The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කතුන් රිය පැදවීමේ රැල්ල ආපසු හැරවිය හැකි ද? | ෆාතිමා හලල්දීන්

T

The Leader Desk

October 13, 2025 • 6:39 AM

කතුන් රිය පැදවීමේ රැල්ල ආපසු හැරවිය හැකි ද? | ෆාතිමා හලල්දීන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි දී එම රථයේ තිරිංග වෙනුවට ඇක්සිලේටරය පාගා ඇත්තේ කාන්තාවක බව සඳහන් කිරීම නිසා මාධ්‍යකරුවන් වෙතින් එම සිදුවීමට අදාල වෙනම කාන්තා හිංසනයක් වී ඇති බව ඇමතිවරයා පවසා ඇත.
  • ඔහු පවසනුයේ එය රිය පැදවීමට අදාළ කරුණක් මිස ස්ත්‍රී පුරුෂ භාවයට අදාළ කරුණක් නොවන නිසා එවන් සිදුවීම් වල දී “රියැදුරු” යනුවෙන් පමණක් වාර්තා කිරීම ප්‍රමාණවත් බවකි.
  • නමුත් මෙවන් අනුවේදනීය පුවත් ඉදිරිපත් කිරීමේ දී ඊට අදාළ හැකි සෑම විස්තරයක්ම හා ඡායාරූපයක්ම ඉදිරිපත් කිරීම මාධ්‍ය තුළ සුලබව සිදු වන්නකි.
  • ඒ හේතුව මත මෙම සිදුවීමට සම්බන්ධ රියැදුරු ගේ ස්ත්‍රී පුරුෂ භාවය වසන් කිරීම මාධ්‍ය කරුවනට අපහසු කාරියක් වන්නට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි දී එම රථයේ තිරිංග වෙනුවට ඇක්සිලේටරය පාගා ඇත්තේ කාන්තාවක බව සඳහන් කිරීම නිසා මාධ්‍යකරුවන් වෙතින් එම සිදුවීමට අදාල වෙනම කාන්තා හිංසනයක් වී ඇති බව ඇමතිවරයා පවසා ඇත. ඔහු පවසනුයේ එය රිය පැදවීමට අදාළ කරුණක් මිස ස්ත්‍රී පුරුෂ භාවයට අදාළ කරුණක් නොවන නිසා එවන් සිදුවීම් වල දී “රියැදුරු” යනුවෙන් පමණක් වාර්තා කිරීම ප්‍රමාණවත් බවකි.

නමුත් මෙවන් අනුවේදනීය පුවත් ඉදිරිපත් කිරීමේ දී ඊට අදාළ හැකි සෑම විස්තරයක්ම හා ඡායාරූපයක්ම ඉදිරිපත් කිරීම මාධ්‍ය තුළ සුලබව සිදු වන්නකි. ඒ හේතුව මත මෙම සිදුවීමට සම්බන්ධ රියැදුරු ගේ ස්ත්‍රී පුරුෂ භාවය වසන් කිරීම මාධ්‍ය කරුවනට අපහසු කාරියක් වන්නට ඇත.
 


අපට මෙහි දී එක් වරම සිහිපත් වනුයේ පසුගිය කාලයේ වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටුණු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය සම්බන්ධයෙන් බිමල් රත්නායක අමාත්‍යවරයා මාධ්‍යයට කළ විහිළු සහගත ප්‍රකාශයයි. එහි දී ඔහු පවසා සිටියේ ගුවන් ගත වන විට එම යානයේ යාන්ත්‍රික දෝෂයක් නොතිබූ නිසා එම අනතුරට හේතුව නියමු වරදක් සේ පෙනෙන බවයි. නමුත් තම අමාත්‍යංශයට අයත් නොවූ විෂය පථය සම්බන්ධයෙන් මෙවන් පටු බොළඳ අදහසක් පළ කළ බිමල් රත්නායක ගුවන් තරණය යන විෂය පථය සම්බන්ධ තොටිලි බබෙකු යැයි එ දවස කිසිදු මාධ්‍ය කරුවකු පවසා තිබෙනු ද අපි නොදුටුමු.
 
 


ඒ කෙසේ හෝ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පදනම් ව කාන්තාවන් රිය පැදවීම කෙරෙහි පසුගාමී කරවීම සුවිසල් සමාජමය අගතියකි. රිය පැදවීම සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ගෝලීය සංඛ්‍යා ලේඛන අතුරින් රිය පැදවීම සම්බන්ධයෙන් ගත් කල සාමාන්‍යයෙන් කාන්තාවන් පිරිමින්ට වඩා ආරක්ෂිත රියදුරන් ලෙස සැලකේ. සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කරන්නේ ඒ සම්බන්ධයෙන් පිරිමි සහ ගැහැණු රියදුරන් අතර සැලකිය යුතු වෙනස්කම් ඇති බවයි.

