The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සුබ උපන්දිනයක් මචං... | චින්තන ධර්මදාස

T

The Leader Desk

November 24, 2025 • 10:41 AM

සුබ උපන්දිනයක් මචං... | චින්තන ධර්මදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුරගෙ විප්ලවීය කාර්‍යභාරය සිද්ද වෙන්නෙ ජවිපෙ ඇතුලෙ.
  • ජාතිවාදී, සමාජවාදී, අන්තවාදී ජවිපෙ ලිබරල් මාලිමාව බවට පරිවර්තනය කරන්නෙ අනුර.
  • අනුරට හම්බුනේ රොමාන්තික බවක් රෝගයක් තරම් උඩුදුවපු ජනතා අභිලාෂයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අනුරගෙ විප්ලවීය කාර්‍යභාරය සිද්ද වෙන්නෙ ජවිපෙ ඇතුලෙ. ඒක  අවුරුදු හැටක් මේ රටට විශාලතම සාපයක් වුනු පක්ෂයකින් රට ගලවා ගැනීමක් වෙනවා. ජාතිවාදී, සමාජවාදී, අන්තවාදී ජවිපෙ ලිබරල් මාලිමාව බවට පරිවර්තනය කරන්නෙ අනුර. රනිල්ගෙ ආර්තික ප්‍රතිපත්ති බාධාවකින් තොරව කරගෙන යන්න පුළුවන් ජවිපෙයක් නිර්මාණය කරන්නෙ අනුර. සෑම ප්‍රගතිශීලී පියවරකටම විරුද්ධ වන ලංකාවෙ පසුගාමී වාමාංශික මානසිකත්වය අහෝසි කිරීම අනුර කරපු විප්ලවීය කාර්‍යය වෙනවා. මගේ තක්සේරුවට අනුව ඒක ජේආර් විවෘත ආර්තිකය හඳුන්වා දුන්නු තරම්ම විප්ලවීයයි.

අපි හැමතිස්සෙම හිතන්න පුරුදු වෙලා තියෙනවා අලුතෙන් යමක් හදුන්වාදීම තමයි විශේෂ වෙන්නෙ කියල. නමුත් කලින් පැවති සාධනීය යමක් නිරහංකාරව පවත්වාගෙන යාමත් සුවිශේෂී දෙයක්. ඒක ගොඩක් අයට නැති දෙයක්.

 

EGXXIriU8AESmhK
අනුර කියන්නෙ වෙනස් හැඩයක්. ඒකෙ හොඳ නරක දෙකම තියෙනවා. අනුරට හම්බුනේ රොමාන්තික බවක් රෝගයක් තරම් උඩුදුවපු ජනතා අභිලාෂයක්. ඒක කොහෙත්ම කළමනාකරණය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වගේම අනුරට ඉන්නෙ නුපුහුනු නුපුරුදු ලෙඩ්ඩු ගොඩක්. ආණ්ඩුවක් කිව්වට ඉන්නෙ අනුර විතරයි. ඒකම ඓතිහාසිකයි.

මේ අතුරෙ අනුර යන එකම වැඩක්. එයා අසමත් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒත් පසුගාමී සාපයක් වුනු වාමාංශයක් පරිවර්තනය කිරීම කියන සුවිසල් මෙහෙවරේදි අනුර යෝධයෙක්.

සුබ උපන්දිනයක් මචං. උපහාස අපහාස කරන්නෙ අමාරුවෙ තරම නොදැන නෙමෙයි. පුළුවන් තරමෙන් උපරිම වැඩක්  කරමු. ජය!


(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...