The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ප්‍රංශ අරගලයේ දිවි දුන් ලාබාලතම විමුක්ති භටයා සැමරේ !

T

The Leader Desk

October 23, 2025 • 4:00 PM

ප්‍රංශ අරගලයේ දිවි දුන් ලාබාලතම විමුක්ති භටයා සැමරේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගනිමින් 27 දෙනෙකුට වෙඩි තබා මරා දැමු දිනය 1941 ඔක්තෝබර් 22 වනදා ප්‍රංශයේ ජර්මන් ආක්‍රමණයට හා රූකඩ පෙතාන් රජයට එරෙහිව දියත් කල දේශප්‍රේමී අරගලය ආරම්හ වූ ඵ‍ෙතිහාසික දිනය ලෙස සැලකේ.
  • මිට අමතරව මෙම දිනයේදීම පැරීසිය ඇතුළු හමුදා කඳවුරු තුනක රඳවා සිටි ප්‍රංශ කොමියුනිස්ට් වාදීන් 50 දෙනෙකු ඝාතණය කරන ලද බව පැවසේ.
  • | Guy Môquet 1924 - 1941 ඔවුන් අතර: 17 හැවිරිදි පාසැල් ශිෂ්‍යයෙකු වූ Guy Môquet; පැරිසියේ 15 හි කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ නියෝජ්‍ය නායක චාල්ස් මයිකල්; සහ CGT හි ලෝහ කම්කරු වෘත්තීය සමිතිවාදියෙකු වන ජීන්-පියරේ ටිම්බෝඩ් විය.
  • මෙම ලිපිය පසුව අද සිර ගෙදෙරට නියම වී ඇති ප්‍රංශ ජනාධිපති නිකොලා සර්කොසි විසින් සෑම වසරකම පාසැල් වාරය ආරම්හ වන මුල් දිනයේ පාසැල් වල කියවිය යුතු බවට දක්වා චක්‍ර ලේඛණයක් යවන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

ගනිමින් 27 දෙනෙකුට වෙඩි තබා මරා දැමු දිනය 1941 ඔක්තෝබර් 22 වනදා ප්‍රංශයේ ජර්මන් ආක්‍රමණයට හා රූකඩ පෙතාන් රජයට එරෙහිව දියත් කල දේශප්‍රේමී අරගලය ආරම්හ වූ ඵ‍ෙතිහාසික දිනය ලෙස සැලකේ.

මේ වන විට ප්‍රංශ දේශප්‍රේමින් අසම්පුර්ණ ලෙස ගොඩ නගා තිබු දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය(CNR) විසින් ජර්මානු හමුදා නිලධාරියෙකු වූ කාල් හොට්ස් ඝාතණය කිරීමට පළිගැනීමක් ලෙස, නාසීන් Loire-Atlantique දිස්ත්‍රික්කයේ Châteaubriant හමුදා කඳවුරේ අත්අඩංගුවට ගෙන රඳවා සිටි කොමියුනිස්ට් ක්‍රියාකාරීන් 27 දෙනෙකු මරා දමනු ලැබිණි. මිට අමතරව මෙම දිනයේදීම පැරීසිය ඇතුළු හමුදා කඳවුරු තුනක රඳවා සිටි ප්‍රංශ කොමියුනිස්ට් වාදීන් 50 දෙනෙකු ඝාතණය කරන ලද බව පැවසේ.

fgrtet| Guy Môquet 1924 - 1941
ඔවුන් අතර: 17 හැවිරිදි පාසැල් ශිෂ්‍යයෙකු වූ Guy Môquet; පැරිසියේ 15 හි කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ නියෝජ්‍ය නායක චාල්ස් මයිකල්; සහ CGT හි ලෝහ කම්කරු වෘත්තීය සමිතිවාදියෙකු වන ජීන්-පියරේ ටිම්බෝඩ් විය.

