The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අනුරවාදය හරහා ලංකාව වැලඳ ගනිමින් සිටින පසුගාමී ධනවාදය | දිනන දකුණ

T

The Leader Desk

November 9, 2025 • 4:18 PM

අනුරවාදය හරහා ලංකාව වැලඳ ගනිමින් සිටින පසුගාමී ධනවාදය | දිනන දකුණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අර්බුදයෙන් පසු මන්දගාමී, නොසන්සුන් වාතාවරණයකට පසු, ලංකාව උණෙන් සුවය ලබන මිනිසෙකු මෙන් - සුදුමැලි, දිශානතියකට පත් නොවූ මොහොතක නමුත් බලාපොරොත්තු සහගතව සිටියි.
  • ජනාධිපති අනුර කුමාර දිසානායක, කලක් මාක්ස්වාදී හෘදසාක්ෂියේ ගිනිමය හඬක් වූව ද , ඉන් පූර්ණ වශයෙන් විතැන් නොවී දැන් ජාතියේ “ධනවාදී පරිකල්පනයේ” නිල ගෘහ නිර්මාණ ශිල්පියා බවට රූපාන්තරණය වීමට අසාර්ථක උත්සාහයක නිරත වෙමින් ඇත .
  • දශක ගණනාවක් තිස්සේ, අනුරගේ දේශපාලන අනන්‍යතාව ප්‍රතිවිරෝධයේ අපෝහකය තුළ සකස් කෙරූවකි (අවම වශයෙන් ඔහු පෙන්නුම් කෙරුවේ එය යි.) බලය, ප්‍රාග්ධනය, මිනිස් ජීවිතය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම සම්බන්ධව විරසකකාරී විවේචනයක් ඔහු තුළ විය .
  • ඔහුගේ වාචාලකමේ රිද්මය ඔහුව, අර්බුදය ඇත්තේ තමන් තුළ නොව ඉන් පිටත බව සැම විට ම පූර්ව අගතියක වන සුවහසක් මිනිසුන් වෙත රැගෙන ගියේ ය .
අකුරු ප්‍රමාණය (Font Size):
 
අර්බුදයෙන් පසු මන්දගාමී, නොසන්සුන් වාතාවරණයකට පසු, ලංකාව උණෙන් සුවය ලබන මිනිසෙකු මෙන් - සුදුමැලි, දිශානතියකට පත් නොවූ මොහොතක නමුත් බලාපොරොත්තු සහගතව සිටියි.
 
එම බිඳෙන සුළු ප්‍රකෘතියේ කේන්ද්‍රය අරා සිටින්නේ පරස්පර විරෝධී චරිතයකි. ජනාධිපති අනුර කුමාර දිසානායක, කලක් මාක්ස්වාදී හෘදසාක්ෂියේ ගිනිමය හඬක් වූව ද , ඉන් පූර්ණ වශයෙන් විතැන් නොවී දැන් ජාතියේ “ධනවාදී පරිකල්පනයේ” නිල ගෘහ නිර්මාණ ශිල්පියා බවට රූපාන්තරණය වීමට අසාර්ථක උත්සාහයක නිරත වෙමින් ඇත . ඔහුගේ එම ද්විත්ව දේශපාලන ප්‍රතිවිරෝධතාවය ඔහු කෙරෙහි පමණක් නොව රාජ්‍යය ශරීරය තුළ ද ගැඹුරු මානසික පැල්මක් ( split එකක් ) නිර්මාණය කරයි.

ධනවාදය හෙළා දුටු මිනිසා දැන්...?
 
cgh5756
 
දශක ගණනාවක් තිස්සේ, අනුරගේ දේශපාලන අනන්‍යතාව ප්‍රතිවිරෝධයේ අපෝහකය තුළ සකස් කෙරූවකි (අවම වශයෙන් ඔහු පෙන්නුම් කෙරුවේ එය යි.) බලය, ප්‍රාග්ධනය, මිනිස් ජීවිතය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම සම්බන්ධව විරසකකාරී විවේචනයක් ඔහු තුළ විය . ඔහුගේ වාචාලකමේ රිද්මය ඔහුව, අර්බුදය ඇත්තේ තමන් තුළ නොව ඉන් පිටත බව සැම විට ම පූර්ව අගතියක වන සුවහසක් මිනිසුන් වෙත රැගෙන ගියේ ය .

