මේ දිනවල ශ්‍රී ලංකාවේ තොරතුරු මාධ්‍ය අවකාශය තුළ අපරාධ සහ විනෝදාස්වාදය අතර පවතින රේඛාව සියුම්ව බොඳ කරන බව පෙනෙන කතාවලින් පිරී ඉතිරී ගොස් තිබේ. පාතාල ක්‍රියාකාරකම් සහ ඒ ආශ්‍රිත චරිත ආවරණය කිරීමේ දී මේ තත්ත්වය දක්නට ලැබේ.
සාම්ප්‍රදායිකව, ජනමාධ්‍යවේයා මහජන මතයේ යතුර අතැතිව සිය භූමිකාවට පණ පෙවී ය. පුවත්පත් කතුවරුන් වගේම විකාශකයින් වෘත්තීමය බවකින් කතුවැකි විනිශ්චය කරමින් ප්‍රවෘත්ති ගලා යෑම පෙරහන් කළහ. එහෙත් අද වන විට එම “දොරටු පාලක” (Gatekeeper) හිමිකාරිත්වය ඛාදනය වී සෝදා පාළුවට ලක්ව තිබේ.
එහෙම වුණේ ඇයි?
සමාජ මාධ්‍ය විසින් පුවත්පත් කලාව ඒකපාර්ශ්වික සම්ප්‍රේෂණයක් (One way communication) නොව තොරතුරු ගලා යෑම අඛණ්ඩ සංවාදයක් බවට පරිවර්තනය කර ඇත. හුදු ප්‍රවෘත්ති ප්‍රකාශන තවදුරටත් උදෑසන පුවත්පත හෝ සවස බුලටින් ලෙස නොව එහි තත්කාලීන අනන්‍යතාව බිඳ දමා විකෘතිකර ඇත. විශේෂයෙන් කුප්‍රකට අපරාධ ජාලයකට සම්බන්ධ කාන්තාවක් වන සෙව්වන්දිගේ නිරූපණය, බරපතළ අපරාධ නඩුවක සිට නාට්‍යමය ආදර කතාවක් බවට පරිවර්තනය වී තිබේ. රොමැන්තික, සියුම්, හැඟීම් දනවන මෙම අත්දැකීම ප්‍රභල නමුත්: මාධ්‍ය ක්ෂේත්‍රය තුල, සමාජ මාධ්‍ය වේදිකාවල සමාජ විද්‍යාත්මකව සහ මනෝවිද්‍යාත්මකව ජාතික විඥානය හැඩගැස්වීමේ දී අන්තර් ක්‍රියා කරන ආකාරය පිළිබඳව බොහෝ දේ හෙළි කරයි.
අපරාධයක් සම්බන්ධ මෙහෙයුමක් සෝප් ඔපෙරාවක් දක්වා රූපාන්තරණය කිරීම
නේපාලයේ දී ශ්‍රී ලාංකික පාතාල ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ පුවත පළ වූ විට ඔවුන්ට එරෙහිව රතු වරෙන්තු නිකුත් කළ පාර්ශව අපේක්ෂා කළේ ජාත්‍යන්තර අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාව සහ එය කිසියම් රටක ජාතික ආරක්ෂාව පිළිබඳ වූ සාධකය සම්බන්ධව බරපතළ ජනමාධ්‍යමය විමර්ශනයක ඇති කාලින අවශ්‍යතාව අවධාරණය කිරීම ය.
නේපාලයේ බොහොමයක් මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කර තිබුනේ රතු වරෙන්තුවකට අනුව ඉන්ටපොල් පොලිසිය මැදිහත්ව මෙම මෙහෙයුම සිදු කළ බවයි. එහෙත් ඒ වෙනුවට, අපේ රටේ බොහෝමයක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙම අවස්ථාව වාර්තා කළේ නාට්‍යනුසාරයෙනි.
"ආ කොහොමද කෙල්ලේ?"
"අපි යන්න ලෑස්තිවෙමු."
"මට මෙහෙ එපාවෙලා හිටියේ සර්."
"මම හිතුවා...කවදා හරි සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා."
"සෙව්වන්දි දිග හුස්මක් පිටකරමින් පැවසුවා ය."
ආදී වූ යෙදුම් භාවිතා කරමින් ඕළුගල නමැති පොලිස් නිලධාරියා සමග වූ සංවාදය උත්කර්ෂයට නංවමින් මෙය වාර්තා කර තිබිණි. මේ වාර්තාකරණය මගින් සැකකරුවෙකු සමග ඇති සම්බන්ධතාවේ චිත්තවේගීය අංශ කෙරෙහි අවධානය යොමු කළේය.