මරණ දඬුවම නියම කිරීමට පෙර, ඔවුන් ප්‍රංශයට සහ කම්කරු පන්තියට ඔවුන්ගේ පක්ෂපාතිත්වය ප්‍රකාශ කරමින් ප්‍රංශ ජාතික ගීය (La Marseillaise) සහ ජාත්‍යන්තර ගීතය (Internationale) ගායනා කරනු ලැබූ අතර මරණය ඉදිරියේ ඔවුන් පෙන්වූ මෙම නිර්භීත බව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ සහ එයට නායකත්වය දුන් කොමියුනිස්ට් කාඩර් වරුන් ගේ ධෛර්යයේ සංකේත බවට පසුව පත්වන අතර, ෆැසිස්ට්වාදයට එරෙහි සටන මුලින්ම දියත් කළේ කම්කරුවන්, වෘත්තීය සමිතිවාදීන් සහ රතු ක්‍රියාකාරීන් විසින් බව ට ද ප්‍රංශ ඉතිහාසයේ මෙම ජිවිත පරිත්‍යාගය රන් අකුරින් ලියවී ඇත.

තම මරණයට මුහුණ දීමට පෙර මධ්‍යම මහා විද්‍යාල ශිෂ්‍යයෙකු වූ කොමියුනිස්ට් පක්ෂ තරුණ අංශයේ සාමාජිකයෙකු වූ Guy Môquet විසින් අවසාන වරට තම මවට ලියු ලිපිය පහත දැක්වේ. 1940-1945 ප්‍රංශය ජර්මනියට යටත් වූ පසු රූකඩ පෙතාන් රජය හා නාසි පරිපාලනය විසින් මර දැමු ලාබාලතම දේශප්‍රේමී භටයා වුයේ ද Guy Môquet වේ.

cfghrtye45
මෙම ලිපිය පසුව අද සිර ගෙදෙරට නියම වී ඇති ප්‍රංශ ජනාධිපති නිකොලා සර්කොසි විසින් සෑම වසරකම පාසැල් වාරය ආරම්හ වන මුල් දිනයේ පාසැල් වල කියවිය යුතු බවට දක්වා චක්‍ර ලේඛණයක් යවන ලදී. සර්කොසි එසේ සිදු කලේ ඔහු බලයට පැමිණි පළමු දිනයේ සිටම රට පුරා වාමාංශික ශිෂ්‍ය හා කම්කරු කණ්ඩායම් විසින් පෙළපාලි උත්සන්න කරලීම නිසාවෙනි. එයට හේතුව වුයේ සර්කොසි අන්ත කොමියුනිස්ට් විරෝධියෙක් වීම, ලිබරල් වාදියෙකු වීම හා ඇමරිකන් ගැත්තෙකු වූ නිසාවෙනි.

 1968 ශිෂ්‍ය මැයි අරගලය කාලයේදී සර්කොසි අරාජිකවාදී හා මාවෝ වාදී ශිෂ්‍ය ව්‍යාපාර වලට එරෙහිව පහර දීමට පවා ඉදිරිපත් වී තිබිණි. ඒ අනුව සර්කොසි බලයට පැමිණීමට විරෝධය පා මෙම උද්ඝෝෂණ සතියක් පමණ පැවති අතර වීදි සටන් අවසන් කිරීමට ඔහු Guy Môquet විසින් අවසන් වරට ලියන ලද ලිපිය මෙසේ සමාජගත කර පාසල් වාරය ආරම්හ වන මුල් දිනයේ කියවීමට සලස්වා තමන් රටේ ජනාධිපති විනා තව දුරටත් කොමියුනිස්ට් විරෝධියෙක් නොවන බවට රටට සහතික විය.

