The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වැසි දිනවල දී අලස නිදිමත ගතියක් හා වැඩිපුර කුසගිනි දැනෙන්නේ ඇයි? | ඒ.ජී රේණුකා දමයන්ති

T

The Leader Desk

October 22, 2025 • 7:20 AM

වැසි දිනවල දී අලස නිදිමත ගතියක් හා වැඩිපුර කුසගිනි දැනෙන්නේ ඇයි? | ඒ.ජී රේණුකා දමයන්ති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමෙන්ම වැසි දිනවල වෙනදා නොමැති කුසගින්නක් දැනීම ද බොහෝ දෙනකු අත්දකින තත්ත්වයකි.
  • මෙම හෝමෝනය නිදිමත ගතිය ඇති කරන ප්‍රධාන සාධකයක් බැවින් ශරීරය නිදි සුවයක් අපේක්ෂා කිරීම අතිශය ස්වාභාවික ය.
  • එමෙන්ම හිරු එළිය මඟින් සිරුරේ ප්‍රබෝධමත් බව වැඩි දියුණු කරන සහ සතුට ඇති කරන සෙරටොනින් (Serotonin) නම් හෝමෝනය සක්‍රිය කරන අතර වැසි දිනවල හිරු එළිය අඩුවීම හේතුවෙන් ශරීරයේ සෙරටොනින් මට්ටම පහළ ගොස් ප්‍රබෝධය අඩු වී කම්මැලිකමක් ඇති විය හැකිය.
  • හිරු එළිය නොමැති විට ශරීරයට නිසි පරිදි විටමින් D නොලැබීම ද අලස බවක් දැනීමට හේතු විය හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):


එමෙන්ම වැසි දිනවල වෙනදා නොමැති කුසගින්නක් දැනීම ද බොහෝ දෙනකු අත්දකින තත්ත්වයකි. නමුත් මෙහි ජෛව විද්‍යාත්මක මෙන්ම මනෝ විද්‍යාත්මක හේතු බොහෝ දෙනකුගේ අවධානයට යොමු වී නැත.

ඒ සඳහා බලපාන ජීව විද්‍යාත්මක හේතු සමහරක් හිරු එළිය අඩු වීම මත පදනම් වේ.

Sleepier During Monsoon

හිරු එළිය නොමැති අඳුරු කාලගුණයකදී අපගේ ශරීරය රාත්‍රියට හෝ නින්දට සූදානම් කරන “නිදි හෝමෝනය” හෙවත් මෙලටොනින් (Melatonin) නම් හෝමෝනය වැඩිපුර සක්‍රිය වීමට පටන් ගනී. මෙම හෝමෝනය නිදිමත ගතිය ඇති කරන ප්‍රධාන සාධකයක් බැවින් ශරීරය නිදි සුවයක් අපේක්ෂා කිරීම අතිශය ස්වාභාවික ය. වැසි දිනවල දී බොහෝ දෙනකු යහන් මතට වී හිඳීමට පෙළඹෙනුයේ ඒ නිසා ය. “අද මට මෙලෝ වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. නිදා ගන්නමයි හිත” මෙය අප බොහෝ දෙනකු වැසි කාලයට පවසන හෝ අසන වදනකි.

එමෙන්ම හිරු එළිය මඟින් සිරුරේ ප්‍රබෝධමත් බව වැඩි දියුණු කරන සහ සතුට ඇති කරන සෙරටොනින් (Serotonin) නම් හෝමෝනය සක්‍රිය කරන අතර වැසි දිනවල හිරු එළිය අඩුවීම හේතුවෙන් ශරීරයේ සෙරටොනින් මට්ටම පහළ ගොස් ප්‍රබෝධය අඩු වී කම්මැලිකමක් ඇති විය හැකිය.

එමෙන්ම හිරු එළියෙන් ලැබෙන විටමින් D ද ශරීරයේ ශක්ති මට්ටම් පවත්වා ගැනීමට උපකාරී වේ. හිරු එළිය නොමැති විට ශරීරයට නිසි පරිදි විටමින් D නොලැබීම ද අලස බවක් දැනීමට හේතු විය හැකි ය.

වායුගෝලීය පීඩනය අඩුවීම ද වැසි දිනවල බොහෝ දෙනකු අලස කරවන හේතුවකි. වැසි ඇතිවන විට සාමාන්‍යයෙන් වායුගෝලීය පීඩනය අඩු වේ. වායුගෝලීය පීඩනය සහ ඔක්සිජන් මට්ටම අඩුවීම සමහර පුද්ගලයන්ගේ ශරීරයට බලපාන අතර, සුළු තෙහෙට්ටුවක් හෝ නිදිමත ගතියක් ඇති කළ හැකි ය.

Rain

එසේම වැසි දිනවල අලස සහ නිදිමත ගතියක් දැනීමට බලපාන මානසික හා චර්යාත්මක හේතූන් ද කිහිපයක් තිබේ. වර්ෂාවක දී වැසි බිඳු පතිත වන ඇති රිද්මයානුකූල “පිටර් පැටර් නාද රටාව” හෙවත් “Rhythmic Pitter-Patter රටාව” “රෝස ශබ්දය” (Pink Noise) ලෙස ඔබට මනස නිදහස් කර නින්දට කරන සුවදායී ආරාධනයක් ලෙස සැලකේ. ඊට අමතරව මේ සඳහා සමාජමය හේතු ද බලපාන බව අනාවරණය වී තිබේ.

