The Leader News
BREAKING
Top Ad
පුවත්

2025 විසර්ජන පනත පාර්ලිමේන්තුවට : වැඩිම වියදම සෞඛ්‍යයට

T

The Leader Desk

January 10, 2025 • 9:57 AM

2025 විසර්ජන පනත පාර්ලිමේන්තුවට : වැඩිම වියදම සෞඛ්‍යයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, අනුව මෙම වසරේ රජයේ වියදම රුපියල් බිලියන 4218 කි.
  • සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා ඇස්තමේන්තු කොට ඇති පුනරාවර්තන වියදම රුපියල් මිලියන 412,999 කි.
  • එම අමාත්‍යාංශය සඳහා ඇස්තමේන්තු කර ඇති මූලධන වියදම රුපියල් මිලියන 95,500කි.
  • අධ්‍යාපනයට වඩා ආරක්ෂාවට ආරක්ෂක අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම රුපියල් මිලියන 382,000ක් වන අතර, මූලධන වියදම රුපියල් මිලියන 60,000 කි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඒ, අනුව මෙම වසරේ රජයේ වියදම රුපියල් බිලියන 4218 කි.


සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා ඇස්තමේන්තු කොට ඇති පුනරාවර්තන වියදම රුපියල් මිලියන 412,999 කි. එම අමාත්‍යාංශය සඳහා ඇස්තමේන්තු කර ඇති මූලධන වියදම රුපියල් මිලියන 95,500කි.

අධ්‍යාපනයට වඩා ආරක්ෂාවට

ආරක්ෂක අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම රුපියල් මිලියන 382,000ක් වන අතර, මූලධන වියදම රුපියල් මිලියන 60,000 කි.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා 2025 වසරේ ඇස්තමේන්තුගත කර ඇති පුනරාවර්තන වියදම රුපියල් මිලියන 206,000 ක් වන අතර එම අමාත්‍යාංශය සඳහා මූලධන වියදම් ලෙස ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 65,000කි. 

ඒ අනුව, 2025 වසරේදී අධ්‍යාපනයට වඩා ආරක්ෂක විෂය වෙනුවෙන් වැඩි මුදලක් යෙදවීමට ආණ්ඩුව බලාපොරොත්තු වේ.

 

අයවැය කතාව පෙබරවාරි 17 
 
2025 වසර සඳහා වන අයවැය කතාව පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. එහි විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා පැවැත්වෙන අතර අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පෙබරවාරි 25 වැනිදා පස්වරු 06ට පැවැත්වීමට නියමිත ය. 

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 21 දක්වා පැවැත්වේ. එහි ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා පස්වරු 06ට සිදු කෙරේ.

(සටහන | කාංචනා සිරිවර්ධන)

උපුටා ගැනීම - අනිද්දා සති අන්ත ජාතික විකල්ප පුවත්පතින් 

විසර්ජන පනත් කෙටුම්පත මෙතනින්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...