The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආර්ථික සංවර්ධන වේගය, උද්ධමනය සහ විදේශ සංචිත ලංකා ආර්ථික ස්ථාවරත්වයේ අභියෝගය අවදානම් | රජිත් කීර්ති තෙන්නකෝන්

T

The Leader Desk

October 6, 2025 • 7:57 AM

ආර්ථික සංවර්ධන වේගය, උද්ධමනය සහ විදේශ සංචිත ලංකා ආර්ථික ස්ථාවරත්වයේ අභියෝගය අවදානම් | රජිත් කීර්ති තෙන්නකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජය ආදායම් වැඩි කිරීම (Revenue Augmentation)ට සමත්වී ඇති නමුත් රාජ්‍ය මුල්‍ය විනය පවත්වාගෙන යාම අතින් දුර්වල කාර්ය දර්ශනයක් පෙන්වමින් සිටින බව එහි විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
  • ඔහු විසින් නිකුත්කර ඇති නිවේදනය මතු පළවේ.
  • ඔක්තෝබර් 6 ආර්ථික දර්ශක පුවත්පත් නිවේදනය ''මේ වසර ආරම්භයේ දී ඉලක්ක ගත කරන ලද 5% ක ආර්ථික උද්ධමනය, ලබා ගත නොහැකි බව ස්ථිරය.
  • සැප්තෑම්බර් මස උද්ධමනය 1.5% ක් පමණී.
අකුරු ප්‍රමාණය (Font Size):


රජය ආදායම් වැඩි කිරීම (Revenue Augmentation)ට සමත්වී ඇති නමුත් රාජ්‍ය මුල්‍ය විනය පවත්වාගෙන යාම අතින් දුර්වල කාර්ය දර්ශනයක් පෙන්වමින් සිටින බව එහි විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඔහු විසින් නිකුත්කර ඇති නිවේදනය මතු පළවේ.

2025 ඔක්තෝබර් 6
ආර්ථික දර්ශක පුවත්පත් නිවේදනය


''මේ වසර ආරම්භයේ දී ඉලක්ක ගත කරන ලද 5% ක ආර්ථික උද්ධමනය, ලබා ගත නොහැකි බව ස්ථිරය. සැප්තෑම්බර් මස උද්ධමනය 1.5% ක් පමණී.

2025 ඉලක්ක ගත විදේශ සංචිත ප්‍රමාණය ඩො. මි. 7,500 ක් වන නමුත්, අගෝස්තු මස  දළ විදේශ සංචිත ඩො. මි. 6,178 ක් පමණී.  

2025 වසරේ අවසන් කාර්තුවේ  5.4% ක් වූ ආර්ථික සංවර්ධන වේගය, මේ වන විට 4.8% දක්වා පහත බැස ඇත. එය ලෝක බැංකුව, මහ බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හි පූර්වකථනය අනුව, 2025 දී ලඟා කරගත් 5% වර්ධන වේඟය මෙවර අහිමිවනු ඇත.

ණය ආර්ථිකය ඉදිරියට

anura1
අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වන විට රු. බිලියන 17,595.05 ක් වූ ලංකාවේ දේශීය ණය ප්‍රමාණය, 2025 ජුනි මස අවසන් වන විට රු. බිලියන 18,806.08 දක්වා රු. බි. 1211.03 කින් වැඩි වී ඇත.  සමස්ත විදේශ ණය රු. බිලියන 10,979.60 සිට රු. බිලියන 10,828.70 දක්වා අඩු වී ඇත.

නව රජයේ පළමු වසර තුල රටේ සමස්ත දේශීය හා විදේශීය ණය එකතුව රු. බිලියන 28,574.65 සිට රු.බි. 29,634.78 දක්වා රු. බිලියන 1,060.13 කින් වැඩි වී ඇත.

ණය ලබා ගැනීම හා එලදායී ආයෝජනයට රජය යොමු වන්නේ නම්, බැදුම්කර හා භාණ්ඩාගාර බිල්පත් හරහා දේශීය ණය ලබා ගැනීම ආර්ථික වර්ධනය වේගවත් කරයි. නමුත්, රජයට මේ වන විට ඇස්තමේන්තුගත ප්‍රාග්ධන ආයෝජන පවා සිදු කර ගැනීමට නොහැකිවීම බලවත් සංවර්ධන ගැටළුවකි. අගෝස්තු සහ සැප්තෑම්බර් දෙ මස තුල අලෙවියට ඉදිරිපත් වූ භාණ්ඩාගාර බිල්පත් සඳහා ගැණුම්කරුවන් ඉදිරිපත් නොවීම ද මහ බැංකුව මුහුණ දුන් අභියෝගයකි.  

