The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් ගෙන් විපක්ෂයට උපහාසාත්මක විවේචනයක්

T

The Leader Desk

October 17, 2025 • 5:35 PM

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් ගෙන් විපක්ෂයට උපහාසාත්මක විවේචනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බිමල්ගෙන් ලිහී විසිරී ගැලවී ගොස් තිබිණි.
  • මොනවා වුනා දැයි කියා බිමල්ට වත් වටහා ගන්නට කාලයක් නොතිබෙන්නට ඇත.
  • සමාජ මාධ්‍යයේ නම් පළවී තිබුණේ ඇමතිකම ගැලෙව්වා කියා කන්ටේනර් පැන්නීමේ චෝදනාවෙන් බිමල්ට ගැලවෙන්නට බැරි බවයි.
  • බිමල් සහ එරංග ගේ ඉරණම කෙසේ වුවද කැබිනට් සංශෝධනයෙන් පෙන්නුම් කළේ මාලිමා ආණ්ඩුවේ යටි බිම් ගත බලපොරයේ එක් අවස්ථාවක් බව දේශපාලන විචාරකයින්ගේ මතය විය.
අකුරු ප්‍රමාණය (Font Size):

බිමල්ගෙන් ලිහී විසිරී ගැලවී ගොස් තිබිණි. මොනවා වුනා දැයි කියා බිමල්ට වත් වටහා ගන්නට කාලයක් නොතිබෙන්නට ඇත. නමුත් ඒ දේ සිදුවී තිබිණි.

සමාජ මාධ්‍යයේ නම් පළවී තිබුණේ ඇමතිකම ගැලෙව්වා කියා කන්ටේනර් පැන්නීමේ චෝදනාවෙන් බිමල්ට ගැලවෙන්නට බැරි බවයි.

බිමල් සහ එරංග ගේ ඉරණම

xfgert4

කෙසේ වුවද කැබිනට් සංශෝධනයෙන් පෙන්නුම් කළේ මාලිමා ආණ්ඩුවේ යටි බිම් ගත බලපොරයේ එක් අවස්ථාවක් බව දේශපාලන විචාරකයින්ගේ මතය විය. ඇත්තටම කැබිනටුවේ අනෙක් ඇමති ධුර කිහිපය සහ නියෝජ්‍ය ඇමතිකම් අනන ලද්දේ ඕනෑකමකට නොවේ. බිමල්ට කරපු දේ කැත වසා සාමාන්‍යකරණය කිරීම සෙසු ඇමති සහ නියෝජ්‍ය ඇමති ධුර එහා මෙහා කිරීමේ අරමුණ බව පැහැදිලි ය.

ඒ වගේම බිමල්ගේ අන්තේවාසිකයකු ලෙස සැලකෙන එරංග ගුණසේකරගෙන් තරුණ කටයුතු නියෝජ්‍ය ඇමතිකම ගලවා දැමීම ද සැලකිය යුතු කාරණයක් බව විචාරක මතයයි. එක්තරා අතකට තරුණ කටයුතු ඇමතිකම යනු දේශපාලන තෝතැන්නකි. අනාගත පරපුර දේශපාලනයට හරවන එක් සංධිස්ථානයක් ලෙස ලෙස ද එම ඇමතිකම හැඳින්වූවාට වරදක් නැත. එවන් තැනකින් බිමල්ගේ අන්තේවාසිකයා ගලවා දැමීම ගැන අමුතු අටුවා ටිකා ටිප්පනි කීම අවශ්‍ය කාරණයක් නොවේ.

ජනපති අනුර ඇමති අනුරට දොස් කියූ කතාව

xcfger564e3

ඒ වගේ ම වරාය යනු දැඩි වෘත්තීය සමිති බල අධිකාරියක් ඇති තැනකි. මේ කැබිනට් සංශෝධනයේ දී බිමල් එම බල අධිකාරියෙන්ද ඉවතට දක්කා ඇත. බිමල්ට ඉතිරි වූ ලංගමය එවැනි බලගතු තැන් ලෙස හැඳින්විය  නොහැකි ය. බල ඒකාධිකාරයෙන් බිමල් ඉවතට ඇද දැමුණු කැබිනට් සංශෝධනය වරාය හා ගුවන් සේවා ඇමතිකමට පත්කර තිබෙන්නේ ඒ ගැන මෙලෝ හසරක දැනුමක් නැති අනුර කරුණාතිලක ය.

ඔහු කලින් කටයුතු කළේ නිවාස සහ නාගරික සංවර්ධන ඇමති ධුරයේ ය. මේ වසරේ දී නිවාස අමාත්‍යාංශයට වෙන් කරන ලද මුදල් හරියට පාවිච්චි නොකළා යැයි කියා පූර්ව අයවැය සාකච්ඡාවක දී ජනපති අනුර ඇමති අනුරට දොස් කියූ කතාවක් මාධ්‍යයේ එකල පළ වී තිබිණි. දැන් ආර්ථික මර්මස්ථානයක් වන වරාය සහ ගුවන් සේවා පවරා ඇත්තේ එහෙව් පුතයෙකුටය.