දේශපාලනයේ සදාචාරාත්මක ඉම සෙවූ ඡන්දදායකයෝ, පෙර පාලකයින් විසින් බොඳ කරන ලද ඉතිහාසය සහ මවා පෙන්වන ලද එහි කුරිරු උත්ප්‍රාස සමග, දැන් ඔහුව (අ.කු දි ව) දේශපාලන බලයේ මුදුනත තබා ඇති අතර , එහි දී: අයවැය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මූල්‍ය විනය , වැඩ කර පෙන්වීම පිළිබඳ මිනුම් අමතක නොකළ යුතු ය. වරක් ධනවාදය හෙළා දුටු මිනිසා දැන් එහි ව්‍යාකරණ තුළ තමන්ගේම වූ දෙබිඩි මානසික තත්ත්වය මත අතරමං වී ඇති සෙයකි .

ද්විත්ව මානසික භ්‍රාන්තිය
fgyhe56456
මර්දනය කරන ලද මනස යමක් සහමුලින් ම විනාශ නොකරයි . මර්දනය කරන ලද දේ වෙස්වළා ගෙන නැවත පැමිණේ . පුද්ගලයකු වරක් තමා නිර්වචනය කළ දේ යටපත් කළ විට, එම වළලනු ලැබූ අගය නැවත මතු වේ. ඒ, මතකයන් ලෙස නොව, රෝග ලක්ෂණ ලෙසය. අනුර ජනපති ගේ දේශපාලනය තුළ, කෙනකුට මෙම හොල්මන් නැවත පැමිණීම හඳුනා ගත හැකිය. දහවල් කාලයේ ජනාධිපති මන්දිරය හෝ අමාත්‍යාංශ හෝ තරු පන්තියේ හෝටල්වල ගැවසෙන උද්යෝගය, පැලවත්තේ නින්ද හෝ සුසිල් අයියා ගේ සිසිල් අවතාරය දැක මාක්ස්වාදී හැඟූම් මගින් බොඳ වී යයි.

භාෂාව වෙනස් වී ඇති වුව ද, ඩබල් පොකට්කාරී සන්නාම සළුපිළි ගත වැසූව ද අභ්‍යන්තර රිද්මය පැරණි සෝවියට් මොඩලයෙන් ජ්වලනය වීම නතරව ඇත. සත්‍යය ලෙස ම කල්පනා කර බැලිය යුත්තේ මෙම ද්විත්ව මානසික භ්‍රාන්තිය ඔහු කෙළෙස දරා ගන්නවා ඇති ද යන්න ය. දෘෂ්ටිවාද කවදත් කා තුළත් එසේ ය, ඒවා නරුම පරතරයක් නඩත්තු කරයි . එහෙත් අමතක නොකළ යුත්තේ මේ රටේ තීරකයා බව ය.

බෙදී ගිය මිනිසකු බවට පත්වේ ද...?
fhe56
ඔහු සිටින්නේ ප්‍රාග්ධනයේ පාලනයක් යටතේ බව අමතක නොකළ යුතුය. එයට සංඛ්‍යා දත්ත අවශ්‍ය වේ. කන්කලුමය මැජික් ආඛ්‍යාන හෝ විශ්වාසය, හෘදය සාක්ෂිය වැනි දෑ කෙරෙහි එහි ඇත්තේ සුළු ඉඩකි. එබැවින්, නායකයා ඊට අනුරූපී විය යුතු ය. තම අභ්‍යන්තර පාවාදීම ගැන නිහඬව ශෝක වන අතර ම වෙළඳපොළ කෙරෙහි විශ්වාසය තැබීමට ඉගෙන නොගන්නේ නම් ඔහු බෙදී ගිය මිනිසකු බවට පත්වේ.

තමන්ගේ අඩක් සංවර්ධනය ගැන අනාවැකි ගායනා කරන අතර, අනෙක් භාගය එහි ම විරුද්ධභාෂය (paradox) මුමුනන්නේ එබැවිනි. අනුර ජනපති ගේ පොදු ජීවිතය යනු එම භේදය පෙන්නුම් කිරීමකි. විප්ලවවාදී ආත්මය සහ ප්‍රායෝගික තාක්‍ෂණවේදියා, සංස්ලේෂණයකින් තොරව සහජීවනයෙන් සිටියි. එකක් අනෙකා ප්‍රතික්ෂේප කරයි, නමුත් දෙදෙනා ම ඔහු තුළ වාසය කරයි. අප මෙහි කතා නොකරන නමුත් එය ඔහුගේ පොදු ජීවිතය තුළ පමණක් නොව පුද්ගලික ජීවිතය කෙරෙහි ද බලපා ඇති බව පෙන්නුම් කළ හැකි ය.

