The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මැදමුලන මැණික් මල්ල සහ පැලවත්තේ කොටහලු කිල්ල | චන්ද්‍රසිරි සෙනෙවිරත්න

T

The Leader Desk

September 26, 2025 • 5:25 PM

මැදමුලන මැණික් මල්ල සහ පැලවත්තේ කොටහලු කිල්ල | චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති මැතිවරණ ප්‍රතිපලය අනුව වලංගු ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද 299,767ක් හෙවත් 17.27%ක් ලබා ගෙන, නායක රනිල් වික්‍රමසිංහ සමග තුනේ කොළේට වැටුණ එක්සත් ජාතික පක්ෂය සකල ලාංකේය දේශපාලනයම ලිලිපුට්ටන් බවට පත් කරමින් ගලිවර් වීම කිසිවෙකු අපේක්ෂා නො කළ තත්වයකි.
  • බලයේ සිටින විට පාත්වන වාසි හෙවත් මරාළ මෙතෙක් හඳුන්වන ලද්දේ ඩේසි ආච්චිගේ මැණිල් මල්ල හැටියට වුවද නලින් හේවගේ තම බේරීමට සිය දුවණියගේ ආත්ම ගරුත්වය පාවා දීමෙන් ජවිපෙට වාසිය වෙනුවෙන් කළ නොහැක්කක් නැත යන්න යළිත් තහවුරු කර ඇත.
  • ජනාධිපති මැතිවරණයේදී රනිල්ට (17.27%) හා සජිත්ට (32.74%) ලැබුණ ඡන්ද ප්‍රමාණයන්ගේ එකතුව 50.03%ක් වූ අතර, 42.31% ලබා ගත් අනුර කුමාර දිසානායක රටේ ජනාධිපති වීම ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයට එරෙහිව ජනරජ ව්‍යවස්ථාව විසින් තැබූ අඩයක් මුක්කුවක් පමණකි.
  • ඒ අඩය මුක්කුව දැන් රටේ ආර්ථීකය මෙන්ම නීතියේ ආධිපත්‍යයද අඩමානයක් බවට පත් කරමින් සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපති මැතිවරණ ප්‍රතිපලය අනුව වලංගු ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද 299,767ක් හෙවත් 17.27%ක්  ලබා ගෙන, නායක රනිල් වික්‍රමසිංහ සමග තුනේ කොළේට වැටුණ  එක්සත් ජාතික පක්ෂය සකල ලාංකේය දේශපාලනයම ලිලිපුට්ටන් බවට පත් කරමින් ගලිවර් වීම කිසිවෙකු අපේක්ෂා නො කළ තත්වයකි.

එජාප සමුළුව දෙ ආකාර පුපුරා යාමකි. යහ පාලන කාලයේත් විධායක ජනාධිපති හැටියටත් රනිල් විසින් නීතිගත කළ අල්ලස් දූෂණ මැඩීමේ නීති පද්ධතියෙන් මාලිමාවේ අමුඩ ගැලවී ගොස් ජවිපෙයේ අසූ(චි කෝටියක්) වස්තු සම්භාරය නිරාවරණය වීමෙන් අනුර කුමාරලාගේ නිර් ප්‍රභූ දේශපාලන සූදුවේ තරම රටම දැක බලා ගත්හ.

drtye5656
මැණික් මල්ලෙන් යෝෂිත රාජපක්ෂත්, කොටහළු කිල්ලෙන් නලින් හේවගේත් සුද්ධ වීමට දඟලමින් සිටිති. අර කොටහළු මංගල්ලයට ධම්මික පෙරේරලා ඩඩ්ලි සිරිසේනලා ඉෂාර නානායක්කාරලා පන්නයේ වර්ගයේ ඤාති මිත්‍රාදින් මිස මිලියන ගණන් තුටු පඩුරු පුදන යාළුවන්ව හෑවගේලාට සිටිය නො හැකිය. බලයේ සිටින විට පාත්වන වාසි හෙවත් මරාළ මෙතෙක් හඳුන්වන ලද්දේ ඩේසි ආච්චිගේ මැණිල් මල්ල හැටියට වුවද නලින් හේවගේ තම බේරීමට සිය දුවණියගේ ආත්ම ගරුත්වය පාවා දීමෙන් ජවිපෙට වාසිය වෙනුවෙන් කළ නොහැක්කක් නැත යන්න යළිත් තහවුරු කර ඇත.

