The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අනාගතයට පහනක් දල්වා කුරිරු ඝාතන අඳුරකට නතු වූ බ්ලැකී

T

The Leader Desk

November 27, 2025 • 7:30 AM

අනාගතයට පහනක් දල්වා කුරිරු ඝාතන අඳුරකට නතු වූ බ්ලැකී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වයස අවුරුදු පහළොවක් පමණ වන බව පැවසුණු මෙම වයස්ගත සුනඛයා එම කාන්තාව විසින් සිතාමතාම සිය වාහනයට හසු කර යන අයුරු අසල CCTV කැමරාවක සටහන්ව තිබුණි.
  • බ්ලැකී වෙනුවෙන් ඉදිරිපත්වූ ප්‍රදේශවාසීන්ගෙන් පිරිසක් පසුව කොට්ටාව පොලිසිය කරුණු සලකා බලා 1907 අංක 7 දරණ සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 411 සහ 412 වගන්ති යටතේ මෙය දඬුවම් ලැබිය යුතු වරදක් බවට සලකා අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
  • ඒ අනුව ඉකුත් 25 වැනි දා එම පැමිණිල්ල හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනුණු අවස්ථාවේ, පැමිණිලිකාර පාර්ශ්වයේ කරුණු සහ CCTV කැමරා සාක්ෂි සලකා බලා අදාළ කාන්තාව දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගරු අධිකරණය විසින් නියෝග කර ඇත.
  • ඒ අනුව එම නඩුව යළි දෙසැම්බර් 9 කැඳවීමට නියමිත ය.
අකුරු ප්‍රමාණය (Font Size):


වයස අවුරුදු පහළොවක් පමණ වන බව පැවසුණු මෙම වයස්ගත සුනඛයා එම කාන්තාව විසින් සිතාමතාම සිය වාහනයට හසු කර යන අයුරු අසල CCTV කැමරාවක සටහන්ව තිබුණි.

ගත වූ වසර පහළොවක පමණ කාලයක් තිස්සේ අලුබෝගහවත්ත පටුමඟේ ජීවත් වූ සැමට එක සේ ගෞරවාදරය පාමින් හා දරු දැරියන්ගේ සුරතලකු වෙමින්, ප්‍රදේශවාසීන් දෙන ආහාර වලින් යැපෙමින් ජීවත් වූ බ්ලැකී ට එම කාන්තාව සිදු කළ අපරාධය දරාගත නොහැකි වූ වෙනුවෙන් පෙරට ආ ප්‍රදේශවාසීන්, එකී කාන්තාවට එරෙහිව කොට්ටාව පොලිසියට පසුගිය 16 වැනි දා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

මුලින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු නොවූ නමුත් ප්‍රදේශවාසීහු ද ඉන් නිහඬ වූයේ නැත. ඔවුහු සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන සංවිධාන හා එක්ව පොලිස්පතිවරයාට ද, අධිකරණ අමාත්‍යවරයාට ද, කොළඹ දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ද මේ ළය පාරවන සිදුවීම ගැන ලිපි මඟින් දැනුම් දී තිබිණි.

 km1

බ්ලැකී වෙනුවෙන් ඉදිරිපත්වූ ප්‍රදේශවාසීන්ගෙන් පිරිසක්

 

පසුව කොට්ටාව පොලිසිය කරුණු සලකා බලා 1907 අංක 7 දරණ සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 411 සහ 412 වගන්ති යටතේ මෙය දඬුවම් ලැබිය යුතු වරදක් බවට සලකා අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. ඒ අනුව ඉකුත් 25 වැනි දා එම පැමිණිල්ල හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනුණු අවස්ථාවේ, පැමිණිලිකාර පාර්ශ්වයේ කරුණු සහ CCTV කැමරා සාක්ෂි සලකා බලා අදාළ කාන්තාව දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගරු අධිකරණය විසින් නියෝග කර ඇත. ඒ අනුව එම නඩුව යළි දෙසැම්බර් 9 කැඳවීමට නියමිත ය.

මහ මඟ සිටින සුනඛයකුගේ වුවද ජීවත්වීමේ අයිතිවාසිකම කිසිවකුට උදුරාගත නොහැක. එසේ කිරීම මිහි තලයේ සදාතනිකව පවත්නා ස්වභාවික යුක්තියට පවා ඉඳුරාම පටහැනි වූවකි. ඒ අතර මේ වන විට නීති පොතට ද අන්තර්ග්‍රහණය වී ඇති එකී අයිතිවාසිකම් වෙනුවෙන් ගරු අධිකරණය මඟින් දුන් මෙම නියෝගය ඓතිහාසික බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය ශ්‍රී ලාංකේය ජන සමාජයේ බුද්ධි පරිණාමය පිළිබඳ නවතම සංසිද්ධියකි. එමෙන්ම මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් නොමිලයේ තම සේවා දායකත්වය ලබා දුන් නේත්‍රපානි ඩයස් නීතිඥවරිය සේම, එම නඩුවේ සාක්ෂි දීම පිණිස තම එදිනෙදා වැඩ කටයුතු සියල්ල නතර කොට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටි විස්සකටත් අධික ප්‍රදේශවාසීන් සමාජගත කළ මානුෂීය බවේ පණිවිඩය ද, මෙම අධිකරණ නියෝගය සේම ඓතිහාසික වනු ඇත.

