ඒ, VISHNU VASU AUDIO BOOK නාලිකාව හරහා ය.
මෙවර ඔහු සිය වැඩසටහන නම් කර තිබෙන්නේ ''දුෂ්කර ක්‍රියාව''යනුවෙනි.
විෂ්ණු වාසු
ඔහු මෙවර විශේෂ ඉල්ලිමක් ද කර ඇත. ඒ මෙලෙසිනි.
''ගුරුකුලවාසී සංගීත ශිෂ්‍යයෙකු ලෙස ලැබූ දෘඩ පුහුණුව පිළිබඳව මේ පරිච්ඡේදය සුවිශේෂයි. ඔබත් අහන්න. නොවරදවාම දරුවන්ට අහන්න සලස්වන්න. එක රැයින් සංගීත තරු වෙන්න උත්සාහ කරන තරුණ දරුවන් හැමෝට ම වටිනා පාඩමක් මෙය. ශිල්පයක් ප්‍රගුණ කරන්නට, මොන තරම් කැපවීමක්, දුෂ්කරක්‍රියාවක් කළ යුතුදැයි අවබෝධ කරගන්නට මේ පාඩම අහන්න දෙන්න. මේ වනාහී කුඩා රෙකෝඩරයක් භාවිතයෙන් නිවසේ සිට කළ පටිගත කිරීමක් නිසා සුළු සුළු බාධා දැනුනා නම් කරුණාකර සමාවෙන්න.''
මතු පළ වන්නේ එම AUDIO BOOK වැඩසටහන අන්තර්ගත සම්පූර්ණ විඩියෝවයි.
මෙම වීඩියෝ නාලිකාව SUBSCRIBE කරගැනීමෙන් ඔබට විෂ්ණු වාසු විසින් ඉදිරිපත් කරනු ලබන ''මගේ රස්තියාදු මතක සංචිතය' අඛණ්ඩව අහන්න පුළුවන්.




