The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : ආණ්ඩුවට නිව්මෝනියාව

T

The Leader Desk

October 3, 2025 • 5:30 AM

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : ආණ්ඩුවට නිව්මෝනියාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • " බික් කුච්චන්ලා" "නොබෙල්ලා" ඇතුළු බොහෝ පිරිසක් ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙන ම විපක්ෂයේ කාර්ය භාරය ඉටු කරමින් සිටිති; එනම් ආණ්ඩුව අපකීර්තියට ලක් කරමින් සිටිති.
  • අගමැතිවරයෙක් නැති රටකට නිල ගමනක් ගිය ජනපති අනුරගේ ජපන් ගමන නිල සංචාරයක් ලෙස හැඳින්විය නොහැකි බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ මතය විය.මේ වන විට ජපානයේ සිටින්නේ වැඩ බලන අගමැතිවරයෙකි.
  • ඔහු හතර වෙනිදා ඉල්ලා අස්වීමට නියමිතව ඇත.
  • එවැනි තත්ත්වයක අගමැති කෙනෙක් හමු වූවා කියා රටට ලබාගන්නට හෝ කිසිදු ආධාරයක් ගන්නට හැකියාවක් නොලැබෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

" බික් කුච්චන්ලා" "නොබෙල්ලා" ඇතුළු බොහෝ පිරිසක් ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙන ම විපක්ෂයේ කාර්ය භාරය ඉටු කරමින් සිටිති; එනම් ආණ්ඩුව අපකීර්තියට ලක් කරමින් සිටිති. දැන් විපක්ෂ නායක සජිත් නොව හඳුන්නෙත්ති යැයි කවුදෝ කියා තිබිණි. ඒ කතාව හරියටම හරි ය.

අගමැතිවරයෙක් නැති රටකට නිල ගමනක් ගිය ජනපති

 

අනුරගේ ජපන් ගමන නිල සංචාරයක් ලෙස හැඳින්විය නොහැකි බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ මතය විය.මේ වන විට ජපානයේ සිටින්නේ වැඩ බලන අගමැතිවරයෙකි. ඔහු  හතර වෙනිදා ඉල්ලා අස්වීමට නියමිතව ඇත. එවැනි තත්ත්වයක අගමැති කෙනෙක් හමු වූවා කියා රටට ලබාගන්නට හෝ කිසිදු ආධාරයක්  ගන්නට හැකියාවක් නොලැබෙනු ඇත.

අනෙක් අතට ජනතා මුදල් වැය කරමින් ජපානයට ගිය අනුර එහි ගොස් කළේ කුමක්ද?ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයන් හමුවෙනවා යැයි කීවත් එලෙස හමුවූයේ මාලිමාවේ නියෝජිත පිරිසකි. රනිල් අත්අඩංගුවට ගත් දා වයින් බෝතලයක් බිව්වා යැයි පාරම් බෑ මිනිසුන් සිටින ජාතියේ හමුවකි ඒ. එවැනි පුරසාරම් හමුවලින් රටට සිදුවන යහපත කුමක්ද? එම හමුවේදී අනුර කළ කතාවෙන් පැහැදිලි වූයේ විපක්ෂය ගැන ඔහුගේ සිතේ හොල්මන් කරන අධික භීතිය යි.



රනිල් කතරගම ගොස් එන ගමනේ මහින්ද බලන්නට කාල්ටන් නිවසට ගියේ අනුර ජපානයේ ලාංකිකයන් ඇමතූ දා ය. රනිල් මහින්ද බලන්නට යාමෙන් හොඳටම කුලප්පු වූ අනුර ජපානයේ ඉන්න ලාංකිකයන්ට අදාළ නොවූ ඒ කාරණය ගැන පුන පුනා කියවන්නට පටන් ගත්තේ ය.

රනිල්ගේ ගමනට ජනපතිට රිදිලා

"ඉස්සරහට අප නීතිය ක්‍රියාත්මක වන බව තහවුරු කරනවා. පක්ෂ හතළිහක් එක කාමරයකට එකතු වෙන්න තරම් අපි ඒක ඔප්පු කර තියෙනවා. මං දැක්කා අදත් තංගල්ලේ යනවා බලන්න.මේ එකිනෙකා ගහ ගත්ත අය.දූෂණ විරෝධී පනත හරියට ක්‍රියාත්මක වෙන බව මේ අය දැන් දන්නවා."

