වසර පහකට දහදාහක වැඩි වීමක් පමණි.
මෙයින් සුලුතරයකට දේශපාලනය අදාලම නැත. තව සුලු පිරිසකට තම ප්‍රතිපත්තිමය දේශපාලනයක් හෝ තමන් කැප වූ පක්ෂ දේශපාලනයක් ඇත. නමුත් බහුතරය, දේශපාලනයේ මළ පොතේ අකුරක් නොදන්නා, රැල්ල ගසන අතට ගසා ගෙන යන පොල් කෝම්ඹ සහ පාපිසිය. විටින් විට, චන්දෙන් චන්දෙට විවිධ පුද්ගලයන් හා පක්ෂ වල ගැට වලට අහු වෙන්නේ මොවුන්ය.
2019 මැතිවරණයේදී ගෝඨාභය ජනාධිපති තුමාට වැඩිපුරම සහයෝගයක් තිබුනේ ඔස්ට්‍රේලියාවෙනි. මැතිවරණ ව්‍යාපාරය සදහා කොපමණ මුදලක් ලැබුනේ දැයි නොදන්නා නමුත්, එය සැළකිය යුතු ප්‍රමාණයක් විය හැක.
නාගානන්ද මහතාටද වැඩිපුරම සහාය දක්වන පිරිසක් සිටියේ සහ මුදල් එකතු කලේත් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන් විසින්.
2024 දී ජා.ජ.බ චන්ද campaign එකට වැඩි පුරම මුදල් එකතු කර දුන්නේ ඔස්ට්‍රේලියාවේ ශ්‍රි ලාංකිකයන්ය. ඒ ප්‍රමාණය කෙතරම්ද කියනවානම්, එම මුදල නිසාම ඔස්ට්‍රේලියානු ජා.ජ. බ යේ නායකයෙක් ජ.ජ.බ ජාතික ලැයිස්තුවට ගියා යැයි ඔස්ට්‍රේලියානු පරණ ජවිපෙ සාමාජිකයන්ම චෝදනා කලෝය.
2019 දී ඔස්ට්‍රේලියානු ලාංකිකයන් සහාය දුන් ගොඨා කෝවිඩ් සාපයට අසු විය. ඔහුගේ රාජ්‍ය පාලනය පිළිබද තිබුන අපරිනථභාවය, දේශපාලන දැනුම අල්ප වීම, අනුවණ තීරණ ගැනීම වැනි නොයෙක් හේතු සහ රටේ කෝවිඩ් නිසා පැවති අවස්තාව තම වාසියට ප්‍රයෝජණයට ගනිමින් ජා.ජ.බ ය ක්‍රියා කිරීම නිසා ඔහුට ජනාධිපති ධූරය හැර යාමට සිදු විය.
නාගානන්ද මහතා චන්දයට පෙරම චන්ද සටන අත හැර ඔහු පසුපස ගිය අනුගාමිකයන්ට උන් හිටි තැන් නැති කළේය. ඔහු වෙනුවෙන් එකතු කර ගත් මුදල් වලට කුමක් සිදු වූයේ දැයි, මුදල් පරිත්‍යාග කල පුද්ගලයින් දන්නවා ඇතැයි සිතමි.

මේ දෙදෙනාටම වැඩියෙන් ඔස්ට්‍රේලියානු ලාංකිකයන් “කඩේ” යැව්වේ ජා.ජ.බ යි. උගණ්ඩා සල්ලි, කාන්චනගේ කොමිස් මුදල්, බැදුම්කර වංචාව, ඇන්ටිජන් ඩීල් වැනි සුරගන කතා කරළියට උචිත කතන්දර වලට රැවටී, ඔවුන් රට වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ එකතු කල ලක්ෂ ගණනක මුදල් යැව්වේ පක්ෂයටය. පක්ෂ අරමුදලටය. චැරිටි සඳහා පවා එකතු කල මුදල් පක්ෂ අරමුදලට යැව්වායැයි චෝදනා තිබෙන බව සේපාල් අමරසිංගේ YouTube වැඩසටහනක කියවුන බව මතකය. එහි සත්‍යතාවය නොදන්නා නමුත් එම වාර්ථා කිරීමට එරෙහිව ජා.ජ.බ යේ ඔස්ට්‍රේලියානු ශාඛාව සේපාල්ට විරුද්ධය නීතිමය පියවර ගත්තේ නැත.