 

79 වෙනි එජාප සම්මේලනය සිද්ධිමය වශයෙන් ගත් කළ රටේ දේශපාලන සංසිද්ධිය මහ දහවලේ පුපුරා යාමකි. 2024 ජනාධිපති මැතිවරණයේදී රනිල්ට (17.27%) හා සජිත්ට (32.74%) ලැබුණ ඡන්ද ප්‍රමාණයන්ගේ එකතුව 50.03%ක් වූ අතර, 42.31% ලබා ගත්  අනුර කුමාර දිසානායක රටේ ජනාධිපති වීම ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයට එරෙහිව ජනරජ ව්‍යවස්ථාව විසින් තැබූ අඩයක් මුක්කුවක් පමණකි. ඒ අඩය මුක්කුව දැන් රටේ ආර්ථීකය මෙන්ම නීතියේ ආධිපත්‍යයද අඩමානයක් බවට පත් කරමින් සිටියි. අනුර කුමාර හෙවත් අඩය මුක්කුව රටේ ජනාධිපති වී එක් වසරක් පිරීමට පෙර එජාප සම්මේලනය හරහා තවදුරටත් රට අනුරට නොවන බව සනාත කළේයි.

එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටද 17.27%ක් ලබා ගත් රනිල් වික්‍රමසිංහට දැනුමෙන් අත්දැකීමෙන් ලඟා වීමට හෝ නොහැකි බව රටම තේරුම් ගත්හ.  හෙවත් රනිල් සජිත් අනුර ලබා ගත් ඡන්ද ප්‍රමාණය අනුව රටට අවශ්‍ය මිනිසා තෝරා ගැනීමට රටේ බහුතරයක් දෙනාට ඇති නො හැකියාව නිදහස ලබා 77 වසරක් ගෙවීගිය වර්තමානයේත් එසේම පවත්නා බව පෙනේ.

2020දී ජනතාව රනිල් ප්‍රතික්ෂේප කළද 2022 ඔහු රටේ ජනාධිපති වූ බව පමණක් රනිල්ට කැමති අකමැති කවුරුත් මතක තබා ගත්තාට දෝෂයක් නැත. අවිනිශ්චිතයකදි අවශ්‍ය අඩය මුක්කුව තබා බව රනිල් 2024දී පමණක් නොව 2002දීත් රටට තහවුරු කර ඇත.

fdyhe5y546

එජාපයෙන් කැඩී ගිය සජබය රටට කළ වැරදි බොහෝය. පළවැන්න 2024දී ජනාධිපති තරගයට එජාපය සමග සංධාන ගතවීමට බැරිවීමය. රටම දන්නා පරිදි එහෙම වුණේ සමස්ත සජබ විසින් ගත් ඒකමතික තීන්දුවක් අනුව නොව ගැහැනු දෙන්නෙකුගේ හැඳිමිටි හරස් වීම නිසාය. 2025දී පැවති පළාත් සභා මැතිවරණයේදී මුළු  විපක්ෂයම එක් ලකුණක් යටතේ ඉදිරිපත්වී මාලිමාව දුර්වල කළ යුතු බවට ගොඩ නැගණ පොදු කතිකාව විනාස කළේත් සමස්ත සජබය එක්ව නොව සජිත් කොටුවී සිටින ගෘහස්ත හිංසනය නිසාය.


79 වෙනි එජාප සම්මේලනය ගැන මා සමග කතා කළ හිටපු විශ්වවිද්‍යාල කුලපති වරයෙකු කීවේ සජිත් සම්මේලනය මග හැරියා මෙන්ම කිසි විටෙක යම් කැප කර පොදු එකඟතාවකට නො එන බවය. ඒ නිසා සජිත් රහිත පොදු විපක්ෂ එකඟතාව දිස්ත්‍රීක් මට්ටමෙන් නිර්දේශපාලනිකව පෙළ ගැසී එළඹෙන පළාත් සභා මැතිවරණයේදී තනි ලකුණකින් විපක්ෂයේ බලය ගොඩ නැගීමට පළාත් මට්ටමින් කැප විය යුතු බවය.

