The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රට ගොඩ­නැ­ඟී­මට ගතයුතු ආර්ථික මඟ | මහා­චාර්ය ප්‍රියංග දුනු­සිංහ

T

The Leader Desk

October 21, 2025 • 6:32 AM

රට ගොඩ­නැ­ඟී­මට ගතයුතු ආර්ථික මඟ | මහා­චාර්ය ප්‍රියංග දුනු­සිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උදා­හ­ර­ණ­ය­කට සිය­ඹ­ලා­ණ්ඩුවේ ගැමි­ය­කුට ගුව­න්යා­න­ය­කින් ගම­නක් නොගි­යද ගුවන් සමා­ගමේ පාඩුව පිය­වී­මට බදු ගෙවීම් හරහා දාය­ක­වී­මට සිදුවී ඇත කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ආර්ථික විද්‍යා අධ්‍ය­යන අංශයේ මහා­චාර්ය ප්‍රියංග දුනු­සිංහ සමඟ සිදු­කළ සංවා­ද­යක් ඇසු­රෙන් මෙම ලිපිය සැක­සුණි.
  • මීට වසර 60, 70කට පෙර අප රට තිබූ සමාජ, ආර්ථික, දේශ­පා­ලන තත්ත්ව­යට වඩා වර්ත­මා­නය වෙනස් වී ඇත.
  • එද­වස රාජ්‍ය ව්‍යව­සාය ඇති කිරී­මට අදාළ වූ අර­මුණ අපි මඳක් පැහැ­දිලි කර ගනිමු.
  • එහිදී සම­හර අංශ­යන් දියුණු කිරී­මට අවශ්‍ය මැදි­හ­ත්වීම් එදා ඇති කළ ව්‍යව­සා­යන් තුළින් ලබා­දුනි.
අකුරු ප්‍රමාණය (Font Size):

උදා­හ­ර­ණ­ය­කට සිය­ඹ­ලා­ණ්ඩුවේ ගැමි­ය­කුට ගුව­න්යා­න­ය­කින් ගම­නක් නොගි­යද ගුවන් සමා­ගමේ පාඩුව පිය­වී­මට බදු ගෙවීම් හරහා දාය­ක­වී­මට සිදුවී ඇත

කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ආර්ථික විද්‍යා අධ්‍ය­යන අංශයේ මහා­චාර්ය ප්‍රියංග දුනු­සිංහ සමඟ සිදු­කළ සංවා­ද­යක් ඇසු­රෙන් මෙම ලිපිය සැක­සුණි.

 

මහා­චාර්ය ප්‍රියංග දුනු­සිංහ

රාජ්‍ය ව්‍යව­සා­යන් ආරම්භ කිරී­මට මුල් වූ හේතුසාධක හා අර­මු­ණු­ව­ලින් බොහෝ දුරට බැහැ­රවූ නව සමා­ජ­යක් හා වටා­පි­ටා­වක් නිර්මා­ණය වී ඇති පසු­බි­මක තව­දු­ර­ටත් ජාතික අය-වැයට බරක් වෙමින් ඒවා පව­ත්වා­ගෙන යෑමේ හැකි­යා­වක් රජ­යට නැත. එබැ­වින් රජය වහාම රාජ්‍ය ව්‍යව­සා­යන්ගේ ප්‍රති­සං­ස්ක­රණ සිදු කිරී­මට නොබි­යව කට­යුතු කළ යුතුය.

මීට වසර 60, 70කට පෙර අප රට තිබූ සමාජ, ආර්ථික, දේශ­පා­ලන තත්ත්ව­යට වඩා වර්ත­මා­නය වෙනස් වී ඇත. එදා රටේ ජන­තා­වගේ බලා­පො­රොත්තු, අපේක්ෂා ඉටු­කි­රී­මට යම් යම් රාජ්‍ය ව්‍යව­සා­යන් ආරම්භ කළ යුතුව තිබුණි.

එද­වස රාජ්‍ය ව්‍යව­සාය ඇති කිරී­මට අදාළ වූ අර­මුණ අපි මඳක් පැහැ­දිලි කර ගනිමු.