වරින් වර මෙලෙස කඩේ යන ශ්‍රී ලාංකිකයන්, ලංකාව වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරන ශ්‍රී ලාංකිකයන් මෙහි සුර සැප විදින ජනතාවක් නොවේ. මහන්සි වී වැඩ කරන ජනතාවයි. “Blue collar” රැකියා කරන ජනතාවයි. ලංකාවේ වාගේම “White collar” රැකියා කරන ඔස්ට්‍රේලියානු ශ්‍රී ලාංකිකයන්ට, ලංකාවේ දේශපාපනය බලපාන්නේ නැත.
විහිළුව නම් මේ ශ්‍රී ලාංකිකයන් අමාරුවෙන් උපයා ගත් මුදල් මෙලෙස ප්‍රධාණය කර ඇත්තේ ජා.ජ.බ යේ කොටිපති දේශපාලකයන්ට චන්ද ව්‍යාපාර කිරීමටය. ඔවුන් නඩත්තු කිරීමටය. ජා.ජඉ යේ නිර්ධන පන්තිය නියෝජනය කරන මැති ඇමතිවරුන් ලක්ෂපතියන්ය, කෝටිපතියන්ය. සමහරක්ට එම වත්කම් ලැබී ඇත්තේ පරම්පරාවෙනි. තව සමහරකට පූර්ණකාලීන දේශපාලනයේ යෙදී සිටිමින්ම කරන ලද ව්‍යාපාර වලිනි.
ඔවුන් ගේ සමහරක් පවසන ආකාරයට, ඔවුන්ගේ පෞද්ගලික මුදල් ඔවුන් දේශපාලනය වෙනුවෙන් යොදවන්නේ නැත. නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී සිටින, වමේ දේශපාලනය කරන ඔවුන්ව, ජනතාව විසින් නඩත්තු කල යුතුය. ඇදුම් පැළදුම්, කෑම බීම, වාහන, ඉන්දන, නිවාස, වියදමට මුදල් යන සෑම දෙයක්ම ඔවුන්ගේ දේශපාලනය අදහන ජනතාව විසින් දැරිය යුතුය.
කොටින්ම කිවහොත්, දේශපාලනයේ නිරත වීමට නම්, ජනතාව ඔවුන්ට මූල්‍යමය පහසුකම් සැපයිය යුතුය. එය කැට හොලවා එකතු කර ගන්නා මුදල් වලින් හෝ, වැඩ කර උපයා ගන්න මුදල් වලින් හෝ ගෙවිය යුතුය.
උත්ප්‍රාසය නම් ලංකාවේ දක්ෂින කදවුරේ දේශපාලඥයින් තම ධනය සහ දේපළ රටේ ජනතාව වෙනුවෙන් යෙදවූ අයයි. සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම පිහිටුවීම මගින් තමන්ගේ ඉඩම් රජයට පවරා දුන් අයෙකි. ජේ. ආර් ජයවර්ධණ, රනිල් වික්‍රමසිංහ, සර් ජෝන් කොතලාවල වැනි මහත්වරුන් තමන්ට පාරම්පරිකව ලැබුන දේපළ ඉඩම් හා ධනය ශ්‍රී ලාංකික ජනතාවගේ උන්නතිය වෙනුවෙන් පරිත්‍යාග කල අයයි.
ඔස්ට්‍රේලියානු ශ්‍රී ලාංකිකයන් 2024 දී මහා මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කලේ රට වෙනුවෙන් යැයි ඔවුන් විශ්වාස කලත්, ඇත්ත වශයෙන්ම ඔවුන් මුදල් යොදවා ඇත්තේ දේශපාලන පක්ෂයක නඩත්තුව සදහාය. ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය සඳහාය.
ඔවුන්ට අවශ්‍ය වූයේ උගතුන් පාර්ලිමේන්තුවට යැවීමටය. ඡන්දයට පෙර උගතුන් යැයි කියා ගත්තවුන් බොහොමයක් අද “හොර සහතික” කාරයන්ය. ඔවුන් මුදල් දුන්නේ නිර්ධන පන්තියේ, එසේත් නැත්නම් සාමාන්‍ය පන්තිය වෙනුවෙන් පෙනී සිටින, සාමාන්‍ය පන්තියේ “දුක හදුනන” දේශපාලකයන් පාර්ලිමේන්තුවට යැවීමටය. සත්‍ය නම් එම දේශපාලකයන් බොහොමයක් කෝටිපති ව්‍යාපාරිකයන්ය. අවශ්‍යනම් ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට සහනාධාර දීමට තරම් වත්කම් ඇත. ඔවුන් මුදල් දුන්නේ මහා මෝල් හිමියන් විසින් පවත්වාගෙන යන ඒකාධිකාරය පරදවා ලංකාවේ ගොවියන්ට පුනරුදය උදා කර දීමට සහ ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ නිශ්පාදන වැඩි කිරීමටය. සහල් මාෆියාව පැරදවීමටය.