සත්තකින්ම ලපයි සිපයි විසින් එජාප-ශ්‍රීලනිප ප්‍රධාන ධාරාවන් විනාස කර ජාතික දේශපාලන ප්‍රවාහයන් පොහොට්ටුවට ගෑස් සිලින්ඩරයට කබල් දුර කතනයට හෑල්ලූ කිරීම නිසා රටේ යහපත අපේක්ෂා කරන බහුතරයක් සිටින්නේ දැඩි කලකිරීමෙනි. 2024දී රනිල් සජිත් දෙදෙනා ඉක්මවා අනුර ලබා ගත් 42.31%ට විධායක ජනාධිපති බලය ලබා දීමෙන් සත්තකින්ම රට අනුරට ගියේ නැත. සිදුවුණේ 2022-24 කාලයේ රටේ ආර්ථීකය ගොඩ ගැනීමට රනිල් වික්‍රමසිංහ ගැසූ කූඤ්ඤය ගලවා තම අඩුම කුඩුම තලා ගන්නවාද චණ්ඩි කතා නො කියා ඔහේ යන්ට අරිනවාද යන දෙපරාදුවේ විජේවීරගේ ඊණියා විප්ලවය හිරවීම පමණකි.

dfgrt56

පංච තන්ත්‍රයේ වඳුරාගේ කතාව කියවා ඇති අනුර කුමාර දිසානායක, රනිල් ගසා ඇති ආර්ථීක කූඤ්ඤයට අත නො තියන්නේ විෂ්ණු ශර්මන්ගේ වඳුරු පෝතකයාට  සිද්ධ වේය යන බියෙනි.


තවත් විදියකට විස්තර කරයි නම් 2019 ජනාධිපති මැතිවරණයේදීත් අනුරට ලැබුණ සියයට තුනේ (3.16%) ඉරණමට රාජ යෝගය උදා කරමින්  2024දී  එකතු වූ  40.15%ක ජන කැමැත්ත ඉන්දියාවෙන් චීනයෙන් පැමිණි හැකර්ලා විසින් ලබා දුන්නා තල්ලුවක් නොවේ. ඒ සියයට හතළිහයි දශම එකයි පහක ප්‍රමාණය යනු මිනි මරුවන්ට හොරුන්ට නායකත්වය දුන් විජේවීරලාගේ ප්‍රභාකරන්ලාගේ හයියෙන් ශක්තිමත්වූ මැදමුලන මහින්ද රාජපක්ෂලාට ජය වේවා කී පොහොට්ටුවේ බහුතරයයි.  

ජවිපෙය එල්ටීටිය මෙන්ම රාජපක්ෂ අනුගාමිකයන් රට ඉන්දියාවට ගියත් රනිල් හෝ සජිත් බලයට ගෙන්න කතිර ගහන්නේ නම් නැත. මේ කියන නියතය හෙටටත් එසේමය. ඊට හේතුව අනුර කුමාරලා කියන 77 වසරක සාපය රටට නිර්මානය කළ දේශපාලන දූෂිතයන් පිළිබඳ හෙළිදරව්වේදී අනුර කුමාරලාගේ ගැන්සිය මැදමුලන රාජපක්ෂ ගැන්සිය මෙන්ම තරගයට හම්බ කර යටිමඩි ගසා තිබීමය.

gyui7i7
නාවික හමුදාවේ සිටි යෝෂිත රාජපක්ෂ ගැල විජ්ජාවට පෙන්නුවේ නාකි ඩේසී ආච්චිගේ මල්ලක් වන අතර ජවිපේ නලින් හේවගේට සිය දියණියගේ කොටහළු මංගල්ලය පෙන්නීමට සිදු විය. මැද මුලනින් පැලවත්තට මාරුවූ දේශපාලනය ඊට වඩා දෙයක් නොවේ.