එම අධිකරණ නියෝගයෙන් පසුව එම කටයුත්ත සඳහා දායක වූ ප්‍රදේශවාසීන් බ්ලැකී මිහිදන් කළ තැනට ගොස් ඔහුට අහිමි වූ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටින බවට සපථ කරමින්, එම ස්ථානයේ ඉටිපන්දම් දල්වා බ්ලැකීගේ ගුණ සැමරීම ද විශේෂත්වයකි.

 

km2
අතීතයේ “දඩාවතේ යන බල්ලන්” (Stray Dogs), “වල් බල්ලන්” හෝ “වීදි බල්ලන්” ලෙස හැඳින් වූ නිවාස අහිමි සුනඛ ප්‍රජාව හඳුන්වන නවතම “ප්‍රජා සුනඛයන්” යන නම වඩාත් නිවැරදි යැයි සැලකෙන්නේ ඔවුන් මිනිස් ප්‍රජාව සමඟ සමීපව ජීවත් වන බැවිනි. මෙය මිනිසා ශිෂ්ටාචාර ගත වීමටත් පෙර ආරම්භ වූ මිනිස්-සුනඛ ගිවිසුමේ (Human Canine Bond) අඛණ්ඩතාව සනාථ කරන්නකි.

අයිතිකරුවකු නොමැති වුවද, ප්‍රජා සුනඛයෝ තමන්ටම වෙන් කරගත් නිශ්චිත භූමි ප්‍රදේශයක් (Territory) තුළ ජීවත් වෙති. ඔවුන් එම සීමාවෙන් බැහැරට යන්නේ කලාතුරකිනි. ඔවුන් මිනිස් ජනාවාස ආශ්‍රිතව වාසය කරන්නේ මිනිසුන්ගෙන් ලැබෙන ආහාර සේම ආදරය, කරුණාව, රැකවරණය අපේක්ෂාවෙනි. ඒ උදෙසා ඔව්හු තමන්ට ඒ දේ ලබා දෙන්නවුන් කෙරෙහි අසීමාන්තිකව කැප වෙති. එමෙන්ම ඔවුන් තම හාම්පුතුන් සේ සලකන ප්‍රජාව බාහිර උවදුරු වලින් බේරා ගැනීමට දිවි හිමියෙන් කැප වෙති.

ශ්‍රී ලංකාවේ මිලියන දෙකකට මඳක් වැඩි ප්‍රමාණයක ප්‍රජා සුනඛයන් සිටින බවට ඇස්තමේන්තු කර ඇත. මෙම සුනඛයන් ඝාතනය කිරීම නීතියෙන් තහනම් කර ඇති අතර, ඔවුන්ගේ ගහණය කළමනාකරණය සහ සුබසාධනය වැදගත් අවශ්‍යතාවකි.

 km4

බ්ලැකී වෙනුවෙන් ඉදිරිපත්වූ ප්‍රදේශවාසීන්ගෙන් පිරිසක්

 

මෙම ප්‍රජා සුනඛ ජනගහනය කළමනාකරණය කිරීම සහ ඔවුන්ගේ සුබසාධනය සඳහා රාජ්‍ය සහ විශේෂයෙන් රාජ්‍ය නොවන සංවිධාන (NGOs) විසින් පහත ක්‍රියාමාර්ග ගනු ලබයි:

වන්ධ්‍යාකරණය (Sterilization/Neutering): අනවශ්‍ය ලෙස සුනඛයන් බෝ වීම වැළැක්වීම සඳහා වන්ධ්‍යාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ප්‍රධානතම විසඳුමයි. එන්නත්කරණය (Vaccination): ජලභීතිකාව (Rabies) වැනි රෝග පැතිරීම වැළැක්වීම සඳහා නිතිපතා එන්නත් ලබා දීම, තුවාල වූ හෝ රෝගී සුනඛයන්ට ප්‍රතිකාර ලබා දීම ද මෙහි දී සිදු කෙරේ.

ඒ කෙසේ හෝ කොට්ටාව, පන්නිපිටිය, විද්‍යාල මාවතේ අලුබෝගහවත්ත පටුමඟේ ජනතාවගේ ආදරය දිනාගත් නිවාස අහිමි බ්ලැකී ද නියත ලෙසම මෙම ප්‍රජා සුනඛ වර්ගීකරණය යටතට ගැනෙන බැවින්, ඔහුට සිදු කළ මෙම අපරාධය සම්බන්ධයෙන් ගරු අධිකරණය විසින් දෙනු ලබන තීන්දුව අනුව නූතන මානව බුද්ධි පරිණාමය හමුවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවත එන මිනිස්-සුනඛ ගිවිසුම කෙසේ යාවත්කාලීන වී වර්ධනය වනු ඇත්දැයි අපට සිතා ගත හැකි වනු ඇත.

බ්ලැකී, ඔබට සදාතනික සුව නින්දක්!

renuka d(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...