ගෝලීය වශයෙන් රිය පැදවීම හා සම්බන්ධ මාර්ග අනතුරුවලින් මිය යන පුද්ගලයන්ගෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් පිරිමින් බව පැවසෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සඳහන් කරන්නේ පිරිමින් කාන්තාවන්ට වඩා තුන් ගුණයක් පමණ මාර්ග අනතුරුවලින් මිය යාමට ඉඩ ඇති බවයි. යුරෝපා සංගමය තුළ පමණක් රිය පැදවීම හා සම්බන්ධ මාර්ග අනතුරුවලින් මිය යන පුද්ගලයන්ගෙන් 76% ක් පිරිමි ය. එමෙන්ම පිරිමි රියදුරන් සම්බන්ධ අනතුරු සාමාන්‍යයෙන් වඩා බරපතල වේ. පිරිමි රියැදුරන් වේග සීමා ඉක්මවා යාම සහ මත්පැන් පානය කර රිය පැදවීම වැනි අවදානම් සහිත රිය පැදවීමේ පුරුදුවලට වැඩි නැඹුරුතාවයක් දැක්වීම ඊට හේතුව බව ද පැවසෙයි.
driver man
මෙම ස්ත්‍රී පුරුෂ විෂමතා සම්බන්ධයෙන් ඇති එක්තරා මනෝ විද්‍යාත්මක සත්‍යයක් වනුයේ ලිංගිකත්වයේ දී වඩාත් සක්‍රිය භූමිකාවක් සිදුකරන පිරිමියා රිය පැදවීමේ දී අන්‍යාකාරයකින් එම සක්‍රිය බව පිළිබිඹු කරන බවයි. වේගයෙන් ධාවනය වන වාහන දැක ඉන් ආස්වාදයක් ලැබීමට ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන් උනන්දුවක් පළ කිරීම එහි මූලික අවස්ථාව බව ද කියනු ලැබේ. එමෙන්ම නිරන්තරයෙන් අධික වේගයෙන් රිය පදවන පිරිමින් ගෙන් යම් කොටසක් තම ලිංගික බෙලහීනතාව වසා ගැනීමට එසේ කරන බවට ද මත පළ වී තිබේ.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය අනුව රිය පැදවීමේ අයිතිය යනු පිරිමින් ගේ සේම කාන්තාවන්ගේ ස්වාධීනත්වය සහ නිදහස වැඩි දියුණු කිරීමට දායක වූ එක් වැදගත් පියවරකි. බොහෝ රටවල කාන්තාවන්ට රිය පැදවීමට අවසර දීම සමාජය තුළ ඔවුන්ගේ ගෘහස්ථ, පවුල්, ප්‍රජා සහ සමාජගත භූමිකාව පුළුල් කිරීමට උපකාරී වී ඇත. වර්තමානය වන විට ලංකාවේ තත්වය ද එයම වන අතර මෙහි ද කාන්තාවන් රිය පැදවීමේ වේගවත් වර්ධනයක් දක්නා ලැබේ.
කාන්තාවන් රිය පැදවීම යනු ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වර්ධනය වෙමින් පවතින අංශයකි. අතීතයේ ඓතිහාසිකව රිය පැදවීම පිරිමින්ගේ ප්‍රමුඛතාවයක්ව පැවතුණද, සමාජය වෙනස් වීමත් සමඟ කාන්තාවෝ වැඩි වැඩියෙන් මෙම ක්ෂේත්‍රයට පිවිසෙමින් සිටිති. බිමල් රත්නායක ඇමතිවරයා ඉහත අදහස පළ කරන්නට ඇත්තේ ද එහි ප්‍රවර්ධනයක් අපේක්ෂාවෙන් විය යුතු ය.

