The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මෙවර අය වැය අභියෝගය ජය ගන්නට නම්...

T

The Leader Desk

November 11, 2025 • 7:42 AM

මෙවර අය වැය අභියෝගය ජය ගන්නට නම්...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 2024 සැප්තැ­ම්බර් මස 21 වැනි දින පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය ගත් අනුර කුමාර දිසා­නා­යක මහතා සිය රජයේ මංගල අය – වැය ලේඛ­නය රට හමුවේ තැබුවේ මේ වසරේ පෙබ­ර­වාරි 17 වැනි දිනය.
  • එය මෙරට දේශ­පා­ල­නය දරුණු ලෙසම තම පාට පක්ෂ කණ්ණා­ඩි­ව­ලින් බලන පිරි­සට හැර අන් සෑම මධ්‍යස්ථ මත­ධා­රි­යෙ­කු­ට ම දක්නට ලැබෙන සුබ­වාදී තත්ත්ව­යකි.
  • එය එම ආය­තන වරි­න්වර තම වාර්තා හරහා පෙන්වා දී ඇත.
  • ජන­වාරි 01 වැනිදා සිට වේග­වත් සමාජ, ආර්ථික පරි­ව­ර්ත­න­ය­කට ශ්‍රී ලංකාව තිර­ස­රව මූල්‍ය වින­යක් අත්පත් කර­ග­නි­මින් දේශීය හා විදේ­ශීය ආයෝ­ජ­ක­යින්ගේ සිත්වල විශ්වා­සය දිනා ගැනී­මට සමත් වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


වසර 2024 සැප්තැ­ම්බර් මස 21 වැනි දින පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය ගත් අනුර කුමාර දිසා­නා­යක මහතා සිය රජයේ මංගල අය – වැය ලේඛ­නය රට හමුවේ තැබුවේ මේ වසරේ පෙබ­ර­වාරි 17 වැනි දිනය.

එදා මෙරට සමාජ, ආර්ථික, දේශ­පා­ලන දේහ­යයේ සුව නොවූ රෝගී තත්ත්ව­ පැවැ­තිණි. එම රෝගී තත්ත්වයෙන් මිදී නීරෝගි රටක්, ජන­තා­වක් බිහි කිරී­මට උර­දෙන ඔසු එදා මුල්ම අය වැයෙන් සැපැ­යිණි.

 



අද වන විට වස­රක කාල­යක් පුරා බොහෝ අමා­රු­කම්, අභි­යෝග, අසී­රුතා මැද රට සෑම අංශ­ය­කින්ම පෙරට පැමිණ තිබේ. එය මෙරට දේශ­පා­ල­නය දරුණු ලෙසම තම පාට පක්ෂ කණ්ණා­ඩි­ව­ලින් බලන පිරි­සට හැර අන් සෑම මධ්‍යස්ථ මත­ධා­රි­යෙ­කු­ට ම දක්නට ලැබෙන සුබ­වාදී තත්ත්ව­යකි. රටේ දැඩි විරුද්ධ මත­ධා­රීන්ට නොපෙ­නු­ණද ලෝකයේ මධ්‍යස්ථ මත­ධා­රීහු හා ස්වාධීන ශ්‍රේණි­ගත කිරීම් සිදු කරන ආය­තන සියල්ල මේ වන විට මෙරට ආර්ථික දේහයේ සුව­දා­යක තත්ත්ව­යක් දකිති. එය එම ආය­තන වරි­න්වර තම වාර්තා හරහා පෙන්වා දී ඇත.


2026 ජන­වාරි 01 වැනිදා සිට වේග­වත් සමාජ, ආර්ථික පරි­ව­ර්ත­න­ය­කට

ශ්‍රී ලංකාව තිර­ස­රව මූල්‍ය වින­යක් අත්පත් කර­ග­නි­මින් දේශීය හා විදේ­ශීය ආයෝ­ජ­ක­යින්ගේ සිත්වල විශ්වා­සය දිනා ගැනී­මට සමත් වී තිබේ. මේ විශ්වා­සය ගොඩ­නැගී ඇති ආකා­රය ජාත්‍ය­න්තර ශ්‍රේණි­ගත කිරීමේ ආය­ත­න­වල වාර්තා මගින් වරින් වර පෙන්වා දී ඇත.