එසේම අනුර කුමාර දිසානායකට කඩවත සින්නක්කර නිවසේ හිමිකම සඟවා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබා ගෙන ලාල් කාන්තලාට ලගින්නට දීමත් පොදු දේපල අවභාවිතාවකි. තමන් සතු වත්කම සැඟවීමටත් රටේ නීතිය අනුව දඩුවම් ලැබිය හැකි වරදකි. මාලිමා ජනාධිපතිගේ කැරැට්ටුව එහෙම නම්  සිය වත්කම සැඟවීමට රහස් ක්‍රමයකට මුදල් ඉපයූ බව කියන කැබිනට් ඇමති වසන්ත සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න දෙදෙනා ගැන කවර කතාද?

cghrty

දයාසිරි ජයසේකර ඔලූවෙන් හිටගෙන කෑ ගෑසුවත් අනුර කුමාර ජනාධිපති වරප්‍රසාද යටතේ උසාවි ගෙන යන්නේ නැතුවා සේම කූඨ ලේඛන සකසා කාගේදෝ දේපලක් අල්ලා ගැනීමේ චෝදනාවට වසන්ත සමරසිංහ මහින්ද ජයසිංහ රංජන් ජයලාල් අත් අඩංගුවට පත් වන්නේත් නැත. එසේම බීමත්ව රිය පැදවූ බවට චෝදනා ලැබූ  රටේ ආරක්ෂක ලේකම් රවි සෙනෙවිරත්න උසාවි යන්නේත් නැත. මැදමුලන රාජපක්ෂලාගේ දේශපාලනයට සමාන්තරව ගමන් කරන අනුර කුමාරලාට  ටී ෂර්ට් හැඳ ජාත්‍යන්තරයට යාමෙන් හෝ තෙමේම වාහනයේ දොර හැර බැසීමෙන් රට වෙනස් කළ නො හැකිය.  මතු යම් දවසක අනුර කුමාර දිසානායකට ඒබ්‍රහම් ලින්කන්ට මෙන් පසු තැවීමට සිදුවන බව සිහිපත් කරනු කැමැත්තෙමි.

stye5464
වරක් රෙජිමේන්තු කිහිපයක් මාරු කිරීමට ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් නියෝගයක් දී තිබිණ. එය කොන්ග්‍රස් මන්ත්‍රී කෙනෙකු ලින්කන් රවටා ලබා ගත් නියෝගයකි. නියෝගය අතට ගත් කොන්ග්‍රස් මන්ත්‍රී වහා යුද ලේකම් ස්ටැන්ටන් වෙත ගොස් ජනාධිපති අත්සනින් නිකුත් කළ නියෝගය භාර දුන්නේය. නියෝගය ඉරා දැමූ යුද ලේකම් වරයා කෝපයෙන් ගැහෙන්නට විය.

''ඕක නිකුත් කළේ අමෙරිකාවේ ජනාධිපතිතුමා...''  කොන්ග්‍රස් මන්ත්‍රී ආඩම්බරයෙන් කතා කළේය.

''ජනාධිපති මේ වගේ නියෝග දෙනවා නම් එයා පල් මෝඩයෙක්.... ''  යුද ලේකම් ස්ටැන්ටන් බරපතල පිළිතුර දුන්නේය. කොන්ග්‍රස් මන්ත්‍රී වහා ලින්කන් වෙත දිව ගොස් කේලම කීය. ලින්කන් ඊට දුන් පිළිතුර මෙසේය.

'' යුද ලේකම් ස්ටැන්ටන් මා පල් මෝඩයෙකැයි කියනවා නම් එය එසේ විය හැකිය. මෙවැනි දේ නැවත නො කිරීමට මම කටයුතු කරමි.''

dfyh56
 ඒබ්‍රහම් ලින්කන් සහ ඛෙනිටෝ මුසෝලිනි දෙදෙනාම මැරුණේ වෙඩිකාලාය. ඒ ඉතිහාසයේ ලින්කන් විශිෂ්ඨයන් අතරත් විශිෂ්ඨයෙකි. ඛෙනිටෝ මුසෝලිනි...? වීදියේ එල්ලා ඇති මුසෝලිනිගේ මිනියට අදටත් ඉතාලි කාරයෝ කෙල ගසමින් සිටිති.