සිරස්තල සහ කතා සංදර්ශන මෙන් ම ඇතැම් AI ආශ්‍රිත රුප නිරමාණ “කැපවූ පෙම්වතා” (Eevoted lover) ආඛ්‍යාන තුළින් සංවේදී කළ අතර, අපරාධමය සිදුවීමක් අනුක්‍රමික චිත්තවේගීය දර්ශනයක් බවට පත් කළේය.
ඇත්ත වශයෙන් ම මාධ්‍ය භාවිතයේ දක්නට ලැබෙන මෙම නාට්‍යානුකරණය හුදු අහම්බයක් නොවේ. නූතන මාධ්‍ය සියල්ල විනෝදාස්වාදය බවට පත් කරන බව මාෂල් මැක්ලුහාන් සහ නීල් පෝස්ට්මන් ( Marshall McLuhan and Neil Postman) යනාදි මාධ්‍ය විද්වතුන් දිගු කලක් තිස්සේ අනතුරු අඟවා ඇති සිද්ධාන්තයකි.
එමෙන්ම බොහෝ කලක් සිට ශ්‍රී ලංකාවේ අධිකරණමය කාර්ය සඳහා දේශපාලනික අතපෙවීම පවතින බවට විවිධ විවේචන එල්ලවෙමින් පවතී. අපරාධකාරී පාතාල ක්‍රියාකාරිත්ව, රොමැන්තික ආදරය, හැඟීම්බර වීම්, හෝ හැඟීම්බර වචනවලින් සැරසිලි කිරීමෙන්, මහජන කෝපය මෘදු කර යි; දේශපාලන වගවීම වෙනතකට යොමු කරයි. එමෙන් ම මහජන අවකාශයේ චිත්තවේගීය ශක්තිය විවේචනයේ සිට කුතුහලය වෙත හරවා යවයි.
පාතාල ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමේ ප්‍රවෘත්තිය පිලිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරාවෙන් මුදාහරින ලද බොහෝ තොරතුරු සුනාමියක වේගයෙන් සමාජ මාධ්‍යජාල වේදිකා ආක්‍රමණය කළේ ය. පරිශීලකයින් තොරතුරු ගලනයේ වේගය ගැන සැලකිලිමත් වන අතර වේගය සත්‍යයේ සතුරා වන්නේ නම් අදාළ තොරතුර විසින් මුළු මහත් සමාජයක් මුළ කරනු ලබයි. මෙම සිදුවීම වාර්තා කිරීමේ දී එය ඇසින් දුටු, දෙකනින් ඇසු, හෝ වෙනත් පාර්ශවයක් විසින් පවසන ලද දෙයක් මෙතරම් වේගයකින් සමාජ ගත වීම අනතුරු දායකය.
මාධ්‍යකරුවකුගේ විශිෂ්ටතම වත්කම විශ්වසනීයත්වය යි. ඔහු කිසි විටකත් දෘශ්‍ය වටලෑමට ලක් නොවිය යුතුයි. 2018 MIT අධ්‍යයනයකින් pu Science ආයතනය සොයාගෙන ඇත්තේ ට්විටර් හි සත්‍ය කතාවලට වඩා අසත්‍ය පුවත් වේගයෙන් පැතිරෙන බවයි. මෙයට හේතුව ස්වයංකාරිත්වය (bots) නොව මානව මනෝවිද්‍යාව යි. සත්‍ය වෙනුවට අසත්‍යය, නැවුම්බව, චිත්තවේගීබව, එකිනෙකා අතර බෙදා ගැනීමට ඉතා පහසුය. එහෙත්, මෙම බලගැන්වීම සදාචාරාත්මක රේඛා බොඳ කරයි. ඇක්සෙල් බෲන්ස් බඳු මාධ්‍ය විශාරදයින් මෙම නව තත්ත්වය විස්තර කරන්නේ "ගේට්වොචිං ද නො එසේනම් ගේට්කීපින් ද" (Gate watching or, if not, gatekeeping) යනුවෙනුයි.
හැඟීම්බර දේශපාලන සන්නිවේදය
ශ්‍රී ලංකාවේ දේශපාලන සන්නිවේදනය දිගු කලක් තිස්සේ හැඟීම් හැසිරවීම තුළින් සිදුකරන මතවාද කළමනාකරණය මත රඳා පවතී. බොහෝ දුරට මැතිවරණ ක්‍රියාවලි පවා ඇතැම් කාල පරිච්ඡේදවල දී දේශප්‍රේමය, ආගම හෝ අපකීර්තිය, යනාදි චිත්තවේගීය ආඛ්‍යාන ව්‍යුහාත්මක අසාර්ථකත්වයන්ගෙන් අවධානය වෙනතකට යොමු කිරීම සඳහා බළමුළු ගැන්වීම සුලබ තත්ත්වයකි.