අද මහා මෝල් හිමියන් රජයේ ගජ මිතුරන් වන අතර, සහල් පමණක් නොව ළුණු සහ ලුණු ද ආනයනය කරයි. ගොවියා කබලෙන් ලිපටය. ඔවුන්ට අවශ්‍ය වූයේ පාතාලය මර්ධණය කිරීමටය. අද පාතාලය කෙතරම් ප්‍රබලද කියනවානම් “දවසේ වෙඩිල්ල” සාමාන්‍යනරණය වී ඇත. වංචාව, දූෂණය, ඩීල් සංස්කෘතිය, හිත මිතුරු සංග්‍රහ නැවැත්වීමට, ස්වාධීන අධිකරණ පද්ධතිය, සැමට එක ලෙස ක්‍රියාත්මක වන නීතිය ආදී එකී මෙකී නොකී සියල්ල බලාපොරොත්තුවෙන් මුදල් පරිත්‍යාල කල ඔස්ට්‍රේලියානු ශ්‍රී ලංකිකයන්ට අද ඇහෙන්නේ වරායෙන් පැන්නූ කන්ටේනර් 323 ගැනය. මැති ඇමති වරුන් කොම්පැනි කාරයන් සමග කරන ගණු දෙනු ගැනය. දවස ගානේ නිල තල තනතුරු වලට පත්වෙන හිත මිතුරන්, නෑදෑයින් ගැනය. පොලීසිය, අධිකරණ පද්ධතියට කරනු ලබන බලපෑම් ගැනය. අධිකරණයේ තීන්දු පවා නොසළකා හැරීමට ප්‍රසිද්ධියේ උපදෙස් දෙන මන්ත්‍රීලාගේ අධිකරණය සමච්චලයට ලක් කිරීම ගැනය. අද ඔවුනට සිදුවී ඇත්තේ වර්ධනයක් නැති ලංකාව තුල, මර්ධණය උපරිම ලෙස සිදුවන අයුරු බලා සිටීමටය.
IMF ණයෙන් තොර “පොහොසත් රටක්” යන සිහිනය සැබෑවක් කර ගැනීමට මූල්‍ය ආධාර දුන් ඔවුන්, අද සතිය ගානේ නිවේදනය කරන ණය ප්‍රමානය දෙස බලා සිටී. ණය ලබාගෙන රටක් පාලනය කිරීමට ජනාධිපති කෙනෙකු අවශ්‍ය නොවන බවත්, එය පිටකොටුවේ වෙළෙන්දෙකුට පවා කල හැකි බවත් කියූ පුද්ගලයන්ම, මහා උජාරුවකින් තමන් ගත් ණය ප්‍රමාණය ගැන පාරම්බාන අයුරු බලා සිටීමටය.
රට විරුවන්ගේ රට කෙරෙහි ඇති ආදරය උපයෝගී කර ගනිමින් මුදල් කඩා වඩා ගන්නා අලුත්ම උපක්‍රමයක් දැන් අරඹා ඇත. ඒ, ඔවුන්ගේ අනුග්‍රහයෙන් කරන ව්‍යාපෘති ලෙස, එසේත් නැත්නම් ආයතන “ගොඩ ගැනීමට” ඔවුන්ට අවස්ථාව ලබා දෙන ව්‍යාපෘති සදහා මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයයි. ඔවුන්ව “මුරුංගා අත්තේ” තබා මඩිය තර කර ගැනීමේ ව්‍යාපායක් කිරීමය. රට විරුවන් තමන් ලංකාව වෙනුවෙන් යමක් කරනවාය කියා පෙන්වීමට ඉතා කැමතිය. ලංකාවේ බලය ඇති, වැදගත් පුද්ගලයන් පෞද්ගලිකව හදුනනවා සේම, ඔවුන් තමන් කියන දෙයට සවන් දෙනවායැයි සිතීමටත්, එය අනෙක් අයට පෙන්වීමටත් ඔවුන් ඉතා කැමැත්තක් දක්වයි. ඒ තමන් රටේ අධ්‍යාපනයෙන් පෝෂණය වී පිටරටක ජීවත් වීමේදී ඇතිවන වරදකාරී හැගීමෙන් නිදහස් වීමට වාගේම තමන්ට මෙහි ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර “සිවිල් බලයක්” ලබා ගැනීමටත්ය. දේශපාලනයේදී දේශපාලකයන් පාවිච්චි කරන්නේ මෙම දුර්වලතාවයයි.
