චාමර සම්පත් දසනායක, දේශීය විදේශීය විශ්වවිද්‍යාල වලින් උපාධි ලබා ගත් ඉංග්‍රීසි කතා කරන සජිත් ප්‍රේමදාස සහ දිලිත් ජයවීර දෙදෙනාට වඩා ප්‍රායෝගික පරිනත දේශපාලනඥයෙකු වී හමාරය.
මෑතක යූ ටියුබ් හි වයිරල් වන රත්නපුර දිස්ත්‍රීක්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමක් ඇමතූ බදුල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක භූමියේ පවත්නා දේශපාලනය හැසිරෙන හැටි සහ හැසිරවිය යුතු ආකාරය මැනවින් පැහැදිලි කළේය.

චාමර සම්පත්ට අනුව වර්තමාන පාර්ලිමේන්තුවේ වෙන්ට ජනාධිපති සූට් මසා ගත් දස දෙනෙකු පමණ සිටිතී යයි ප්‍රකාශ කළ අවස්ථාවේ රැස්වීමට පැමිණ සිටි පාක්ෂිකයන් උපහාසාත්මක හඬින් සිනාසුනහ. සජිත් දිලිත් දෙදෙනා, නොවැම්බර් විසි එක ජන රාශිය ප්‍රතික්ෂේප කරමින් සිදු කළ ප්‍රකාශයන් අනුව, චාමර සම්පත් දසනායක රත්නපුරේදී කී වෙන්ඩ ජනාධිපති ලා දෙදෙනෙකු නුගේගොඩ ආනන්ද සමරකෝන් එළි මහන් රංග පීඨය වටේ නිරුවතින් සැරූ හැටි රටම බලා සිටියහ.
සජිත් දිලිත් දෙදෙනාම නොවැම්බර් විසි එක නුගේගොඩ රැළිය වර්ජනය කරමින් මාලිමා ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසෙන ජන මතය හෑල්ලූ කරමින් මාලිමා ආණ්ඩුවට කඩේ ගියේ දවසක රටේ බලය තනිව ඇල්ලීමේ අභිප්‍රායෙනි. බලය ඇල්ලීම කෙසේ වෙතත් උනුන් දෙදෙනා හෝ එක්ව මාලිමාවට එරෙහිවන්නේ නම් ඔවුන් දෙදෙනාට ජනතාව සුභ පතනු නිසැකය. ඒ නිසා ශී්‍ර ලංකා ප්‍රජාත්නාති්‍රක සමාජවාදි ජන රජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව නිර්මානය කර ඇත්තේ එක් ජනාධිපති තනතුරක් පමණක් වන හෙයින් සජිත් දිලිත් දෙදෙනා එකතුව කාසියක් උඩ දමා ජනාධිපති චාන්ස් එක ගන්නේ කවුදැයි එකඟතාවයට පත් විය යුතුව ඇත. නො එසේ නම් ජනාධිපති අගමැති තනතුරු දෙක ඛෙදා ගැනිම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹී ජෙප්පන්ට එරෙහි තවත් බලවේගයක් විය හැකි නිසාය.

එහෙත් සජිත් පමණක් නොව සජිත්ගේ තාත්තාත් තම වාසය පිණිස සම්මුති එකඟතා ඒක පාක්ෂිකව ඉරා දමන්නෙකු හැටියට කුප්‍රකට චරිතයකි. ආර්.ප්‍රේමදාස, 1988 ජනාධිපති මැතිවරණයේදී ජවිපේ බෝම්බ වෙඩි වරුසා මැද තම ජයග්‍රහණය ශක්තිමත් කිරිමට කැපවී කි්‍රයා කළ ගාමිණි දිසානායක, ලලිත් ඇතුළත්මුදලි රන්ජන් විජේරත්න ආදි එජාප දෙවන පෙළ නායකයන්ට වින කැටූ ආකාරය ඉතිහාසයේ ලියැවී ඇති හෙයින් ඒ කුප්‍රකට පියාගේ සටකපට පුත්‍රයා සමග දිලිත් ජයවීර කල්පනාවෙන් වැඩ කළ යුතුවේ. තම වාසිය පිණිස රට වෙනුවෙන් කා සමගවත් සන්ධාන ගත නොවන ආත්මාර්ථකාමි සජිත්ට ගැලපෙන තවත් හුදෙකලා සගයෙකු කල් තබා හඳුනා ගැනීමට ලැබීම එකමුතුවන විපක්ෂ සන්ධානයේ කඳ කය ආරක්ෂාවට යහපත්ය.
