The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඇදුමට ක්ෂණික ගුණ දුන් පත්තිනි දේවාල දෙහි | තිලක් සේනාසිංහ

T

The Leader Desk

October 1, 2025 • 7:02 AM

ඇදුමට ක්ෂණික ගුණ දුන් පත්තිනි දේවාල දෙහි | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය තරමක් අමුතු ඉල්ලීමක් නිසා ඒ කුමක් පිණිස දැයි මම ඇගෙන් අසා සිටියෙමි.
  • එවිට ඇය කීවේ තම මිතුරියකගේ මවගේ රෝගයකට ප්‍රතිකාර කිරීමට එවැනි දෙහි ගෙඩියක් අවශ්‍ය බවයි.
  • බටහිර හෙවත් ඇලෝපති නොවන විකල්ප වෛද්‍ය ප්‍රතිකාර සඳහා විවිධ ශාක කොටස් යොදාගන්නා බව රහසක් නොවේ.
  • එබැවින් එම ප්‍රතිකාරය අවශ්‍ය කාන්තාවටම මා අමතන ලෙස දන්වන මෙන් මම ඇයට කීවෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):
එය තරමක් අමුතු ඉල්ලීමක් නිසා ඒ කුමක් පිණිස දැයි මම ඇගෙන් අසා සිටියෙමි. එවිට ඇය කීවේ තම මිතුරියකගේ මවගේ රෝගයකට ප්‍රතිකාර කිරීමට එවැනි දෙහි ගෙඩියක් අවශ්‍ය බවයි.

බටහිර හෙවත් ඇලෝපති නොවන විකල්ප වෛද්‍ය ප්‍රතිකාර සඳහා විවිධ ශාක කොටස් යොදාගන්නා බව රහසක් නොවේ. එහෙත්, යම් නිශ්චිත ස්ථානයක වැඩුණු ගසකින් ශාක ඵල ලබාගෙන කරන ප්‍රතිකාරයක් නම් එය වෙදකමක් නොව ‘ගුරුකමක්’ විය යුතුම ය. මා ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසා සිටිය ද මට කතා කළ ගුරුවරිය ඒ සම්බන්ධ කිසිවක් දැන සිටියේ නැත. එබැවින් එම ප්‍රතිකාරය අවශ්‍ය කාන්තාවටම මා අමතන ලෙස දන්වන මෙන් මම ඇයට කීවෙමි.

පත්තිනි දේවාල බිමක වැඩුණු ගසකින් කඩාගත් දෙහි ගෙඩියකින් වෛද්‍ය ප්‍රතිකාර අපේක්ෂා කළ ඒ කාන්තාවගේ වයස අවුරුදු හැට හයකි. ඇය ඒ වනවිට මගේ හිතවත් ගුරුවරියගේ යෙහෙළිය වන සිය එකම දියණියගේ නිවසේ නතරවී සිටියා ය. එම ගුරු දියණිය දෙදරු මවක වූ අතර, ඒ වන විට ඇගේ සැමියා විදෙස් රැකියාවක යෙදී සිටියේය.
 
Sick woman coughing sitting on sofa at home quarantine self isolation. Corona virus infection COVID-19 concept.
ඒ කොවිඩ් වසංගතය ශීඝ්‍රයෙන් පැතිර ගිය කාලයයි. තම දියණිය හා ඇගේ දරු දෙදෙනාගේ තනි නොතනියට එම නිවසේ නතරව සිටි එම වියපත් මව ඒ වනවිට දිගු කලක් යටපත්ව තිබූ ඇදුම රෝගයට යළි බරපතළ ලෙස ගොදුරු වී සිටියා ය.

ඒ කාලයේ පැවති සීමිත පහසුකම් යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලැබුවද ඉන් නිසි සුවයක් නොලැබුණි. එමෙන්ම ඒ රෝග තත්ත්වය හමුවේ ඇයට තම දියණියගේ අසල්වැසියන්ට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූයේ ඇගේ එම ඇදුම තත්ත්වය කොවිඩ් රෝග ලක්ෂණයක් වශයෙන් අසල්වැසියන් සැක කළ හැකි බැවිනි. එය ද ඇයට යම් මානසික පීඩනයක් ගෙන දීමට සමත් වූවාට සැක නැත.

