The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළුවලට විසඳුම් නැත්තේ ඇයි? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

October 7, 2025 • 6:48 AM

වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළුවලට විසඳුම් නැත්තේ ඇයි? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පසුගිය ජනවාරි 30 වැනි දා පැවැති මාධ්‍ය හමුවක දී පවසා තිබේ.
  • එහි දී විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දී ඇත්තේ ලංකාවේ ආයු අපේක්ෂාව වැඩි වීමට සමාජ ආර්ථික දියුණුව සහ සෞඛ්‍ය සේවාවේ දියුණුව ඉවහල් වී ඇති බව ය.
  • මේ අතර කලාපයේ අසල්වැසි රටවල් වලට සාපේක්ෂව මෙරට ආයු අපේක්ෂාව ඉහළ අගයක් ගන්නා බව ද පැහැදිලි වී තිබේ.
  • ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවල⁣ට අනුව ඉන්දියාවේ ආයු අපේක්ෂාව පිරිමි පුද්ගලයන්ගේ අවුරුදු 65ක් වන අතර කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 69කි.
අකුරු ප්‍රමාණය (Font Size):


වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පසුගිය ජනවාරි 30 වැනි දා පැවැති මාධ්‍ය හමුවක දී පවසා තිබේ.

එහි දී විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දී ඇත්තේ ලංකාවේ ආයු අපේක්ෂාව වැඩි වීමට සමාජ ආර්ථික දියුණුව සහ සෞඛ්‍ය සේවාවේ දියුණුව ඉවහල් වී ඇති බව ය. මේ අතර කලාපයේ අසල්වැසි රටවල් වලට සාපේක්ෂව මෙරට ආයු අපේක්ෂාව ඉහළ අගයක් ගන්නා බව ද පැහැදිලි වී තිබේ.

old person

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවල⁣ට අනුව ඉන්දියාවේ ආයු අපේක්ෂාව පිරිමි පුද්ගලයන්ගේ අවුරුදු 65ක් වන අතර කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 69කි. බංගලාදේශයේ ආයු අපේක්ෂාව අවුරුදු 73ක් වන අතර කාන්තාවන් ගේ ආයු අපේක්ෂාව අවුරුදු 74කි. පකිස්ථානයේ ආයු අපේක්ෂාව පිරිමි අවුරුදු 65ක් සහ ගැහැණු අවුරුදු 66කි. නේපාලයේ පිරිමින්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 68ක් වන අතර ගැහැණු අවුරුදු 71ක් බව ලෝක සෞඛ්‍ය සංවිධාන දත්තවල සඳහන් වේ.

ඉහත සඳහන් දත්තයන් කෙසේ වෙතත් මිනිසා ගේ ජීවිත කාලය ඉහළ යාම පොදුවේ ලෝකයටම බලපාන සමාජමය සංසිද්ධියකි. නමුත් ඒ සමඟ විවිධ සමාජයීය අභියෝග සහ ගැටළු මතු වී ඇති බව ද අප අකමැත්තෙන් හෝ පිළිගත යුතුව තිබේ.

ආයු අපේක්ෂාව ඉහළ යාම මූලික වශයෙන් ඇති වන ගැටළු කිහිපයක් මෙලෙස හඳුනා ගැනීමට ලක් ව තිබේ. ඒ අතුරින් ආර්ථික හා මූල්‍ය අභියෝග මුල් තැනක් ගන්නා අතර වැඩිහිටියන්ට විශ්‍රාම වැටුප් ලබා දීම මත ඇති වන ආර්ථික පීඩනය ඉන් වඩාත් කැපී පෙනෙයි. වැඩිහිටියන් වැඩි කාලයක් ජීවත් වන විට සහ ශ්‍රම බලකායට එක් නොවන විට, විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ අරමුදල්වල ස්ථාවර බව පිළිබඳව බරපතල ගැටළු මතු වේ.

 

pention
ශ්‍රම බලකායට අයත් පිරිසට විශ්‍රාමිකයන් විශාල සංඛ්‍යාවක් නඩත්තු කිරීමට සිදුවීමෙන් ඔවුන්ගේ දායක මුදල් වැඩි කිරීමට නොහැකි වීමට හෝ ප්‍රතිලාභ අඩු කිරීමට සිදුවිය හැකිය. විශ්‍රාම යන පිරිස වැඩි වීම සහ උපත් අඩු වීම නිසා වැඩකරන වයසේ ජනගහනයේ ප්‍රමාණය අඩු වේ. ඇතැම් විට ආර්ථික හේතූන් මත සිදු කෙරෙන උපත් පාලනය ද මීට හේතු විය හැක. මෙයින් ආර්ථික වර්ධනය අඩාල විය හැකි අතර සෞඛ්‍ය සහ විශ්‍රාම වැටුප් පද්ධති සඳහා ආදායම් රැස්කිරීමට අපහසු විය හැක.