ආචාර්ය රංග කලන්සූරිය
අප රටේ ප්‍රමුඛ මාධ්‍ය විශ්ලේෂකයකු වන ආචාර්ය රංග කලන්සූරිය මේ පිළිබඳව අදහස් දක්වමින් පවසන්නේ “ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කිරීමට පමණක් සිමා නොවී, එම මාධ්‍ය වාර්තා විසින් සමාජ මනෝභාවයන් නිෂ්පාදනය ද කරනු ලබන බවයි.” (In Sri Lanka is not just about reporting, it is also about producing social moods) යනුවෙනි. සතිපතා කතා සංදර්ශන හෝ ප්‍රවෘත්ති නිර්මාණ මගින් අලුත් තරු මෙන් ම දුෂ්ටයින් නිර්මාණය කරන ආකාරය තුළින් මෙම ප්‍රවණතාව පැහැදිලිව දැකගත හැකි ය.
සෙව්වන්දි බඳු චරිත උත්කර්ෂයට නගමින් ආකර්ෂණීය ලෙස පෙන්වීමෙන් ජනමාධ්‍ය, දේශපාලනික සහ වාණිජ අවශ්‍යතා දෙකටම ප්‍රතිලාභ ලබා දෙන චිත්තවේග හෙවත් හැඟීම් පරිභෝජන චක්‍රයකට සහභාගී ඇත. සෑම වේගවත් සහ වයිරල් වූ වීඩියෝ ක්ලිප් එකක් ම, සෑම සුවිශේෂී වූ සම්මුඛ සාකච්ඡාවක් ම (Exclusive interview) සහ සෑම සමපේක්ෂණීය සිරස්තලයක් ම (Speculative headline) මාර්ගගත සම්බන්ධතාවට ඉන්ධන සපයයි.
මෙම දර්ශනය පිටුපස ඇත්තේ නොකියූ ආර්ථික අරමුණකි. ක්ලික් කිරීම්, බෙදාගැනීම්, සහ වෙළඳ දැන්වීම් ආදායම් මේවා තුළ සැඟවී පවතී. එහෙත් ඒ වෙනුවෙන් දැරීමට සිදුව ඇති ගැඹුරු සංස්කෘතික පිරිවැය ඉතා අධික ය. මෙවැනි ප්‍රවණතා මගින් සදාචාරාත්මක වටිනාකම් සහ සිවිල් වගකීම ක්‍රමයෙන් ඛාදනය වී යයි.
ඩිජිටල් සංස්කෘතිය සහ නව මනෝවිද්‍යාව
සමාජ මාධ්‍ය මෙම සංසිද්ධිය ඝාතීය ලෙස එනම් ක්‍රමික ප්‍රවේගයක් (exponentially) සහිතව විස්තාරණය කර ඇත. ෆේස්බුක්, ටික්ටොක් සහ යූ ටියුබ් යනාදි වේදිකාවල මහජනතාව, ප්‍රවෘත්ති තවදුරටත් නිද්‍රාශීලීව පරිභෝජනය නොකරයි. ඔවුන් එකී පුවත් පටිත නැවත සංස්කරණය කරමින්, අනුකරණය කරමින් ප්‍රති අදහස් දැක්වීම් සිදු කරයි. සෙව්වන්දිගේ කතාවෙන් මීම්ස් (memes): එනම්, විලාසිනියක් සේ ගොඩනැගුණු ආදර ගීත, ශෘංගාර නර්තන, ප්‍රේම ජවනිකාවලින් රසික ගිණුම් ආභාෂය ලබා ඇති අතර ඇය ඩිජිටල් ලෝකයේ ජනකාන්ත චරිතයක් බවට පරිවර්තනය වී සිටින්නී ය. කලක් අපරාධකාරී වූ සොයා දෙනු ලබන්නෙකුට රු. මිලියන 5 ක ත්‍යාගයක් ලබාදීමට යෝජනාවූ කෙනෙක් දැන් ආකර්ෂණීය, වීරත්වයක් ආරූඩ වූ ආදර්ශ චරිතයක් බවට පත්ව ඇත.
