The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නොවැම්බර් විසි එක සහ සජිත්ගේ පාවාදිම | චන්ද්‍රසිරි සෙනෙවිරත්න

T

The Leader Desk

November 16, 2025 • 7:18 AM

නොවැම්බර් විසි එක සහ සජිත්ගේ පාවාදිම | චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහි කී සුළුතරය යනු අනුර කුමාරට 51%ක් නැතිවීම පමණක් නොවේ.
  • ඔහුට එරෙහිව දෙකට ඛෙදී ගිය ජන ශක්තිය, ලංකාවේ දක්ෂිණාංශික කඳවුර 50.03ක් සැලකිල්ලට ගනිමිනි.
  • අතේ පයේ හයියට පාලක එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වී පරාජයවූ සජිත් 2020 මහ මැතිවරණයට එජාපය යාමෙන් අති බහුතරයක් ගෝඨාට ලබා දීමෙන් එජාප පාක්ෂිකයන්ට හෝ රටට හෝ සජබයට ලැබුණ ලබ්බක් නැති අතර සජිත් බලා සිටියදී රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති විය.
  • ආයෙත් සජිත්, නොවැම්බර් 21 මග හරිමින් රටත් සජබයත් තල්ලූ කරමින් සිටින්නේ තවත් එවැනි කාලකන්නි තැනකටය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මෙහි කී සුළුතරය යනු  අනුර කුමාරට 51%ක් නැතිවීම පමණක් නොවේ. ඔහුට එරෙහිව දෙකට ඛෙදී ගිය ජන ශක්තිය, ලංකාවේ දක්ෂිණාංශික කඳවුර 50.03ක් සැලකිල්ලට ගනිමිනි.  2019 අතේ පයේ හයියට පාලක එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වී පරාජයවූ සජිත් 2020 මහ මැතිවරණයට එජාපය යාමෙන් අති බහුතරයක් ගෝඨාට ලබා දීමෙන් එජාප පාක්ෂිකයන්ට හෝ රටට හෝ සජබයට ලැබුණ ලබ්බක් නැති අතර සජිත් බලා සිටියදී රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති විය. ආයෙත් සජිත්, නොවැම්බර් 21 මග හරිමින් රටත් සජබයත්  තල්ලූ කරමින් සිටින්නේ තවත් එවැනි කාලකන්නි තැනකටය.

ranil sajith 214

 

2024 සැප්තැම්බරයේත් නැවත එයම සිද්ධ විය. රනිල්ට ලැබුණ 17.27ත්, සජිත්ට ලැබුණ 32.76ත්  එක පෙට්ටියකට වැටුණා නම් මාලිමාව නැවත ඔවුන්ට හිමි 3%හිම නතර විමට ඉඩ තිබිණ. 2024 රනිල් සහ සජිත් දෙකට බෙදුණ පසුබිමේ පවා අනුර කුමාර දිසානායක සැලසුම් කරමින් සිටියේ ජනාධිපති වීමට නොව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතරය ලබා ගැනීමට වුවද, 51%ක් නො ලබා නො ගත් අනුර කුමාර රටේ ජනාධිපති විය. සැප්තැම්බර් ප්‍රතිපලයෙන් සිදුවූ රටට වැඩදායි එකම දේ රාජපක්ෂලා ප්‍රතික්ෂේප වීමය.

එජාපය සජබය එකතු නො වුණොත් යළිත් රට රාජපක්ෂලා පසුපස යාමටත් ඉඩ නාතිවාම නොවේ, දිනන පැත්තට යාමේ මානසිකත්වයෙන් පෙළෙන ලංකාවේ බහුතර ජන මතය සැප්තැම්බරයේ රනිල් සජිත් අතර විරසකය නිසා මාලිමාව ගොඩ යතී යයි අනුර කුමාරලාවත් හිතුවේ නැත. වමේ ආණ්ඩුවකට අභියෝග කළ හැක්තේ දක්ෂිණාංශික පෙළ ගැස්මක් යටතේ පමණකි. එජාපයට විකල්පය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද සී සිකඩ විසිවි ඇතද, නාමල් දෙ වරක් නො හිතා ඩාර්ලි පාරට පැමිණීමෙන් රාජපක්ෂලාගේ පරිනත දේශපාලනය තහවුරු වුවද සජිත් ප්‍රේමදාස එජාපය මග හරිමින් මේ නටන්නේ සජබයට ඒකරාශි වි සිටින සියලු දෙනාගේ සිහින විනාශ කිරීමටය.

cfhe55

 

විසි එක පෙළ ගැස්මේ ආත්මීය උවමනාවට සජිත් නාමල් දෙදෙනාටම නායකත්වය  දිය නොහැකි බව රටේ දේශපාලනය ගැන දන්නා අයට රහසක් නොවේ.

