The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාජ්‍යයේ සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ආධිපත්‍යය බිඳ දැමීමේ දේශපාලනයේ නවතම තත්වය | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

October 13, 2025 • 7:50 AM

රාජ්‍යයේ සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ආධිපත්‍යය බිඳ දැමීමේ දේශපාලනයේ නවතම තත්වය | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගොවිගම-පිරිමි-විෂම ලිංගික මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කර අනාරක්ෂිතභාවයට ඇද දැමීම හා සම්බන්ධ මතභේදාත්මක රැහැන් තිබිය හැකි බවට අනුමාන කළ හැකි සාක්ෂි ලැබෙමින් තිබෙනවා.
  • ශ්‍රී ලංකාව සම්බන්ධ වර්තමාන බටහිර-මූලික ලිබරල් හා වාමාංශික මෙහෙයුමේ අරමුණ රාජ්‍යයේ සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි-විෂම ලිංගික ආධිපත්‍යය විනාශ කිරීම බව මම 2022 සිටම කියනවා.
  • ශ්‍රී ලංකා රාජ්‍යය සියල්ලන් ඇතුළත් කරගනිමින් ප්‍රජාතන්ත්‍රීයකරණය විය යුතුයි.
  • ශ්‍රී ලංකාවේ බලයට පත් පිරිස තලේබාන්වරුන් තරම් ආන්තික දෘෂ්ටිවාදීන් නෙමෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ගොවිගම-පිරිමි-විෂම ලිංගික මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කර අනාරක්ෂිතභාවයට ඇද දැමීම හා සම්බන්ධ මතභේදාත්මක රැහැන් තිබිය හැකි බවට අනුමාන කළ හැකි සාක්ෂි ලැබෙමින් තිබෙනවා.

ශ්‍රී ලංකාව සම්බන්ධ වර්තමාන බටහිර-මූලික ලිබරල් හා වාමාංශික මෙහෙයුමේ අරමුණ රාජ්‍යයේ සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි-විෂම ලිංගික ආධිපත්‍යය විනාශ කිරීම බව මම 2022 සිටම කියනවා. එතැන් සිට කරුණු පෙළගැසෙන ආකාරය හා දවසින් දවස අලුත් වන තොරතුරු මෙම ප්‍රවාදය සමග මනාව ගැලපෙනවා.

ශ්‍රී ලංකා රාජ්‍යය සියල්ලන් ඇතුළත් කරගනිමින් ප්‍රජාතන්ත්‍රීයකරණය විය යුතුයි. එහි දෙකක් නැහැ. අධිපති ප්‍රජාවන් මෙය භාරගන්නවා නම් එහි ගැටලුවකුත් නැහැ.

ඒත්, මේ අධිපති ප්‍රජාව පසුගිය අවුරුදු සීයක විතර කාලයක් හැසිරුණේ රාජ්‍ය බලය බෙදාගන්නට සූදානම් ආකාරයට නෙමෙයි. හැමදාමත් ඔවුන් බලය බෙදාගැනීමෙන් දුරස්ථ කරමින් කැරැලිකාරීත්වයට යොමු කළේ කවුරුද? ජවිපෙ හැමදාමත් එහි ඉදිරියෙන්ම සිටියා.

ඒකටම සමාන්තරව දෙමළ ජාතිකවාදීනුත් යොමු වුණේ බලය බෙදාගැනීමට නෙමෙයි, ඊලාම් රාජ්‍යය දිහාවටමයි. දැන් පවා පළාත් සභා නැවත පිහිටුවා ගන්නට දෙමළ ජාතිකවාදී බලවේගවලට කිසිම උනන්දුවක් නැහැ. ඇයි ඒ?

ඒ අතරම තවත් වාම බලවේගයක් දෙමළ ජාතිකවාදයට උඩගෙඩි දෙමින් රාජ්‍යය බෙදා වෙන් කිරීම වෙනුවෙනුත් පෙනී සිටියා.

 

WhatsApp Image 2025 10 13 at 1.00.51 PM
මගේ ප්‍රවාදය නම්, ලංකාවේ නිර්මාණය කරන්නට උත්සාහ කරමින් සිටින්නේ රාජ්‍යය දරුණු අකර්මන්‍යතාවකට තල්ලු කරන රාජ්‍ය අර්බුදයක්ය කියන එකයි. මෙය නිර්මාණය කරන්නේ කවුරුද? එය ටිකක් විග්‍රහ කරන්නට අමාරු තත්වයක්. දේශපාලනික උවමනාවන් රාශියක් රටවල් එතනට තල්ලු කරනවා. පැහැදිලිවම ජාත්‍යන්තර බලවේගත් ඒ මැද ඉන්නවා. උදාහරණයක් තමයි ලංකාවේ අර්බුදයෙදි ජුලී චැංගේ භූමිකාව. එයා තවම මෙහෙ ඉන්නෙ මිෂන් එක අවසන් කරන්නට වෙන්න පුළුවන්.

