The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කටේ වරදකින් දෙවියකු වූ රටේ මහත්තයා

T

The Leader Desk

October 31, 2025 • 6:59 AM

කටේ වරදකින් දෙවියකු වූ රටේ මහත්තයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප එසේ පවසනුයේ ඒ ඒ ප්‍රදේශවල ජනතාව තුළ එම දෙවිවරුන් සම්බන්ධ ඇදහීම් හා පුද පිළිවෙත් පවතින බැවිනි.
  • එමෙන්ම ඔවුන් ගෙන් බොහොමයක් අතීතයේ මිනිසුන් ලෙස සාමාන්‍ය ජීවිත ගෙවා පසුකාලීනව දේවත්වයෙහි ලා පුදසත්කාර වැදුම් පිදුම් ලබන්නන් වූ බව පෙනේ.
  • මෙම තත්වයට පත් වීම දේවාත්වාරෝපණය (Deification) ලෙස හැඳින්වෙන අතර යම් පුද්ගලයකු මෙලෙස දේවත්වයෙහි ලා සැලකීමට විවිධ හේතු සාධක බලපාන බව ඒ සම්බන්ධ විමසුම් වල දී පෙනී යයි.
  • කහටගහ කුඹුරේ ගෙදර රටේ මහත්තයා ද මෙලෙස දේවත්වයෙහිලා අදටත් වැදුම් පිදුම් ලබන දුම්බර ප්‍රදේශයේ ජන ප්‍රධානියෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):

අප එසේ පවසනුයේ ඒ ඒ ප්‍රදේශවල ජනතාව තුළ එම දෙවිවරුන් සම්බන්ධ ඇදහීම් හා පුද පිළිවෙත් පවතින බැවිනි. එමෙන්ම ඔවුන් ගෙන් බොහොමයක් අතීතයේ මිනිසුන් ලෙස සාමාන්‍ය ජීවිත ගෙවා පසුකාලීනව දේවත්වයෙහි ලා පුදසත්කාර වැදුම් පිදුම් ලබන්නන් වූ බව පෙනේ. මෙම තත්වයට පත් වීම දේවාත්වාරෝපණය (Deification) ලෙස හැඳින්වෙන අතර යම් පුද්ගලයකු මෙලෙස දේවත්වයෙහි ලා සැලකීමට විවිධ හේතු සාධක බලපාන බව ඒ සම්බන්ධ විමසුම් වල දී පෙනී යයි.

Knukles Mountain Range 0

 

කහටගහ කුඹුරේ ගෙදර රටේ මහත්තයා ද මෙලෙස දේවත්වයෙහිලා අදටත් වැදුම් පිදුම් ලබන දුම්බර ප්‍රදේශයේ ජන ප්‍රධානියෙකි. මේ වන විට ජන ප්‍රවාදගතව පවතින ඔහු දෙවියෙකු වන්නට හේතු වූ ඒ රසවත් සිදුවීමයි මේ;

මහනුවර රාජධානී සමයේ දුම්බර ප්‍රදේශයේ ජන නායකයකු වූ කහටගහ කුඹුරේ ගෙදර රටේ මහත්තයා එකල ජීවත් වූ වෙනත් රටේ මහත්තුරුන්ට සාපේක්ෂව ඉතා ගුණ යහපත් කාටත් හිතෛෂීවන්ත වූ අයෙකි.

එම ජන ප්‍රවාදයට අනුව ඊට පසුදිනට යෙදී තිබුණේ රටේ මහත්තයාට අයත් කුඹුරු යායේ ගොයම් කැපිල්ලයි. රටේ මහත්තයාට කවදත් උදව් උපකාර කරන ගමේ කාන්තාවන් පිරිසක් කහටගහ කුඹුරේ ගෙදර මුළුතැන්ගෙය පිටුපස වී කොටමින් සිට ඇත්තේ පසුදින ගොයම් කැපිල්ලට එන්නවුන්ට පිළියෙල වෙන ඇඹුලට අවශ්‍ය වන බත සැකසීම සඳහා ය.

