The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගණේමුල්ල නගර මැද්දේ හමුවන සුනඛයා සහ කාන්තාව | තිලක් සේනාසිංහ

T

The Leader Desk

October 25, 2025 • 6:21 AM

ගණේමුල්ල නගර මැද්දේ හමුවන සුනඛයා සහ කාන්තාව | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එතනම බිම තරමක රෙදි පොට්ටනියක් ද ඇති බැවින් බැලූ බැල්මටම යාචක කාන්තාවක සේ යමකුට හැඟී යා හැකි මේ කාන්තාව එක්තරා සුනඛයකු සුරතල් කරමින් හිඳිනු මම ද කීප දිනක්ම දැක ඇත්තෙමි.
  • සාමාන්‍යයෙන් මෙබඳු මහ මඟ දිවි ගෙන බව හැඟවෙන චරිත කිනම් හෝ මානසික අර්බුදයකට ලක් වූවන් බව මගේ වැටහීම ය.
  • ඒ සුනඛයා ද මහ මඟ සිය නිවහන කොට ගත් නිවාස අහිමි අසරණයකු බව අනුමාන කළ හැකි විය.
  • එහෙත්, ඇයට ඇගෙන් කිසිදු පිළිතුරක් නොදුන් අතර ඒ සුනඛයා ගේ බඳ වටා දෑත්යවා ඔහු සිය තුරුළට ගත්තා ය.ඒ ඔහු තමන් ගේ බව නොකියා කියමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


එතනම බිම තරමක රෙදි පොට්ටනියක් ද ඇති බැවින් බැලූ බැල්මටම යාචක කාන්තාවක සේ යමකුට හැඟී යා හැකි මේ කාන්තාව එක්තරා සුනඛයකු සුරතල් කරමින් හිඳිනු මම ද කීප දිනක්ම දැක ඇත්තෙමි.

සාමාන්‍යයෙන් මෙබඳු මහ මඟ දිවි ගෙන බව හැඟවෙන චරිත කිනම් හෝ මානසික අර්බුදයකට ලක් වූවන් බව මගේ වැටහීම ය.

එහෙත්, මැය බාහිරව පෙනෙන අන්දමට එවන් කිසිදු ව්‍යාකූලතාවයක් පෙන්නුම් නොකළ අතර තමන් සමීපයේ සිටි සුනඛයා අතිශය සෙනෙහෙබර ස්වරූපයකින් සුරතල් කරමින් හිඳිනු දක්නා ලදී. ඒ සුනඛයා ද මහ මඟ සිය නිවහන කොට ගත් නිවාස අහිමි අසරණයකු බව අනුමාන කළ හැකි විය.

ganumulla1
“නෝනට ෂෝක් හුරතලෙක් හම්බු වෙලා තියෙන්නේ”

බාහිර ස්වරූපය කෙසේ වුවද ඇගේ මානසිකත්වය හරිහැටි වටහා ගත නොහැකි වූ මම ගරු නම්බු සහිතවම ඇය ඇමතීමි..

“මෙයා හරිම හොඳ කෙනෙක්”

මා කී දෙය අනුමත කරන්නාක් මෙන් ඇය එම සුනඛයා ගේ හිස ආදරයෙන් පිරිමදිමින් කීවා ය.”ඔය සතා නෝනාගෙ ද?එ සැනින් මම යළි ඇසුවෙමි.

එහෙත්, ඇයට ඇගෙන් කිසිදු පිළිතුරක් නොදුන් අතර ඒ සුනඛයා ගේ බඳ වටා දෑත්යවා ඔහු සිය තුරුළට ගත්තා ය.ඒ ඔහු තමන් ගේ බව නොකියා කියමිනි.

“නෝනලගේ ගෙවල් කොහෙද? ගණේමුල්ලෙම ද?”

යළි මම ඇගේ මනැස පිරික්සනු පිණිස සුහදශීලීව ඇසීමි.

“මට ගෙයක් නෑනෙ”

ඇය වැඩි තැකීමකින් තොරව කීවා ය.

“එතකොට නෝනාගේ පදිංචිය”
මම යළි ඇසීමි.