රටේ ප්‍රවාහන පද්දතියේ ප්‍රධාන අංශයක්වන CTB ය “ගොඩනැගීමට” ඕස්ට්‍රේලියානුවන් කරන මැදිහත්වීමට දායකත්වය ලබා දීමට නොවැම්බර් 29 සවස මෙල්බර්න් නගරයේ උත්සවයක් සංවිධානය කර ඇත.
මෙහි සංවිධායකයන් පවසන ආකාරයට ලංකාවේ දේශපාලන මාවත වෙනස් කිරීම සදහා ඔස්ට්‍රේලියානු ශ්‍රී ලාංකිකයන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත. එම නිසා, එම “පුනරුදයේ” කොටස් කරුවන් වීමට මේ ව්‍යාපෘතියට ආධාර කල යුතුය.
ඔවුන් ඉල්ලන්නේ මුදල්ය.
මෙය සංවිධාණය කරනු ලබන්නේ The Australian Foundation For Save Sri Lanka Inc නම් සංවිධාණයයි. නම කුමක් වුවත්, මෙහි Facebook ගිණුමට ගොස් බැලූ විට එය තවත් ජා.ජ.බ යේ දේශපාලන සංවිධානයක් බව පැහැදිළිය.
උත්ප්‍රාසය වන්නේ, ඔවුන් මුදල් ආධාර එකතු කරන්නේ 88/89 කාළයේ ත්‍රස්ථවාදී ක්‍රියා නිසා වැඩි පුරම කඩා වැටුන, විනාශ වුන CTB ය ගොඩ නැගීමටය. උත්ප්‍රාසය වන්නේ, ඔවුන් මුදල් ආධාර එකතු කරන්නේ 88/89 කාළයේ ත්‍රස්ථවාදී ක්‍රියා නිසා වැඩි පුරම කඩා වැටුන, විනාශ වුන CTB ය ගොඩ නැගීමටය. බස් සහ ඩිපෝ ගිනි තැබුවේ ඒ කාලයේය. ඒ පාඩුව අති මහත්ය.
මීට මාස කිහිපයකට පෙර, කතරගම දේවාලයට පරිත්‍යාග ලෙස ලැබුන මුදල් වලින්, මහරගම අපේක්ෂා රෝහලට කල මහා පරිත්‍යාගය අපට මතකය. එහිදී විශය භාර ඇමති තුමා ප්‍රකාශ කලේ එවැනි පෞද්ගලික පරිත්‍යාග වලින් කරන ව්‍යාපෘති ජා.ජ.බ යේ රජයට “අනවශ්‍ය” බවය.
තවද, සජබ ය පරිත්‍යාග මගින් කරන ව්‍යාපෘති සදහා ප්‍රසිද්ධය. ඔවුන් පාසල් වලට, විවිධ ආයතන වලට ධානපති පරිත්‍යාග හරහා විවිධ පරිත්‍යාග සිදු කරයි. ඒ මගින් මිනිසුන්ගේ ජීවන තත්වය ඉහල යන අතරම, රජයට ඒ සදහා පිරි වැය දැරීමට සිදු නොවීම මගින් මුදල් ඉතිරී වීමක් සිදුවේ. ජා.ජ.බ ය, සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම සත් කාර්යය ඉතා නිර්දය ලෙස විවේචනය කරයි, උපහාසයට ලක් කරයි.
රජයට අනුව දැන් රටේ අනවශ්‍ය වියදම් නැත. දෙපාර්ථමේන්තු වල පවා මුදල් ඉතිරි වේ. ඒවා නැවත භාණ්ඩාගාරයට යවයි. රජයේ ආයතන ලාභ ලබයි. රටේ ජීවන වියදම අඩුය. ජනතාව සතුටින්ය. පහු ගිය සතියේ ඇමති වරයෙකු, රූපවාහිණී සාකච්චාවකට පැමින පැවසූයේ, රට සහ මිනිසුන් පොහොසත් බැවින් ඔවුන් විනෝද චාරිකා පවා යන බවකි. තවත් ඇමති වරයෙකුගේ ප්‍රකාශයකට අනුව, ලංකාවේ පවුල් වලින් 2/3 ට වැඩි ප්‍රමාණයක් අස්වැසුම සදහා අයදුම් කර ඇත. ඒ දුප්පත්කම නිසා නොව “යාචක මානසිකත්වය” නිසාය.