අනුර කුමාර දිසා­නා­යක ජනා­ධි­ප­ති­ව­රයා වීමට පෙර, රටේ මුදල් තත්ත්ව­ය පිළි­බ­ඳව එම ආය­තන විසින් ලබා දී තිබුණේ, යහ­පත් ලකුණු ප්‍රමා­ණ­යක් නොවේ. එසේ අඩු ගණන් බැලී­ම­කින් පසු­ප­සට වැටී සිටි රට නැවත ජාත්‍ය­න්තර ආය­තන විසින් යහ­පත්, ඉහළ ලකුණු ලබා ගන්නා තැන­කට තල්ලු කර­වීම ලෙහෙසි පහසු කට­යු­ත්තක් නොවිණි. නමුත්, වත්මන් රජය එය ජය­ගෙන ඇත.

ජාත්‍ය­න්තර ණය ශ්‍රේණි­ගත කිරීමේ ආය­තන වන Fitch Ratings, Moody’s සහ SDP විසින් අප රටේ ස්වෛරීත්ව ශ්‍රේණි­ගත කිරීම් පිළි­වෙ­ළින් ccct, Caal සහ ccc + දක්වා ඉහළ නංවා ඇත.

එවන් ප්‍රසා­ද­ජ­නක ප්‍රග­තීන් අත්පත් කර­ග­නි­මින් පෙරට ආ රට, වසර 2026 ජන­වාරි 01 වැනිදා සිට වේග­වත් සමාජ, ආර්ථික පරි­ව­ර්ත­න­ය­කට යොමු­කි­රී­මට මෙවර අය­වැ­යෙන් යෝජ­නා­කොට ඇත. මෙම අය – වැය යෝජනා එකින් එක ඉතා ඉක්ම­නින් ක්‍රියා­ත්මක කළ­හොත් රජයේ ප්‍රධාන උප­යා­මා­ර්ගික අර­මුණ වන ඉදිරි වසර දෙක, තුන හා ඉන් ඔබ්බට සිය­යට 07 ඉක්ම­වන ආර්ථික වර්ධන වේග­යක් අත්පත් කර ගැනී­මට හැකි­වනු ඇත.

 



මෙලෙස සිය­යට 07 ඉක්ම­වන ආර්ථික වර්ධන වේග­යක් කරා රට රැගෙන යන මොහොතේ ඉන් රටේ සෑම ප්‍රදේ­ශ­ය­ක­ටම, සෑම ජන ප්‍රජා­ව­ක­ටම සහ සෑම සමාජ කණ්ඩා­ය­ම­ක­ටම ප්‍රති­ලාභ ලැබිය යුතු වේ. ජනතා සහ­භා­ගිත්ව සංව­ර්ධ­න­යක් හා රටේ සෑම­දෙ­නා­ටම සාධා­ර­ණව ප්‍රති­ලාභ බෙදී යන ආකා­රයේ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කිරී­මට අය – වැයෙන් යෝජ­නා­කොට ඇත.

රාජ්‍ය සහ පෞද්ග­ලික හවු­ල්කා­රී­ත්ව­ යෝජනා

කෙටි හා මැදි කාලී­නව ආර්ථික වර්ධන වේගය වැඩි­ක­ර­ගන්නා ඉල­ක්කය සහි­තව ක්‍රියා කරන රජය, සංව­ර්ධන වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරී­මේ දී හැකි තරම් ජනතා සහ­භා­ගි­ත්ව­යක් අත්කර ගැනී­මට යෝජනා කර සිටියි. එමෙන්ම ඵල­දා­යි­තාව හා කාර්ය­ක්ෂ­ම­තාව ඉහළ නැංවීම, නවෝ­ත්පා­ද­නය ප්‍රව­ර්ධ­නය කිරීම, රාජ්‍ය හා පෞද්ග­ලික අංශ­වල ආයෝ­ජන හා ආර්ථික සබ­ඳතා වැඩි­දි­යුණු කිරීම ඉල­ක්ක කර ඇත.

අප­න­යන සහ අගය එකතු කළ කර්මාන්ත ශක්ති­මත් කර­මින්, ශ්‍රී ලංකාව ගෝලීය අග­ය­දාම සමග ඒකා­බද්ධ කිරීම අත්‍ය­වශ්‍ය බව රජය හඳු­නා­ගෙන ඇත. රාජ්‍ය සහ පෞද්ග­ලික හවු­ල්කා­රී­ත්ව­ සහ රාජ්‍ය ව්‍යව­සා­ නවී­ක­ර­ණය කිරීම, ඒ සඳහා වූ ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ අය වැයෙන් යෝජ­නා කර ඇත. ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධා­නම ගැට­ලු­වක් වනුයේ අය වැය පර­ත­රය වැඩි­වීම සහ ආන­යන අප­න­යන අතර පව­තින දැඩි හිඟ­ය යි. මේ දෙආකාර පැන­යට විස­ඳුම් ලබා­දී­මට රජය මෙවර අය  වැයෙන් ගෙන ආ 62ක් වන යෝජ­නා­ව­ලින් බහු­ත­ර­ය­කින් ම උත්සාහ දරා ඇත.

