The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලොව මහා ධන කුවේරයෝ දාන පාරමිතාවලට පෙළ ගැසෙති

T

The Leader Desk

September 28, 2025 • 11:22 AM

ලොව මහා ධන කුවේරයෝ දාන පාරමිතාවලට පෙළ ගැසෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැවිරිදි වියේ පසුවන මෙම ප්‍රකෝටිපතියාගේ වත්මන් වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 350ක් ලෙස ද ප්‍රකාශයට පත්ව තිබේ.
  • ඔහු ගේ ධන සංචිත මෙලෙස වේගවත්ව ඉහළ යාමට හේතුව මෑතකාලීනව සිදු වූ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ (AI) මෑතකාලීන පිබිදීම සහ ඔරකල් සමාගමේ කොටස් මිල ඉහළ යාම ලෙස විශ්ලේෂකයන් විසින් හඳුනාගනු ලැබ තිබේ.
  • මෙම ශීඝ්‍රාකාර මූල්‍යමය වර්ධනයත් සමඟ මීට මසකට පමණ ඉහතදී ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඉලොන් මස්ක් අභිබවා යාමට ද ඔහු සමත් ව තිබේ.
  • ලැරී එලිසන් ලැරී එලිසන් පිළිකා පර්යේෂණ සඳහා ඩොලර් බිලියන ගණනක් රැස් කළ ලෝක ප්‍රකට සමාජ සේවකයෙකු වන මයිකල් මිල්කන්ගේ සමීපතම මිතුරෙකු බව ද පැවසෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

81 හැවිරිදි වියේ පසුවන මෙම ප්‍රකෝටිපතියාගේ වත්මන් වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 350ක් ලෙස ද ප්‍රකාශයට පත්ව තිබේ. ඔහු ගේ ධන සංචිත මෙලෙස වේගවත්ව ඉහළ යාමට හේතුව මෑතකාලීනව සිදු වූ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ (AI) මෑතකාලීන පිබිදීම සහ ඔරකල් සමාගමේ කොටස් මිල ඉහළ යාම ලෙස විශ්ලේෂකයන් විසින් හඳුනාගනු ලැබ තිබේ.

මෙම ශීඝ්‍රාකාර මූල්‍යමය වර්ධනයත් සමඟ මීට මසකට පමණ ඉහතදී ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඉලොන් මස්ක් අභිබවා යාමට ද ඔහු සමත් ව තිබේ.

 01 lari elison

ලැරී එලිසන්

ලැරී එලිසන් පිළිකා පර්යේෂණ සඳහා ඩොලර් බිලියන ගණනක් රැස් කළ ලෝක ප්‍රකට සමාජ සේවකයෙකු වන මයිකල් මිල්කන්ගේ සමීපතම මිතුරෙකු බව ද පැවසෙයි. ඔහු ද සැබෑ සතුට ලැබීමේ මාර්ගය මුදල් එක් රැස් කිරීම නොවන බවත් එය පරාර්ථකාමීත්වය මත පදනම් ව මුදල් වැය කිරීම තුළින් විවර වන බවත් විශ්වාස කරන බවත් කියනු ලැබේ.

මෙය මේ වන විට ලොව ධන කුවේරයන් අතරේ වේගයෙන් වර්ධනය වන සංකල්පයකි. ඔවුහු තම ජීවිත කාලය තුළ දී අවම වශයෙන් සිය වත්කමෙන් අඩක්වත් පරිත්‍යාග කිරීම ජීවිතයේ පරම සැනසුම උදා කරන්නක් බව විශ්වාස කරති.

 01 ilon mask

ඉලොන් මස්ක්

 

එවැනි ධන කුවේරයන් දිරිමත් කිරීම සඳහා බිල් සහ මෙලින්ඩා ගේට්ස් සහ වොරන් බෆට් විසින් 2010 වසරේදී ‘ගිවිං ප්ලෙජ්’ (Siving pledge)නම් ව්‍යාපාරයක් ඇරඹා ඇති අතර ලැරී එලිසන් ද එම ප්‍රඥප්තියට අත්සන් තබා ඇත්තේ සෞඛ්‍ය සහ වයස්ගත වීම සම්බන්ධ පර්යේෂණ කටයුතු සඳහා සිය ධනයෙන් 95%ක් ලබා දීමට පොරොන්දු වෙමිනි.

මාර්ක් සකර්බර්ග්, මැකෙන්සි ස්කොට්, මයිකල් බ්ලූම්බර්ග්, ජෝර්ජ් ලූකස් සහ සෑම් ඇල්ට්මන් වැනි තවත් ප්‍රකෝටිපතියන් රැසක් මෙම ප්‍රතිඥාවට අත්සන් තබා ඇත.

