The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අසරණ රෝගීන් විකුණාගෙන කෑමේ සයිබර් අපරාධ පිටු දකිමු | ඒ.ජී රේණුකා දමයන්ති

T

The Leader Desk

November 11, 2025 • 5:17 AM

අසරණ රෝගීන් විකුණාගෙන කෑමේ සයිබර් අපරාධ පිටු දකිමු | ඒ.ජී රේණුකා දමයන්ති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බැංකු ගිණුම් වෙත අදාළ මුදල් බැර කරවාගෙන ඇති බවට ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ විමර්ශනයකින් පසු ඕපනායක සහ රක්වාන ප්‍රදේශවල පදිංචි තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
  • චමිල් සඳරුවන්, මුසාන් ෂාමින්ද සහ හර්ෂ චතුරංග යන එම සැකකරුවන් තිදෙනා ඉකුත් 06 වන දා අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට අසංග බෝදරගම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් වරයා නියෝග කොට ඇත.
  • ඒ, මෙවැනි වංචනික ක්‍රියා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද පොලිසියට නියෝග කරමිනි.
  • ඉහත සැකකරුවන් විසින් ආගමික සහ සමාජ සත්කාරක මුහුණුවරකින් වංචනික ලෙස පවත්වාගෙන ගිය ෆේස්බුක් පිටු රැසක් මෙම ජාවාරම සඳහා යොදාගෙන ඇති බව විමර්ශනවල දී හෙළි වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

බැංකු ගිණුම් වෙත අදාළ මුදල් බැර කරවාගෙන ඇති බවට ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ විමර්ශනයකින් පසු ඕපනායක සහ රක්වාන ප්‍රදේශවල පදිංචි තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

චමිල් සඳරුවන්, මුසාන් ෂාමින්ද සහ හර්ෂ චතුරංග යන එම සැකකරුවන් තිදෙනා ඉකුත් 06 වන දා අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට අසංග බෝදරගම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් වරයා නියෝග කොට ඇත. ඒ, මෙවැනි වංචනික ක්‍රියා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද පොලිසියට නියෝග කරමිනි.

 

lowyer 251108
ඉහත සැකකරුවන් විසින් ආගමික සහ සමාජ සත්කාරක මුහුණුවරකින් වංචනික ලෙස පවත්වාගෙන ගිය ෆේස්බුක් පිටු රැසක් මෙම ජාවාරම සඳහා යොදාගෙන ඇති බව විමර්ශනවල දී හෙළි වී තිබේ.

ඒ අනුව ‘ස්වර්ණමාලි සෑරදුන් අභියස’, ‘ආශීර්වාද පූජා’, ‘පිරුණු හදවත්’, ‘නිවන් මඟට දහම් බිඳක්’ වැනි ආගමික තේමාවන් යටතේ මෙන්ම, ‘මගේ බබාට කෑම’, ‘දරු සුරතල් ප්‍රමාද සැමට’,Nursing Sri lanka සහ ‘යුරෝපයේ අපි’ යනුවෙන් නම් කරන ලද පිටු ඔස්සේ පිළිකා රෝගී දරුවන්ගේ දැන්වීම් පළ කරමින් ඔවුන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් එක්රැස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ අනාවරණය කොට ඇත.

සයිබර් අපරාධ ගණයට අයත් වන මෙවැනි අනුකම්පාව උපදවන වංචා (Charity/Compassion scams) මේ වන විට ශ්‍රී ලංකාව තුළ බහුලව දක්නට ලැබේ. අප සිතන අන්දමට අනුන්ගේ දුක් වේදනා වල දී සසල වන සිත් සහිත සැලකිය යුතු පිරිසක් වෙසෙන අප සමාජයේ, මිනිසුන්ගේ කරුණාව සහ දයාව ප්‍රයෝජනයට ගෙන වංචනික ලෙස මුදල් ලබා ගැනීම මෙම සයිබර් අපරාධ ඔස්සේ සිදු වේ.

අතීතයේ “හොර සම්මාදම්” ලෙස යම් ප්‍රමාණයකට දක්නට ලැබුණු මෙම වංචනික ක්‍රියා සයිබර් අවකාශය තුළ පුළුල් ලෙසින් ව්‍යාප්ත වීමේ පැහැදිලි ඉඩක් පවතී. එමෙන්ම, ඉහත සඳහන් සැකකරුවන් අප සමාජයේ තරුණ පිරිස් මෙම නීච ජාවාරම ඔස්සේ මුදල් සෙවීමට වෙර දැරීම වෙනම ඛේදවාචකයකි.

ඒ අතුරින් ඉහත සඳහන් ආකාරයේ රෝගීන්ට ආධාර පිණිස මුදල් වංචා කිරීමේ සිදුවීම් ද බොහොමයක් පෙළ ගැසිය හැකි අතර, මෙම සයිබර් අපරාධකරුවෝ ඒ සඳහා විවිධ ක්‍රමවේද අනුගමනය කරති.

 99364806 cb7da0ea 5ab8 4cfe a605 a230e9fbd6d4.jpg

ඒ අතුරින් සුලබම ක්‍රමයක් වනුයේ සැබවින්ම බරපතල ලෙස අසනීප වූ හෝ හදිසි අනතුරකට ලක් වූ පුද්ගලයෙකුගේ ඡායාරූප; බොහෝ විට අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූප භාවිත කරමින් හද සසල කරවන කතාවක් නිර්මාණය කොට එය ෆේස්බුක් පෝස්ට් එකක් ලෙස ප්‍රචාරය කිරීම ය. එහි දී රෝගියාට හදිසි ශල්‍යකර්මයක් හෝ විදේශ ප්‍රතිකාර අවශ්‍ය බවත්, ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය බවත්, එසේ නොලැබුණහොත් රෝගියා අනිවාර්යයෙන් මිය යන බවත් ඔව්හු සඳහන් කරති. ඒ සඳහා බොහෝ විට කුඩා දරුවන්ගේ ඡායාරූප යොදා ගන්නේ ඒවා දකින බොහොමයකගේ හදවත් ඉක්මනින් සලිත වන බැවිනි.