එපමණක් නොව ඔහු අපේක්ෂා කල කිසිදු ලිබරල් මැතිවරණ පොරොන්දු සපල කර ගැනීමටද අපෝසත් විය. ඒ අනුව උද්ඝෝෂණ නැවැත්විණි. ඒ අනුව 1941 සිටම ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය විසින් රටට කරනු ලබන බලපෑම තවමත් එසේමය. පසුගිය දා මිය ගිය ප්‍රංශ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ කොමියුනිස්ට් නායකයෙකු වූ Léon Landiniගේ අවසන් කටයුතු සිදු කලේ ප්‍රංශ පොලිසීයේ හා දක්ෂිණාංශික රජයේ ඇමතිවරුන්ගේ ද සහභාගිත්වයෙනි. දෑකැත්ත හා මිටිය දැක්වෙන රතු කොඩිය ඉදිරියේ ඔවුන් ආචාරය දක්වනු ලැබීම ප්‍රංශය වැනි රටක අතිශයින් දුර්ලභ දසුනක් විය.

cfhy546| අගමැති එඩ්වඩ් ඩලාඩියර් - 1938-1940
1939 සැප්තැම්බර් 26 වන දින එවකට ප්‍රංශය පාලනය කල රූකඩ අගමැති වරයා වූ එඩ්වඩ් ඩලාඩියර් විසින් කොමියුනිස්ට් පක්ෂය තහනම් කරන ලද ආඥා නීතියක ප්‍රතිඵලයක් ලෙස, කොමියුනිස්ට් විරෝධී මර්දනය සඳහා වූ විශේෂ පොලිස් ඒකකයේ (BS) ප්‍රංශ පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු විසින්, බිල්ලෙකුගේ ආධාරයෙන් 1940 ඔක්තෝබර් 13 වන දින තවත් කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෙකු වූ René Pignard සමඟ පැරීසියේ GARE DE L ‘EST දුම්රිය ස්ථානයේදී Guy Môquet (එවකට ඔහුගේ වයස අවුරුදු 16) අත්අඩංගුවට ගන්නා ලදී.

1941 ඔක්තෝබර් 20 වන දින, ප්‍රංශ දේශප්‍රේමීන්ගේ විශේෂ බලකායට සහ තරුණ බලඇණිවල කොමියුනිස්ට්වාදීන් තිදෙනෙකු විසින් සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී එහි කමාන්ඩෝ භටයෙකු විසින් Loire-Inférieure හි ජර්මානු ආක්‍රමණික හමුදා අණදෙන නිලධාරි කාල් හොට්ස් Nantes හි දී ඝාතනය කරන ලදී. එයට පලිගැනීමක් ලෙස ඔවුන්ගේ අත්අඩංගුවේ සිටි Guy Môquet ඇතුළු කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් 27 දෙනෙකු ඝාතණය කිරීමට ප්‍රංශ රූකඩ ආණ්ඩුව හා නාසි පරිපාලනය තීරණය කරන ලදී.

ඒ අනුව මරණයට නියම වූ 17 හැවිරිදි පාසැල් දරුවෙකු ලෙස Guy Môquet ලියු අද රටේ සියළුම පාසැල් වල කියවන එම එයතිහාසික ලිපිය මෙසේ තම දෙමව්පියන්ට මරණයට මුහුණ දීමට මොහොතකට පෙර ලියා එවන ලදී.

xfge4634

“මගේ ආදරණීය අම්මා වෙත !

හා මගේ ආදරණීය පුංචි සහෝදරය SERGE වෙත ලියමි !