මෙලෙස අනුර ඉඟි දෙන්නේ එදා හිට්ලර් ජර්මනියේ කළ දේම මෙහේ කරන්නට නොවේදැයි දේශපාලන විචාරක මතයයි.

 



කෙසේ වුවද රනිල් මහින්ද බලන්නට තංගල්ලට යාම පිළිබඳව අනුරට හොඳටම රිදී තිබිණි. ජපානේ ගොස් ශ්‍රී ලාංකිකයින් හමුවීමේදීත් රනිල් තංගල්ලේ යෑම ගැන මතු කරමින් අනුර අදහස් පළ කර තිබීමෙන් ම ඒ රිදීමේ පරිමාව කොතරම් දැයි අවබෝධ කරගත හැකි විය. හරි නම් කළ යුතුව තිබුණේ දේශපාලන කාරණාවලට දේශපාලන වේදිකාවක දී පිළිතුරු ලබාදීම යි. මෙලෙස මහජන මුදල් වැය කරමින් ගිය විදෙස් ගමනක දී දේශපාලනය ගැන කතා කිරීම මහජන මුදල් අවභාවිත කිරීමක් නොවේදැයි විචාරකයෝ ප්‍රශ්න නගන්නට වූහ.

අනුර හිට්ලර් පරදවයි ද...?

ජර්මනියේ හිට්ලර් 1933 වසරේ දී  බලයට පැමිණෙන විට ඔහුටත් සියයට 50ක ප්‍රතිශතයක් නොලැබිණි. හිට්ලර්ගේ නාසි පක්ෂය එදා ලබාගත් ඡන්ද ප්‍රතිශතය සීයයට 44කි. ඔහුට ඊළඟ වතාවේ ජයග්‍රහණය කළ යුතුය යන අරමුණු නිසා ඔහු කළේ විපක්‍ෂය නැති කර දැමීමයි. විපක්ෂයේ ගොඩනැගිලි පවා ගිනිබත් කිරීමට හිට්ලර් එදා පියවර ගත්තේ ය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු කොමියුනිස්ට්වාදීන්ට චෙකොස්ලොවැකියාව සහ හංගේරියාව අල්ලා ගැනීමට අවශ්‍ය විය. ඒ ප්‍රදේශවල සිටියේ සෝවියට් හමුදාවයි. චෙකොස්ලොවැකියාව නිර්මාතෘවරයාගේ පුත්‍රයා විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ තට්ටු හතරක් උඩ  ජනේලයකින් පහළට දැමිණි.

විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී මේ කාරණය ගැන විවරණ අටුවාටිකා ඇති විය.

"ලංකාවේ අනුර දැන් කරන්නේ මොකක් ද? ඔහුටත් තියෙන්නේ සීයට 44යි. දැන් විපක්ෂයේ බලය නැගගෙන එනවා. මෙයා බලන්නේ පිට පිට නඩු පවරමින් බලය තහවුරු කර ගැනීමයි. දැන් ඔහුගේ තවත් එක උත්සාහයක් වී ඇත්තේ අධිකරණය නතුකර ගැනීමයි"

රනිල් කීවේය.

රනිල් ගැන මහින්දගේ සටහන

wb56u56uthfgh


රනිල් මහින්ද බලන්නට පැමිණ ගියාට පසු මහින්ද සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබා තිබිණි. එය දේශපාලනයේ පරිණත දැක්මක පිළිබිඹුවක් විය. ආණ්ඩුවටත් අතුල් පහරක් ලෙස හඳුන්වා ගත්තාට වරදක් නැත.

මහින්ද රනිල් ගැන සටහන් කළේ මෙහෙමය.