 

fsasq112qqaa

එම ප්‍රදේශයේ කවුරුත් බියක් දැක්වූ, කිහිප දෙනෙකුටම අනතුරු සිදු කළ ගම්මුන් විසින් “අංකොට ගෝනා” නමින් ප්‍රකටව සිටි ගෝනකු මහත් කලබලයකට පත් ව දිව අවුත් වී කොටන කාන්තාවන් මැදට කඩා පනින්නේ මේ අවස්ථාවේදී ය. බියටත් තැති ගැන්මටත් පත් කාන්තාවන් තම තමන්ගේ අතැති මෝල් ගස් වලින් අංකොට ගෝනාට තඩි බාන්නේ දෙවරක් නොසිතාම ය.

මෝල් ගස් ප්‍රහාරයෙන් කපා හෙලූ කඳක් සේ එතැනම මැරී වැටුණ ගෝනා පිළිබඳ පුවත කාන්තාවෝ කහටගහ කුඹුරේ ගෙදර ආලින්දයේ සිටි රටේ මහත්තයාට දැන්වූහ. එම පුවත අසන රටේ මහත්තයා “එහෙනම් අංකොට ගෝනා හෙට මගේ වෙල්යායෙම ගොයමත් කපල දෙන්නෙ නැතැයි” යැයි පවසන්නේ මුවඟ රැඳි සරදම් සිනහවක් ද සමඟ ය. හෙට දින ඇඹුලට ගෝන මස මදියි නොකියන්නට ලැබෙන බව දන්නා ගම්මුන් විශාල පිරිසක් ගොයම් කැපිල්ලට නොවරදවාම පැමිණෙනු ඇතැයි යන්න ඉඟි කරමින් පැවසූ මෙම උපහාසාත්මක කතාව වී කොටමින් සිටි ඇතැම් කාන්තාවන්ට රිස්සුවේ නැත. ඒ අනුව එදින රාත්‍රිය වන විට ඔවුන් එකිනෙකා වෙතින් තම නිවෙස් ඔස්සේ අවසානයේ මුළු ගම පුරාත් පැතිර ගිය මෙම සරල උපහාස කතාව ගම්මුන් පිළිගත්තේ තමන්ට කල බලවත් නිග්‍රහයක් ලෙස ය.

 

buck
 “අපි මෙච්චර කාලයක් රටේ මහත්තයාගේ කුඹුරු වැඩට ආවේ ගෝන මස් බලාගෙන දැ”යි එකිනෙකාට කියමින් ගම්මුන් අවසානයේ පොදු තීරණයකට එළඹියේ සියලු දෙනාට පසු දින ගොයම් කැපිල්ලට නොයා සිටින්නට ය. ඉතා අහඹු ලෙස රටේ මහත්තයාගේ මුවින් පිටවූ එම “කට කැඩුණු කතාව”ට දඬුවම් දෙමින් ගම්මුන්ගේ තීරණය අකුරටම ක්‍රියාත්මක විය.

ඒ අනුව රටේ මහත්තයා බොහෝ පිරිසකට සෑහෙන්නට ගෝන මස් සමග ඇඹුල ද පිළියෙල කර බලා සිටියද ගොයම් කැපිල්ලට කිසිවෙක් නො ආහ. පසුව ගොයම් කැපිල්ලට කිසිවෙකුත් නො ආ හේතු සොයා විමසුම් කළ රටේ මහත්තයට ගැමියෙකු “ඇයි ඔබ තුමා කියලා තියෙන්නේ අං කොට ගෝනා කුඹුරු යාය කපල දෙයි කියලා අපිත් ඉතින් කතා වෙලා අං කොට ගෝනාටම ඒ වැඩේ බාර දීලා නිකම් හිටියා” යැයි පවසා ඇත්තේ ඇඟට පතට නොදැනෙන්නට ය. ගැමියාගේ මේ කතාව රටේ මහත්තයාගේ ළය පසාරු කළ පිහි පාරක් මෙන් විය. ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වාම වලව්වට පැමිණි රටේ මහත්තයා මද වේලාවකින් තම හාන්සි පුටුව මතම අවසන් ගමන් ගොස් තිබිණ.