රටේ දියු­ණුව, සංව­ර්ධන අර­මුණු කොට රාජ්‍ය ව්‍යව­සා­යන් බිහි කෙරිණි. මූලෝ­පාය අර­මුණ ජය ගැනී­මට ද, වෙළෙ­ඳ­පොළ බිඳ­වැ­ටීම වැළැ­ක්වී­මට ද රාජ්‍ය ව්‍යව­සා­යන් ආරම්භ කළ යුතුය.

එප­ම­ණක් නොව පෞද්ග­ලික අංශය ප්‍රමා­ණ­වත් නොවීම හේතු­වෙන් ද එදා රාජ්‍ය ව්‍යව­සා­යන් බිහි­කළ යුතුව තිබුණි.

 

image c651f4a54b
මේ ආකාර වූ අර­මුණු ජය ගැනී­මට අප රටේ පම­ණක් නොව මුළු ලෝක­යේම රාජ්‍ය ව්‍යව­සා­යන් බිහි කෙරිණි. එම ව්‍යව­සාය හරහා රටේ ජන­තා­වට සංව­ර්ධ­න­යට අදා­ළව කට­යුතු සිදු කෙරිණි. එහිදී සම­හර අංශ­යන් දියුණු කිරී­මට අවශ්‍ය මැදි­හ­ත්වීම් එදා ඇති කළ ව්‍යව­සා­යන් තුළින් ලබා­දුනි.

රාජ්‍ය ව්‍යව­සා­යන්

ඕනෑම රටක මූලෝ­පා­යික ලෙස වැද­ගත් අංශ වන බල­ශක්ති, වරාය, ගුව­න්තො­ටු­පොළ, ඇලු­මි­නි­යම්, යකඩ හා වානේ යනා­දියේ දියු­ණු­වට ද රාජ්‍ය ව්‍යව­සා­යන් බිහි­විය. විදේශ හෝ පෞද්ග­ලික අංශයේ මැදි­හ­ත්වී­මක් මත මේ සේවා ලබා­ගැ­නී­මට යෑමේදී රටේ ආර­ක්ෂා­වට, භෞමික අඛ­ණ්ඩ­තාව වැනි කරු­ණු­ව­ලදී පීඩා අවම කිරී­මට ඒවා රජය සතු විය යුතුම යන්න එදා ප්‍රති­ප­ත්තිය විය.

ඒකා­ධි­කාරී තත්ත්ව­යක් ඇති­වු­ව­හොත් ගැටලු මතුවේ යැයි සිතා, ඒ අනුව පෞද්ග­ලික අංශය සතුව වරාය, ගුව­න්තො­ටු­පොළ, විදු­ලි­බල මණ්ඩ­ලය වැනි රාජ්‍ය ව්‍යව­සා­යන් බිහි­වී­මට ඉඩක් ලබා නොදුනි.

port8w783
රාජ්‍ය ව්‍යව­සා­යන් ලෙස ප්‍රකට බැංකු, රක්ෂණ, වරාය, ගුව­න්තො­ටු­පොළ, විදුලි, බල­ශ­ක්තිය, කජු, තල්, සීනි එකී නොකී ව්‍යව­සා­යන්ට රජය මැදි­හ­ත්වී­මක් එදා කළ යුතු­විය.

මෙලෙස ක්‍රියා­ත්මක වූ රාජ්‍ය සේවා­වන් සම්බ­න්ධ­යෙන් රාජ්‍ය ව්‍යව­සා­යට අදාළ අයගේ අත්දැ­කීම් මෙසේ සඳ­හන් කරමු.