ණය තිර­ස­ර­භා­වය ඇති කිරී­ම

Export2
මෙරට අප­න­යන වර්ධ­නය තව­දු­ර­ටත් ඉහළ නංවා ගනි­මින් රටට ලැබෙන විදේශ විනි­මය වැඩි කර ගැනී­මට රජය අය වැයෙන් යෝජනා ගෙනැ­විත් ඇත. ජාතික අප­න­යන සංව­ර්ධන සැලැස්ම (2025-2029) මගින්: අප­න­යන විවි­ධාං­ගී­ක­ර­ණය කිරීම, අප­න­යන තර­ග­කා­රි­ත්වය වැඩි දියුණු කිරීම සහ ගෝලීය අග­ය­දාම සමග අපේ රටේ නිෂ්පා­ද­ක­යින්ගේ, කර්මා­න්ත­ක­රු­වන්ගේ නිෂ්පා­ද­න­ව­ලට එක්වී­මට ඉඩ­කඩ ලැබෙන පරිස­ර­යක් අය වැයෙන් සකසා දෙන බවට සහ­තික වී ඇත.

ශ්‍රී ලංකාව රටක් ලෙස අප­න­යන ආදා­යම් වැඩි කර ගන්නා අතර, දෙස් විදෙස් ණය ගැනීම් අඩු කර ණය තිර­ස­ර­භා­වය සහිත රටක් ලෙස පරි­ව­ර්ත­නය කළ යුතුව ඇත. මෙය රජය මනාව හඳු­නා­ගත් කරු­ණකි. ඒ අනුව යමින් අප රටේ ණය තිර­ස­ර­භා­වය ඇති කිරී­මට මුල්වන යෝජනා අය වැයෙන් ගෙනැ­විත් ඇත. අප රට කලක් තිස්සේ වග­කීම් විර­හිත, ප්‍රමු­ඛ­තා­ මත අන­වශ්‍ය සංව­ර්ධන ව්‍යාපෘති ක්‍රියා­ත්මක කර ඇත. ලබා­ගත් ණය­ව­ලින් අවශ්‍ය වත්කම් ජනිත නොවන දේ කර ඇත. ඇතැම් ව්‍යාපෘති සුදු අලි බවට පත්ව තිබේ. ඒවායේ කිසිදු මූල්‍ය කළ­ම­නා­ක­ර­ණ­යක් සිදුවී නැත.

මෙවැනි දේ සඳහා ලබා ගත් ණය විය­දම් කිරීම නිසා අප රටක් ලෙස අමා­රුවේ වැටී ඇත. එසේ නම් මේ මොහොතේ කුමක් කළ යුතුද? යන පැන­යට මුහු­ණ­දී­මට අපට සිදුවී තිබේ. මේ අව­ස්ථාවේ අප කළ යුත්තේ රටේ ආදා­යම් මාර්ග පුළුල් කර ගනි­මින් රාජ්‍ය ආදා­යම ඉහළ නංවා ගැනී­මය. අන­වශ්‍ය රාජ්‍ය විය­දම් දුරු කිරී­මය.

ඉල­ක්ක ජය ගන්නට නම්...

1710579114 economic growth sri lanka l
අපේ රටේ වාර්ෂි­කව දළ දේශීය නිෂ්පා­දි­ත­යන් 13%කට වඩා මට්ට­මක සහ වාර්ෂික මධ්‍යම රජයේ විදේශ මුදල් ණය සේවා­ක­ර­ණය දළ දේශීය නිෂ්පා­දි­තයේ ප්‍රති­ශ­ත­යක් ලෙස 4.5% නොඉ­ක්ම­වන මට්ට­මක තබා ගත යුතු ය. ඒ අනුව රටේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය යහ­පත් කිරී­මට අය වැයෙන් යෝජනා කර ඇත. ඒවා ක්‍රියා­ත්මක කිරීම අප අමා­රු­වෙන් හරි කළ යුතුව ඇත. අප රටක් ලෙස වසර 2032 දී ළඟා කර ගත යුතු ඉල­ක්කය වනුයේ 95% ආසන්න ණය ප්‍රමා­ණ­යක් තබා ගැනී­ම ය.