මා මරාදැමීමට තීරණය කර ඇත! මම ඔබෙන් ඉල්ලන්නේ, විශේෂයෙන් මගේ ආදරණිය අම්මා ගෙන් මම ඉල්ලන්නේ ධෛර්ය සම්පන්න වෙන්න. මට කලින් මරණය කරා ගිය අය වගේම මමත් එහෙමයි, මටත් එහෙම වෙන්න ඕන. ඇත්ත වශයෙන්ම, මම ජීවත් වෙන්න කැමතියි. නමුත් මගේ මුළු හදවතින්ම මම ප්‍රාර්ථනා කරන්නේ මගේ මරණය තුලින් යම් අරමුණක් එයින් ඉටු වේවා කියලයි. ජීන්ව සිපගන්න මට වෙලාවක් තිබුණේ නැහැ. මම මගේ සහෝදරයන් දෙදෙනා වන රොජර් සහ රිනෝව සිපගත්තා. ඇත්තටම මට ඒ දේ කරන්න දිරියක් තිබුනේ නෑ ! අහෝ, මට ඒක කරන්න බැහැ! නමුත් මම ඔවුන්ව වැලඳ ගත්තා සිර ගෙදර සිට මම ඔබට එවූ මට අයත් සියලු දේ ඔබට ආපසු ලැබේ යැයි මම බලාපොරොත්තු වෙමි. ඒවා මගේ පුංචි සහෝදරයා වන sergeට ප්‍රයෝජනවත් විය හැකිය, ඔහු කවදා හෝ ඒවා පැළඳීමට ලැබීම ගැන ආඩම්බර වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඔබට, පුංචි තාත්තේ, මම ඔබව සහ සෝකයෙන් සිටින මාගේ ආදරණීය අම්මාව සනසවන්න. මට බොහෝ දුකයි, මම ඔබට අවසන් වරටත් ආචාර කරමි. ඔබ මට පෙන්වූ මාවත අනුගමනය කිරීමට මම මගේ උපරිමය කළ බව දැන ගන්න.

මගේ සියලුම මිතුරන්ට, මම බොහෝ සෙයින් ආදරය කරන ඔබට, මගේ ආදරණීය සහෝදරයාට අවසාන සමුගැනීම මම කරනවා, ඔබ වෙහෙස මහන්සි වී ඉගෙන ගෙන පසුව යහපත් ගරුතර මිනිසෙකු වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා!

අවුරුදු 17 හමාරක්, මගේ ජීවිතය කෙටියි, ඔබ සියල්ලන් හැර යාම හැර මට වෙනත් පසුතැවීමක් නැත. මම අංකල් මයිකල් සමඟ මිය යන්නෙමි. අම්මේ, මම ඔබෙන් ඉල්ලා සිටින්නේ හා ඔබ මට පොරොන්දු විය යුතු දෙය නම්, ධෛර්ය සම්පන්න වී ඔබේ වේදනාව ජය ගැනීමයි.

මට තවත් දේවල් ලියන්න ශක්තියක් නෑ ! ජිවත්ව සිටින ඔබ සියළු දෙනා මරණ දඬුවම නියම වී ඇති අප 27 දෙනා වෙනුවෙන් ආශීර්වාද කරන්න !

ඔබ සැම, අම්මා, serge, තාත්තා, ඇතුළු සියළු දෙනා

කුඩා දරුවෙකු සිදු කරන අසීමිත ආදරයෙන් මම ඔබලා වැළඳ ගනිමි !

ඔබ සියළු දෙනාට දිරිය හා ශක්තිය

ඔබට ආදරය කරන

මා ඔබේ GUY


Guy Moquet සැමරීම ප්‍රංශ මාධ්‍ය මහා විදුහල් වල හා වෙනත් රජයේ ස්ථාන රාශියක ඔක්තෝම්බර් 22 දින දා සංවිධානය කර තිබු බව වාර්තා වේ. Châteaubriant (Loire-Atlantique) හි ලා සැබ්ලියර් හිදී වෙඩි තබා ඝාතනය කරන ලද ප්‍රාණ ඇපකරුවන් විසිහත් දෙනා සිහි කිරීම සඳහා පැවති නිල උත්සවයට ඔක්තෝබර් 19 වන ඉරිදා වර්ෂාව නොතකා දහසක් ජනතාව එක්රැස් කල බවද ප්‍රංශ මාධ්‍ය තවදුරටත් වාර්තා කර සිටි.

| lankatruth
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...