බිමෙහි නිරන්තර ගී සහ කතා පැවැත්වෙයි. එහි ගැයෙන ගීයක පද මෙසේය.

‘ සිංහල ආණ්ඩුව අපට කරන අපරාධය නොපෙනෙන්නේද?’

‘සිංහල ආණ්ඩුව අපට හැමදාමත් කළේ මෙහෙම නේද?’

‘ සිංහල ආණ්ඩුවට අපේ ඛනිජ වැලි ගෙන යාමට ඉඩ දෙමුද?’


වාර්ගිකත්වය උපවාසයේ මූලික සාධකයක් බව ප්‍රතික්ෂේප කළ නොහැක. මේ තාක් දුරට මෙම අරගලයට සහය දී ඇත්තේ දෙමළ දේශපාලන පක්ෂ පමණි. සුමන්දිරන් ඔවුන්ගේ නීතිවේදියාය.

මන්නාරම් දූපත වර්ග  කිලෝමීටර 130කින්  යුතුය. එය වියලිය. වැලි සහ කඩොලාන  ශාක ආවරණයෙන් යුත් භූමියකි. වෙරළ තීරය වටා කෝරල් පර්වත සහ කළපු පවතී. එහි වසර පුරාම සුළඟ නොඅඩුව පවතී.

 

nr6767i
එහි ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ධීවර කර්මාන්තයයි. තලෙයිමන්නාරම වරාය  භූ දේශපාලන සහ ආර්ථික වටිනාකමක් දූපතට ලබා දෙයි. මන්නාරම කළපුව සහ වන්කාලෙයි කුරුළු අභය භූමිය සහ සංචාරක පක්ෂීන් දූපතෙහි ජීව විවිධත්වය ඉහළ නංවයි.

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය සහ ආර්ථික පුනර්ජීවනය කරා සිය ගමන වේගවත් කරන විට, මන්නාරම් දූපතේ බිම් මට්ටමේ විරෝධතා ව්‍යාපාරය තිරසාර සංවර්ධනය කෙබඳු විය යුතුද යන්න පිළිබඳ අභියෝගයක් ඉදිරිපත් කරයි.

මෙම විරෝධතාවයේ ප්‍රධාන ව්‍යාපෘති දෙකකි. ඉල්මනයිට් වැලි කැණීම සහ වෙරළබඩ සුළං ටර්බයින ස්ථාපනය කිරීමයි. මෙම ව්‍යාපෘති දෙකම ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ සංවර්ධන උපාය මාර්ගයේ පියවරයන්ය.

මන්නාරම සුළං බල ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුව සහ ලංකා විදුලිබල මණ්ඩලය විසින් මූලිකව ආරම්භ කරන ලදුව 2020–2023 මන්නාරම වෙරළ තීරය අසල සුළං ටර්බයින 36ක් ස්ථාපනය කිරීමේ පළමු අදියර අවසන්  කරන ලදී.

 

2024 05 08 adani wind power
2024–2025 ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පුළුල් කිරීමේ උත්සාහයන් ආරම්භ වූ අතර පාරිසරික හා සමාජීය බලපෑම් සම්බන්ධයෙන් විරෝධතා ආරම්භ විය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් අදානි සමාගම සමඟ සුලං ටර්බයින 200ක් මන්නාරම දූපතේ පිහිටුවීමට එළඹ තිබූ ගිවිසුම වත්මන් ආණ්ඩුව අහෝසි කළේය.

මන්නාරම යනු ගොඩබිම සහ මුහුද සමඟ ගැඹුරු පාරම්පරික සබඳතා ඇති දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ගේ නිවහනයි. බොහෝ දෙනෙක් මෙම ව්‍යාපෘති ඔවුන්ගේ සම්ප්‍රදායන්ට පැවැත්මේ තර්ජන ලෙස සලකති.

නිරවුල් නැති ඉඩම් අත්පත් කර ගැනීම නිසා පවුල් දහස් ගණනකට නිවාස සහ ස්වයං රැකියා අවස්ථා සඳහා ප්‍රවේශය අහිමි වී ඇති බවට චෝදනා කැරේ.

මන්නාරමේ වැලි කඳු, කඩොලාන සහ තෙත්බිම් දේශගුණික විපර්යාස සහ වෙරළ ඛාදනයට එරෙහිව ස්වාභාවික බාධක ලෙස ක්‍රියා කරයි.

