The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඔබේ ජීවිතයේ ශක්තිය උරා බොන වැම්පයර් මිතුරෙකු ඔබටත් සිටිනවා ද? ඔවුන් හඳුනා ගන්නේ කෙසේ ද?

T

The Leader Desk

October 4, 2025 • 10:39 AM

ඔබේ ජීවිතයේ ශක්තිය උරා බොන වැම්පයර් මිතුරෙකු ඔබටත් සිටිනවා ද? ඔවුන් හඳුනා ගන්නේ කෙසේ ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවැනි පුද්ගලයෝ නිරන්තරයෙන් මැසිවිලි කියන, ඔවුන් ගැන පමණක් කතා කරන සහ ඔබ හෝ ඔබේ ජීවිතය ගැන සැබෑ උනන්දුවක් නොදක්වන අය වෙති.
  • මනෝ විද්‍යාඥවරියක සහ කතුවරියක වන සුසී රේඩින්ග්ට අනුව එවැනි පුද්ගලයෝ නිරන්තරයෙන් අවධානය සොයන අතර ඔවුන්ව වැදගත් ලෙස සලකන ලෙස ඔබට නිරන්තරයෙන් බලපෑම් කරති.
  • මෙවැනි අය නිරන්තරයෙන් ඔබව අගය කර ඔබට සතුටින් සිටින ලෙස පවසති.
  • මෙයින් අදහස් කරන්නේ ඔවුන් ඔබට ඔබේ හැඟීම් පැවසීමට නිදහසක් ලබා නොදෙන බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙවැනි පුද්ගලයෝ නිරන්තරයෙන් මැසිවිලි කියන, ඔවුන් ගැන පමණක් කතා කරන සහ ඔබ හෝ ඔබේ ජීවිතය ගැන සැබෑ උනන්දුවක් නොදක්වන අය වෙති.

ඔවුන්ව හඳුනා ගන්නේ කෙසේ ද?

මනෝ විද්‍යාඥවරියක සහ කතුවරියක වන සුසී රේඩින්ග්ට අනුව එවැනි පුද්ගලයෝ නිරන්තරයෙන් අවධානය සොයන අතර ඔවුන්ව වැදගත් ලෙස සලකන ලෙස ඔබට නිරන්තරයෙන් බලපෑම් කරති.

මෙවැනි අය නිරන්තරයෙන් ඔබව අගය කර ඔබට සතුටින් සිටින ලෙස පවසති. මෙයින් අදහස් කරන්නේ ඔවුන් ඔබට ඔබේ හැඟීම් පැවසීමට නිදහසක් ලබා නොදෙන බව ය.

ලේඛිකාවක සහ මාධ්‍යවේදිනියක වන රධිකා සින්හානි පවසන්නේ, එවැනි පුද්ගලයන්ව හමු වීමෙන් පසුව ඔබට ඇති වන තත්ත්වයෙන් කියවෙන්නේ ඔබට 'ශක්තිය උරා බොන වැම්පයර් කෙනෙකු' හමු වී ඇති බව ය.

"ඒ වගේ අය හමුවුණාට පස්සේ ගොඩක් වෙලාවට මං හිතනවා මේ යාළුකම හරියන එකක් නෙවෙයි කියලා, මට සම්පූර්ණයෙන් ම හිස්බවක් සහ මහන්සියක් දැනෙනවා. ඒ වගේ ම මම තේරුම් ගන්නවා ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන් ළඟ මිස මගේ ළඟ නෙවෙයි කියලා."

ඔබත් එයට සමාන තත්ත්වයකට මුහුණ දෙමින් සිටින්නේ නම් මේ ඔවුන් සමග ගනුදෙනු කිරීමේදී ඔබට ප්‍රයෝජනවත් විය හැකි ආකාර තුනකි.

radikaරධිකා විශ්වාස කරන්නේ ඔබ ඔබේ හැඟීම් ප්‍රකාශ කිරීමේදී අවංකව විය යුතු බව ය.

01. ඔවුන්ව ඔබට දැනෙන ආකාරය ගැන ඔවුන්ට කියන්න

තමාගේ හැසිරීම් අනෙකුත් පුද්ගලයන්ට බලපාන ආකාරය ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් නොමැත.

මේ ගැන කතා කිරීම තරමක් දුෂ්කර නමුත්, විවෘතව කතා කිරීම සහ ඔවුන්ගේ හැසිරීම් ඔබට බලපාන්නේ කෙසේ ද යන්න ඔවුන්ට දැනගැනීමට සැලැස්වීම වඩාත් සාර්ථක විය හැකි ය.

"මේ ගැන කිව්වට පස්සේ මිනිස්සු කම්පනයට පත් වෙන උදාහරණ ඕනේ තරම් තියෙනවා. ඔවුන්ගේ හැසිරීම් අනිත් අයට ඇති කරන බලපෑම ගැන ඔවුන්ට කිසිසේත් ම අදහසක් නෑ," සුසී පවසයි.

මෙවැනි අවංක අදහස් දැක්වීමකින් මිත්‍රත්වය ආරක්ෂා කර ගත හැකි ය.

 

frendship

රධිකා මෙම ප්‍රවේශය යෝජනා කරයි. "අපි එකට කාලය ගත කරනකොට මට දැනෙනවා මට ඉඩකඩක් නෑ කියලා. මම කියන දේවල්වලට ඇහුම්කන් දෙන්නේ නෑ. මගෙන් ප්‍රශ්න අහන්නේ නෑ."