images 61
“මම මීට අවුරුදු දෙකකට කලින් අපේ පවුලේ ප්‍රශ්නෙකට සාත්තරයක් අහන්න ගියා. එතැනදී කාලි අම්මා ආරූඪ වුණු සාත්තර මැණියෝ මගෙන් ඇහුවා ‘දරුවා දැන් උඹේ ඔය අසනීපෙට මොකද කරන්නේ?’ කියලා. ඒත් මට දියවැඩියාව, ප්‍රෙෂර් වගේ අසනීප මුකුත් නැති හින්දා ටිකක් කල්පනා කරනකොට තමයි මට මතක් වුණේ මට ඇදුම හැදෙන එක ගැන. ඒත් ඒ වෙනකොට අවුරුදු දෙකකින් විතර ඒක මතුවෙලා තිබුණේ නැහැ.”ඒ පිළිබඳව මා විමසුම් කරනවිට ඒ වියපත් කාන්තාව කියා සිටියා ය.

“එතකොට තමයි ඒ මෑණියෝ කිව්වේ, ‘ඕක එච්චරම ගණන් ගන්න එපා දරුවා, ඒත් ඕක ආයෙමත් ඉස්මතු වුණොතින් පත්තිනි දේවාලෙක ඉඩමක ගහකින් කඩාගත්තු දෙහි ගෙඩියක් මිරිකලා බීපන්. ඕක නිකම්ම යටපත් වෙලා යයි’ කියලා.”
ඉන්පසු ඇය තමන්ට එම අරුම පුදුම වෛද්‍ය උපදේශය ලැබුණු අන්දම එසේ මා වෙත හෙළි කර සිටියාය. එමෙන්ම මා අප රටේ ඇති දේවාල බොහොමයක් පිළිබඳ තොරතුරු දන්නා බැවින් මා ලවා ඔය කියන ආකාරයේ දෙහි ගෙඩියක් සපයාගත හැකි බව කියා ඇත්තේ මගේ මිතුරු ගුරු උපදේශකවරයකු බව ද එම වියපත් කාන්තාව හා මා කීවාය.
 
lamon tree
“ඔය කියන විදියේ දෙහි ගස් කීපයක් තියෙන දේවාලයක් නම් තියෙනවා නුවර පැත්තේ. ඒත් මේ දවස්වල ඒ ගස්වල දෙහි තියෙනවද, අනික තිබුණත් ඒ ගෙඩියක් ගෙන්න ගන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ.” එම කාන්තාවගේ ගැටලුවේ යථා ස්වභාවය අනුමාන වශයෙන් වටහාගත් මම කීවෙමි.“අනේ, එහෙමනම් මොන විදියකින් හරි මට එක දෙහි ගෙඩියක් හොයලා දෙන්න. ඒක ලොකු පින්කමක්. අනික සල්ලි නම් කීයක් ගියත් කමක් නෑ.” ඒ සමඟම ඇය ආයාචනා කළ අතර එහිදී ඇය ඉතා අසීරුවෙන් හුස්ම ඉහළ පහළ හෙළන අයුරු මට හොඳින්ම ඇසිණි.

එම දුරකතන සංවාදයෙන් දින කිහිපයකට පසුව මගේ හිතවත් ගුරුවරිය මා වෙත දුරකතන ඇමතුමක් දී තම යෙහෙළියගේ මවගේ ඇදුම තත්ත්වය වඩාත් උත්සන්න වී ඇති බැවින් එම දේවාල බිමෙන් දෙහි ගෙඩියක් සපයා දිය නොහැකි නම් ඒ දේවාලය පිහිටි ස්ථානය හෝ පවසන ලෙස මා වෙතින් ඉල්ලා සිටියා ය.

“නෑ.. නෑ.. මම අපේ දන්න කෙනෙකුට පණිවිඩේ දීලා තියෙන්නේ. කොහොමත් තව දවස් තුන හතරක් යනකොට වැඩේ කෙරෙයි. ඊට පස්සේ මම ඒක ගන්න පුළුවන් පහසු තැනක් කියන්නම්කෝ.” මම ඇයට පිළිතුරු දුන්නෙමි. ඒ එම දෙහි සොයා දීම සම්බන්ධයෙන් යම් සැලසුමක් ද මගේ සිත තුළ තිබූ බැවිනි.