'ණය' යනු මානසික ව්‍යාධියකි
cfherty54
ගෝලීය ණය යුගයේ රාජ්‍ය පාලනය කිරීම යනු ධනවාදයේ පරිකල්පනය තුළ වාසය කිරීම ය. ලෝක බැංකුවේ ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන කිරීම (2025) සඳහන් කරන්නේ රටේ ආර්ථික ප්‍රකෘතිය අසම්පූර්ණව පවතින බවත්, දරිද්‍රතාව පවතින බවත්, උපකල්පිත වර්ධනය මධ්‍යස්ථ බවත්, ව්‍යුහාත්මක දුර්වලතා විසඳා නොමැති බවත්ය. එහෙත් රාජ්‍යය ශුභවාදී පෙන්නුම් කිරීම් දිගටම කරගෙන යයි , ඒ තුළ අනාගත සමෘද්ධියේ දර්ශනයක්, පරිත්‍යාගශීලීන් ඕනෑ තරම් ඇති බවත්, වැඩේ යටින් යන බවත්, පුරවැසියන් සඳහා වේදිකා ගත කර ඇත. එකවර දැන ගැනීමට සහ නොදැන සිටීමට ඇති හැකියාව විරුද්ධභාෂිත ජීවිතයකි . නායකයා වාර්තාවල, කථාවල, ප්‍රවේශමෙන් වචන ගළපමින් IMF ප්‍රකාශවල අර්බුදය පිළිගන්නා අතර ම, අර්බුදය අප පියමන් කර ඇති බව හැඟවෙන ලෙස ද ක්‍රියා කරයි . "අපි ඉදිරියට යමින් සිටිමු " ඔහු අවධාරණය කරන්නේ වචනවලට ණයෙහි බරපතළකම ඉක්මවා යා හැකි යැයි සිතමිනි.

නමුත් ණය යනු හුදෙක් ආර්ථිකමය කාරණයක් පමණක් නොවේ. එය මානසික ව්‍යාධියකි. ජාතියට පැහැදිලි කිරීමක් අවශ්‍ය ය. ගෝඨාභය පාලනය මේ ආකාරයට ම ගොස් අයිස් බරුවේ හැපුණේ ඒ මානසික ව්‍යාධිය උත්සන්න වීමෙනි. ගැටලුව වී ඇත්තේ විප්පලවාදී නායකයා එම තාක්ෂණික පෙරහුරුවක දරා ගන්නේ කෙසේද යන්නයි. වරක් අලුයම ලූ කෙල පිඩක් සේ තමන් බැහැර කෙරූ ආර්ථික මොඩලයක් ගැන කතා කළ මාක්ස්වාදී මිනිසා දැන් " වඩා හොඳ වියදම් කිරීම ක් " ගැන කතා කරන්නේ කෙසේ ද?

කතුවරයා අමතක කර සිහිනය පාලනය කිරීම
මෙම මාරුව හුදෙක් භාෂාමය එකක් පමණක් නොවේ , එය විද්‍යාත්මක ය. එහි අන්තර්ගතයෙන් හිස් වූ මාක්ස්වාදී හැඟවුම්කාරකය, එය වරක් විරුද්ධ වූ ව්‍යුහය විසින් ම අත්පත් කර ගනු ලැබ ඇත. මේ නායකත්ව මිනිසා මුහුණ දෙන අභ්‍යන්තර වියවුල රටේ අනාගතය මත තබා සැලකිල්ලට ගත යුතුව ඇත. මර්දනය කිරීමට උත්සාහ කරන මනෝභාවයන්ගේ නැවත පැමිණීම සෑම ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාවක් ම එහි අවතාරය නිපදවයි. "වඩා හොඳ වියදම්" සහ "මූල්‍ය විනය" මතුපිටට යටින්, මර්දනය කරන ලද විප්ලවවාදී ආශාව නැවත පැමිණෙන්නේ වචනවලින් නොව, ජනතාවගේ නිහඬ බලාපොරොත්තු සුන්වීමකිනි. දරිද්‍රතාවයේ නැගීම, සුභසාධන අවකාශය හැකිළීම, තරුණයින්ගේ අපේක්ෂා හැකිළීම... මේවා තමන්ගේ ම සදාචාරාත්මක මූලාරම්භ සමග සම්බන්ධතා නැති කරගත් රාජ්‍යයක අවිඥානික රෝග ලක්ෂණ වේ.