මේ පෙළ ගැස්ම ආණ්ඩුවට එරෙහි වෙඩිල්ලක් මිස ජනාධිපති තෝරණ මැතිවරණයක් නොවන බවද රටේ මිනිස්සු දනිති.

 නොවැම්බර් 21 2 597x365
නිදහස් ලංකාවේ ජනතාව තුනෙන් දෙකක් එක පෙළට සිට ගත් මුල්ම මැතිවරණ ප්‍රතිපලය නිකුත් වුණේ 1970දීය. ඒ තුනෙන් දෙකේ ආණ්ඩු පූට්ටුව තුන් අවුරුද්දක් ඉක්මීමට පෙර කඩා ඉහිරුණේ රටත් සමගය. තුනෙන් දෙකේ ශක්තියෙන් රටේ ආණ්ඩු ක්‍රමය වෙනස් කළාට ජනතා කලකිරීමට බියෙන් තවත් අවුරුදු දෙකක් බලය අල්ලා ගැනීම හේතුවෙන් සිරිමාවෝ බණ්ඩාරනායක නම් අනභිබවනිය නායකත්වය හත් අවුරුදු සාපයට ආරෝපනය වී රටේ වෛරයට පාත්‍ර වීමෙන් ඇන්.ඇම්., කොල්වින්ලාගේ දේශපාලනයත් අවසන් විය.

1970-77 කාලයේ රටේ ජනතාවට තිබුණ විකල්පය එජාපය පමණක් වුවද, එජාපය අභ්‍යන්තරයේ ජේ.ආර්.ට මහා විරෝධයක් වීදි බැස්සද, උපන් ගෙහි වාමාංශිකයෙකුවූ  එවකට ස්වාධින මන්ත්‍රීවරයෙකුව සිටි  ප්‍රින්ස් ගුණසේකර සිය වාම වාදි මත වාදයට යම් විරාමයක් තබා, ජේ.ආර්. ජයවර්ධන සංවිධානය කළ සත්‍යග්‍රහ සහ ජන උද්ඝෝෂණවලට පැමිණ නිර් පාක්ෂිකව එක පෙළට සිට ගත්තේ ජන පීඩිත ආණ්ඩුවට එරෙහි බල වේගයක් නිර්මානය විය යුතුය යන සම කාලීන අපේක්ෂාව වෙනුවෙන් මිස යැංකි ඩිකි හෙවත් ජේ.ආර්. හෝ එජාපය ගැන විශ්වාසයෙන් නොවේ.

1976දී පමණ මේ ලේඛකයාද සහභාගිවූ හමුවකදී, 77 මහ මැතිවරණයේදී එජාපයෙන් හබරාදුව තරග කරන ලෙස ගාමිණි දිසානායක යෝජනා කළ අවස්ථාවේ ප්‍රින්ස් ගුණසේකර කීවේ, ජේ.ආර්.ගේ ව්‍යාපාර සමග සිට ගැනීම සමග තම දේශපාලනය පටලවා නො ගන්නා ලෙසය. මේ වනවිට වයසින් මෙන්ම දේශපාලන දැනුමෙන් මෙන්ම වෘත්තීය අත්දැකීමෙන්ද අධිනීතිඥ  ප්‍රින්ස් ගුණසේකර, ගාමිණි දිසානායකට වඩා ඛෙහෙවින් පරිනතව සිටියේය. ජනාධිපති ප්‍රේමදාසගේ බල දේශපාලනයෙන් මිරිකී සිටි එජාප දෙවන පෙළ යම් තීරණයක් ගැනීමට පෙළ ගැසෙද්දී කලබල නොවී පක්ෂය තුළම රැඳී සිටින්නැයි සිය හිතවතුන් දුන් උපදෙස් අසා සිටි ගාමිණි දිසානායක, ප්‍රින්ස් ගුණසේකර භාවිතය සිහිපත් කරමින් කීවේ තීරණාත්මක අවස්ථාවන්හිදී පටු දේශපාලනයට වඩා පොදු පරමාර්ථ සමග එක්ව ක්‍රියා කළ යුතු ආකාරය තමා ප්‍රින්ස් ගුණසේකර ගෙන් උගත් බවය.

 

නොවැම්බර් 21 616x365

2025 නොවැම්බර් 21 කියන්නේත් රටක ශක්තිය පිළිබඳ තීරණාත්මක සංසිද්ධියකි. මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ අද වනවිට අප අතර නැති ප්‍රින්ස්ලා ගාමිණිලා වැනි විධග්ධ දේශපාලන භාවිතාවක් මිස කල්ලි දේශපාලනයක් නොවේ. නොවැම්බර් විසි එක සංවේදි හැරවුමට රටම ඒකරාශි වන මේ මොහොතේ ඊට බාල්දි පෙරළීම  සජිත් මරික්කාර් මුජිබර් වැනි කල්ලියක ගේමත් නිසා මිස සජබය විශ්වාස කළ රටේ මිනිසුන්ගේ අපේක්ෂාව අනුව නම් නොවන බව සජබ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය මැනවින් දැන සිටිති. සිය දේශපාලන පක්ෂයට හොරා සජිත් ඉන්දියාවට යාම ඊට දිය හැකි සරල උදාහරණය වේ. තම පක්ෂයටවත් නො කියා කාටත්  හොරා සජිත් ඉන්දියාවට ගියා නොවේ. එසේ යාමට සජිත්ට සිදු වුණේ අනුර කුමාරලාගේ උවමනාවට සැකසූ ඉන්දීය න්‍යාය පත්‍රයේ නියමය අනුවය.