වසර 2032 දී ණය අනු­පා­තය දළ දේශීය නිෂ්පා­දි­තයේ ප්‍රති­ශ­ත­යක් ලෙස 90%කට වඩා අඩු අග­යක තබා ගැනීමේ ඉල­ක්කය පහ­සු­වෙන් ම ළඟා­කර ගත­හැකි වනු ඇතැයි අපි විශ්වාස කර­න්නෙමු. මෙවැනි ඉලක්ක ජය­ග­න්නට හැකි යෝජනා අය-වැයෙන් ඉදි­රි­පත් කර ඇත. එය හුදෙක්ම ඉතා අමා­රු­වෙන්, ළඟා ­ක­ර­ ගතයුතු ඉලක්ක වේ. නාස්තිය, දූෂ­ණය, වංචාව අවම කළ යුතුය. දේශ­පා­ලන හිත­ව­ත්කම් මත සිදු­ක­රන වර­දාන, වර­ප්‍ර­සාද ලබා­දීම් අඩු­කළ යුතුය. එසේ නොකොට මේ ඉලක්ක ජය­ගත නොහැකි වනු ඇත.

රජයේ ආදා­යම් වැඩි­කර ගන්නා අතර, ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම, ඩිජි­ට­ල්ක­ර­ණය ප්‍රව­ර්ධ­නය සඳහා ද අය-වැයෙන් විශාල මුද­ලක් සහ යෝජනා රැසක් ඉදි­රි­ප­ත් කර ඇත. රටේ නිෂ්පා­දන ආර්ථි­ක­යක් බිහි කිරී­මේ දී දේශීය කර්මා­න්ත­ක­රු­වාට, නව නිපැ­යුම් සිදු කර­න්නට ප්‍රමු­ඛ­තාව ලබා දිය යුතු ය. ඒ සඳහා ඔවුන්ගේ නිෂ්පා­ද­න­වල ගුණා­ත්ම­ක­භා­වය, නිෂ්පා­දන පිරි­වැය අඩු­ක­ර­ගත හැකි නව ක්‍රම­වේද, වෙළෙ­ඳ­පොළ දිනා­දිය යුතුය. අවශ්‍ය මූලික කාරක ප්‍රාග්ධ­නය පහ­සු­වෙන් අඩු පිරි­වැ­ය­කින් ලබා ගැනී­මට අව­ස්ථාව තිබිය යුතු ය.

debtt984u
මේවා පිළි­බ­ඳව අව­ධා­නය යොමු කළ රජය දැන­ට­මත් ඇප රහිත ණය යෝජනා ක්‍රම, වෙළෙ­ඳ­පොළ දිනා ගැනී­මට මඟ­පෙ­න්වීම් යනා­දි­යට අය-වැයෙන් නව යෝජනා ගෙනැ­විත් ඇත. දෙස්  විදෙස් ඍජු විදේශ ආයෝ­ජන ආක­ර්ෂ­ණය කර ගැනී­මට පහ­සු­කම් සපයා ඇත. කෘෂි­ක­ර්මා­න්තය, කර්මාන්ත සහ සේවා නවීකර­ණ­යට, නව යෝජනා ගැනීම්, නවෝ­ත්පා­ද­නය, පර්යේ­ෂණ සහ සංව­ර්ධ­න­යට වැඩි මුද­ලක් වෙන් කර ඇත. මේ සියලු දිරි ගැන්වීම් මත අදට වඩා ආර්ථික වශ­යෙන් ශක්ති­මත් වූ ශ්‍රී ලංකා­වක් බිහි කිරී­මට අය වැය උත්සාහ දරා ඇත. ඉන් ප්‍රති­ඵල ලැබී­මට පක්ෂ විපක්ෂ ජාති, ආගම් භේද නොතකා සියලු රට­වැ­සියෝ, පාල­කයෝ, නිල­ධා­රීන් කැප­වී­මෙන්, උද්‍යෝ­ග­යෙන් රට, ජාතිය පිළි­බඳ ගැඹු­රින් සිතා: අවංකව, වෙහෙස, මහ­න්සිය වී වැඩ කළ­ යු­තු ම ය.

(Dinamina | ජය­සිරි මුණ­සිංහ)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...