ලජ්ජා නැතිකම ලංකේය වාමාංශික දේශපාලනයට ආවේනික පුරුද්දකි. විධායකයට අයත් නැති මළුවලට අත දමමින් විහින් විනාස වීමට තැත් කරන තඹුත්තේගම උපන් අනුර කුමාර දිනවීමට 2024දී 40.15%ක ඡන්ද ප්‍රමාණයක් ලබා දුන් පොහොට්ටුවේ අයට දේශපාලනයේ ගඳ සුවඳ වාසියට යටපත් කළ හැකිය. රටම වෙනස් කිරීමට පැමිණි අනුර කුමාර දිසානායකට කිසිසේත් ලින්කන් විය නො හැකිය. කල්පනාවෙන් සිටියොත් ඛෙනීටෝ මුසෝලනී නොවී ජාම් බේරා ගත  හැකිය.

දයාසිරි ජයසේකර සැප්තැම්බර් 24 වෙනිදා පාර්ලිමේන්තුවේදී හෙළි කළ ආකාරයට අනුර කුමාරලා ගැන්සියේ හොර මැරකම් වසා ගැනීමට බලයට පත්ව අවුරුද්දක් ගෙවී යාමටත් පළමුව අධිකරණයද දඬුකඳේ ගසා හමාරය. බී මත්ව රිය පැදවීමේ වරද අනතුරක් වළක්වා නො ගැනීම දක්වා සැර බාල කර දීමට මැදිහත්වූ නීතිපති දෙපාර්තමේන්තුව හෙට අනිද්දා මහින්ද රාජපක්ෂ මෙන්ම ජනාධිපති යටතට පවරා නො ගත්තොත් පොදු දේපල අවභාවිතා කිරීමේ අවලාදයට ගොදුරුව සිටින ජනාධිපති ලේකම් කුමානායක බේරා ගන්නවා බොරුය.

නාමල් රාජපක්ෂ ජනාධිපති වූ පසුව තමා නිල නොලත් ජනාධිපති බවට ප්‍රසිද්ධියේ කී තිස්ස කුට්ටිආරච්චිගේ හැසිරීම, මුදල් ඇමති අනුර කුමාරගේ හයිය පාවිච්චි කර බිමල් රත්නායක රේගුවේ අධික්ෂණයෙන් මුදවා කන්ටේනර් මුදා හැරීමෙන් ඔප්පු කර හමාරය.

fhyer656
2024 සැප්තැම්බර් 21 වෙනිදා අනුර කුමාර දිසානායක රටේ ජනාධිපති කළ ඡන්ද කාසියේ අනෙක් පැත්තේ ඇත්තේ රාජපක්ෂ ලාංචනය වන අතර 2024 අනුර කුමාර ශක්තිමත් කළ 40.15%ක ඡන්ද පදනම සු පුරුදු ලෙස හොරුන් සමග සිට ගන්නවාමය. 1946දී නිර්මානය කළ එජාප ප්‍රභූ දේශපාලන දර්ශනය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට නීතියේ ආධිපත්‍යයට සමානාත්මතාවය වචනාර්ථයෙන්ම ආරක්ෂා කිරිමට බැඳි සිටියහ.

 

ඩොනල්ඩ් රණවීර බදු ගෙවීම පැහැර හැරිය බවට අගමැති ඩඩ්ලිට සැලවූ සැනින් අවශ්‍ය පියවර ගත් එජාප ශක්තිය රටේ තවමත් පවතී. බී මත්ව රිය පැදවූ ආරක්ෂක ලේකම් වෙනුවෙන් නීතිය කෙළසන නීතිපතිවරු එජාප පාලන කාලයේ යටතේ සිටියේ නැත. ඒ ශක්තිය තේරුම් ගත් පරම්පරා ගණනාවක් නියෝජනය කළ රටේ මිනිස්සු 2024දීත් රටට මිනිස් ඝාතන හඳුන්වා දුන් ජවිපෙට එරෙහිව  50%ක ශක්තිය සහතික කර පෙන්වා තිබේ.  ඒ ශක්තිය 2005දී රනිල්ට  48.43%ක්  ලෙසද, 2010 සරත් පොන්සේකාට 41.15%ක් ලෙසද, 2015දී සිරිසේනට 51.28%ක් ලෙසද,  2019දී සජිත්ට 41.99%ක් හැටියටද වාර්තා කර ඇත.