දිගු කලක් ජීවත් වීමට අවශ්‍ය සෞඛ්‍ය සේවා සහ පහසුකම් විධිමත්ව සැපයීම සඳහා හොඳ මූල්‍ය තත්ත්වයක් අවශ්‍ය බව නොරහසකි.. ධනවත් ප්‍රජාවට වැඩි කාලයක් සහ හොඳ සෞඛ්‍ය තත්වයෙන් ජීවත් වීමේ අවකාශ හිමි වන අතර දුප්පත් අයට ඒ හැකියාව අඩු වීම සමාජයේ පන්ති හා ආදායම් විෂමතාවය ඉහළ නැංවීමට හේතු වේ. එමෙන්ම වියපත් වූවන් ගේ සංඛ්‍යාව ඉහළ යාම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය මත වැඩි පීඩනයක් එල්ල වීම ද නොවැලැක්විය හැක.

In this picture taken on July 19, 2022, patients wait for their appointment with medical staff outside a ward at the National Hospital in Colombo. - Entire wards are dark and nearly empty in Sri Lanka's largest hospital, its few remaining patients leaving untreated and still in pain, and doctors prevented from even arriving for their shifts. An unprecedented economic crisis has dealt a body blow to a free and universal healthcare system that just months earlier was the envy of the country's South Asian neighbours. - TO GO WITH Sri Lanka-economy-health,FOCUS by Parvaiz BUKHARI (Photo by AFP) / TO GO WITH Sri Lanka-economy-health,FOCUS by Parvaiz BUKHARI (Photo by -/AFP via Getty Images)

වයස්ගත වීමත් සමඟ ඇති වන නිදන්ගත රෝග සහ ආබාධිත තත්ත්වයන් හේතුවෙන් සෞඛ්‍ය සේවා මත අධික පීඩනයක් එල්ල වන වන අතර නොමිලයේ සෞඛ්‍ය සේවාවක් පවත්වා ගෙන යන ශ්‍රී ලංකාව වැනි රටවල රාජ්‍ය සෞඛ්‍ය වියදම් විශාල ලෙස ඉහළ යයි. නමුත් මේවා සැපයීම ද අවශ්‍යතම කරුණකි.

එමෙන්ම දිගුකාලීන සත්කාර අවශ්‍ය වැඩිහිටියන්ට අවශ්‍ය වන දිගුකාලීන රැකවරණය සහ නිවසේදී හෝ විශේෂිත මධ්‍යස්ථානවල සත්කාර ලබා දීම සඳහා සම්පත් හා පුහුණු ශ්‍රම බලකායක් ද අවශ්‍ය වේ. නමුත් පෞද්ගලික අංශය මඟින් එම සේවා අවශ්‍යතා ඉටු කර ගැනීමේ අවකාශය බොහෝ දෙනකු සතුව නැත. ඒ නිසා එම පුහුණු ශ්‍රම බලකායේ ද විස්කෘත බවක් දක්නට නැත.

මිනිසුන්ගේ ආයු කාලය වැඩි වුවද, ඔවුන් නිරෝගීව සිටින කාලය ඊට සමානුපාතිකව වැඩි නොවන්නේ නම්, ඔවුන්ගේ ජීවිතයේ අවසාන වසර කිහිපය රෝගී තත්ත්වයෙන් හෝ ආබාධිත තත්ත්වයෙන් ගත කිරීමට සිදු වේ. ඒ තත්වය වර්ධනය වීම නිසාම වෘද්ධ චිකිත්සාව ( Geriatric medecine ) නම් වන නවතම අංශයක් මේ වන විට රජයේ සෞඛ්‍ය අංශ තුළ ද ක්‍රියාත්මක වේ. එය ද රාජ්‍ය සෞඛ්‍ය වියදම් විශාල ලෙස ඉහළ නංවන්නකි.

මේ අතර මෙම තත්වය මානසික සහජීවනය බිඳවැටීම මත අන්තර්-පරම්පරා ගැටුම් දක්වා ඉහළ යන තත්වයක් ද මේ වන විට නිරීක්ෂණය වෙමින් තිබේ. වැඩිහිටි පරම්පරාව සේවා කාලය දිගු කිරීම හෝ රැකියා වලින් ඉවත් නොවීම නිසා තරුණ පරම්පරාවට රැකියා අවස්ථා සහ උසස්වීම් ලැබීමට ඇති අවස්ථා අඩු වීම නිසා ද පරම්පරා අතර නොසන්සුන්තාවක් ඇතිවිය හැකිය.

 

government job

එමෙන්ම සමාජ විද්‍යාඥයන් විසින් “ඉසෙඩ්” පරම්පරාව ලෙස හඳුන්වන වත්මන් තරුණ පරපුර හා වැඩිහිටි පරපුර අතර සිතුම් පැතුම් ආකල්ප විෂමතාව බරපතල ලෙසින් පැන නැඟී ඇති බව ද නොරහසකි. එමෙන්ම විවිධ වයස්වල පරම්පරා කිහිපයක් එකම රැකියා ස්ථානයක සේවය කිරීමේදී ඇතිවන කළමනාකරණ සහ සන්නිවේදන අභියෝග නිසා ශ්‍රම කාර්යක්ෂමතා ගැටළු ඇතිවිය හැක.