සජිත් ප්‍රේමදාස යනු හැට හුට හමාරක් කකුල් තිබුණාට වේගයෙන් ගමන් කළ නොහැකි හැකරැලි ගණයේ බහුපාදයෙකු මිස දෙපයින් හිට ගෙන බර අඩි තබා පොදු අරමුණකට එක්ව ගමන් කළ හැකි මනුස්ස පරාණයක් නොවන බව සජබ කණ්ඩායම නොවැම්බර් විසි එක සංසිද්ධින් හරහා හෝ තේරුම් ගත යුතුව තිබේ. සජබ කීප දෙනෙකු හෝ නොවැම්බර් විසි එකට සහභාගි වේ යයි හරින් ප්‍රනාන්දු නැවත නැවත කළ ප්‍රකාශය පල නො දැරීමෙන් සජබය අපේක්ෂා කරන ජයග්‍රාහි ඉලක්කයට යාමට ගතවන කාලය, පැයට ගමන් කළ හැකි කිලෝ මීටර් ප්‍රමාණය දැන ගැනීමට වෙහෙස වෙනවාට වඩා වර්තමාන දේශපාලන ප්‍රවාහය තුළ සජිත් නම් හැරමිටිය ආධාරයෙන් හිට ගෙන සිටීමට හැකියාවක් ඇද්ද යන්න ගැන උනුන් තීන්දු කළ යුතුව තිබේ. එසේ කියන්නේ මෙතෙක් කල් ප්‍රසිද්ධ නාලිකාවක් සහ ගැහැනුන් දෙදෙනෙකුට විසින් හසුරවනු ලැබූ සජිත් මේ වනවිට ඉන්දියාවේ පාන්කඩයක් බවට පත් වී සිටීමත් සැලකිල්ලට ගෙනය.

රනිල් වික්‍රසිංහ යනු තුන් වතාවක් ජනාධිපති මැතිවරණ වලින් පරාද වූ චරිතයකි. ඊළඟ ජනාධිපති මැතිවරණයේදී සජි්ත් ප්‍රේමදාස රනිල්ගේ වාර්තාව සම කලද, සජිත්ට කවදාවත් රනිල් කෙනෙකු විය නො හැකිය රනිල් අගමැති හැටියට කළමනාකරණය කළ 2019දී රටේ පැවති ආර්ථීක පදනම වෙත ළඟාවීම මාලිමාවේ අරමුණ බවද අනුර කුමාර කළ ප්‍රකාශය මෙහිදී අවධාරණය කරනු කැමැත්තෙමි. සරලව කියයි නම් 2019 පල්ලි වලට බෝම්බ ගසා ගොඨා රටේ බලය අල්ලන විට ලංකාවේ 92 පැට්‍රල් ලීටරයක වටිනාකම වූ රුපියල් 117ට රට ආපසු ළ`ගා වන තෙක් රනිල්ගේ ශක්තිය කිසිවෙකුට පහසුවෙන් හෑල්ලූ කළ නොහැකි බව මාලිමාවේ ව්‍යාපාරික වාසි ලබා ගනිමින් සිටින රාජපක්ෂලාගේ ආධාරයෙන් ධන කුවේරයන්වූ ධම්මික පෙරේරා මෙන් දිලිත් ජයවිර නම් ව්‍යාපාරිකයා නො දන්නවා නොවේ.
අනාගතයේ සජිත් ජනාධිපති වූ දවසක මැති ඇමතිකම් අපේක්ෂා කරන සජබ කණ්ඩායමට පාර්ලිමේන්තු යන ටිකට් එක දෙන්නේ හේමා ප්‍රේමදාස හෝ ජලනි ප්‍රේමදාස නොව රටේ ජනතාව බව හොඳින් සිහි තබා ගත යුතුව තිබේ. අර්බුදකාරි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය රට තුළ කි්‍රයාත්මක කරන බවට සජිත් ඉන්දියාවට ගොස් දුන් පොරොන්දුව ඇතුළත් ඊළඟ සජබ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ගෙයින් ගෙට ඛෙදද්දී, රොහිණී විජේරත්නට වඩාත් ආදරය කරන ලග්ගල රත්තොට ජනතාව zzමැඩම් හැබෑටම 13 දෙනවාට කැමතිද? කියා මූනටම ඇසුවොත් වතු කම්කරු වැටුප් ගැටළුවේදී තමන් දැරූ නිර්භීත ස්ථාවරය සජබ නොවන විසම්මතික කතාවක් කියා ඇඟ බේරා ගැනීමට රෝහිණිට සිද්ධ වනු නියතය.