ඩැනියෙල් කාන්මන්මෙවැනි තත්ත්ව මනෝවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් විග්‍රහ කරන මාධ්‍ය මනෝවිද්‍යාඥ ඩැනියෙල් කාන්මන් (Daniel Kahneman) පෙන්වා දෙන්නේ "චිත්තවේගීය ආඛ්‍යාන, විනිශ්චයට බලපාන ආකාරය පිළිබිඹු කරයි". (Emotional narratives influence judgment) යනුවෙනි. ප්‍රේක්ෂකයින් "විපත්තිදායක කොන්දේසි යටතේ ආදරය නමැති සංවේදනය පිළිබඳ කථා නැවත නැවතත් නිරාවරණය වන විට, සදාචාරාත්මක ඇගයීම ප්‍රතිස්ථාපනය කරන්නේ ය" යනුවෙන් ඔහු පෙන්වා දෙයි. ආර්ථික දුෂ්කරතා සහ දේශපාලන බලාපොරොත්තු සුන්වීමෙන් හෙම්බත් වී සිටින ශ්‍රී ලාංකික මහජනතාව මෙම පෞද්ගලික නාට්‍යවල චිත්තවේගීය රැකවරණය පසුපස වේගයෙන් හඹා ගොස් එතුළින් යම් සැනසීමක් ලබා ගනී. මෙතුළින් ඔවුන්, පාලනයේ සහ දූෂණයේ අඳුරු යථාර්ථයෙන් මොහොතකට පිටමන්ව ව්‍යාජ උද්යෝගයක් සහ ගැලවීමක් ලබා ගනියි.
සමාජ විද්‍යාත්මක හා දාර්ශනික පදනම්
සමාජ විද්‍යාත්මකව, මෙම රටාව විමසීමේ දී ප්‍රංශ දාර්ශනික ගයි ඩෙබෝඩ් (Guy Debord) "සමාජයේ දැක්ම" (Vision of society) ලෙස හැඳින්වූ දේ නිරූපණය කරන බව පෙනේ. එවැනි සමාජවල, නිරූපණය යන්න යථාර්ථයට වඩා සැබෑව බවට පත්වේ. අපරාධ, දේශපාලනය සංස්කෘතිය, සහ විනෝදාස්වාදය, චිත්තවේගීය තීව්‍රතාවයට වඩා සත්‍යය අවම වශයෙන් වැදගත්කමක් දක්වන තනි රංගන සංස්කෘතියකට ඒකාබද්ධ වේ.
ශ්‍රී ලංකාවේ, දේශපාලනය සහ මාධ්‍ය කර්මාන්තය අතර ඇති සමීප සම්බන්ධතාව නිසා මෙම සංසිද්ධිය විශේෂයෙන් දැකගත හැකි ය. මාධ්‍ය ධනවතුන්ට බොහෝ විට දේශපාලන සම්බන්ධතා ඇති අතර, දේශපාලනඥයින් තම සංකේතාත්මක බලය ශක්තිමත් කිරීම සඳහා චිත්තවේගීය මාධ්‍ය අවස්ථා උපයෝජනය කර ගනී. බොහෝ දේශපාලනඥයින්: අවමංගල්‍ය උත්සව, වෙනත් පොදු සංවේදී මහජන ඒකරාශිවීම් ආමන්ත්‍රණය කිරීමට වැඩි කැමැත්තක් දක්වන්නේ එබැවිනි.
මේ අනුව, සෙව්වන්දි බඳු පාතාල චරිත ආදරය බඳු හැඟීම්බර දවටන වලින් සැරසීම පහසු ආඛ්‍යාන මෙවලමක් බවට පත්ව තිබේ. එය අපරාධ පුද්ගලීකරණය කරයි, යුක්තිය සුළුවෙන් සලකයි, සහ නාට්‍ය නැරඹීම දිගුකල් පවතවාගෙන යෑම කෙරෙහි ජාතියේ ආකර්ෂණය පවත්වා ගනී. අවසානයේ දී අපහරණයට ලක්ව ඇත්තේ: පුවත්පත් කලාවේ, විද්‍යුත් විකාශනයේ, සහ සමාජ මාධ්‍ය වේදිකාවේ, ආචාර ධර්ම පමණක් නොව සමාජයේ සංස්කෘතික දිශානතිය යි.