2010 සහ 2014 කාලයෙහි දී මන්නාරම දූපතේ සැලකිය යුතු බැර ඛනිජ සාන්ද්‍රණයක් ඇති බව අනාවරණය විය. 2015 හි දී, ශ්‍රී ලංකාවේ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය ගවේෂණ බලපත්‍ර නවයක් නිකුත් කළේය. එම සමාගමක් ඕස්ට්‍රේලියානු ටයිටේනියම් සෑන්ඩ්ස් ලිමිටඩ් සමඟ එක්ව සිටියේය. එනමුත් 2021 දී මහජන විරෝධයෙන් පසුව, ගවේෂණ බලපත්‍ර අවලංගු කළේය.

figure 6

 

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයෙහි ටයිටේනියම් වැලි ගවේෂණ කටයුතු නැවත ආරම්භ කළ බව වාර්තා වේ. දැන් ව්‍යාපෘතිය නවතා ඇතත් දැඩි විරෝධතා අවසන්ව නැත. ජනයා ඉන්නේ බියෙනි. එම ජනයාට මෙම සංවර්ධන ව්‍යාපෘති කෙරෙන් ප්‍රතිලාභයක් නැත.

යෝජිත ඛනිජ වැලි ව්‍යාපෘතිය මගින් මන්නාරම දූපතෙන් 90% ක් දක්වා වෙරළ ඉල්මනයිට් නිස්සාරණය සඳහා යොදා ගනු ඇතැයි බියජනක වාර්තා පළවේ.

ශ්‍රී ලංකාව 2030 වන විට පුනර්ජනනීය බලශක්තිය හරහා විදුලි බල අවශ්‍යතා 70% ක් සපුරාලීමට අභිලාෂකාමී ඉලක්ක තබා තිබේ.  එහිලා  සුළං බලය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ජාත්‍යන්තර අරමුදල් මගින් අනුග්‍රහය ලබන මන්නාරම සුළං බල ව්‍යාපෘතිය, කාබන් විමෝචනය සහ පොසිල ඉන්ධන මත යැපීම අඩු කිරීම සඳහා රටේ ප්‍රමුඛතම උත්සාහයකි.

ඒ හා සමානව, ඛනිජ නිස්සාරණය - විශේෂයෙන් තීන්ත සහ ප්ලාස්ටික් සඳහා භාවිතා කරන ඉල්මනයිට් - ලාභදායී අපනයන අවස්ථාවක් ලෙස සැලකේ.

672z311 1600064528 2020 09 14 16 22 08 596d0c7ed408d036bea3a2983e86d006
නමුත් භූමියේ, කතාව වෙනස් ය. 2025 මැද භාගයේ සිට, මන්නාරමේ පදිංචිකරුවන් වැඩිහිටියන්, මාර්ග අවහිර කිරීම් සහ විරෝධතා පාගමන් පවත්වා ඇති අතර, මෙම ව්‍යාපෘති සිය මුතුන් මිත්තන්ගේ ඉඩම්, ධීවර ජීවනෝපායන් සහ බිඳෙන සුළු පරිසර පද්ධතියට තර්ජනයක් වන බවට තර්ක කරති.

මෙම තීරණ ගෙන ඇත්තේ මන්නාරමේ ප්‍රජාවන්ගෙන් අර්ථවත් දායකත්වයක් නොමැතිවය. මෙම ගැටළුව මහජන අදහස් විමසීම, පාරිසරික යුක්තිය සහ සංස්කෘතික සංරක්ෂණය පිළිබඳ එකකි.

සුළං ශක්තිය, පිරිසිදු හා පුනර්ජනනීය ලෙස ගෝලීය වශයෙන් පිළිගැනේ. නමුත් අක්වෙරළ සහ වෙරළබඩ සුළං ටර්බයින  සමූහයක් නිසා ඇතිවිය හැකි අහිතකර බලපෑම්ද තිබේ. මන්නාරම දූපතේ විරෝධතාකරුවන් දක්වන්නේ එවැනි ගැටළුය. ඒවාට විසඳුම් තිබේ.

v37467

 

මන්නාරම විරෝධතාව සංවර්ධනයට විරුද්ධ එකක් නොවිය යුතු අතර එය විවෘතව ජනතා අදහස් සැළකිල්ලට ගන්නා, පාරිසරික වශයෙන් හොඳ සැලසුම්කරණය සඳහා වන ඉල්ලීමක් විය යුතු බවට අදහස් දරන පිරිස් ද සිටිති. නමුත් දැන් පවතින විරෝධතාවය සම්පූර්ණයෙන්ම සුළං ටර්බයින සහ ඛනිජ වැලි නිස්සාරණයට විරුද්ධය.

හරිත බලශක්තිය සහ ජන කණ්ඩයම්හි විරුද්ධවය අතර ගැටුම් නිරාකරණය කරගැනීම මන්නාරම ඉදිරිපත් කරන අභියෝගයයි.  පරිසර පද්ධති පිරිහීමෙන් තොරව ඛනිජ සම්පත් ප්‍රයෝජනයට ගත හැකිද යන ප්‍රශ්ණය ලොව පුරාම ඇති එකකි.



Sunanda12 1(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...