women driver
සාමාන්‍යයෙන්, කාන්තා රියදුරන් මාර්ග නීති වඩා තදින් අනුගමනය කිරීම, ආරක්ෂිත වේගවලින් රිය පැදවීම සහ බීමත්ව රිය පැදවීමේ සිදුවීම් ඉතා අඩු අනුපාතයක් පෙන්වීම අතිශය සාධනීය කරුණු සේ සැලකේ. අනතුරු සඳහා පිරිමි රියදුරන්ගේ නොසැලකිල්ල, වේගවත් කිරීම සහ නීති කඩ කිරීම නිසා අනතුරුවලට හේතු වන අතර, කාන්තා රියදුරන් සම්බන්ධ අනතුරු සඳහා අධික ප්‍රවේශම්කාරී බව, හැකියාවන් අවතක්සේරු කිරීම හෝ අත්දැකීම් අඩුකම හේතු වීමට වැඩි ඉඩක් ඇත. එමෙන්ම කාන්තා රියැදුරුවරියන් පිරිමි රියැදුරන් විසින් මාර්ග වල දී නොයෙකුත් මානසික බියවැද්දීම් හා තැති ගැන්වීම් වලට ලක් කරන බව නොරහසකි. ඒවා මැඬලීම පිණිස ද විශේෂ නීති සම්පාදනය විය යුතු ය.
ඇතැම් පර්යේෂණවලට අනුව, කාන්තා රියදුරන්ගේ ඉහළ රිය පැදවීමේ කුසලතා තිබියදීත්, රිය පැදවීම කාන්තාවන්ට නුසුදුසු රැකියාවක් ලෙස සැලකීම ඔවුන්ගේ සහභාගීත්වයට බාධාවක් වී ඇත. කාන්තාවන් රිය පැදවීමෙන් සමාජයට සහ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන අතර, ඔවුන්ගේ ආරක්ෂාව සහ ක්ෂේත්‍රයේ වැඩි සහභාගීත්වය සඳහා සමාජමය සහාය දැක්වීම වැදගත් වේ.නමුත් අප රට තුළ මෙය සංවිධිත ලෙස සිදුවන බවක් නොපෙනේ.

ලෝකයේ බොහෝ රටවල මුස්ලිම් කාන්තාවන්ට රිය පැදවීම කිසිසේත්ම ගැටලුවක් නොවූවත් දිගු කාලයක් තිස්සේ සෞදි අරාබිය ලෝකයේ කාන්තාවන්ට රිය පැදවීම නීතියෙන් තහනම් කර තිබූ එකම රට විය.

නමුත් වසර ගණනාවක් තිස්සේ කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන්ගේ දැඩි උද්ඝෝෂණ සහ ජාත්‍යන්තර අවධානයෙන් පසුව, 2017 සැප්තැම්බර් මාසයේදී නිකුත් කරන ලද රාජකීය නියෝගයකින් පසුව 2018 ජූනි 24 දින සිට සෞදි අරාබිය තුළ කාන්තාවන්ට රිය පැදවීමට අවසර ලැබුණි.

මෙම තහනම ඉවත් කිරීම මුස්ලිම් කාන්තාවන්ගේ ආර්ථික නිදහසට සහ දෛනික කටයුතු ස්වාධීනව කර ගැනීමට විශාල බලපෑමක් ඇති කළ වැදගත් පියවරක් බව මේ වන විට තහවුරු වී තිබේ. ඉස්ලාමීය ඉගැන්වීම් වලින් කිසිදු බලපෑමක් සිදු නොවුණද මෑත ඉතිහාසය තුළ මුස්ලිම් ප්‍රජාවන් තුළම කාන්තාවන් රිය පැදවීම පිළිබඳව විවිධ මතවාද පැවතුණි.
 
muslim woman driving car
සෞදි අරාබියේ පැරණි සම්ප්‍රදායික ආගමික මතයන් තුළ, කාන්තාවන් රිය පැදවීම සමාජය අවුල් කිරීමට සේම ඔවුනට අනවශ්‍ය ලෙස පිරිමින් සමඟ අයුතු හාදකම් ගොඩ නඟා ගැනීමට මුල් විය හැකි බවට තර්ක ඉදිරිපත් විය.
එක් අවස්ථාවකදී, සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ ආගමික නායකයකු සහ විද්වතකු වූ ෂෙයික් සාලේ අල්-ලොහයිඩන් කාන්තාවන්ගේ රිය පැදවීමෙන් ඔවුන් ගේ ඩිම්බ කෝෂවලට හානි වී ආබාධිත දරු උපත් ඇතිවිය හැකි බවට පවා අනතුරු අඟවා තිබූ අතර එවක මෙම මතය විවෘත සමාජයේ බරපතල විවේචනයටත් හාස්‍යටත් ලක් විය.
නමුත් අද වන විට ලෝකයේ බහුතර මුස්ලිම් රටවල කාන්තාවන් රිය පැදවීම සාමාන්‍ය දෙයකි.
 
saudi arabia mena womens rights driving
මෙවන් තත්වයන් යටතේ ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ රිය පැදවීමේ රැල්ලට බාධා නොකළ යුතු සේම ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටි අන්දමට ගම්පොළ, දොළුව රිය අනතුර සම්බන්ධ රිය පදවන ලද්දේ කාන්තාවක බව ප්‍රකාශ වීම හුදෙක් ප්‍රවෘත්ති නිකුත් කිරීමේ රටාව මත සිදු වූවක් මිස “කාන්තා හිංසනයක්” නොවන බව ද කිව යුතු වේ.

( ෆාතිමා හලල්දීන් | vinivida.lk )
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...