වසර 1950 – 60, 70 අග­ව­න­තුරු රාජ්‍ය ව්‍යව­සා­යන් බිහි­විය. වසර 1960 ගණ­න්වල බැංකු ඇතුළු ව්‍යව­සා­යන් ඇර­ඹිණි. මේ වන විට ඒවා සම්බ­න්ධ­යෙන් අපට තිබෙන අත්දැ­කීම් මොන­වාද? යන්න කතා කළ යුතු­මය. අපිට තිබෙන අත්දැ­කීම නම් ඒවා අදාළ අර­මුණු ඉෂ්ට කර ගැනී­මට එද­වස සමත් වන්නට ඇත. මේ වන විට එම සේවා ගැන ඇත්තේ ප්‍රශ්නා­ර්ථ­යකි. එසේ සමත් වුවත් රජයේ අය-වැයට මේ වන විට ඉන් විශාල අහි­ත­කර බල­පෑ­මක් මතුවී ඇත. වංචාව – දූෂණ ඉහළ ගොස් ඇත. රාජ්‍ය ව්‍යව­සා­ය­න්ගෙන් ජන­තා­වට ලැබෙන භාණ්ඩ හා සේවා ගුණා­ත්ම­ක­භා­වය අද පහළ වැටී ඇත.

රජය සතු ව්‍යව­සා­යන්ගේ භෞතික සම්පත් ප්‍රමා­ණය විශා­ලය. නමුත් අද වන විට එම සම්පත් ඌන උප­යෝ­ජන සම්පත් ලෙස පවතී.

අදාළ ආය­තන විසින් ජන­තාව සප­යන සේවා­වල ගුණා­ත්ම­ක­භා­වය, නවෝ­ත්පා­ද­නය දක්නට නොලැබේ.

රාජ්‍ය ව්‍යව­සාය තුළ ලබා­දෙන ඇතැම් සේවා­වල භාණ්ඩ­යක තිබෙන ගුණා­ත්ම­ක­භා­වය පහ­ළය. එමෙන්ම අද වන විට එම ව්‍යව­සා­ය­න්වල ලාභ­දා­යි­ක­ත්ව­යක් නොමැත.

3645hhhfgfg
මෙම ව්‍යව­සා­යන් නිසා ලබන පාඩුව පොදු මහ­ජ­න­තාව පිට පැටවේ. ඈත පිටි­සර ගමක අයෙකු ගුව­න්යා­න­යක ගියත් නැතත් ඔහුට ද ගුවන් සේවය ලබන පාඩුවේ බර ගෙවී­මට සිදුවේ. එමෙන්ම වරාය ප්‍රයෝ­ජ­න­යට ගත්ත ද නොග­ත්තද, විදු­ලි­ බ­ලය ඇතත් නැතත් ඈත පිටි­සර අයට ඒවායේ පාඩුව පිය­වී­මට දායක වීමට සිදුවී ඇත. මෙය බර­ප­තළ තත්ත්ව­යකි.

මෙම රාජ්‍ය ව්‍යව­සා­ය­න්ව­ලින් සමා­ජයේ ඉහ­ළම තලයේ සිටින සුළු පිරි­ස­කට සෙත සැල­සෙන අතර, සමා­ජයේ පහ­ළම පන්තියේ සිටින බහු­ත­ර­ය­කට බරක් පැට­වීම සිදුවී තිබේ. උදා­හ­ර­ණ­ය­කට සිය­ඹ­ලා­ණ්ඩුවේ ගැමි­ය­කුට ගුව­න්යා­න­ය­කින් ගම­නක් නොගි­යද ගුවන් සමා­ගමේ පාඩුව පිය­වී­මට බදු ගෙවීම් හරහා දාය­ක­වී­මට සිදුවී ඇත.

මෙවැනි තත්ත්ව නිසා රාජ්‍ය ව්‍යව­සා­යන්ගේ ප්‍රති­සං­ස්ක­ර­ණ­යක් ඇති කිරීමේ අද­හස මතු­විය. ඒ අනුව 1980 රාජ්‍ය ව්‍යව­සා­යන් අත­රින් සම­හර ඒවා වාණි­ජ­මය ලෙස පාඩු ලබා දුර්වල වූ විට පෞද්ග­ලික අංශ­යට ලබා­දීම සිදු­විය. ඒ අනුව රජය සතු වතු සමා­ගම් 1990 ගණ­න්වල පෞද්ග­ලික අංශ­යට පැවැ­රිණි. රජය භාණ්ඩ ආන­ය­නය කිරීමේ ව්‍යව­සා­ය­න්ගෙන් ක්‍රමි­කව ඉවත් විය. DFCC බැංකු පද්ධ­තිය, තුල්හි­රිය, තුනී­ලෑලි සංස්ථාව වැනි ව්‍යව­සා­යන් බොහෝ­ම­යක් පෞද්ග­ලික අංශ­යට ලබා­දුනි.

