“මේ වන විට රට පුරා දැවැන්ත ආපදා තත්ත්වයක් නිර්මාණය වී ඇති මොහොතක රජය කඩිනමින් ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතුයි. 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතේ 11 වැනි වගන්ති ප්‍රකාරව හදිසි ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ හැකියි. ඒත් රජය අවම වශයෙන් ඒ ගැන දැනුවත් භාවයක්වත් නැද්ද?”
මෙම ආපදා තත්ත්වය නිසා ජීවිත සහ දේපල රැසකට හානි වී ඇති බවත්, නීති රිති අණපනත් නොතකා ජනතාවට සහන සලසන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් සජිත් පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කළා.
ආපදා තත්ත්වය පිළිබඳ පක්ෂ නායකයින් දැනුවත් කිරීමට සිකුරාදා දහවල් අකුරේගොඩ ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට ගිය විපක්ෂ නායක සජිත්, ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට කියා සිටියේ, මෙම ව්‍යසන අවස්ථාවේ පක්ෂ භේදයකින් තොරව සහන සහ මුදාගැනීමේ කටයුතු සඳහා විපක්ෂය සහය ලබාදෙන බවයි.

2016 වසරේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් පසුව ජනජීවිත පවත්වා ගැනීමට එදා බලයේ සිටි දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිළධාරීන් සමග එක්ව සිදුකළ ආපදා කළමණාකරන කටයුත්ත සිහිපත් කළ විපක්ෂ නායකවරයා සෑම දිස්ත්‍රීක්කයක්ම නියෝජනය කරන පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් සහ දිස්ත්‍රීක් ලේකම්වරුන් අතර මනා සන්නිවේදන ක්‍රියාවලිය කඩිනමින් සක්‍රීය කළ යුතු බවද අවධාරණය කළා.
සජිත් මෙහිදී ඉතා වැදගත් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා

01. සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ක්ෂණිකව උපදෙස් සහ නියෝග ලබාදෙන්න රාජ්‍ය පරිපාලන ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ස්ථාපනය කර ඔවුන්ට බලය පැවරීම,
02. සියලුම මධ්‍ය සහ සන්නිවේදන (dialog, Mobitel ඇතුලුව ) ආයතන ඒකාබද්ධ කරමින් ජනතාවට දැනුවත් කිරිමේ ක්‍රමවේදයක් කඩිනමින් ආරම්භ කිරීම.
03. පළාත්සභා ඇතුලු මධ්‍යම රජයේ අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා යොදවා නොමැති අනෙකුත් නිළධාරීන් අපදා සහන කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනියුක්ත කිරීම.
04. රාජ්‍ය යාන්ත්‍රණයට පරිභාහිරව ආපදා තත්ත්වය මැඩලීමට එක්වෙන ස්වෙච්ඡා සංවිධාන සම්බන්ධීකරණය සඳහා දිස්ත්‍රීක් මට්ටමින් සුදුසු යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම.
05. විදුලිය ඇණහිට ඇති ප්‍රදේශවලට කඩිනමින් අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක කරගැනීම සඳහා සුදුසු පියවර ගැනීම ආදීය ඒ අතර වුනා.
සජිත් වැඩිදුරටත් කියා සිටියේ, රජයට අවශ්‍ය පූර්ණ සහය ලබාදී විපතට පත්වූ ජනතාවට උපකාර කරන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට සහ පළාත් පාලන නියෝජිතයින්ටද තමන් දැනුම්දී ඇති බවයි.
මේ සටහන ලියන මොහොත වනවිටත් රටේ දිස්ත්‍රීක්ක 22 කට බලපා ඇති ආපදා තත්ත්වය හමුවේ 60 ආසන්න ජීවිත ප්‍රමාණයක් අහිමි වී ඇති අතර අතුරුදන් පිරිස 20 අධිකයි.

