* මත්තල ගුවන් තොටුපල කුලී ගුවන් ගමන් යානා සදහා ! ( charter flights)
* සංචාරක කර්මාන්තය උපරිමයට ගෙන ඒමට නැගෙනහිරට නව ගුවන් තොටුපලක්
සංචාරක කර්මාන්තයට ඇති ලොකුම බාධාව කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නව මගී පර්යන්තය ඉදිකිරීම නොකිරීමයි.
දැනටමත් වසර තුනක් පමණ කල් මැරුන පර්යන්තය ඉදිකිරීමට තවත් වසර තුනක් පමන ගතවන බව සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙති.
ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී බලධාරියෙක් ජපාන සමාගමෙන් අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් ගෝඨාභයට පැමිණිලි කළේ ජපානයේ තායිසේ සමාගමේ නිලධාරීන්මය. [Bandaranaike International Airport (BIA) Phase II Expansion, the original contract was with Japan's Taisei Corporation, ]
සෘජුවම මෙම අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිල්ල ගෝඨාභය රාජපක්ෂට යොමු කළත් ඉතා දුර්වල තත්වයේ හිටපු ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය වූයේ අදාළ ඇමතිවරයා වරාය සහ ගුවන් තොටුපළ අමාත්‍යංශයෙන් ඉවත් කිරීම පමණි. එම පැමිණිල්ල එදා අල්ලස් සහ දූෂණ කොමිසමට වාර්තා කළා නම් ගෙදර ගියත් ගෝඨාභයට වීරයෙක් වගේ යන්න තිබුණු මහඟු අවස්ථාව අහිමි කරගත්තේය.
දීර්ඝ නිහඬියාවකින් පසු නැවතත් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජපන් සංචාරය අතරතුර ජපානයේ නායකයින්සමග සාකච්ඡා කරන අවස්ථාවේදී කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නව පර්යන්තය ඉදිකිරීමේ ක්‍රියාදාමය පිලිබඳ කතාබහට ලක්ව ඇති අතර දිගින් දිගටම ප්‍රමාද වීම පිළිබඳ ජපන් නායකයින් දැඩි අප්‍රසාදය පල කළ වූ බවය මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අර්බූදය හමුවේ ගුවන් තොටුපොල භාර ඇමති බිමල් රත්නායකටත් වෙනත් අමාත්‍යාංශයට යාමට සිදුවූයේ ඔහුගේ කාලය තුලදීත් කිසියම් ධනාත්මක ආරම්භයක් ලබාදීමට නොහැකි වූ නිසා බව විචාරකයින් පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් සංචාරක කර්මාන්තය පිලිබඳ ප්‍රවීන විශ්ලේෂකයකු පෙන්වා දුන්නේ, දැනට පවතින ගුවන් මගී පර්යන්තය උපරිම ධාරිතාවයෙන් ප්‍රයෝජනයට ගන්නා නිසා මගීන් දැඩි අපහසුතාවයන්ට මුහුන දෙන බවයි.
ගුවන් ගමන් රාශියක් එකම අවස්ථාවකදී ක්‍රියාත්මක වීම නිසාත් සංචාරක සමයේ ඉහළ යන මගීන් ප්‍රමාණය නිසාත් ගුවන් තොටුපළ කටයුතු සියල්ල අවුල් වී ඇති බව ද ඔහු තවදුරටත් ඔහු කියා සිටියේ, පසුගිය අගෝස්තු මාසයේ සිට නව ගුවන් යානා වලට පහසුකම් සැපයීමට ගුවන් සමාගමට නොහැකි බව ඔවුන් නිල වශයෙන් ප්‍රකාශ කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් රජයේ කිසිදු නිලධාරීයෙක් අදහස් ප්‍රකාශ කර නොමත.

නව ගුවන් යානා ගොඩබැස්සීමට ඉඩ පහසුකම් ලබා නොදීම මෙරට සංචාරක කර්මාන්තයට සෘජුවම බලපාන බව පාලකයන් අවබෝධ කලයුතු බව ඔහු තරයේ සදහන් කර සිටියේය.
පෞද්ගලික අංශය රජයේ මණ්ඩල සහ සංස්ථා සමග සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමට දැඩි වෙහෙසක් ගන්නා අතර මෙම රජයේම තවත් කණ්ඩායමක් නොයෙකුත් හේතු මත ජපන් රජයේ ආධාර මත ඉදිකරන ගුවන්තොටුපොළ නව පර්යන්තයේ වැඩ ආරම්භ කිරීමට අවුල කරන බව නොරහසකි.
කුමන්ත්‍රණයක් ද ?

වර්තමාන ගුවන්තොටුපොළ පහසුකම් යටතේ මාසයකට ගුවන් මගීන් ලක්ෂ දෙකක පමණ හැසිරවිය හැකි අතර එම ප්‍රමාණය ඉක්මවා ගුවන් මඟීන් සහ නව ගුවන් යානා කොළඹට ගොඩ බස්වන්නේ නම් මගී පර්යන්තය ඉදිකිරීම වහා ආරම්භ කළ යුතු බව මෙම ක්ෂේත්‍රයේ ප්‍රවිනයින්ගේ අදහසයි.
එම ඉදිකිරීම් තවදුරටත් ප්‍රමාද වුවහොත් මිලියන තුනක සංචාරක සිහිනය සදාකාලයටම යටපත් වන අතර මෙය කුමන්ත්‍රණයක්ද යන්න සොයා බැලිය යුතු කාරණයකි.
විශාල බලාපොරොත්තු රැසක් රටට ඉදිරිපත් කළ ජාතික ජන බලවේගයේ ප්‍රමුඛතා ලැයිස්තුවල ප්‍රමුඛතාවය වෙනස් වී ඇති බවද අදාළ විශ්ලේෂකයා සඳහන් කලේය.
සංචාරක සහ හෝටල් කර්මාන්තයට සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කල ඔහු සදහන් කරන්නේ මත්තල ගුවන් තොටුපල කුලී ගුවන් ගමන් යානා සදහා සංවර්ධනය කලයුතු බවත් සංචාරක කර්මාන්තය දෙවන ස්ථරයට ගෙන ඒමට නම් වර්තමාන රජය වහාම නැගෙනහිර පලාතේ නව ගුවන් තොටුපලක් ඉදිකිරීමට කටයුතු කල යුතු බවත්ය.
(සටහන | සේන සූරියප්පෙරුම)ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂක
sapsuriyapperuma@gmail.com
(උපුටා ගැනීම - CNL)