එකී පූර්ණ අරාජිකත්වය බංග්ලාදේශයේත්, නේපාලයේත් නිර්මාණය වන ආකාරය අපි දැක්කා. එය පූර්ණත්වයට පත්වුණ ස්ථාන දෙකක් තමයි ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව. මේ දෙකේම, අරාජිකවාදීන් අතට බලය අවසානයේදී ලැබුණා. ඇෆ්ගනිස්තානයේ එහි වාසිය තලේබාන්වරුන් ඩැහැගනිද්දී ලංකාවේ සිදු වුණේ සංකීර්ණ දෙයක්. ජාතික ජන බලවේගය වගේම, ජනතා විමුක්ති පෙරමුණත් සංකීර්ණ විවිධත්වයක් සහිත බලවේග දෙකක්. ශ්‍රී ලංකාවේ බලයට පත් පිරිස තලේබාන්වරුන් තරම් ආන්තික දෘෂ්ටිවාදීන් නෙමෙයි.

කෙසේ වෙතත්, මෙම බල මෙහෙයුම තුළ දියත් කරන ලද වෛරී කථන ක්‍රියාමාලා විසින් සිදුකරන ලද දැවැන්ත සමාජ ධ්‍රැවීකරණය සමග මේ සමාජයන් දරුණු ලෙස බෙදා හමාරයි. එහිම දිගුවක් වන ආර්ථික අසාර්ථකත්වයේ අවදානම විසින් නිරතුරුවම අරාජිකවාදීන්ගේ බලාපොරොත්තු දල්වමින් තිබෙනවා.

මේ අරාජිකවාදීන් විවිධාකාරයි. පාතාල අපරාධකරුවන්ගේ සිට පෙරටුගාමීන්ටත් අන්ත රාජ්‍ය නොවන සංවිධාන අරාජිකවාදීන් දක්වා පිරිස් මේ අතර වෙනවා. ආගමික අන්තවාදීනුත් ඉන්නවා. ජෙන්ඩර් අන්තවාදීනුත් ප්‍රබල භූමිකාවක් කරනවා.

අරාජිකත්වයකින් ප්‍රයෝජන ගත හැකි දේශපාලන බලවේගයක් ලෙස පවතින්නේ එකම එකයි. එනම්, දෙමළ ඊලාම් මතවාදී ආධිපත්‍යයයි. ඔබ සිතනවාද මිලිටරි පරාජය නිසා ඔවුන් අවසන්ව ඇතිය කියා? එහෙම නම් ඔබ දේශපාලන ත්‍රස්තවාදය ගැන හරියට දන්නෙ නැහැ. 

 

sri lank map

මේවා ලිව්වාම අපට ජාතිවාදීන් කියල කියන අය තේරුම් ගන්න දෙමළ ජාතිවාදය කියන්නෙ ලේසිපාසු දෙයක් නොවන බව. මම නම් සිංහල නිසා සිංහල ජාතිකවාදයත් එක්ක මගේ ඓන්ද්‍රිය සම්බන්ධයක් තියෙනවා. හැබැයි මං සිංහල ස්වෝත්තමවාදියෙක් නෙමෙයි. ලංකාවෙ රාජ්‍යය සියලු ජාතීන්, ආගම්, කුල ඇතුළත් වන පරිදි ප්‍රජාතාන්ත්‍රීයව යළි හැඩගැහෙන්නට ඕනැ. ඒක කරන්නට පුළුවන් වෙන්නෙ බහුතර සිංහල බෞද්ධයන්ව පරාජය කරලා විනාශ කරලා නෙමෙයි. ඔවුන් එක්ක තමයි මේ පරිවර්තනය කරන්න පුළුවන්. ඇත්තම කියනවා නම් එහෙම විතරයි.

ලංකාව අරාජික කිරීම විසඳුම නෙමෙයි. ඒක විසඳුමක් නිර්මාණය කරන මාර්ගයත් නෙමෙයි. ඒකෙන් වෙන්නෙ ලංකාව කෑලිවලට කැඩිලා ඉවරයක් නැති ගැටුමකට තල්ලු වෙන එක විය හැකියි.

දේශපාලනයේ යටිපෙළ කියවගන්න. අහුවෙන්න එපා. අන්දන්න එන එවුන්ගෙන් පරිස්සම් වෙන්න.

AJITH PARAKUM
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 

Screenshot 2025 10 13 114302

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...