ඒ කතාව අදාළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ ද කන වැකිණි.
ආණ්ඩුවට සමාජ මාධ්‍යයත් අහිමි වෙයි...?
නඩුවේ කිසිම පරීක්ෂණයකට සම්බන්ධ නැති අයත් එංගලන්තයට ගිය පිරිස අතර වූහ. මේ අනීතික ක්‍රියාව ගැන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් නීති පියවර ගන්නට යන බව ද ආරංචි ය. අනෙක් කාරණය වන්නේ එංගලන්තයේ සිට ලියන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ගැන සොයන්නට රනිල්ගේ සිද්ධිය මුවාවෙන් මේ නඩය එංගලන්තයට ගිය බව ද ඔවුනට කොළඹින් ආරංචි වී තිබීම යි. තමා සතු හැමදේම නැතිකර ගනිමින් සිටින ආණ්ඩුව මේ කරන්නට යන්නේ මේ ආණ්ඩුව ගෙනෙන්නට අංක එකට උදව් කළ සමාජ මාධ්‍ය ද අහිමි කර ගැනීමක් බව තතු දත්තෝ පවසති.
අනෙක් හොඳම විහිළුව වන්නේ රනිල්ගේ වියදම් ගැන හොයන්නට ගිය මේ පිරිස රනිල් වියදම් කළා යැයි කියන ගානට වඩා තුන් හතර ගුණයක් රජයේ මුදල් කාබාසිනියා කිරීමයි. උසාවි නියෝගය ලබා දී තිබෙන්නේ බ්‍රිතාන්‍ය පොලිසිය මගින් වුල්වහැම්ටන් සරසවියෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස යි. අදාළ නිල ආරාධනය පිළිබඳ ලිපිය රනිල් අධිකරණයට ඉදිරිපත් කළ අතර එය නිවැරදි ලිපියක් බව සරසවියෙන් දැනුම් දීමක් ද කර තිබිණි. මෙවැනි ලිපියක සත්‍ය අසත්‍යතාවය දැනගැනීම සඳහා සාමාන්‍යයෙන් ලංකාවෙන් ඒ රටට යෑමේ සම්ප්‍රදායක් නැති අතර තාක්ෂණය භාවිතයෙන් ඒ කාරණා සිදුකර ගැනීම සම්ප්‍රදාය වන්නේ ය. එයින් කාලය මෙන්ම මුදල් ද ඉතිරි වන්නේ ය.
හොඳ ම කාරණය වන්නේ සරෝජා සිරිසේන මාපියන් බලන්නට ලංකාවට පැමිණ මාසයක පමණ කාලයක් මෙහි ගතකර නැවත එංගලන්තය බලා ගිය පසුව ඇය ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කණ්ඩායම එංගලන්තයට පිටත් වීමයි.
ආණ්ඩුව තවමත් මහින්දට බයයි ද...?
ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළියට දවසකට පෙර ආණ්ඩුව ද තංගල්ලේ දී රැලියක් පැවැත්වීය. ඒ කුඩු නැති කරන දෙවැනි ජන රැලිය යි.
"මිනිස්සු දැන් වැල නොකැඩී තංගල්ලේ මහින්දගේ ගෙදරට එනවනේ. ආණ්ඩුව ඔය කාරණයට බය වුණා. ඒකට තමයි ඔය තංගල්ලේ ගිහිල්ලා රැලියක් තියන්නේ. ඔය රැලි තිව්වා කියලා මිනිස්සු මහින්ද බලන්න එන එක නවතින්නෙ නෑනේ."
මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී රනිල් සමග මන්ත්‍රීවරයෙක් එසේ කීය.
"ජනාධිපති මහජන රැලිවල කතා කරන්න හරි ආසයි. හැබැයි ඒකට නිමිත්තකුත් ඕන. මේවා දේශපාලනට රැලි විදියට තියන්නත් බෑනේ. මොකක් හරි නිමිත්තක් අල්ලගෙන මේවා කරනවා. අනෙක කුඩු නැති කරන රැලිය කිව්වම ආණ්ඩුවෙ දේපොළ පාවිච්චි කරන්නත් ලේසියි," යැයි චාමර කීය.
"මේක කරන්න ඕන ඇමතිනේ. මම ජනාධිපති කාලේ මේ වගේ දේවල් බාර දුන්නේ ඇමැතිවරයාට. ඔක්කොම බදාගෙන කරන්න අවශ්‍ය නෑ. මෙහෙම ගියොත් හොරු අල්ලන්නත් රැස්වීම් දාන්න වේවිනේ."
රනිල් සිනා මුසුව පැවසී ය.
"කොටි අල්ලනකොට මහින්ද රාජපක්ෂ මේ වගේ රැස්වීම් තිබ්බෙ නෑ නේද?'' යැයි චාමර සම්පත් විමසූයේ ඇත්තට ම නොදන්නා දෙයක් දැනගන්නට මෙනි.
ආරක්ෂක වැය ශීර්ෂ විවාදයේ දී ජනාධිපතිවරයා පෞද්ගලිකව මන්ත්‍රීවරුන් එල්ල කර ගනිමින් කතා කිරීම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරුන්ගේ දෝෂ දර්ශනයට ලක්ව තිබිණි.
බුදු පිළිමයක් සිරගත කළ එක ම ආණ්ඩුව