රට යන අත මැනවින් තේරුම් ගෙන සිටින මාලිමා පාලකයන් නොවැම්බර් 21 යනු තමන්ට එරෙහි සුනාමියක් බව දැන සිටින්නාහ. මේ අවදානමෙන් බේරීමට විපක්ෂ කුට්ටමෙන් ඇද පාවිච්චි කළ හැකි එකම තුරුම්පුව සජිත් නම් බූරුවාගේ කොළය  පමණක් බව අනුර කුමාරලා ඉන්දියාවට තේරුම් කර දුන් පසුව සජිත් සිය දේශපාලනය තුළ සිරවි සිටිති. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් ජලනි ප්‍රේමදාසගේ ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගැනීමේ දූෂණ චෝදනා පිළිබඳ ඉන්දියාව සජිත්ට කළ අනතුරු ඇඟවීම හේතුවෙන් සජිත්ට වෙන කළ හැකි යමක් ඇත්තේම නැත.

තම වාසියට ඓතිහාසික එජාපය කඩා විනාස කළ සජිත්, සිය නො හැකියාව නිසා 2022 අතට පත් අගමැති ජනාධිපති තනතුරු දෙකම අත හැරියේ ගෑනුන්ගේ කීමට මිස පාර්ලිමේන්තු කණ්ඩායමේ උපදෙස් අනුව නොවේ. ඒ අවස්ථාවේ සජිත් තම ඡන්දය පාවිච්චි කළේ රනිල්ට නොව රාජපක්ෂ පිළ වෙනුවෙන් පෙනී සිටි ඩලස් අලහප්පෙරුමට බව රහසක් නොවේ. ඔහු මේ කරන්නේත් එවැනි තකතීරු දේශපාලනයකි.

 

පවත්නා වාස්තවික දේශපාලන චලනය සමාලෝචනය කරද්දී අනුර කුමාරලාගේ වාසියට සජිත් මෙහෙයවීමේ සියලු ප්‍රතිලාභ අත් වන්නේ ඉන්දියාවට මිස, අමෙරිකාවට හෝ චීනයට නොවේ. සජිත් සිය අත් අඩංගුවේ තබා ගෙන නොවැම්බර් 21 ජනරාශිය දිය කර හැරීමේ වගකීමට  ඉන්දියාව මැදිහත් වන්නේ පවත්නා වාස්තවික දේශපාලනය නිරීක්ෂණය කිරීමෙන් පසුවය. මේ හරහා ඉන්දියාව අනුර සජිත් ලවා 13 සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරවා ගැනීමෙන් සිය තමිල්නාඩු ඡන්ද පදනම රඳවා ගැනීමට මෙන්ම ඔල මොට්ටල පණ්ඩිතයන්  ලවා ලංකාව පාලනය කිරිමේ වාසියද අත්පත් කර ගැනිමට සමත්ව සිටී.

නවා යන්න සජිත් ලවා කියවා ගැනීමය. රටේ මහා නීතියෙන් කොටසක් වන 13 වෙනි සංශෝධනය දශක ගණනාවක් තිස්සේ මුළුමනින්  ක්‍රියාත්මක නො මේ රටේ පාලකයන් කල්පනා කළ හේතු බොහෝය. 13 වෙනි සංශෝධනයට එරෙහිව කට  මැත දෙඩවූ තම පියාගේ ස්ථාවරය පිළිබඳ හෝ ගරුත්වයක් සජිත්ට තිබුණා නම් සජිත් මෙසේ හැසිරෙන්නේ නැත. 13 වෙනි සංශෝධනය පිළිබඳ ලංකාවේ දකුණේ බහුතර මතය සිය දේශපාලනයට බල පාන්නේ කෙසේදැයි රෝහිණී කවිරත්නලා අජිත් පෙරේරාලා හර්ෂණ රාජකරුණාලා රෝහණ දිසානායකලා කල්පනා කළ යුතුව තිබේ.  

චණ්ඩි බුද්ධාගම, පොන්න පොලිසිය සහ යහ (ලාලකතිස්ස) පාලනය - Colombo Telegraph(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නොවැම්බර් විසි එක සහ සජිත්ගේ පාවාදිම | චන්ද්‍රසිරි සෙනෙවිරත්න | The Leader