විදේශ සංචිත පහත වැටීම

Sri Lanka foreign remittances 2024
2025 මාර්තු මස ඩො. මි. 6,531 ක් වූ විදේශ සංචිත,  අගෝස්තු අග වන  විට දළ විදේශ වත්කම් ඩොලර් මිලියන 6,178 දක්වා පහත වැටී ඇත. මේ වසරේ මුල් මාස 8 තුල සංචිත වැඩිවීම මිලියන 56 ක් පමණී. 2023 – 2024 වසරවල මසකට ඩො. මි. 175 බැගින් සංචිත වර්ධනය වෙමින් පැවතුණි. සැප්තෑම්බර් අග වන විට මෙරට ශුද්ධ විදේශ වත්කම් ඩො.මි. 1,703 කි. රටේ සම්පූර්ණ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37 කි.  

පුළුල් මුල් සැපයුම Mb2 (මුදල් අච්චු ගැසීම) රු. බිලියන 1,351.2 කින් ඉහළ යාම ආර්ථිකට ඇති කරන බලපෑම නුදුරේම දැක ගත හැකි වනු ඇත.  

කන් හැන්දෙන් එකතු කර සවලෙන් මකර කටට දැමීම  

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා මේ වන විට පූර්ණ වශයෙන් බිඳවැටී ඇත. රජය අය වැය මගින් එහි වියදම් සඳහා වාර්ෂිකව මුදල් වැය කරමින් සිටී. විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණය ද අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කර නැත. එමගින් සම්ප්‍රේෂණ හා පුණර්ජණනීය බලශක්තිය සඳහා අපේක්ෂිත  ඩොලර් බිලියන 5 ක ඉක්මවන විදේශ ආයෝජන ලබා ගැනීමේ හැකියාව අහිමිවී ඇත. මන්නාරම සුළං විදුලි බලාගාර ටෙන්ඩරය අහෝසි කර ඇත.  

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන මුලික එකඟතාවයක් වන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ (SOE Reforms) මේ වන විට අඩාල වී ඇත.

ගොවියාට අතරමං කර ආනයනකරුවා සංවර්ධනය කිරීම

61d83dab5e6ba 61d83d6652669 Rice 2
මෙරට අර්තාපල්, උක්ගස්, වී, බීළුණු සහ ඉරිඟු නිෂ්පාදන වගාවන් හි අස්වනු නෙළන සමයට පෙර ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙස ආනයනික බදු පැණවීමට අසමත්විය. එමගින් අති විශාල විදේශ විනිමයක් වැය කර අල, ළුණු, සහල්, සීනි, බඩ ඉරිඟු සහ එතනෝල් ගෙන්වීම පිටකොටුව හතරවන හරස්වී‍දියේ ආනනයකරුවන් කළහ. උඳු පවා ගෙන්වනු ලැබීය. දේශීය වශයෙන් එම නිෂ්පාදන වගාකරුවන් තම නිෂ්පාදන පිරිවැයට ගැලපෙන ලාභයක් අහිමිවී සිය ජීවන වෘත්තියට අවදානමකට ලක්වී සිටී.  සෙවනගල සිට ඇතිමලේ දක්වා උක් ගොවිතැන කඩා වැටීමට ලක්වී ඇත. වෙළදපොලේ කීරි සම්බා සහල් හිඟයක් මතුවී ඇත. නිෂ්පාදන ආර්ථිකයේ බිඳවැටීම දළ ජාතික නිෂ්පාදනය පහත වැටීමට සෘජුව බලපානු ලබයි.  

කොළඹ මහනුවර අධිවේගී මාර්ග ඉදිකිරීමට යෝජිතව තිබූ 2.5% ක පොලිය 3.5% දක්වා ඉහළ දැමීමට චීන බැංකුව සුදානම් වේ. බලාපොරොත්තු වූ ජපන් ආයෝජන (උදා ලයිට් රේල් ව්‍යාපෘතිය) තවමත් ආරම්භ වී නැත.

1952, 2004, 2018 වසරවලින් පසුව, ප්‍රාථමික ගිණුමේ ධණ ශේෂයක් පවත්වා ගැනීමට 2024 දී රනිල් වික්‍රමසිංහ රජය සමත් වූ අතර, එය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව සමත්ව ඇත.  

අය වැය මගින් වෙන් කළ ප්‍රාග්ධන මුදල් වැයකිරීමට රාජ්‍ය නිලධාරීන් ඉදිරිපත් නොවීම ආර්ථික වර්ධන ඉලක්ක කරා යාමට ඇති බලවත් බාධකයකි.   2024 ජනවාරි - අගෝස්තු රු. බිලියන 435.32 ක් වූ ප්‍රාග්ධන වියදම, 2025 එම සමය තුල රු.බි. 331.18 දක්වා (හතරෙන් පංගුවකට ආසන්නව) පහත  වැටී ඇත. රාජ්‍ය ප්‍රතිපත්තියේ අනිශ්චිතබව, ප්‍රසම්පාදනය සඳහා නිලධාරීන් ඉදිරිපත් නොවීම මෙයට ප්‍රධානතම හේතුවකි.  


Rajith(සටහන | රජිත් කීර්ති තෙන්නකෝන්)
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka

rajith_tennakoon@yahoo.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...