ඉන් අන­තු­රුව ක්‍රමි­කව රාජ්‍ය හා පෞද්ග­ලික හවු­ල්කා­රි­ත්වය යටතේ ව්‍යාපාර සිදු­කෙ­රිණි. රාජ්‍ය හා පෞද්ග­ලික අංශය එක්ව ටෙලි­කොම් ආය­ත­නය කට­යුතු කළේ ඒ අනු­වය. සිංග­ප්පූ­රුව රාජ්‍ය ව්‍යව­සා­ය­න්වල රජයේ අයි­ති­යත් ලබා­ගෙන පෞද්ග­ලික අංශය සමඟ එක්ව කට­යුතු කළ රටකි. දකුණු ආසි­යානු කලා­පයේ පම­ණක් නොව මැලේ­සි­යාව, විය­ට්නා­මය, ඉන්දු­නී­සි­යාව ඇතුළු ලොව රට­වල් බොහෝ­ම­යක මේ වන විට රාජ්‍ය ව්‍යව­සා­ය­න්වල ප්‍රති­සං­ස්ක­රණ සිදු කර­මින් පවතී.

1591562442 1181

වර්ත­මා­නය වන විට ශ්‍රී ලංකාවේ තත්ත්වය කෙබඳු ද? යන්න පහදා ගත යුතුය.

ශ්‍රී ලංකා­වට අදා­ළව අපි කුමක් කළ යුතු ද යන පැනය ඇත. ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෑත­කදී පැවැසූ එක් කතා­වක් තිබේ. “සම­හර රාජ්‍ය ආය­තන ඇත්ත­ටම වර්ත­මා­නය වන විට පව­ත්වා­ගෙන යෑම දැන් අවශ්‍ය නැත.”

රාජ්‍ය හා පෞද්ග­ලික හවු­ල්කා­රි­ත්වය

ff4535345dfdfg
ඇතැම් රාජ්‍ය ව්‍යව­සා­යන් මේ මොහොතේ රටේ සංව­ර්ධ­න­යට දායක වන කාර්ය­භා­ර­යක් ඉටු නොක­රයි. සම­හර ආය­ත­න­වල සේවා ඉටු කිරී­මට ආය­තන ගණ­නා­වක් තිබේ. එක් අර­මු­ණක් ඉටු කර­න්නට ආය­තන ගණ­නා­වක් තිබීම ගැට­ලු­වකි. මේවා සියල්ල ඒකා­බද්ධ කළ යුතුය. අප රටේ මේ වන විට විදු­ලි­බ­ලය සිය­යට 99ක් ලබාදී ඇත. අදට අපට අවශ්‍ය වන්නේ නිප­ද­වෙන විදු­ලිය කාර්ය­ක්ෂ­මව, අඛ­ණ්ඩව, ආර­ක්ෂි­තව ලබා­දී­මට සමත් සේවා­වක් ඉටු­කර ගැනී­මය. එය රජය සතුව පැව­තීම මතම කළ නොහැ­කිය. රජ­යට ඒවා ඉටු­කි­රී­මට අදා­ළව සේවා වැඩි­දි­යු­ණු­වට මුදල් අවශ්‍ය වේ. රජ­යට එයට ආයෝ­ජන කළ නොහැ­කිය. එවැනි තත්ත්ව­යක් මඳ වශ­යෙන් පවතී.

රජයේ බැංකු ගණ­නා­වක් තිබුණ ද තව­මත් ඈත පිටි­සර ගම්මා­න­වල, ප්‍රදේ­ශ­වල බැංකු ශාඛා නොමැත. ස්වයං­ක්‍රිය බැංකු සේවා පහ­සු­කම් ලබා ගන්න ATM යන්ත්‍ර­යක් හෝ ඇතැම් තැනක නොමැත. මේවා ලබා­දී­මට රාජ්‍ය අංශය යම් මැදි­හ­ත්වී­මක් කළ යුතුය. එලෙස රටට, ජන­තා­වට දැනෙන ලෙස රාජ්‍ය ව්‍යව­සා­ය­න්වල සේවා පව­ත්වා­ගෙන යෑමට නොහැකි නම්, එම ආය­තන හඳු­නා­ගෙන වසා දැමී­මට රජ­යට පුළු­වන.