rINGWCRGWER9WY

එදින සවස් යාමයේ මුළු ගමම කළු කරමින් හෙන හඬ පතුරුවමින් ඇද හැලෙන්නට වූයේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ මහා වර්ෂාවකි. ඇළ දොළ පිටාර ගලමින් භවබෝග විනාශ කරමින් ගැමියන්ගේ ගේ දොර පවා යට කරමින් ඒ මහා වර්ෂාව දින හතක් පුරා නොනවත්වාම ඇද හැලෙන්නට විය. ඒ පිළිබඳව ගම්මුන්ගේ තදබල විශ්වාසය වූයේ මතක ඇති කාලෙකටත් අත් නොවිඳි තරමේ මෙම ව්‍යසනය අදෘෂ්‍යමාන බලවේගයක බලපෑමක් නිසා ඇති වන්නක් යන්න ය. එමෙන්ම ඊට හේතුව ලෙස ගම්මුන්ගේ සිත් තුළ වූ බරපතල සැකයක් ද විය. ඒ මුළු ගමම සමඟ නොහොඳින් මිය ගිය රටේ මහත්තයා මරණයෙන් පසු මහා බලගතු ආත්මයක් ලබා ගමටම වින කරන්නට සැරසෙන බවකි.

එබැවින් රටේ මහත්තයාගේ අවමඟුලින් පසුව ද නොකඩවා වැස්ස ඇද හැලෙන දින වල එක් තැනකට එකතු වූ ගැමියන් ගම්මු රටේ මහත්තයාගේ එම බලගතු ආත්මය වෙනුවෙන් පහන් දල්වා තමන් අතින් වූ වරදට අනේක වාරයක් සමාව යදිමින් කන්නලව් කරන්නට වූහ. එමෙන්ම ගම්මුන් පැතූ ලෙසින්ම එම කන්නලව්වත් සමඟ වැස්ස තුරල් වී හමාර ය. එය මුල් කොට කහටගහ කුඹුරේ ගෙදර රටේ මහත්තයා රටේ මහත්තයා දෙවියෙකු ව ප්‍රදේශයේ සියලු දේ කරන බවට වූ ගම්මුන්ගේ සිත් තුළ වූ විශ්වාසය සිය දහස් ගුණයකින් වැඩි විය.

beauty to ugly

එතැන් පටන් ඕනෑම දුකක් කරදරයක් හමුවේ කහටගහ කුඹුරේ ගෙදර රටේ මහත්තයා දෙවියා වෙනුවෙන් ගැමියන් ගේ අතින් පහනක් දැල්විණි. එමෙන්ම එම වැස්සෙන් හේන් කුඹුරු විනාශ වුවද නැවත වගාව නොසිතූ තරමෙන් සාර්ථක විය. තමන් අතින් සිදු වූ වරදට රටේ මහත්තයා දෙවියන් සමාව දී ඇති බවක් වටහා ගත් ගැමියෝ ඔහු වෙනුවෙන් සිදුකරන පුදසත්කාර තව තවත් වැඩි කළ අතර කහටගහ කුඹුරේ ගෙදර රටේ මහත්තයා අලුතින්ම දේව මණ්ඩලයට එකතු වූ දෙවියන් ලෙස සලකමින් එතැන් පටන් ඔවුහු රටේ මහත්තයා දෙවියා “අලුත් දෙවියා” නමින් හඳුන්වන්නට වූහ.

 අදටත් දුම්බර කඳුකරයේ ආශ්‍රිතව “අලුත් දෙවියා” නමින් පුද සත්කාරයට බඳුන් වන්නේ කට වැරදීමකින් දෙවියෙකු වූ කහටගහ කුඹුරේ ගෙදර රටේ මහත්තයා බව වර්තමානයේ බොහෝ දෙනෙක් නොදනිති.

uthpala subhashini(සටහන | උත්පලා සුභාෂිණී ජයසේකර)
uthpalajayasekara12@gmail.com

උපුටා ගැනීම - vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කටේ වරදකින් දෙවියකු වූ රටේ මහත්තයා | The Leader