“මේ හැම තැනම වගේ ”

මගේ පැනය පිළිබඳ එතරම් තැකීමක් නොකළ ඇය කීයේ සිනාසෙමිනි.

“එතකොට කෝ නෝනාගේ පවුලේ උදවිය එහෙම”
මම ඇගෙන් විමසීමි.

 

Ganemulla name board

“මට හිටියේ තාත්ත විතරයි. ඉස්සර අපේ ගේ තිබුණේ අතන සුමේධ මාවතේ. දවසක් තාත්තාව අසනීප වෙලා ඉස්පිරිතාලේ අරගෙන ගියා. එහේදී මට තාත්තව මඟ හැරුණා. ඊට පස්සේ තමයි මම මෙහෙම ඉන්නේ” ඇය කීවේ කිසිදු අසතුටකින් නොවේ.

ඒ කෙසේ හෝ සුමේධ මාවත යනු ගණේමුල්ල නගර මධ්‍යයෙන් විහිද යන පාරක් නිසා ඒ අවටින් ඇය පිළිබඳ වැඩි විස්තර විමසා දැන ගත හැකි යැයි මට සිතිණ.
“මට පුළුවන් නෝනා ගැන විස්තරයක් පත්තරේකට හරි අන්තර්ජාලයට හරි දාන්න,ඒකට මම නෝනාගේ පින්තූරයක් ගත්තට කමක් නැද්ද?”

මා ඇසුවේ මේ චරිතය හා සම්බන්ධ කිසියම් විශේෂිත යටගියාවක් සොයා ගත හැකියැයි යන අනුමානයෙනි.

“එහෙනම් මගේ ඕනේ නෑ…. මෙයා ගේ පින්තූරයක් අරන් පත්තරේ දාන්නකො”

එවිට ඇය තමන් සමීපයේ හුන් සුනඛයා දක්වමින් කීවා ය.

“එහෙනම් අපි දෙන්නගෙම පින්තූරයක් ගමු. එතකොට හරි නේ “මම ද කීවෙමි.

අනේ මන්දා මට හරියට මූණ හෝදා ගන්න තැනක් හොයා ගන්නත් බැරි වුණා”.

මගේ ඒ පැනයට පිළිතුරු දුන් ඇය වහා නැඟිට ඒ අද්දර නතර කොට තිබූ මෝටර් සයිකලයෙ පැති කණ්නාඩියෙන් තම මුහුණ පරීක්ෂා කොට කෙස් කළඹ ද අතින් සකසා ගත්තා ය.

“නෝනා ගේ අතේ සල්ලි එහෙම තියනවද?”

ඇගේ සහ සුනඛයාගේ ඡායාරූප කිහිපයක් ගත් මම සුහද ලෙසින් ඇගෙන් විමසා සිටියේ එම ඡායාරූපය ගැනීමට ඉඩ දීම සම්බන්ධයෙන් ඇයට අවම සාධාරණයක් හෝ ඉටු කරනු පිණිස ය.

“ඉස්සර අපිට නම් සල්ලි තිබුණා. දැන් නම් මගේ ළඟ සතයක් වත් නෑ”
ඇය කී මුත් ඇගේ මුහුණේ දුකක කණගාටුවක සේයාවක් වත් නොතිබුණි.

 

ganumulla3

“එතකොට නෝනගෙ කෑම බීම එහෙම?”
මම ඇසීමි.

“සමහරු උදේට මට මේ කඩෙන් මාලුපාන් අරන් දෙනවා. මම ඒවා මෙයාත් එක්කකනවා. මෙයා නම් හරිම හොඳ කෙනෙක්”

ඊට පිළිතුරු දුන් ඇය තමන් අද්දර සිටින සුනඛයා ගේ පිට ආදරයෙන් පිරිමදිමින් කීවා ය.