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය ආණ්ඩුවට කළු පැල්මක් එකතු කළ අවස්ථාවකි. මේ ගැන දොළවත්ත පවසා තිබුණේ බුදුපිළිම ඉස්සීමේ සහ ගෙනැත් තැබීමේ සහෝදර සමාගම වශයෙනි. මේ දෙවැනි සිද්ධිය යි. දෙහිවල ද මීට පෙර එවැනිම සිද්ධියක් විය. දෙහිවල බුදු පිළිමය ද ගෙනිහින් ආපහු ගෙනත් තැබුවේ ය.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයෙක් රනිල් සමග පවසා තිබුණේ මෙය බෞද්ධ නොවන ඡන්ද ලබා ගැනීම සඳහා ආණ්ඩුව කරන ක්‍රියාවක් බවයි.
"බුදු පිළිමයකුත් සිරගත කළ එකම ආණ්ඩුව" ලෙස ගම්මන්පිල මේ ක්‍රියාව අර්ථ දක්වා තිබිණි.
පොදු විපක්ෂයට බලපාන ලොකු ම කොඩිවිනය

ඒකාබද්ධ විපක්ෂයේ ජන රැලියට ආණ්ඩුව කොතරම් බය වෙලා ද යත් පෝස්ටර උඩින් පෝස්ටර් ගැසීම වැනි බාල ගණයේ ක්‍රියා සිදුකිරීමට ද පටන්ගෙන තිබිණි.
"මමවත් මහින්දවත් මේ රැළියට එන්නෙ නෑ කියල තියෙද්දි ඔච්චර බයවෙන්නෙ මොකටද? මේක ප්‍රධාන නායකයෝ එකතු වෙලා කරන රැලියක් නෙමෙයිනේ. මේ දෙවෙනි පෙළ පළවෙනි වතාවට කරන දෙයක්.
පුළුල් අරමුණකින් පවත්වන මෙම ජන රැළිය ගැන ආණ්ඩුව වගේම බය බිරාන්ත වී සිටින තවත් පුද්ගලයෙක් සිටී. ඒ විපක්ෂ නායක බෝඩ් ලෑල්ල කරේ එල්ලාගෙන සිටින තැනැත්තාය. පොදු විපක්ෂයට ලොකුම කොඩි විනය මේ බෝඩ් ලෑල්ල බව මන්ත්‍රීවරුන් වගේම ජනතාවත් දැන් තේරුම් ගෙන හමාර ය. විපක්ෂයේ එකාවන්ව ඉන්නවා නම් හොඳ ටීම් එකක් සිටින බව රනිල්ගේ අදහස යි. සජිත් වැනි පසුගාමී චරිතයක් විපක්ෂයට සැබෑම කොඩිවිනයකි. සජිත් ආණ්ඩුවේ පිල්ලියක් දැයි හිතෙන තරමට ඔහුගේ දේශපාලනය විපක්ෂයේ අප්පිරියාවට ලක් වෙමින් තිබේ.

"ආණ්ඩුවට ගහන්න නම් විපක්ෂය එකතු වෙන්න ඕන. පොහොට්ටුව හිටියා කියලා සජබෙ නෑවිත් ඉන්නෙ කොහොමද?''
රනිල් ඉන්දියාවට
රනිල් සිකුරාදා ඉන්දියාවට පිටත්ව ගියේ ජීවන් තොණ්ඩමන් ගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගී වීමටයි. සමස්ත විපක්ෂය ම නියෝජනය කරමින් රනිල් එම විවාහ මංගල උත්සවයට සහභාගී වෙයි.
දකුණු පළාත් ආණ්ඩුකාර අභාවප්‍රාප්ත බන්දුල හරිස්චන්ද්‍ර මහතාට අවසන් ගෞරව දක්වන්නට සභාපති වජිර ගියේ රනිල්ගේ ශෝකය ද එම පවුලට පළ කිරීම සඳහා යි. එම අවස්ථාවේ දී තම දුරකථනයෙන් නායක රනිල් සම්බන්ධ කර ගත් වජිර ඔහුගේ ශෝකයේ හරිස්චන්ද්‍ර පවුලට පිරිනැමීමට අවස්ථාව ලබා දුන්නේ ය.
ජය සංහයන් බලු සිංහයන් වෙයි ද...?
හරිස්චන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වන්නට ගාල්ල සමනළ ක්‍රීඩාංගනයට ගිය වජිරට අගමැතිනී හරිනිත්, ඇමති හඳුන්නෙත්තිත් මුණ ගැසුණි. මේ අතර හිටපු කැබිනට් අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන ලියූ "IMF ප්‍රකීර්ණ විසදුම්" (නියමාර්ථය පිළිබඳ තුලනාත්මක විමර්ශනය) පොත දොරට වැඩුම රනිල්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට නායක රනිල් සමඟ වජිරත් සහභාගී වී සිටියේ ය.
ප්‍රසිද්ධ මාධ්‍යවේදනියකට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඉකුත් බදාදා නියෝජ්‍ය ඇමැත්තකුගෙන් සිදුවූ වාචික හිංසනයක් දුර දිග යන ලකුණු පහළ වෙමින් තිබේ. මේ හිංසනය ගැන මාධ්‍යවේදනිය ජා.ජ.බ ඉහළ ම තැන්වලට පැමිණිලි කර තිබෙන බව ආරංචිය. කොහොම වුනත් "ජය සිංහයන්" "බලු සිංහයන්" වෙන්නේ මේ වගේ වැඩ නිසා යැයි ඉතිහාසය ද සාක්කි දරයි.
(සටහන | මල් පාරේ ලියුම්කරු )