අපරාධමය සිද්ධාන්තයක් ආදරය සහ රොමැන්ටික හැඟීම් බවට පත් වූ විට සහ ප්‍රවෘත්ති නාට්‍යානුසාරී බවට පත් වූ විට, යුක්තිය සහ හැඟීම් අතර වෙනස හඳුනා ගැනීමේ මහජනතාවගේ ශඛ්‍යතාව ඛාදනය වී වැහැරීම ඇරඹේ. මෙම සදාචාරාත්මක ව්‍යාකූලත්වය බලයේ සිටින: අනුර, රනිල්, සජිත්, හෝ ඕනෑ ම අයෙකුට අතිශය තීරණාත්මකව ප්‍රයෝජනවත් වේ. ඒ මන්ද යත් සමාජ දේශපාලන ක්‍රියාවලියෙන් අවධානය වෙනතකට යොමු වූ මහජනතාවක් වගවීම ඉල්ලා සිටීමට ඇති ඉඩකඩ ඉතාමත් සීමිත වන බැවිනි.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය අධ්‍යාපනඥයින් සහ මාධ්‍යවේදීන් මාධ්‍ය සාක්ෂරතාව කෙරෙහි නැවත අවධාරණයක් ඉල්ලා සිටිය යුතු නිමේෂයක් පැමිණ තිබේ. ඒ අන් කවරක් නිසාවත් නොව, ප්‍රේක්ෂකයින්ට, පාඨකයින්ට, සහ පරිශීලකයින්ට, චිත්තවේගීය හැසිරවීම විකේතනය කිරීමට සහ පක්ෂග්‍රාහීත්වය යනු කුමක්දැයි හඳුනා ගැනීමට මුල සිට ඉගැන්වීම පිණිස ය.

ආචාර්ය ප්‍රදීප් වීරසිංහ
කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය ප්‍රදීප් වීරසිංහ විසින් මෑතක දී නිරීක්ෂණය කළ අකාරයට ම, “අපගේ සමාජ මාධ්‍ය යුගය ඉල්ලා සිටින්නේ ප්‍රකාශනයේ නිදහස පමණක් නොව, අර්ථ නිරූපණයේ වගකීමයි.” (Our social media era demands not only freedom of expression, but also responsibility of interpretation)
ඉතින්, සෙව්වන්දි සංසිද්ධියේ හරස්කඩ ආදරය තැවරුණු උන්මාදනීය කතාවකට වඩා වැඩි සමාජ දේශපාලන යථාර්තයක් බව කිව යුතු ය. එය අනේක විද සමාජ නිර්මිතවල දර්ශනවලින් කැටයම් කරන ලද හිස් බව පමණක් ඔසවා තැබූ කැඩපතකි.
ඇවිදින පුස්තකාලයක් යනුවෙන් වර නගන ලද පොළොන්නරුවේ TB සරත් නියෝජ්‍ය අමාත්‍යවරයාට අනුව: ඇගේ ශක්තිය, දැනුම, අත්දැකීම් යනාදිය රටේ සංවර්ධන ක්‍රියාවලියට පහසුවෙන් උරා ගැනීමට වුව ද හැකියාව තිබිණි.
කෙසේ වෙතත් මහජනතාව මාතෘකා අතර පවතින යටිපෙළ කියවීමට ඉගෙන නොගන්නේ නම්, ශ්‍රී ලංකාව ගැඹුරින් දැනෙන නමුත් ඕනෑවට වඩා අඩුවෙන් සිතන ජාතියක් බවට පත්වීමේ දරුණු අවදානමක් පවතී.(සටහන | විජේපාල දිසානායක)
wijepaladissanayake@gmail.com
භාණ්ඩාගාරික
ආසියානු භූ දේශපාලන තිරසතාවය, සහ සාමය සඳහා වූ කවුන්සිලය
Asian Geopolitical Sustainability & Peace Council. (AGSPeC)
තොරතුරු මූලාශ්‍ර:
* ආචාර්ය රංග කලංසූරිය, ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය (2023).
* ඩැනියෙල් කාන්මන්, සිතීම, වේගවත් හා මන්දගාමී (2011).
* ගයි ඩෙබෝඩ්, ද සොසයිටි ඔෆ් ද ස්පෙක්ටකල් (1967).
* කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රදීප් වීරසිංහ සමඟ සම්මුඛ සාකච්ඡාවක් (2024).
සබැඳි ලිපි :
මෙරට මාධ්‍යයෙන් පෙන් වූ නේපාලයේ 'සොඳුරු වැටලීම' | සුනිල් කන්නන්ගර
ඉශාරා අත්අඩංගුවට ගත්තේ ඉන්ටර්පොල් එකෙන් - නේපාල මාධ්‍ය
නීතීඥයන්ට ගරහමින් ඉෂාරා සෙව්වන්දි උඩ දැමීමේ දේශපාලනය | අජිත් පැරකුම් ජයසිංහ
අප්‍රසන්න, හිංසාකාරී අත්අඩංගුවට ගැනීම් නැවතිලා.. - මනෝරම වීරසිංහ | Manorama Weerasinghe