අනුර ජනපතිගේ මෙම දුක් වේදනා ඔහුගේම කතාවේ කොටසක් ලෙස, ඔහුගේ අභ්‍යන්තර බෙදීමේ කැඩපත් රූපයක් ලෙස - හඳුනා ගැනීමට ඇති නොහැකියාව ඔහුගේ නායකත්වයේ සීමාව හෙළි කරයි. ඔහු සිහිනයකින් පාලනය කරයි , නමුත් ඔහුට එහි කතුවරයා මතක නැත. මාක්ස් ද? ස්මිත් ද? එය ඔහුට උභතෝකෝටිකයකි. මෙම බෙදුණු පෞරුෂය වෛද්‍යමය කාරණයක් නොවේ. එය රූපකයකි: දකුණු අත කප්පාදුව සලකුණු කරන අතර වම් අත සාධාරණත්වය දේශනා කරන පාලන තත්ත්වයකි.

සදාචාරාත්මක අසාර්ථකත්වයක් නොවන මානසික අන්ධභාවය
 
fgyu6756
අවාසනාවකට මෙන් නායකයා හුදකලා මනෝභාවයක් නොවේ. ඔහු සාමූහික ආශා නියෝජනය කරයි. දශක ගණනාවක අර්බුදයෙන් වෙහෙසට පත් වූ ශ්‍රී ලංකාවේ ජනතාව, සහජීවනය සහ සංවර්ධනය සඳහා මෙන්ම බෙදුණු ජාතිය බැඳ තැබිය හැකි පියකු සඳහා ආශා කරති. මෙම කුසගින්න නිවන්නට යන්නේ බෙදුණු මිනිසෙක් නම් තත්වය කුමක් වෙයි ද? විප්ලවය සහ ස්ථාවරත්වය යන දෙකම, සමානාත්මතාවය සහ වර්ධනය යන දෙකම පොරොන්දු වන නායකයෙක් ගැන සිතා බලන්න. නායකයාගේ අභ්‍යන්තර භේදය ජාතිය පිළිබිඹු කරයි. වෙනස් වීමේ බිය සමග ධනේශ්වර සංවර්ධනය සඳහා ඇති ආශාව එක ම කෝවක කෙළෙස පවතින්න ද? එවැනි සිහිනයකින් අවදි වීම වේදනාකාරීය. ධනවාදයේ පරිකල්පනය උදාසීන මෙවලමක් නොව සමස්ත දෘෂ්ටිවාදයක් බව පිළිගැනීම අවශ්‍ය වේ.

ජාතියක් සඳහා, පිබිදීම යනු වර්ධන අනුපාතවල ව්‍යාකරණවලින් පිටත ප්‍රගතිය නැවත පරිකල්පනය කිරීම යි. නායකයෙකු සඳහා, එයින් අදහස් කරන්නේ බෙදී ගිය ආත්ම ඒකාබද්ධ කිරීමයි. මාක්ස්වාදී හෘදය සාක්ෂිය සහ පරිපාලන ප්‍රායෝගිකවාදියා එය කෙසේ ඉටු කරම්ද? අනුර ජනපති ගේ ඛේදවාචකය සදාචාරාත්මක අසාර්ථකත්වයක් නොව මානසික අන්ධභාවයකි. මීට වසරකට පෙර ධනවාදයේ විවේචකයා සහ නව ප්‍රතිසංස්කරණවාදියා ජාතිය තුළ සමගි වීමට පෙර ඔහු තුළ සමගි විය යුතු ව ඇත.

පාදම තුනී වෙමින් පවතින නිදන තොටිල්ල
මෙම සත්‍යය කුරිරු නමුත් විමුක්තිදායක ය. නැතිනම් තමා තුළ ඒකාබද්ධ නොවූ දේ සැමවිට ම ලෝකය හරහා නැවත පැමිණේ. එම සංහිඳියාව ඇති වන තුරු, ලංකාව මෙම විරුද්ධාභාසය තුළ දිගට ම ජීවත් වනු ඇත. ධනවාදය කළමනාකරණය කිරීමට අසාර්ථක උත්සාහයක නිරතවන මාක්ස්වාදී මනෝභාවයක් සහිත රජයක්, ණය හරහා නිදහස පරිකල්පනය කරන ජනතාවක් සහ මානසික දර්පණ තල දෙකක් අතර බෙදී ගිය නායකයෙක්. එකක් ඔහු කවුදැයි සත්‍යය ලෙස පිළිබිඹු කරන අතර අනෙක. ඔහු දැන් මවා පෑමට අවශ්‍ය දේ ජනතාවට පෙන්වීමට යත්න දරයි. වැඩේ යටින් යන අතර, ඔබ නිදා සිටින තොටිල්ලේ පාදම තුනී වෙමින් ඇත. එතෙක් සැපට නිදන්න...!!

(දිනන දකුණ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...