කොටහළු දැරිවිය ගේ කතාව

xfghe464

මෙම දෙදරා යාම පිළිබිඹු කරන තවත් අවස්ථාවක් වන්නේ බිමල් කලින් දමාගෙන සිටි උත්සව වැඩ ඔක්කොම වගේ කැබිනට් සංශෝධනයෙන් අනතුරුව කැන්සල් කර දැමීමයි. තැන් තැන්වලට ගිහින් වොයිස් කට් දීම බිමල්ගේ කදිම විනෝදාංශයක් බවට පත්ව තිබිණි. නමුත් කැබිනට් සංශෝධනයෙන් පසුව මාධ්‍යවේදීන් ඇමැතිකමට තට්ටුවීම ගැන අහන නිසා බිමල් කොටහළු දැරිවියක ගේ තත්ත්වයට පත්ව කියාගන්නට දෙයක් නැතිව කාමරයකට කොටුවී ඉන්නට සිදුවී තිබෙන බව ආරංචිය.

ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට පවා වැඩවලදී තමන් හරහා පැමිණිය යුතු බවට බිමල් දැනුම් දී තිබුණු බවත් බිමල් ගේ තටු කැපීමට එය ද එක් අංශුමාත්‍ර හේතුවක් බවත් දැනගන්නට තිබේ. කාලයක පටන් බිමල් යටතේ සිටි නිලධාරීන් ද දවසින් දවස ඉල්ලා අස්වෙන්නට පටන් ගැනීම දැඩි අර්බුදකාරී තත්වයක් විය. මෑතකම සිදුවූ ඉල්ලා අස්වීම වූයේ බිමල්ගේ මාධ්‍ය ලේකම් සුරංග ලක්මාල්ය. ඔහුගේ ඉල්ලා අස්වීම මාධ්‍යයේද දැඩි කතාබහට ලක්ව තිබිණි.

"අමනුස්සයො එක්ක වැඩ කරන්න අමාරුයි " කියා සුරංග  මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුණා යැයි ආරංචිය.

අනාගතයේ දී අසාර්ථක වන පක්ෂ දේශපාලනය

xfgert45

රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයයකු වූ ශානුක කරුණාරත්නගේ බිරිඳ මනෝජාගේ අවමංගල්‍ය බොහෝ දේශපාලන නායකයින් එක්තැන් කළ තැනක් විය. නායක රනිල්ද  බිරිඳ මෛත්‍රී සමග බොරැල්ල ජයරත්න මල් ශාලාවට ගොස් මනෝජාට අවසන් ගෞරව දක්වා පැය කිහිපයක් ම එහි ගත කළේ ය.

රනිල් එහි එන විට හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක මෙන්ම රනිල්ගේ පෙර අනුගාමිකයන් වන වත්මන් සමගි ජන බලවේගය නියෝජනය කරන වරුණ රාජපක්ෂ සහ මහේෂ් සේනනායක සිටියහ.

රනිල්, දිනිත් සමග දොඩමළු වෙද්දී වරුණ සහ මහේෂ් ද ඒ අසලට පැමිණියහ.

රනිල් එහිදී කීවේ අනාගතයේ දී පක්ෂ දේශපාලනය අසාර්ථක වන අතර පුද්ගල චරිත මත දේශපාලනය තීන්දුවන බවයි.

සන්ධානයේ ඊළඟ ගමන පිළිබඳ නිහඬතාව

t3534534

"විපක්ෂයේ පාර්ලිමේන්තු දේශපාලනය  විපක්ෂයේ කාර්යභාරය ඉතා වැදගත්. ඒත් අද  විපක්ෂයේ කටයුතු දුර්වල වෙලා," යැයි රනිල් කීවේ උපදේශාත්මක ස්වරයෙනි.

''විපක්ෂයේ පුළුල් ඉදිරිපත් වීම වෙනුවට “චරිත” ලෙස හැඳින්විය හැකි පුද්ගලයො කිහිපයක් පමණක් දේශපාලන කටයුතු කරමින් ඉන්න බව පෙනෙනවා. උදාහරණයක් විදියට චාමර සම්පත් , දයාසිරි ජයසේකරගෙ දේශපාල ඉදිරිපත් වීම  දකින්න පුළුවන්,'' යැයි රනිල් කීය.

එහිදී වරුණ සහ මහේෂ් හඬ අවදි කරමින් විපක්ෂයේ සන්ධානය ගැන රනිල් ගෙන් විමසී ය.

“සන්ධානයට සජබ නායකත්වය ගන්න දඟලන්නෙ මම ඒකට එකඟ නොවෙයි කියල හිතලනේ...  ඔය කියන විදිහට සමගි ජන බලවේගය සන්ධානයට නායකත්වය දරන එකට මම එකඟ වුණොත්, ඒ සන්ධානයේ ඊළඟ ගමන ගැන ඔයාලට යම් යෝජනාවක් හෝ පිළියමක් තියනවද?''