"දේශපාලනමය වශයෙන් වෙනත් මතයන් දරද්දීත්, ජාතික වගකීම් ඉටුකරමින් අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත හැකි වූ දේශපාලනය සංස්කෘතියක අප දෙදෙනාම සමකාලීනයන්ය. හිතවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියව ද ගෞරවයෙන් සිහිපත් කරමි."

w46u5hfghfg8678
වජිරගේ වත්කම් බැරකම් ප්‍රශ්නය


ඉකුත් සතියේ වජිරගේ දුරකථනය හිටිහැටියේ කාර්ය බහුල විය. ඒ ඔහුගේ වත්කම් ගැන පළ කෙරුණු පුවතක් නිසා ය.

කිසිදු කලබලයක් නොවූ වජිර “මම ඕක දැක්කා. කීපදෙනෙක් මට කතා කරලත් කිව්වා. ඕවට කලබල වෙන්න එපා කියල,” යනුවෙන් වජිර ඇමතුම්වලට පිළිතුරු දුන්නේ ය.

“ආණ්ඩුව හදන්නේ මොනවා හරි කරලා ඔබතුමන්ලා මර්දනය කරන්න. අනික විපක්ෂයේ දේශපාලනඥයින්  අතරින් ඔබතුමා ඉදිරියෙන් ම ඉන්නවනේ. ඒ විතරක්ද? පසුගිය සතියේ තිබුණු සංවත්සර සැමරුමේ සංවිධායක වැඩ සියල්ලක්ම පාහේ කළේ ඔබතුමා කියලා පත්තර වල පවා ගිහින් තිබුණා.

“මේවා ඉතින් ආණ්ඩුවට හරියට රිදෙන වැඩ. ඔවුන් හිතුවා රනිල් නායකතුමා හිරේ දැම්මාම එතුමා පැත්තකට වෙලා ඉඳියි කියලා. නමුත් එතුමා සංවත්සර කතාවෙ දි අවධාරණය කළේ හිරේ දාලා නම් අපි නවත්වන්න බෑ කියලා. ඒවාට රිදිලා වෙන්න ඇති ආණ්ඩුව ආපහු මෙහෙම කතාවක් ඇදලා ගන්න ඇත්තේ”

වජිරට ඇමතුම් දුන් බොහෝ දෙනා කීවේ එසේය.

"මම වත්කම් බැරකම් ඉතිහාසය පුරාම ඉදිරිපත් කළා. මගේ පැත්තෙන් ගත්තොත් මම අවුරුදු 30 කට අධික කාලයක් මේ වත්කම් බැරකම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වත්කම් බැරකම් ඊටත් වඩා එහාට ගිහින් සොයා බැලීමේ යාන්ත්‍රණයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරපු සමයේ අපේ ආණ්ඩුව විසින් සම්මත කළ දූෂණ විරෝධී පනත හරහා ඉදිරිපත් කර තිබෙනවා. ඉතින් මේ හරහා ඒ ගැන සමාජය දැනුවත් වීම බොහෝම හොඳයි."

වජිර මේ කට කතා ගැන උපේක්ෂාවෙන් කීවේ එපමණකි.

සජිත් ගේ ළදරු වලිප්පුව

bq34t6b5te5re
විපක්ෂයේ එකමුතුවට සජිත් ගේ ළදරු මානසිකත්වය මන්දගාමී බවක් එක් කරමින් තිබෙන අයුරු දකින්නට ඇත. ආණ්ඩුව දැඩි නිසා අප්‍රසාදයට පත්වෙමින් සිටින යුගයක විපක්ෂයට ලැබී තිබෙන ස්වර්ණමය අවස්ථාවේ ඵල නෙළා ගන්නට බැරි තරම් මෝඩ මජර තත්ත්වය නිසා අවසාන අවාසිය අත්වන්නේ  සජබට බව දේශපාලක විචාරකයන්ගේ මතය යි.

මේ මතයක් නැති සජිත්ගේ දේශපාලනය නිසා ඔහුගේ ඡන්ද බෙදී අන්තිමට පොහොට්ටුව ළඟත් එජාප මහා ගෙදර ළඟත් කොටසත් පෙරටුගාමී කඳවුර ළඟත් නතර වනු ඇති බව බොහෝ අයගේ මතයයි.

(සටහන | මල් පාරේ ලියුම්කරු )

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : ආණ්ඩුවට නිව්මෝනියාව | The Leader