"එයාලා ඇත්ත ම යාළුවො නම් එයාලා ඔයාට ඇහුම්කන් දෙනවා සහ ඔයාව නොසලකා හරින්නේ නෑ."

"එයාලා ඉක්මනින් ම ප්‍රතික්ෂේප කරනවා නම් හෝ ආරක්ෂා වෙන්න හදනවා නම් ඒක තමයි එයා මගේ ජීවිතේට අවශ්‍ය නොවෙන කෙනෙක් කියන එකට සංඥාවක් ඒක," රධිකා පවසයි.

02. පැහැදිලි සීමාවන් සලකුණු කර ගන්න

ඔබේ මිතුරා ඔහුගේ හෝ ඇයගේ හැසිරීම් වෙනස් කර නොගන්නේ නම් සහ ඔබ දෙදෙනා අතර සම්බන්ධතාව අවසන් කිරීමටත් හැකියාවක් නොමැති නම්, ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ දෙදෙනා අතර පැහැදිලි සීමාවන් සලකුණු කර ගැනීම වැදගත් ය.

මෙය ඔබ දෙදෙනා හමුවන කාලය සීමා කිරීමෙන් හෝ ඔබ දෙදෙනා හමුවන ආකාරය පිළිබඳ සීමා පනවා ගැනීමෙන් කළ හැකි ය.

"අනුමත කළ හැකි දේවල් සහ නොහැකි දේවල් මොනව ද කියලා ඔවුන්ට පැහැදිලිව කියන්න," සුසී පවසයි.

නිදසුනක් වශයෙන් ඔබට මෙසේ පැවසිය හැකි ය: "අපි ආපහු එකිනෙකාට එක දිගට මැසේජ් යවන්නේ නැතුව ඉමු" හෝ "අපි ආපහු අපේ සංවේදී ජීවිත ගැන කතා නොකර ඉමු."

ඔබ ඔවුන් හමුවූ විට ඔබේ සුපුරුදු ක්‍රියාකාරකම් වෙනස් ලෙස කිරීම ද ප්‍රයෝජනවත් විය හැකි ය. ඔබ සාමාන්‍යයෙන් ආහාර ගැනීමට හෝ කෝපි පානය කිරීම සඳහා හමුවන්නේ නම් වෙනත් අවස්ථාවක හමුවීමට උත්සහ කරන්න.

"එකට ඇවිදින්න යන්නේ නැත්තේ ඇයි? නැත්තම් එකට ව්‍යායාම කරන්න, එතකොට ඔයාගේ මානසික අවශ්‍යතාත් ඉටු වෙනවා. ඒකෙන් එයාල කියන දේවල්වල ආධිපත්‍යය අඩු කරන්න පුළුවන්," සුසී පවසයි.

frendshipමිතුරෙකු හමුවීමෙන් පසු ඔබේ හැඟීම් තක්සේරු කර ගන්නා ලෙස රධිකා පවසයි

03. මිත්‍රත්වය අවසන් කිරීමට සූදානම් වන්න

මිතුරෙකු හමුවූ පසු ඔබේ හැඟීම් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න.

"ඔයාට කෙනෙක් හමුවුණාට පස්සේ කල්පනා කරන්න ඔයාට හොඳ හැඟීමක් දැනෙනවා ද කියලා. ඔය හොඳින් ආපහු ආව ද?, නැත්නම් ගෞරවණීයත්වය අතින් බිංදුවයි ද? ඔයාට සම්පූර්ණයෙන් ම හිස් බවක් හෝ මහන්සියක් දැනෙනවා ද?"

සෑම කෙනෙකුගේ ම ඉවසීමේ මට්ටම් වෙනස් නිසා සම්බන්ධතාව අඩු කිරීමේ හෝ අවසන් කරන්නේ කවදා ද යන්න පිළිබඳව ඔබේ යටි හිතට දැනෙන හැඟීම් විශ්වාස කරන්න.

 

doubting dissatisfied man looking woman 600nw

මේ සම්බන්ධතාව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව ඔබට දැනෙන්නේ නම් රධිකාට අනුව එම මිත්‍රත්වය නවතා දැමීමට පසුබට නොවන්න.

"සමහර අවස්ථාවලදී ඒක පහසු නම් මම ටිකෙන් ටික ඒ වගේ අයගෙන් දුරස් වෙනවා, විශේෂයෙන් ම ඒ අය අලුත් මිතුරන් නම්."

මෙහිදී, 1963 දී තිරගත වූ "ගුම්රා" චිත්‍රපටයේ සහීර් ලුදියන්වි විසින් රචිත "චලෝ ඒක් බාර් ෆිර් සේ අජ්නාජි බන් ජේන් හම් දුතුඩ්" නම් ප්‍රසිද්ධ ගීතය අපට සිහිපත් වේ. එහි අදාළත්වය අනුව ඉතා සුදුසු බව පෙනෙන පදයක් අඩංගු වේ. එහි පරිවර්තනය පහත පරිදි ය.

'හැඳින්වීම නරක යි නම් ඒක අමතක කිරීම වඩා හොඳයි.'

'සම්බන්ධතාවක් බරක් බවට පත් වුවහොත්, එය නවතා දැමීම වඩා හොඳ යි.'



සටහන | බීබීසී උර්දු සේවය

(උපුටා ගැනීම - බීබීසී සිංහල )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔබේ ජීවිතයේ ශක්තිය උරා බොන වැම්පයර් මිතුරෙකු ඔබටත් සිටිනවා ද? ඔවුන් හඳුනා ගන්නේ කෙසේ ද? | The Leader