රජය ප්‍රකාශ කරන ආකාරයට IMF ආයතනය රටේ දියුණුව පිළිබද ඉතා පැහැදිමට සහ පුදුමයට පත්ව ඇත. ලංකාවට මේ තාක් කාලයක් ලැබුන ප්‍රමාණයට වඩා කිහිප ගුණයක් වැඩි ණය ප්‍රමාණයක් පහු ගිය අවුරුද්ද ඇතුලත ලැබී ඇත්තේ ඒ නිසාම විය හැක. අනාගතයේදීද විශාල ණය ප්‍රමාණයක් ලැබීමට අනුමත වී ඇති බවට මාධ්‍ය ප්‍රකාශ කරයි. එය රටේ ප්‍රගමනයට ඉතාම සුබ විය යුතුය. රටක් ජාතියක් ලෙස අපි ඒ ගැන සතුටු විය යුතුය.
එහෙව් රජයක් ඇති රටකට, ඔස්ට්‍රේලියාවේ ජීවන වියදමින්, බදු බරින් මිරිකී අමාරුවෙන් අරපරිස්සමින් ජීවත් වන ජනතාවගේ වියදමින් ව්‍යාපෘති කිරීමට ජා.ජ.බ යේ හෙන්චයියන් ඩොලර් එකතු කරන්නේ ඇයිද යන්න මට ඇති ගැටලුවයි.
ඡන්දයට කලින් එකතු කල ලක්ෂ ගණනක් වල ඩොලර් වලට සිදු වූයේ කුමක්ද? එම මුදල් වියදම් කලේ කෙසේද? එම මුදල් වලට අදාල අය වැය වාර්ථා රට විරුවන් දුටුවාද? එම මුදල “ඩොලර්” ආධායමක් ලෙස රටට ලැබිලාද?
නැවත අලුතින් එකතු කිරීමට සූදානම් වන මුදල් වල භාරකරුවන් කවුරුන්ද? එම මුදල් තැන්පත් වන්නේ කුමන ගිණුමකද? රජයේ ගිණුමකද? නැතහොත් පෞද්ගලික අරමුදලකද? සෑම රජයේ දෙපාර්ඛමේන්තුවකටම, ආයතනයකටම මුදල් හෝ වෙනයම් ආධාරයක් කිරීමේදී පිළිපැදිය යුතු ක්‍රමවේදයක් ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා එහ ක්‍රියාපටිපාටිය අදාල නැද්ද?
රට විරුවනි, ඔබ ඔබේ දරුවාට, පවුලට වියදම් කිරීමට ඉතා වෙහෙසවී හරි හම්බ කරන මුදල් පරිත්‍යාග කිරීමට පෙර දෙවරක් සිතන්න..
රටේ සංවර්ධණයට සඳහා ඔබ පරිත්‍යාග කරන මුදල්, ඒ සඳහා වැය කරනවාද? එසේත් නැතිනම් තරු පහේ හෝටලයක වයින් බොමින් සංගීත සංදර්ශනයක රස විදීමට හෝ මනස්කාන්ත සෙංකඩගල පුරවරයේ නිස්කලංක පරිසරයක ඇති “ගී කුරුළු” නිකේතනයක නිවාඩුවක් ගත කිරීමට වැය කරනවාද යන්න දැන ගැනීමට ඔබට අයිතියක් ඇත.
රෑ වැටුන වළේ දවලුත් වැටෙනවාද යන්න තීරණය කිරීම රට විරුවන්ට අයිතිය
(සටහන | ආචාර්ය රසිකා කුමාරසිංහ)
ඔස්ට්‍රේලියාවේ Peter MacCallum Cancer Centre හි පර්යේෂණ ආචාරධර්ම ජේෂ්ඨ කළමණාකාරිනී
මෙල්බර්න් විශ්ව වීද්‍යාලයේ බාහිර කථිකාචාර්ය
rasikuma@yahoo.com
26.10.2025