“ඔය ගෑනු කෙනා ගේ නම ළහිරු. ඉස්සර හිටියේ මේ පැත්තේ තමයි. ළහිරුයි තාත්තයි මල්ලියි එක්ක ජීවත් වුණේ. ඉස්සර එයාලා ගෙදර ලියුම් කවර හැදුවා. පස්සේ මල්ලි ගැන තොරතුරක් නැති වුණා. ඒ අතරේ ළහිරුගේ තාත්තාත් අසනීප වෙලා ඉස්පිරිතාලේ ගෙනිච්චා. ඒත් තාත්තා ගැන හොයන්න තරම් පුළුවන් කමක් ළහිරුට තිබුනේ නෑ. කොහොම හරි පස්සේ තාත්තා ඉස්පිරිතාලේදි මැරිලා භූමදානයත් ආණ්ඩුවේ වියදමින්ම කළා කියලා අපිට ආරංචි වුණා”

ගණේමුල්ල සුමේධ මාවතේ පදිංචි කිහිප දෙනෙකුගෙන්ම එම කාන්තාව සම්බන්ධයෙන් ලැබුණු පොදු තොරතුර වූයේ එයයි.

“කොහොම හරි ඒ වෙන කොටත් ළහිරුගේ ගේ විකුණලා තිබුණා.ඒත් ඒ සල්ලිවලට ළහිරු ලා මොනවා කළා ද කියන්න අපි දන්නේ නෑ. ඊට පස්සේ තමයි ළහිරු ඔය විදිහට පාර වල් දිගේ ඇවිදින්න පටන් ගත්තේ. ඒත් කවුරු හරි දෙන කෑමක් බීමක් සල්ලි කීයක් හරි දුන්නොත් මිසක් ළහිරු කාටවත්ම අත පාන්නේ නෑ. ඒ වගේම පහුගිය කාලේ එයාව කොහේ හරි රැඳවුම් බාරයකට පත් කරන්න මේ පැත්තේ කීප දෙනෙක් කටයුතු කළත් ටික දවසකින් ළහිරු එතනින් පැනලා ඇවිත් මහ පාරටම වැටුණා කියලයි හැමෝම කියන්නේ.”

ප්‍රදේශවාසීන් ගෙන් මට අසා දැන ගත හැකි වූ ඇය පිළිබඳ විස්තරයේ ඉතිරි කොටස වූයේ එයයි.

ඒ අනුව ළහිරු හෝ ඇය සමීපයේ ජීවත් වන සුනඛයා සමාජයීය වශයෙන් කෙසේ වුවත් මානසික වශයෙන් ඔවුන් අසරණද? යන්න පිළිබඳ නිශ්චයක් මා තුළ නැත. නමුත් ඔවුන් දෙදෙනාටම ජීවත් වීම සඳහා අවශ්‍ය ආහාර පාන සපයා ගැනීමේ මඟක් නොමැති බව නම් ඔබ හමුවේ මහත් ඕනෑකමින් පවසා සිටිමි. ඒ ඇයි දැයි මා අමුතුවෙන් කිව යුතු නැත.

 

marley and me book

එමෙන්ම සමාජ ආර්ථික පසුබිම කෙසේ වුව ද මේ වන විට ළහිරු තම ජීවිතයේ එකම සෙනෙහෙවන්තයා සේ සළකන සුනඛයාට දක්වන කෘතවේදීත්වයක් ලෙස ඇමරිකානු මාධ්‍යවේදියකු වන ජෝන් ග්‍රෝගන් තම මාලේ නම් ආදරණීය සුනඛයා මුල් කොට 2005 වසරේ ලියනු ලදුව අතිශය ජනප්‍රියත්වයට පත් Mariey and me කෘතියෙන් උපුටා ගැනුණු මෙම කොටසින් මේ සටහන නිමා කිරීමට මට සිතේ.

“A dog doesn’t care if you’re rich or poor, educated or illiterate, clever or dull. Give him your heart and he will give you his.”(‘සුනඛයෙකු ඔබ පොහොසත්ද? දුප්පත්ද?, උගත්ද? නූගත්ද?, බුද්ධිමත්ද? මෝඩ ද ?යන්න ගණන් නොගනී ඔබ ඔබේ හදවත ඔහුට දෙන්න ඔහු ඔහුගේ හදවත ඔබට දෙනු ඇත’).


Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගණේමුල්ල නගර මැද්දේ හමුවන සුනඛයා සහ කාන්තාව | තිලක් සේනාසිංහ | The Leader