මේ ආකා­ර­යට රාජ්‍ය ව්‍යව­සා­ය­න්වල ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණ­යක් ඇති කළ යුත්තේ ඇයි? යන්න කතිකා කළ යුත්තකි. රාජ්‍ය ව්‍යව­සාය පාඩු ලබ­නවා යැයි කියන කරුණු මඳක් ගැට­ලු­ස­හ­ග­තය. ලාභ ලැබීම රජයේ ව්‍යව­සා­යන් ආරම්භ කිරී­මේදී අර­මුණු කොට නැත. එදා රාජ්‍ය ව්‍යව­සා­යන් ආරම්භ කිරී­මේදී ලාභ ලැබීම අර­මු­ණක්ව තිබුණේ නැත.

image 168ece511c
රටේ සංව­ර්ධ­න­යට දායක වීම අර­මුණ විය. අද දවසේ අප මුහු­ණ­දෙන ප්‍රශ්නය වනුයේ මේ ආය­තන ලබා­දෙන සේවා ඉතා­මත් පහළ මට්ට­මක පැව­තීම හා ඒවා රටේ සංව­ර්ධ­න­යට, ආර්ථි­ක­යට දායක නොවී­මය.

මෙහිදී මතු­වන වැද­ගත්ම කරුණ වනුයේ රාජ්‍ය ව්‍යව­සා­යන් නඟා­සි­ටු­වී­මට අවශ්‍ය නව ආයෝ­ජන දිනා­ගන්නේ කෙසේද යන්නයි. නව ආයෝ­ජන ලෙස මුදල් යෙද­වී­මට රජ­යට මේ මොහොතේ නොහැ­කිය.

උදා­හ­ර­ණ­යක් ලෙස විදු­ලිය සැප­යීමේ සේවා වැඩි­දි­යුණු කිරී­මට විදු­ලි­බල මණ්ඩ­ල­යට විශාල වශ­යෙන් ආයෝ­ජ­න­යන් එක්කළ යුතුය. නිප­ද­වා­ගත් විදු­ලිය කාර්ය­ක්ෂ­මව බෙදා­හැ­රී­මට එහි නඩත්තු කට­යු­තු­ව­ලට විශාල ලෙස මුදල් යොදා පිළි­යම් යෙදිය යුතුය. අඩුම තරමේ ඉදිරි වසර 05 ඇතු­ළත ඩොලර් බිලි­යන 5ක ආයෝ­ජ­න­යක් මේ සඳහා කළ යුතුය.

අද අප මුහු­ණ­දෙන යථා­ර්ථ­යට අනුව රාජ්‍ය අයි­තිය යටතේ ව්‍යව­සා­යන් තබා ගැනී­මෙන් පම­ණක් මේවා දියුණු කළ නොහැ­කිය.

ප්‍රති­සං­ස්ක­රණ

1712843853 eco L
විදු­ලි­බල මණ්ඩ­ලය, ගුවන් සේවා සමා­ගම ඇතුළු නව ආයෝ­ජන, නව නිපැ­යුම් එක්ක­ර­ගත යුතු අංශ­ව­ලට අප මුදල් යෙද­විය යුතු­මය. එවැනි මොහො­තක එළැ­ඹෙන වසරේ අය-වැයේදී හෝ මේවාට පිළි­යම් යෝජනා ඉදි­රි­පත් කිරී­මට රටේ රාජ්‍ය මූල්‍ය විනය හා සාර්ව ආර්ථික ස්ථායි­තාව ඇති කළ යුතුය. රාජ්‍ය ව්‍යව­සා­ය­න්වල ප්‍රති­සං­ස්ක­රණ සිදු­කි­රීම වැද­ගත් වනුයේ එහි­දීය.