තමන්ට එරෙහිව පෙළ ගැසෙන රටේ ජන මතය ආපසු හැරවීමට සහාය වන්නැයි මාලිමා ආණ්ඩුව ඉන්දියාව හමුවේ වැඳ වැටී කළ ඉල්ලීම වෙනුවෙන් ඉන්දියාව කැඳවනු ලැබූ සජිත් ප්‍රේමදාස, සජබයේ කාගේ කාගේත් දේශපාලන අනාගතය අනුරලා වෙනුවෙන් විදේශිය බලපෑමට උගස් කොට හමාරය. නොවැම්බර් විසි එක ජන රාශියට සහභාගි නොවීමට තීන්දු කළ “සරුව (ජන)පිත්තල“ ව්‍යවසායිකයා මාතර වැවහමන්දූව ගමේ නිවසක ඉස්තෝප්පුවේ හත් අට දෙනෙකු අමතා ගිය සතියේ ගිරිය පුප්පා ගෙන නොවැම්බර් විසි එක ජන රාශිය හෑල්ලූ කරනු ලැබුවේ පොල් කොටන් හතරක් මත මැස්සක් ගසා කෑ ගැසීමක් හැටියටය. එහෙත් නොවැම්බර් 21 රාති්‍රයේ දෙරන නිව්ස් හරහා රටම දැක බලා ගත් නොවැම්බර් විසි එක නුගේගොඩ ජන රාශිය මාලිමා ආණ්ඩුව පමණක් නොව සජිත් සහ “සරුව (ජන)පිත්තල“ දෙදෙනාගේ සූට් ගලවා පොල් කොටන් හතරක් උඩ නිරුවතින් එල්ලා ගැට ගැසූ බව මේ වනවිට ඉන්දියාවටත් වාර්තා වී හමාරය.

මාතර වැවහමන්දූව ගමේ ඉස්තෝප්පුවේදී පොල් කොටන් උදාහරණය දැක්වූ “සරුව (ජන)පිත්තල“ පොදු විපක්ෂයක් කළ යුත්තේ අනාගතයට වැඩ පිළිවෙලක් සැකසීම මිස රනිල්ගේ අනුරගේ ලණු කමින් හන්දි ගානේ කතා පැවැත්වීම නොවන බවට සිය ස්ථාවරය ජනගත කළේය. සජිත් අගනුවරට පැමිණි විරෝධතා කරුවන් හමු වී කියා සිටියේ අවශ්‍ය ජන රැළි නොව ජනතා ප්‍රශ්න විසඳීම බවය. මේ හරහා සජිත් සහ දිලිත් දෙදෙනාම එකිනෙකා කා ගොටා ගනිමින් ආණ්ඩුවේ උවමනාවට නොවැම්බර් විසි එක මග හැරිය බව පැහැදිලිය. සජිත් ඊට ඍජු හේතු කියා නො සිටියද, දිලිත් ජයවීර කළ ප්‍රකාශය මෙහිලා අවධාරණය කළ යුතුවේ. නොවැම්බර් විසි එක ජන රාශිය දිලිත් ජයවීරට අනුව රනිල්ගේ අනුරගේ ලණු කමින් හන්දි ගානේ කතා පැවැත්වීමකි. ඒ ප්‍රකාශයෙන් දිලිත් තහවුරු කළ පරම සත්‍යය නම් විකල්ප ජන බලවේග විසින් උඩ දමා ඇති කාසියේ අනුරට එරෙහි බලවේගය රනිල් බවට දිලිත්ලා සහ සුද්නෙන් වටහා ගෙන සිටීම හැර වෙන යමක් නොවේ. රට වෙනුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රටේ නීතිය හා සාමය වෙනුවෙන් ආණ්ඩුවේ මර්ධනයට මෙන්ම මාලිමාවේ තකතිරු දේශපාලන හැසිරීමට එරෙහිව ගොඩ නැගෙන ජන බල වේගය තුළ ඇත්තේ බිඳ නො වැටෙන ආත්ම ශක්තියක් විශ්වාසයක් මිස පොල් උඩට නැගීමට ආසාවෙන් ද`ගලන පුද්ගල වන්දනාවක් නම් නොවේ. එහි පැමිණි ජනතාව පක්ෂ භේදයකින් තොරව හැම කතිකයාටම අත් පොළසන් දෙමින් දැක්වූ විශිෂ්ඨ නිර් දේශපාලනික ආදර්ශය, මෑතක රටට අවශ්‍ය නිර්දේශපාලනික නායකත්වයක් බවට සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක කළ ප්‍රකාශයට සමපාත වීමකි.