වයස් භේදය යන සමාජ සාධකය ද මෙහි දී ඉසමතු වන වන අතර වයසට යෑම පිළිබඳව සමාජයේ පවතින පටු ආකල්ප හේතුවෙන් වයස්ගත පුද්ගලයන් රැකියා ස්ථානවලදී හෝ සමාජයේදී වෙනස් කොට සැලකීමට ලක්විය හැකිය.

එමෙන්ම විස්තෘත පවුල්වල සාමාජිකයන් වැඩි කාලයක් ජීවත් වන විට, එක් පරම්පරාවකට එකවර වයස්ගත දෙමාපියන් සහ මුණුබුරන් රැකබලා ගැනීමට සිදුවිය හැකිය.

old person 2

සැන්ඩ්විච් පරම්පරාව ( Sandwich Genaration ) යනු තම වයස්ගත දෙමාපියන් සහ තමන්ගේම දරුවන් යන දෙකොටසම රැකබලා ගන්නා මැදිවියේ වැඩිහිටියන් පිරිසකි. ඔවුන් සෑන්ඩ්විචි නමින් හඳුන්වනුයේ බාල සහ වැඩිහිටි පරම්පරා නම් “පාන් පෙති දෙකට”මැදි වී සිටින බැවිනි. එය නිශ්චිත පරම්පරාවක් හෝ කණ්ඩායමක් නොව දෙමාපියන් සහ දරුවන්ට එකවර සහයෝගය දිය යුතු ඕනෑම කෙනෙකු සම්බන්ධ සමාජමය දර්ශකයකි. මෙම සංසිද්ධිය 20 වන සියවසේ අගභාගයේදී මුල් වරට හඳුනා ගන්නා ලදී.

නිදසුනක් වශයෙන්, 20 වන සියවසේ මුල් භාගයේදී, කාන්තාවකට ඇගේ පළමු දරුවා වයස අවුරුදු 20 දී පමණ ලැබිය හැකිය. එවිට ඇගේම දෙමව්පියන් වයස අවුරුදු 40 ක් පමණ වන බැවින් සාමාන්‍යයෙන් විශේෂ සැලකිල්ලක් අවශ්‍ය නොවීය. වඩාත් මෑතකදී, සංවර්ධිත රටවල, කාන්තාවන් දරු උපත් පමා කිරීම හේතුවෙන් හා මැදි වියේ දී දරුවන් ලැබීම හේතුවෙන් ඔවුන්ගේම දෙමව්පියන් වයස අවුරුදු හැට ඉක්මවා තිබීම මත මෙම සැන්ඩ්විච් පරපුරේ පුද්ගලයෝ තම දෙමාපියන් සහ දරුවන් එකවර රැකබලා ගැනීමේ වගකීම දරති.

තම ආදරණීයයන්ට දෛනික ක්‍රියාකාරිත්වය, වෛද්‍ය සේවා සහ අධීක්ෂණය, ඖෂධ ලබා දීම සහ ඔවුන්ගේ ආදරණීයයන්ගේ මෙන්ම ඔවුන්ගේම මූල්‍ය, නීතිමය සහ චිත්තවේගීය දුෂ්කරතා සඳහා උපකාර කිරීම මෙම සැන්ඩ්විච් පරම්පරාවේ වගකීම වී තිබේ.

 

old person 3
ඉහත සඳහන් සමාජ ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් පොදු උපාය මාර්ග යොදා ගත් නොහැක. එමෙන්ම ඕනෑම සමාජයක සමාජ ආර්ථික ගැටළු හුදකලා කොට විසඳා ගැනීමට ද නොපුළුවන. ඒ සංස්කෘතික හා සදාචාරාත්මක මූලයන් ඊට සෘජුවම සම්බන්ධ බැවිනි.

නමුත් ලොව බොහෝ රටවල මෙවන් සමාජ ආර්ථික සංස්කෘතික හා සදාචාරාත්මක ගැටළු අර්බුද සම්බන්ධ විශ්ලේෂණ හා ඒවා විසඳීම සම්බන්ධ උපාය මාර්ග ඉදිරිපත් කිරීමට සමාජ හා මානව විද්‍යා ක්ෂේත්‍රයන්හි විද්වත්හු ඉදිරිපත් වෙති. නමුදු අප රට තුළ එවන් ඉදිරිපත් වීම් දක්නට නොලැබෙනුයේ මේ වන විටත් එම විෂය පථයන් හුදු අධ්‍යාපන ක්ෂේත්‍රයට පමණක් සීමා වී ඔවුන් ගේ ශක්ති ප්‍රභවයන් සමාජ ගත් නොවීම නිසා බව අපගේ වැටහීම ය.

Praneeth Abayasundara
(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
හිටපු මානව විද්‍යා මහාචාර්ය

(උපුටා ගැනීම - vinivida.lk)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...