රනිල් සජිත් හැටියට ඛෙදී වෙන් වෙලාත් 2024දී අනුර කුමාර දිසානායකට 50%ක් ලබා ගත නො හැකි විය. හේතුව රනිල් සජිත් කොහොම කල්පනා කළත් එජාප වින්තනය යනු ගල් කටස් ටී 56 හමුවේත් ශක්තිමත් බව ඉතිහාසය පුරා තහවුරු කර තිබේ.

79 වෙනි එජාප සම්මේලනයට ලියුම් කෑල්ලක් එවීමෙන් සජිත් ප්‍රදර්ශණය කළේ ප්‍රේමදාස ජානවල පවත්නා නැහැදිච්චකම මිස වෙන යමක් නොවේ. අදටත් සජබය සමග සිටින ඉහත කී හිටපු විශ්වවිද්‍යාල කුලපති වර මහාචාර්ය වරයාට අනුව ඔය එකතුවට සජිත් කැමති නැත. ඔහුට අනුව ප්‍රේමදාසලා තමන් ගැන මිස රට ගැන සිතුවා නම් කිසි විටෙක එල්ටීටීයට මුදල් ආයුධ දෙන්නේ නැත.

1988 මහා භිෂණය අතර, සජිත්ගේ තාත්තාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ ගාමිණි දිසානායක, ලලිත් ඇතුළත් මුදලි දෙදෙනාට වින කැටීම ගැන ඒ විද්වතා සාප කළේය. එදා ජනාධිපති අපේක්ෂකත්වය ආර්. ප්‍රේමදාස, විජේවීරගේ තුවක්කුවේ හයිය පෙන්නා උදුරා ගත්තා මිස ලබා දුන්නේ ජේ.ආර්. හෝ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය ලබා දුන්නේ නැත යන්න ඔහුගේ විශ්වාසය විය.  

xcfye565
ප්‍රේමදාස බලයට පත්ව පළමුව විජේවීරද දෙවනුව ලලිත් ඇතුළත් මුදලිටද තෙවනුව රන්ජන් විජේරත්නද කනත්තට දැක්කීය. තමාට ආදරයේ දෑත දිගු කළ සතාගේ හැටි දැනගත් ප්‍රභාකරන් ප්‍රේමදාසට බෝම්බ ගැසූ බව ඇසූ ලංකාවේ දකුණේ මිනිස්සු රතිඤ්ඤා පත්තු කර කිරිබත් කෑවේ කවුරුවත් කියලා නොවේ. 1994 මැයි දිනයේ විපක්ෂයේ අය ප්‍රේමදාස සිහි කළේ බල්ලා මැරිලා අවුරුද්දයි බලූ කූඩුව පුල් සුද්දයි යනුවෙන් පෙළපාලි යමිනි. ඔවුන් බ`ථ කූඩුව කී එජාප මහ ගෙදරට සජිත් ප්‍රේමදාස එන්නේ නම් නැත.

කොයි ත්‍රස්තවාදියාත් රටක සම්මතය හෙවත් ප්‍රභූන්ට කැමති නැත. උතුරේ දකුණේ ගිනි අවි ලෙළවූ එල්ටීටිය සහ ජවිපේ එකතුව තමන්ට ගැලපෙන ලේ රහට කැමති චරිතයක් 2005දී ගොඩ නැගුවේ 88-89 කාලයේ භිෂණය වෙනුවෙන් පෙනී සිටි මහින්ද රාජපක්ෂට කෙළෙහි ගුණ සැලකීමටය. ඒ නිසා රනිල්ගේ දෑතට මාංචු දැමුවාට ජවිපෙය කවදාවත් මහින්දට අත තියන්නේ නැතුවා සේම සජිත් ප්‍රේමදාස පොදු විපක්ෂ එකතුවට සහාය වන්නේත් නැත.

chandrasiri senevirathne(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...