රාජපක්ෂ බලවේගය රටට කළ විනාසයෙන් රට මුදවා ගැනීමට මාදු`ථවාවේ සෝබිත හිමියන් ගොඩ නැගූ සාධාරණ සමාජයක් නම් නිර් දේශපාලනික ව්‍යාපාරයේ ආරම්භ රැස්වීමට වාසුදේව නානායක්කාරලා පවා පැමිණි සහභාගි වූ බව ගෝඨා දිනවීමට කැලණි පන්සලේ නයි පෙන්වූ දිලිත් ජයවිර නම් රාජපක්ෂ නිකායේ නයිබ පනික්කයා තේරුම් ගත යුතුය. එකී සාධාරණ සමාජයක් නම් ව්‍යාපාරය 2015 ජනවාරි 8 වෙනිදා රාජපක්ෂ සනුහරයම පරාජය කළේ මෛති්‍රපාල සිරිසේන නම් හාල් මැස්සා ලවා බව තනි තනිව රජ වීමට කැස කවන උදවිය සිහි තබා ගත යුතුව තිබේ. උනුන්ට වල කපා ගනිමින් පැවතියද යහ පාලන ආණ්ඩුව විසින් අදටත් රටට යහපත් බොහෝ නීති පද්ධතින් නිර්මානය කරනු ලැබීය. ඒ කාලයේ ස්වාධින පනත් තොරතුරු දැන ගැනීමේ පනත ආදි ජනතාවට ලබා දුන් පුරවැසි ශක්තිය ලංකාවේ වර්තමාන පාලකයන්ට හිසරදයක් වී ඇති අතර එයින් අදහස් වන්නේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ව්‍යවස්ථාවෙන් සහතික කළ පුරුවැසි අයිතියට යහ පාලන කාලයේ යෙදූ නෛතික පදනම මාලිමා බහුතරයෙන් බේරා ගැනීමට යළිත් රට නිර් පාක්ෂිකව ඒකරාශීවිම අවශ්‍යව ඇති බවය.

2019දී සැලසුම් කළ පාස්කු බෝම්බ ප්‍රහාරය කැලණියේ නයි නැටවීම ආදි විජ්ජා හරහා රාජපක්ෂලා කෙලින් කළ ව්‍යවසායික දිලිත් ජයවීර, සකල දේශපාලන ධාරා නිශේධ කර තමන්ට මේ රට අල්ලන්ට පුළුවන් කියා සිතීමත් යම් පමණකට අනේ අපොයි පපුවට අත ගසා ගත යුතු දුක හිතෙන තත්වයකි. රට තුළ පවත්නේ රනිල් අනුර කුමාර යන බලවේග දෙක පමණක් බව තේරුම් ගෙන සිටින දිලිත් ජයවීරගේ අවබෝධය රටේ පොදු මතයට සමපාත වේ. දිලිත් ජයවීර නොවැම්බර් විසි එක රනිල් අනුර දෙදෙනාගේ ලණුවක් බව කීමෙන් අදහස් කරන්නේ විපක්ෂයට ලැදි උදවිය අතර, රනිල් පිළිබඳව වෛරයක් ද්වේෂයක් ඇති කරමින් රනිල් අනුර දෙදෙනාම එකම මල්ලක දමා පොළොවේ ගැසීමට තැත් කරන දිලිත් ජයවීරගේ ලාමක ටිං ටිං දේශපාලන දැක්ම සරුව පිත්තල දිලිසීමක් පමණකි.