“අනේ මහත්තයෝ ඔබතුමාට බුදුබව අත්වෙන්න ඕනේ. අර දෙහි ගෙඩිය මිරිකලා බීපු හැටියේ මට තද නිදිමතක් ආවා. නින්දෙන් ඇහැරෙනකොට මගේ පපුවට පුදුමාකාර සැහැල්ලුවක් දැනුණා. දැන් නම් දෙයියන්ගේ පිහිටෙන්පපුවේ කිසිම තද ගතියක් නෑ. බොහොම පහසුවෙන් හුස්ම ගන්න පුළුවන්.”
 
A market employee picks limes for a customer at the Michoacan market in the Condesa neighborhood of Mexico City, Mexico, on Wednesday, April 2, 2014. Lime growers in the Mexican state of Michoacan have banded together to both set prices of the fruit they sell to packing companies and control supply, spurring inflation that's been above the central bank's target range for the last two months. Photographer: Susana Gonzalez/Bloomberg via Getty Images
මා දන්නා වෙළඳ සමාගමක අලෙවි නියෝජිතයෙකු අතේ ප්ලාස්ටික් ආහාර ඇසුරුමක දෙහි ගෙඩි දෙකක් යැවූ දිනට පසු දින මා වෙත දුරකතන ඇමතුමක් දුන් එම වැඩිහිටි කාන්තාව කීවාය. පසුව ඇගේ දියණිය සේම ඇගේ මා දන්නා ගුරුවරිය ද එම ‘දිව්‍යමය ඖෂධය’ සපයා දීම සම්බන්ධයෙන් මාහට මුව නොසෑහෙන සේ ස්තූති කළාය..

එහෙත්,එලෙස යැවීම පිණිස මා මිලදී ගත්තේ එළවලු මාකැට්ටුවක අලෙවිය පිණිස තබා ඇති දෙහි ගොඩකින් දෙහි ගෙඩි දෙකකි. එසේ පත්තිනි දෙවොලකින් දෙහි සෙවීම පසෙක තිබියදී එවැනි දෙහි ගස් වැවී ඇති පත්තිනි හෝ වෙන මොනයම්ම දේවාලයක්වත් මා දන්නේ ද නැත.

man holding pills and glass of water
Émile Couéඑමිල් කූඑමිල් කූ යනු දහනව වන සියවසේ ප්‍රංශයේ විසූ මනෝ විද්‍යාඥයෙකි. මුලදී ඖෂධවේදියෙකු වශයෙන් කටයුතු කළ ඔහුට තමන්ගෙන් එකම ඖෂධය ලබාගන්නා රෝගීන් පවසන ගුණ-අගුණ විවිධාකාර බව නිරීක්ෂණය කළ හැකි විය. පසුව එය මුල්කොට වැඩිදුර විමර්ශනය කිරීමට අදහස් කළ ඔහු වේදනානාශක පෙති ඉල්ලා ගෙන පැමිණෙනන්වුන් සඳහා කිසිදු ඖෂධ සංයෝගයක් නොමැති සීනි බෝල විශේෂයක් නිකුත් කරන්නට පුරුදු විය. එහෙත් විස්මයට කරුණ වූයේ ඒ ව්‍යාජ වේදනානාශක පෙති බිව් සමහර රෝගීන්ගේ වේදනාව ද ඉතා හොඳින් සමනය වී තිබීමය. පසුව ස්වයං මෝහනය ආදී විෂයන් සම්බන්ධයෙන් කළ වැඩිදුර පර්යේෂණ මුල්කොට එමිල් කූ මනෝ විද්‍යාඥයෙකු ලෙස ලොව පුරා ප්‍රසිද්ධ විය. එහිදී ඖෂධවලින් තොරව යම් යම් රෝග ලක්ෂණ යටපත් වීමේ ක්‍රමය එමිල් කූ හඳුන්වා දුන් අතර එය තුෂ්ටක බලපෑම ( Placebo Effect ) ලෙස හැඳින්වෙයි.
මින් ඉහත සඳන් කාන්තාවගේ රෝග මූලය හුදු මනෝමය පදනමකින් පැනනැඟුණු එකක් බව පැහැදිලි වේ. නමුදු යටපත් වනුයේ කායික මානසික හේතූන් නිසා හටගෙන කායානුබද්ධ වන රෝග ( Psychosomatic disorder ) මිස හුදු කායික හේතූන් මත හටගන්නා රෝග නොවන බව ද විශේෂයෙන් අවධාරණය කළ යුතු ය.

Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...