වැස්ස යනු සෙම්ප්‍රතිශ්‍යාව වැනි ලෙඩ රෝග පතුරුවන බවට ප්‍රචලිත මතය ඊට හේතු වී තිබේ. එ නිසා එළිමහනට නොබැසිය යුතු හා සාමාන්‍ය කටයුතු අවලංගු කොට ගෙදරට වී සිටිය යුතු අවස්ථාවක් සේ සිතීමට අපගේ මනස කුඩා කල සිට හුරු වී තිබේ. ඒ නිසාම වැසි දිනකදී නිවස තුළ උණුසුම් වටපිටාවක සැහැල්ලුවෙන් හා විවේකයෙන් සිටිය යුතු බවට මොළයෙන් සංඥාවක් නිකුත් වේ. මෙය තත්වාරෝපණ සැකසීම (Conditioning) ලෙස ද විස්තර කෙරේ. එමෙන්ම වැසි වේලාවන් තුළ දී නිවස තුළ ඇති අඳුරු පසුබිම මොළයට විවේක ගැනීමට සහ කම්මැලි වීමට පරිපූර්ණ පරිසරයක් සපයයි.

මේ නිසා, වැසි දිනකදී ඔබගේ සිරුරේ ජවය ස්වභාවිකවම අඩු කර ඔබ විවේක ගැනීමට පෙළඹවීම සාමාන්‍ය දෙයකි. එය අලස සුවය විඳීමට ඔබට කරන ඇරයුමක් බව නිසැක ය. නමුදු මෙම තත්ත්වයන් යම් යම් පුද්ගලයන් කෙරෙහි සේම විවිධ දේශගුණික තත්ත්වයන් බලපාන ප්‍රදේශවල දී මීට වෙනස් අයුරින් බලපාන බව ද අප විශේෂයෙන් දත යුතු ය. විශේෂයෙන් අධික ලෙස වර්ෂාව ලැබෙන ප්‍රදේශ සම්බන්ධයෙන් මෙම බලපෑම වෙනස් වන බව ද නොරහසකි.

එමෙන්ම සාමාන්‍ය දිනවලට සාපේක්ෂව වැසි දිනවලදී වැඩිපුර කුසගිනි දැනීම ද සාමාන්‍ය දෙයක් බව අපි කවුරුත් දනිමු. මේ සඳහා ද බලපාන හේතු කිහිපයක් තිබේ:

 

raing day hungry

වැසි දිනවලදී පරිසර උෂ්ණත්වය අඩු වන නිසා, ශරීරයට උණුසුම පවත්වා ගැනීමට අතිරේක ශක්තියක් අවශ්‍ය වේ. ශරීර උෂ්ණත්වය නියතව තබා ගැනීම සඳහා ශරීරය වැඩිපුර ආහාර (ග්ලූකෝස්) දහනය කර ශක්තිය නිපදවයි. මේ නිසා පරිවෘත්තීය වේගය වැඩි වී රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉක්මනින් අඩු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය දිනවලට වඩා ඉක්මනින් කුසගිනි දැනීම වැඩි වීම අතිශය සාමාන්‍ය තත්ත්වයකි.
එමෙන්ම වැසි දිනවල පවත්නා අන්ධකාර (Gloomy) කාලගුණය මත හිරු එළිය අඩුවීම නිසා මානසික ප්‍රබෝධයට ඉවහල් වන හෝමෝනයක් වන සෙරොටොනින් මට්ටම අඩු වූ විට, සිතට ප්‍රබෝධමත් බවක් දැනීම සඳහා කාබෝහයිඩ්‍රේට් බහුල, සුවපහසු (Comfort) ආහාර වලට ඇති ජෛවමය තෘෂ්ණාව වැඩි කරයි.
එමෙන්ම වැසි දිනවල ආහාර රුචිය වැඩි කරවන මානසික සහ චිත්තවේගීය හේතු ද තිබේ. ඒ අතර වැසි දිනවල ගෙතුළට වී සිටීම කම්මැලි කම හේතු විය හැකි අතර එය පිටු දැකීම පිණිස ආහාර පාන විවිධාංගීකරණයක් වෙත යොමු වීමේ නැඹුරුවක් ඇති වේ.

 
rain roof 1
ඒ අනුව වැසි දිනවල දී එදිනෙදා කටයුතුවලින් අත් මිදී නිවස තුළට ගුලි වී රසවත් ආහාරයක් රස විඳීමට ඇති කැමැත්ත අහේතුකව හට ගන්නා එකක් නොවන බව ඔබට වැටහෙනු ඇත. නමුත් එම තත්ත්වයන්ට ඔබ අවනත විය යුතුමය කියා නියමයක් ද නැත. මක්නිසාද යත් ස්වාභාවික සංසිද්ධියක් වන වර්ෂාව යනු අපගේ ජීවන රටාව මන්දගාමී කර ගැනීමට හේතුවක් නොවිය යුතු බැවිනි.

renuka damayanthi psd
(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...