 එමෙන්ම ඒ සඳහා ව්‍යාජ ලෙස සකස් කළ රෝහල් ලිපි ශීර්ෂ, වෛද්‍ය වාර්තා සහ බිල්පත් ඉදිරිපත් කර රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට ඇත්තේ තව ඉතා කෙටි කාලයක් පමණක් බවත්, එසේ නොවේ නම් රෝගියා අනිවාර්යයෙන් මිය යන බවත් පවසා හැකි තාක් ඉක්මනින් පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් ඉල්ලීම් සුලබව සිදු වනු පෙනෙයි. ඒ එම වේදනාත්මක හැඟීම් මුල් කොට ඔවුන් ඔන්ලයින් ක්‍රමයට එම ගිණුම්වලට ක්ෂණිකව මුදල් බැර කළ හැකි බැවිනි. එමෙන්ම මෙහි දී සැබෑ ලියාපදිංචි පුණ්‍යායතනයක ගිණුමකට වඩා, පුද්ගලයෙකුගේ බැංකු ගිණුම් අංකයක් පරිත්‍යාග සඳහා ලබා දීම ද සුලබව සිදු වන්නකි.

නමුත් මේ සියලු පෝස්ට් වංචනික විය නොහැකි අතර මෙවන් වංචනික ආධාර ඉල්ලීම්වල දී දක්නට ලැබෙන පොදු ලක්ෂණ කිහිපයක් මෙසේ ඉදිරිපත් කළ හැක. ඒ අතුරින් එම පෝස්ට් එක පළ කළ ෆේස්බුක් ගිණුම/පිටුව අලුත් වීම හෝ වෙනත් අන්තර්ගතයන් නොමැති වීම ඒ අතුරින් බහුලව දක්නට ලැබෙන්නකි.

එමෙන්ම රෝගියාගේ නම, රෝගී තත්ත්වය, ප්‍රතිකාර කරන රෝහල සහ වෛද්‍යවරයා පිළිබඳව නිශ්චිත තොරතුරු නොමැති වන අතර එසේ සඳහන් වන අවස්ථාවල දී පවා එහි සත්‍යතාව දුරකථන ඇමතුමක් මගින් තොරතුරු තහවුරු කර ගැනීමේ පහසුවක් නොමැති වීම ඒ අතුරින් ප්‍රධාන වේ. විශේෂයෙන් ෆේස්බුක් එබඳු ආධාර ඉල්ලීමක් කොට තිබේ නම් අදාළ රෝහලට සෘජුවම අමතා ඒ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම ද ඉතා වැදගත් ය.

 

N2G3YDEMR5KKJNPRXG2CSM35YI
එමෙන්ම එවන් ආධාරයක් පිරිනැමීමට පෙර රෝගියාගේ පවුලේ අය හෝ විශ්වාසනීය අයකු දුරකථනයෙන් සම්බන්ධ කරගෙන තොරතුරු ලබා ගැනීම ද ඉතා වැදගත් වන අතර වට්ස්ඇප් ආදී ක්‍රමයකින් දුරකථන ඇමතුමක් ගැනීමේ දී ඡායාරූප හා සජීවී වීඩියෝ දර්ශන ලබා ගැනීමේ හැකියාවක් ද තිබේ. එමෙන්ම එම රෝගියා පදිංචි ප්‍රදේශය ආදී විස්තර සඳහන් වේ නම් එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා ද දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැක. මේ වන විට අප රටේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිල වෙබ් අඩවි වල, ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එක් එක් වසම්වල ග්‍රාම නිලධාරීන්ගේ දුරකතන අංක ද දක්වා තිබේ.

එමෙන්ම හැකි සෑම විටම, ශ්‍රී ලංකා රජය මඟින් ලියාපදිංචි කර ඇති විශ්වාසනීය පුණ්‍යායතන හරහා හෝ රෝහල්වල නිල ගිණුම් වෙත මුදල් පරිත්‍යාග කිරීම වැදගත් වන අතර වංචනික යැයි සැක කරන ඕනෑම පෝස්ට් එකක් සම්බන්ධයෙන් ෆේස්බුක් වෙත වාර්තා කිරීමට (Report) ද ඔබට පුළුවන.

 

donate

ඒ අතරේ දැනටමත් එවැනි වංචාවකට හසු වී ඇත්නම්, වහාම ඒ පිළිබඳව පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිරීමෙන් මෙම ගිලනුන් විකුණාගෙන කෑමේ නීච ජාවාරමක් වූ සයිබර් අපරාධ පිටු දකින්නට ඔබටත් හැකියාව ලැබේ.

එමෙන්ම දැනටමත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන තරුණ පිරිස් හට ද කිව යුත්තේ මේ වන විටත් ලැබී ඇති සයිබර් තාක්ෂණික පහසුව අනුව එබඳු නීච ක්‍රියාවන්හි යෙදෙන්නවුන් කොටු කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට පහසු හැකියාවක් පවතින බැවින් මෙවැනි කටයුතු වලට සම්බන්ධ වී තම ජීවිත මුළුමනින් අඳුරට හෙළා නොගන්නා ලෙස ය.

Renuka Damayanthi
(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...