The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නට පෙර ආණ්ඩුව කළ යුතු දේ මෙන්න | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

October 1, 2025 • 10:12 AM

සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නට පෙර ආණ්ඩුව කළ යුතු දේ මෙන්න | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සඳහා මුලින්ම කළ යුතු වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති සම්බන්ධයෙන් කටයුතු කිරීමයි.
  • විස්තරය ; මෙම වගන්තියේ විස්තර කරනු ලැබූ අපරාධය සඳහා අවශ්‍ය වන කාම සේවනය ඇතිවීමට ඇතුල්වීම ප්‍රමාණවත්ය.
  • පසුගිය පාර්ලිමේන්තුව සමයේ සමලිංගිකත්වය අපරාධ වරදක් බවට පත්කිරීමට හේතු වන දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී.
  • ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ “ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනි කායික සංසර්ගය” අපරාධයක් ලෙස සලකන අතර වසර දහයක් දක්වා සිරදඬුවමක් නියම කළ හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ සඳහා මුලින්ම කළ යුතු වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති සම්බන්ධයෙන් කටයුතු කිරීමයි.

දණ්ඩ නීති සංග්‍රහය (අධිකාරිය 19)

waeiyoudnkads
365 වගන්තිය: අස්වාභාවික අපරාධ

යම්කිසි පුරුෂයෙකු, ස්ත්‍රියක හෝ සතෙකු සමග ස්වභාව ධර්මයේ නියමයට විරුද්ධව කාම සේවනය ස්වේච්ඡාවෙන් කරන්නේද, ඒ තැනැත්තා අවුරුදු දහයක් දක්වා කාලයකට විය හැකි දෙයාකාරයෙන් එක් ආකාරයක සිර දඬුවමකට යටත් විය යුතු අතර, දඩයකටද යටත් විය යුතුය.

විස්තරය ; මෙම වගන්තියේ විස්තර කරනු ලැබූ අපරාධය සඳහා අවශ්‍ය වන කාම සේවනය ඇතිවීමට ඇතුල්වීම ප්‍රමාණවත්ය.

365A වගන්තිය: පුද්ගලයන් අතර දරුණු අශෝභන ක්‍රියා

යම්කිසි තැනැත්තෙකු ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව, වෙනත් තැනැත්තෙකු සමග යම්කිසි දරුණු අශෝභන ක්‍රියාවක් සිදු කරන්නේ නම් හෝ එය කිරීම සඳහා පාර්ශ්වකරුවෙකු වන්නේ නම් හෝ එය කිරීම සඳහා කිසියම් තැනැත්තෙකු පොළඹවන්නේ හෝ පොළඹවා ගැනීමට තැත් කරන්නේ නම්, ඔහු වරදකට වරදකරු වන අතර, අවුරුදු දෙකක් දක්වා කාලයකට විය හැකි දෙයාකාරයෙන් එක් ආකාරයක සිර දඬුවමකට හෝ දඩයකට හෝ ඒ දඬුවම් දෙකටම යටත් විය යුතුය.

 

Ranil LGBTQ penal code

පසුගිය පාර්ලිමේන්තුව සමයේ සමලිංගිකත්වය අපරාධ වරදක් බවට පත්කිරීමට හේතු වන දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පාර්ලිමේන්තුවට ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් එම යෝජනාව ව්‍යවස්ථා විරෝධී නොවන බව අග්‍රවිනිශ්චයකාර ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කතානායකවරයාට දැනුම් දී ඇත. යෝජනාව සාමාන්‍ය බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත හැකිය.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ “ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනි කායික සංසර්ගය” අපරාධයක් ලෙස සලකන අතර වසර දහයක් දක්වා සිරදඬුවමක් නියම කළ හැකිය. මෙම නීතිය වර්ෂ 1883 තරම් ඈතට විහිදේ. එමගින් සමලිංගික සංසර්ගය අපරාධයක් බවට පත් කළ හැකිය. එය පුද්ගලයන්ගේ ලිංගික නැඹුරුවට එරෙහි නීතියක් ලෙස සැලකේ.

LGBTQ 1b46756
ගැසට් මගින් පළකර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්තගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අනුව, සංශෝධනය සිදුවන්නේ පහත දැක්වෙන පරිදිය.

365 වගන්තියෙහි සඳහන් වන පරිදි ‘ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනිව ඕනෑම පිරිමියෙකු, ස්ත්‍රියක හෝ සතෙකු සමඟ ස්වකැමැත්තෙන් කායික සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔහුට වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි සිරදඬුවම් නියම කළ හැකි අතර දඩයකට ද යටත් කළ හැකිය.’

නව සංශෝධනය මගින් මෙම වගන්තියේ ‘පිරිමියෙකු, ස්ත්‍රියක’ යන කොටස් ඉවත් කර තිබේ. ඒ අනුව, එම වගන්තිය වෙනස් වන්නේ ‘ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනිව සතෙකු සමඟ ස්වකැමැත්තෙන් කායික සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔහුට වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි සිරදඬුවම් නියම කළ හැකි අතර දඩයකට ද යටත් කළ හැකිය’ යනුවෙනි.

නව සංශෝධනය අනුව 365 අ වගන්තිය ඉවත් කරනු ලැබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 අ වගන්ති යටතේ අස්වාභාවික සංසර්ගය යන පදනමින් සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික සහ ලිංගිකත්වය ප්‍රශ්න කරන ප්‍රජාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි විය.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි )

සබැඳි ලිපියක් :

'LGBTQ ටුවරිස්ටලාට ලංකාව ට්‍රැවල් කරන්න පුළුවන් ඩෙස්ටිනේෂන් එකක් කියන එක විතරයි අපි තහවුරු කරලා තියෙන්නේ'

'අපේ රට වනචාරි යුගයකට ගෙනියන්න ඉඩ දෙන්න බැහැ' - කාදිනල් හිමිගෙන් ගෝරනාඩුවක් !

ආන්ඩුව මොන එකකටද අපේ ලිංගික හැසිරීම් පාලනය කරන්නෙ | Chinthana Dharmadasa

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නට පෙර ආණ්ඩුව කළ යුතු දේ මෙන්න | අජිත් පැරකුම් ජයසිංහ | The Leader