නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ආකාරයට හොර උපාධියකින් කවරෙකුට හෝ ලංකාවේ නීති විභාගය ලියන්නට දුන්නා නම් එය රටේ අධිකරණ ක්‍රියාවලිය පටන් ගන්නා තැනම පිළිබඳ බරපතල ප්‍රශ්නයකි. රටේ වැසියන්ට යුක්තිය හා සාධාරණත්වය නියම කරන සියලු නීතිඥයන්ගේ සුදුසුකම් ගැන මෙයින් සාධාරණ සැක මතු වේ. මහලොකුවට නීතිය ගැන අපිට ටෝක් දුන්නාට නීති අධ්‍යාපන කවුන්සිලය ම නලින්ද කියන හැටියට විශාල වරදක් කර ඇත.
එවක එහි සභාපතිනිය වූයේ කවුද? ඒ එවක අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියයි. ඒ අනුව ඇයට මෙහි ප්‍රධාන වගකීම බැර වේ. මාලිමාව කියන ආකාරයට ඔය බරපතල වංචාව සිදුව ඇත්තේ ඇයගේ පාලනය යටතේ ය. දැන් මාලිමා ආණ්ඩුව කළ යුත්තේ නාමල්ට එරෙහිව නඩු පවරා එහි චූදිතයන් හැටියට ශිරාණි බණ්ඩාරනායක ප්‍රධාන සමස්ත නීති අධ්‍යාපන කවුන්සිලයත් නම් කිරීම ය. නඩුවෙන් වරදකරුවන් වුවහොත් නාමල් මෙන්ම ශිරාණි බණ්ඩාරනායක ඇතුළු එවක නීති අධ්‍යාපන කවුන්සිලයට ම දඬුවම් නියම කළ යුතු ය.
කාට හෝ හොර උපාධිවලින් මේ රටේ නීති විභාගය කළ හැකි නම්, මේ රටේ නඩු කථා කරන කිසිවෙකු ගැන විශ්වාසය තැබිය නොහැකි ය. එබැවින් නීති විද්‍යාල ඉතිහාසයේ සියලු විභාග අයැදුම්පත් නැවත පරීක්ෂා කළ යුතු ය. මේ රටේ නීතිඥයන් සහ නඩුකාරයන් පිළිබඳව දැන් ඇති වී තිබෙන බරපතල සැකය තුරන් කිරීමට මාලිමාව වහාම කටයුතු කළ යුතු ය. චෝදනා බොරු නම්, එවැනි පට්ටපල් බොරු හදා රටේ ජනතාවට වංචා කරන සියලු දෙනාට එරෙහිව නඩු අසා දඬුවම් කළ යුතු ය. දිස් ඉස් පොලිටික්ස්.
(සටහන |එරන්ද ගිනිගේ)
eranda.ginige@gmail.com
කර්තෘ - අවතරණය
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
(උපුටා ගැනීම : ගිනිහුළ)
2025 නොවැම්බර් 20
සබැඳි ලිපි :
නාමල්ගේ නීති උපාධි සහතිකයට මැතිසබය ඇවිළෙයි
21 රැලිය කටමුල තියෙද්දී නාමල්ගේ උපාධි සහතිකය ගැන බරපතල අනාවරණයක් !