 01 voran bufat

වොරන් බෆට්

ඒ අතර 2010 වසරෙන් පසුව ලැරී එලිසන් විසින් සිදුකරන ලද ප්‍රධාන පරිත්‍යාග කිහිපයක් පිළිබඳව ද මාධ්‍ය වාර්තා කොට තිබේ. ඒවායින් අනාවරණය කෙරෙන අන්දමට ඔහු දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200ක් ද, එලිසන් වෛද්‍ය පදනමට ඩොලර් බිලියනයක් පමණ ද පරිත්‍යාග කර ඇත.

මීට අමතරව, ඩොලර් බිලියන 1.3ක් වටිනා ඔක්ස්ෆර්ඩ් ඊඅයිටී (EIT) අධ්‍යාපන ආයතනයක් 2027 වසර වන විට විවෘත කිරීමට නියමිතව ඇත්තේ ද ඔහුගේ මූල්‍යමය දායකත්වයෙනි.

 01 melinda gete

මෙලින්ඩා ගේට්ස්

 

මේ වන විට ලොව පුරා සිටින ධන කුවේරයන් අතුරින් දානපතියන් බිහි වීමේ සම්භාවිතාවක් පැන නැඟී තිබේ. පහත සඳහන් වනුයේ එලෙස වැඩිම පරිත්‍යාග සිදු කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව ය.

 01 mark sukerburg

මාර්ක් සකර්බර්ග්

ඉන්දියාවේ ජම්ෂෙඩ්ජි ටාටා ඩොලර් බිලියන 102.4 ක් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, විද්‍යාත්මක පර්යේෂණ සඳහා ප්‍රදානය කොට ඇති අතර ඔහු මිය ගිය නමුත්, ඔහුගේ පුණ්‍ය කටයුතු තවමත් සක්‍රියව පවතී. ඔහු වැඩිම මුදලක් පරිත්‍යාග කළ දානපතියා ලෙස තවමත් ප්‍රථම ස්ථානයේ පසුවන්නේ, උද්ධමනය අනුව ඔහුගේ මුළු පරිත්‍යාගයේ වටිනාකම ඉතා ඉහළ අගයක් ගන්නා බැවිනි.

ඇමරිකානු ජාතික බිල් ගේට්ස්ඩො ලර් බිලියන 50 සිට 100+ දක්වා ගෝලීය සෞඛ්‍ය, අධ්‍යාපනය, දැඩි දරිද්‍රතාවය පිටුදැකීම වෙනුවෙන් පරිත්‍යාග කොට තිබේ.

 01 makency skot

මැකෙන්සි ස්කොට්

 

ඇමරිකා එක්සත් ජනපදයේ වොරන් බෆට් ද ඩොලර් බිලියන 32.1 සිට 60+ දක්වා සෞඛ්‍ය සේවය, දරිද්‍රතාවය පිටුදැකීම සඳහා කැප කොට ඇති අතර ඔහු සිය ධනයෙන් 99% කට වඩා පරිත්‍යාග කිරීමට පොරොන්දු වී ඇත.

ඇමරිකා එක්සත් ජනපද / හංගේරියා ජාතික ජෝර්ජ් සෝරෝස්ඩොලර් බිලියන 21 සිට 32 දක්වා ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, අධ්‍යාපනය උදෙසා පරිත්‍යාග කොට තිබේ.

 01 jamshtji tata

ජම්ෂෙඩ්ජි ටාටා

 

ඉන්දියානු ජාතික අසීම් ප්‍රේම්ජි ඩොලර් බිලියන 21 ක් පමණ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය උදෙසා පරිත්‍යාග කොට ඇති අතර ඇමරිකානු නවකතා කාරියක වන මැකෙන්සි ස්කොට් ඩොලර් බිලියන 14 සිට 19 දක්වා ජාතිවාදී හා ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය, ආර්ථික සමානාත්මතාවය උදෙසා පරිත්‍යාග කොට ඇත.

මෙලෙස ලොව ප්‍රබලතම මහා ධන කුවේරයන් තමන් ඉපැයූ මහා ධනස්කන්ධයන් ලෝකයාගේ යහපත පිණිස යොදා ඉන් තෘප්තිමත් වීමේ නැඹුරුව මිනිසා ගේ පරම සතුට මිල මුදල් මත ස්ථාපිත නොවන්නක් බව අනාගත ලෝකය හමුවේ මනාව අනාවරණය කරන්නක් බවට සැක නැත.ඒ අනුව මොවුන් ගේ මෙම මහා ධන පරිත්‍යාගයන් අපේ වහරට අනුව දාන පාරමිතා ලෙස නම් කිරීමේ ද දොසක් නැතැයි මට සිතෙයි.


Renuka Damayanthi(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...