රාජ්‍ය ව්‍යව­සාය ප්‍රති­සං­ස්ක­රණ හරහා එහි ශ්‍රම ඵල­දා­යි­තාව ඉහ­ළට ගත හැකිය. රටේ සංව­ර්ධ­න­යට දායක වන ඉහළ ඵල­දා­යි­තා­වක් සහිත රාජ්‍ය සේවා­වක් තිබිය යුතු­මය.

රාජ්‍ය ව්‍යව­සා­ය­න්වල ප්‍රති­සං­ස්ක­රණ හරහා ඒවා සතු ඉඩම්, යාන­වා­හන, යන්ත්‍ර­සූත්‍ර නිසි ලෙස භාවි­ත­යට ගෙන රටේ සංව­ර්ධ­නය වේග­වත් කළ හැකිය. උදා­හ­ර­ණ­යට දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව සතු ඉඩම් සහ යන්ත්‍රෝ­ප­ක­රණ හරි­යා­කා­රව ප්‍රයෝ­ජ­න­යට ගත­හොත් අපට විශාල දියු­ණු­වක් එම දෙපා­ර්ත­මේ­න්තුව ආශ්‍රි­තව සිදු කළ හැකිය.

රාජ්‍ය ව්‍යව­සාය ප්‍රති­සං­ස්ක­රණ කළ යුත්තේ පෞද්ග­ලික අංශ­යට රටේ ආර්ථික ක්‍රියා­කා­ර­ක­ම්ව­ලට වැඩි වශ­යෙන් දාය­ක­වී­මට ඉඩ­ප්‍ර­ස්තාව ලබා­දීමේ අර­මු­ණින් ය. රජය සියලු දේ නතු­කර සිටීම නුව­ණට හුරු නොවේ. “බල්ලා පිදුරු කන්නෙත් නැහැ, කන ගොනාට දෙන්නෙත් නැහැ” කිය­මන පරිදි ක්‍රියා කළ යුතු නොවේ. හැකි­ත­රම් දුරට පෞද්ග­ලික අංශයේ ඉඩ­ප්‍රස්තා පුළු­ල්කොට දේශීය විදේ­ශීය ආයෝ­ජන දිනා­ගත යුතු­වෙයි.

එලෙස සිදු­කි­රී­මට වේග­වත්ව රාජ්‍ය අංශයේ ව්‍යව­සා­ය­න්වල ප්‍රති­සං­ස්ක­රණ කළ යුතුය. ඒ සඳහා නව රජ­යට විශාල වැඩ කොට­සක් කළ හැකිය. විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා, පාර්ලි­මේ­න්තුවේ 2/3 ඉක්මවූ බහු­තර බල­යක් හිමි රජ­යට ඒ සඳහා දාය­ක­ත්වය දිය හැකිය. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ විස්තීර්ණ ණය පහ­සු­ක­ම­කට ද එළඹ නිශ්චිත වැඩ­පි­ළි­වෙ­ළක් ඔස්සේ රජය රටේ ආර්ථී­කය මෙයෙ­හ­වයි. මේ මොහොතේ ඒ සියලු කරුණු කාරණා පෙළ­ගැසී ඇති ආකා­ර­යට ළඟ නොව දුර බලා රටේත් ජන­තා­ව­ගේත් දියු­ණුව අපේ­ක්ෂා­වෙන් මෙහි ප්‍රති­සං­ස්ක­රණ සිදු කිරීම කළ යුතුම වේ. ඒ සඳහා මේ රජ­යට එළ­ඹෙන අය-වැය තුළින් පිය­වර තැබීම ඇර­ඹිය හැකිය. අද තබන එක් පිය­ව­රක් සාර්ථ­ක­ත්වය දස දස­ද­හස් ගණ­න­කින් ළඟා­කර ගන්නා දැවැන්ත ඉදිරි ගම­නක ආර­ම්භය වනු ඇත.

(dinamina | ජය­සිරි මුණ­සිංහ)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රට ගොඩ­නැ­ඟී­මට ගතයුතු ආර්ථික මඟ | මහා­චාර්ය ප්‍රියංග දුනු­සිංහ | The Leader