දිලිත් ජයවිර කියන්නේ මේ රටේ සාර්ථක ව්‍යාපාරිකයෙකු බවට කිසිදු තර්කයක් නැත. ඔහු කළ යුත්තේ තමන් විශ්වාස කරන ව්‍යවසායිකත්ව වැඩ සටහන රටට ඉදිරිපත් කරනවා මිස ඒ සඳහා පොදු විපක්ෂය දිලිත් පෙරහරින් වඩම්මවා මුලසුන හිඳුවා ආර්ථීක සංගායනාවක් පැවැත්විය යුතු යයි සර්ව ජන සභාවේ ආචාර්ය මහාචාර්යවරු විශ්වාස කරයි නම් එය අන්දරේලාගේ පරම්පරාවට ගැලපෙන තවත් කතාවක් පමණකි. තවත් ආකාරයකින් කියයි නම් තම වැඩ සටහන සකල විපක්ෂයම එක්ව දිලිත් ඔසවා තැබිය යුතුවේ. මේ සියල්ල පෙළ ගස්වන විට චාමර සම්පත් දසනායක සමග සජිත් දිලිත් දෙදෙනාට හැරෙන්නටත් බැරි බව පැහැදිලිය.
මේ සිය`ථ හේතු කාරණා අතර, අප මේ ගෙවන්නේ විසි එක්වෙනි සියවසේ දෙවන දසකය බව කල්පනා කළ යුතුවේ. නොවැම්බර් විසි එක ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක නියෝජනය කරමින් කතා කළ හරින් ප්‍රනාන්දු සහ නාමල් රාජපක්ෂ යන දෙදෙනා දකින කෙනෙකුට මුන් දෙන්නාම තවමත් තිස් හතළිස් ගණන්වල නේද කියන හැ`ගීමක් ඇති වෙනවා. මෙයින් අදහස් කරන්නේ මේ දෙදෙනා රටේ අනාගතය භාර ගත යුතුය යන්න නොවේ. රටේ මීළ`ග අභියෝගය භාර ගැනීමට විශේෂයෙන් එජාපව පනහට අඩු තරුණයන් දේශපාලනයේ මුල් පුටුවලට පත් කළ යුතුව ඇති බවය. දේශපාලනඥයන් වයසට යද්දී දේශපාලන පකAෂ පරිනත නොවුණොත් රට විනාස වෙනවාය. මාලිමාව කරන මේ විනාසයට රනිල් මහින්ද දෙදෙනාම හරි හරියට වගකිව යුතුවේ.
නිදහස් ලංකා ඉතිහාසයේ විසි වෙනි සියවසේදී ඩඩ්ලි සේනානායක 41 වියෙහිදීද, බණ්ඩාරනායක මැතිනිය 44 වියෙහිදීද, චන්ද්‍රිකා 49 වියෙහිදීද, රටේ බලයට පත්වීම සමග විසි එක් වෙනි සියවසේ රටේ නායකත්ව සඳහා ප්‍රධාන පක්ෂ දෙකෙන් රාජ්‍ය පාලනය සඳහා තේරී පත්වූවෝ හැට හැත්තෑ විය පසු කළ හන්දි පන නැති මහල්ලන් වීම යනු රටක් හැටියට තවදුරටත් නො විඳිය යුතු හතර විලි ලජ්ජාවකි. දේශපාලනඥයන් මහළු වන විට රටක් ජරා ජීර්ණ වීමට ඉඩදි යුතු නැති බව ජනතාවට වඩා වැඩිහිටි පක්ෂ නායකයන් කල්පනා කළ යුතුව තිබේ.

විසි එක් වෙනි සියවසේ කැපුවත් කොළ කැපුවත් නිල් මිනිසුන් ගැහැණුන් සිටියා නම් 2024දී මිනිමරු ජෙප්පන් රටේ බලය අල්ලන්නේ නැත. එසේ වුණේ ප්‍රධාන දේශපාලන ධාර දෙක පෝෂණය කළ පාක්ෂිකයන් තුළ ඇති වූ කලකිරීම නිසාය. නව පරපුරේ කතිකාව (Gen X Dialogue) ආරම්භ කරමින් 2024 අගෝස්තුවේ මහරගම තරුණ සේවා සභාවේදී රෙටේ ජනාධිපති වරයා හැටියට කළ ප්‍රකාශය අර්ථවත් කිරීමට රනිල් වික්‍රමසිංහට මෙයට වඩා උචිත අවස්ථාවක් තවත් ඇත්තේ නැත.
(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com