රනිල් විමසුවේ සිනා මුසුවය.

එම ප්‍රශ්න කිරීම හමුවේ වරුණ හා මහේෂ් දෙදෙනාම නිහඬ වී ඇත.

දෙකට බෙදී තිබෙන එජාපය එකතු කර ශක්තිමත් කළ යුතු යැයි එහිදී මතුවූ අදහසට ප්‍රතිචාර දක්වමින් රනිල් පවසා ඇත්තේ අනාගතයේ දී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය පමණක් නොව සියලු දේශපාලන පක්ෂ දේශපාලන භුමිය තුළ අහෝසි වෙන බවයි.

"අද ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි. ලොව පුරාම "Character-based politics" මතු වෙලා තියෙනවා. ඒ නිසා පක්ෂ දේශපාලනය අසාර්ථක වෙලා යනවා,” යයි රනිල් පවසා ඇත.

“ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය දුර්වල වී තිබුණත් ඩොනල්ඩ් ට්‍රම්ප් මගින් පක්ෂයේ බලය අල්ලාගත්තා.  බ්‍රිතාන්‍යයත් එහෙමයි.''

රනිල් තමා ඉදිරිපත් කළ අදහසට ජාත්‍යන්තරයෙන්ද උපහැරණ  ගෙන දැක්වීය.

fgyu6u5


රනිල් දිනිත්ට බාර දුන් වගකීම

විපක්ෂයේ පොදු සන්ධානය නොයෙක් තර්ක විතර්ක මැද එක් මතයකට එන්නට උත්සාහ ගනිමින් සිටී.

"මේ සන්ධානය ගැන අපි අපේ මතය කියලා නිවේදනයක් නිකුත් කරන්න ඕන."

රනිල් එලෙස ඒ වගකීම දිනිත්ට බාර දුන්නේය.

සන්ධානය ගැන එජාපයේ මතය රැගත් නිවේදනය නිකුත් කිරුණේ ඒ අනුවයි.

"ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය යැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීමේ දී දේශපාලන පක්ෂවල අනන්‍යතාවය සහ ප්‍රතිපත්ති රැකෙන ලෙස කටයුතු කිරීම වැදගත් වෙයි. මේ ස්ථාවරයට පැමිණෙන ලෙස සියලු පක්ෂ වලින් ඉල්ලා සිටිමු. එලෙසම ඉහත පරමාර්ථය ඉෂ්ට කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පවතින දුරස්ථභාවය නැතිකරමින් එකමුතුව ක්‍රියාකිරීම වෙනුවෙන් ද අපි කැප වී සිටින්නෙමු. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන කමිටුවේ සාකච්ඡා සඳහා අපි සහභාගී වන්නෙමු. අනෙකුත් දේශපාලන පක්ෂ සමග ද අප පක්ෂ සාකච්ඡා කළ යුතුව පවතී. තව ද අප පක්ෂ දෙක අතර සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාවට ද එකඟත්වය පළ කරන්නෙමු. සමගි ජනබලවේගය මෑතකදී කළ ප්‍රකාශත්, එක්සත් ජාතික පක්ෂයේ මූලික අරමුණත් සලකා බලා ඉදිරි වැඩසටහන් සකස් කළ හැකි ය." යනුවෙන් එම නිවේදනය කරුණු දක්වා තිබිණි.

ser324


වජිර, නොනවත්වා ම වැඩ

රනිල්ගේ උපදෙස් පරිදි සංවිධානය කළ විශේෂ කොට්ඨාස රැස්වීම් මාලාවේ ගාල්ල දිස්ත්‍රික් රැස්වීම් පසුගිය මාසය පුරා පක්ෂ සභාපති වජිරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම විශේෂ රැස්වීම්වල අරමුණ වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ පිලිබඳව සහ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීමයි.

පක්ෂය වෙනුවෙන් ක්‍රියා කරන ක්‍රියාකාරීන්, පාක්ෂිකයින් සමග සුහදව පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සකස් විය යුත්තේ කෙසේද යන්න ඔවුන්ගේ ම අදහස්වලින් දැන අවබෝධ කරගන්නට පක්ෂ සභාපති වජිරට අවශ්‍ය විය. ඒ නිසාම මෙම රැස්වීම් වෙනස්ම ආකාරයකින් පවත්වන්නට වජිර කටයුතු කර තිබිණි. පසුගිය ඉරිදා  දවස පුරා බලපිටිය සහ අම්බලන්ගොඩ කොට්ඨාශ කේන්ද්‍ර කරගෙන මෙම රැස්වීම් පැවැති අතර පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහි දී ඉතා හොඳ යෝජනා ද ඉදිරිපත් වූ බව පක්ෂ සභාපති වජිර මාධ්‍යට පවසා තිබුණි.

(සටහන | මල් පාරේ ලියුම්කරු )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් ගෙන් විපක්ෂයට උපහාසාත්මක විවේචනයක් | The Leader