සමගියේ සංවිධායකයින් හදිසියේ කොළඹට
සෙනසුරාදා (22) බත්තරමුල්ල මොනාර්ක් උත්සව ශාලාවේ පැවති ආසන සංවිධායකයන්ගේ හමුව සජබයට අලුත් ජවයක් එක්කරපු අවස්ථාවක් වුනා.
සංවිධායකවරුන්ට පත්වීම් ලිපි පිරිනැමීමට එහා ගිහිල්ලා, ඒක පොඩි වැඩමුළුවක් විදිහට තමයි සංවිධානය කරලා තිබුණේ.
මොනවද අපිට තියෙන අභියෝග, ඒවා ජයගන්නේ කෙහොමද? අපෙන් වෙච්ච අඩුපාඩු මොනවද? අපි සැලසුම් සකස් කරන්න ඕන කෙහොමද? සාම්ප්‍රදායික දේශන වෙනුවට සංවිධායකවරුන්ගෙන්ම කණ්ඩායම් හදලා ඉස්සරහට ඇවිත් තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව හදපු හොඳ ප්‍රායෝගික වැඩක් විදිහට තමයි මේ වැඩේ පැවැත්වුනේ.
සජිත් එක්ක එක මේසේ හිටපු මහලේකම් රංජිත්, හර්ෂ සහ කිරිඇල්ල මේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ගැන සාකච්ජා කළා කියලත් අපිට ආරංචි වුනා.
සර්, අපිත් පොතට රැවටුනා
විපක්ෂ නායක සජිත් සඳුදා පාර්ලිමේන්තුව එමින් සිටියදී පොල්දූව මංසන්දිය පසුකරනවාත් සමගම එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් පිරිසක් සජිත් ගමන් ගත් රථය හදිසියේ නතර කරගෙන තිබුණේ නොසිතූ මොහොතකය.
“ සර් අපි මේ රටේ 30 අවුරුද්දක් තිබුන යුද්ධයට උරදීලා ආබාධිත වෙච්ච මිනිස්සු, ඒ වගේම මේ ඉන්නේ රට වෙනුවෙන් දිවිපුදපු අපේ රණවිරු සහෝදරයින්ගේ නෝනලා, අම්මලා, තාත්තලා, අපේ ප්‍රශ්ණය තාම විසඳුවේ නෑ සර්, සර්වත් මැදිහත්වෙලා මේක පාර්ලිමේන්තුවේ කතා කරන්න කෝ”
ඒ සජිත්ගේ ළඟට ආපු ආබාධිත රණවිරුවෙක් කිව්ව කතාවය. සිංහ කොඩිය අතේ තියාගෙන රෝද පුටුවේ හිටපු තවත් රණවිරුවෙක් සංවේදී වෙමින් කිව්වේ මෙහෙම කතාවකි.
“ සර්, මේ ආණ්ඩුව බෙදපු පෙහොසත් රටක් ලස්සන ජීවිතයක් පොතේ 228 පිටුවේ ආබාධිත රණවිරුවන්, මියගිය රණවිරුවන් වගේම ඒ අයගේ පවුල් ආරක්ෂා කරනවා කියලා ලොකුවට ලියලා තිබුනා. ඒත් අවුරුදක් ගිහිල්ලත් අපි ගැන ඇහැක් ඇරලා බැලුවේ නෑ. දැන් අපි මෙතන ඉන්නකොට ළඟටවත් එන්නෙත් නෑ. සර්, අපිත් ඔය පොතට රැවටුනා”
වයස 55 සම්පූර්ණ වූ පසු ආබාධිත මියගිය රණවිරුවන්ගේ දෙමාපියන්ට හා බිරින්දෑවරුන්ට හිමිවන ස්ථාවර දීමනාව මේ රජය නීතිවිරෝධී ලෙස අත්හිටුවා ඇති බවත්, තමන් මීට පෙරත් අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුවේදී මේ ගැටළුව ගැන ප්‍රශ්ණ කළ බවත් සජිත් සිහිපත් කළා.
විවිධ නිදහසට කරුණු ඉදිරියට දමමින් ආබාධිත රණවිරුවන්ට ලබාදෙන සහන කප්පාදු නොකර වහාම ඒවා ලබාදෙන ලෙස තමන් යළිත් ඉල්ලීමක් කරන බව අවධාරණය කළ සජිත් ආබාධිත රණවිරුවන් පිරිසට සමුදෙමින් පාර්ලිමේන්තුව බලා පිටත් වුනා.
ආණ්ඩුව දණගැස්වූ සජිත්ගේ මෙහෙයුම
ගෙවුණු සතියේ විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට කනේ පහරක් ගැසුවේ, පොලිස් වාර්තාවක් ගැනීමේ දී සිවිල් ආරක්ෂක කමිටු සභාපතිගේ සහතිකය අවශ්‍ය බවට රටම කතා කළ ප්‍රවෘත්තිය සත්‍යයක් බව ඔප්පු කරමිනි.
සඳුදා දිනයේ සජිත් මේ ගැටළුව පාර්ලිමේන්තුවේදී මතු කළ විට සභානායක බිමල් කළේ, මෙය සජිත්ගේ මනංකල්පිතයක් බව කියමින් ආඳා න්‍යායෙන් ලිස්සා යෑමටය.
එහෙත් අඟහරුවාද දවසේ ඇරියස් එක කවර් කරන්නටම බලාගෙන සාක්ෂි සහිතව සභාවට පැමිණි විපක්ෂ නායක සජිත් හක්මන පොලිස් ස්ථානාධිපතිවරයාට යොමු කළ ලිපි දෙකක්ද, මාතර පොලිස්ථානයේ දැන්වීම් පුවරුවේ පොලිස් වාර්තාවක් ලබාගැනීමේදී අවශ්‍ය ලියකියවිල් ගැන සඳහන් පත්‍රිකාවේ ඡායා පිටපතක්ද සභාගත කරමින් ගේම ඉල්ලුවේය.
අවසානයේ සජිත්ට අවස්ථාවදීමට විරෝධය දක්වමින් මූලාසනයේ සිට නියෝජ්‍ය කතානායකවරයා සමඟ උරණවූ සභානායක බිමල් ගේම ඉල්ලූ සජිත් සිය කතාව නතර නොකරමින් ආණ්ඩුව පචම කර දැමුවේය.
මීට පෙර මේ ගැන වාර්තා කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම ද වැරදි ක්‍රියාවක් බව විපක්ෂ නායකවරයා කියද්දී සභාවම නිහඬව අසා සිටිනු දැකගත හැකිවිය.
පාර්ලිමේන්තුව නිමවී විපක්ෂ නායක කාර්යාලයේ සතුටු සාමච්චියේ නිරතව සිටි අජිත් පී. පෙරේරා, චිත්‍රාල් ප්‍රනාන්දු සහ ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරුන් කිව්වේ අදනම් බිමල්, සජිත් ලොක්කගෙන් හොඳ හැටි කෑවා කියාය.
මහාචාර්ය අතිපුජ්‍ය පල්ලෙකන්දේ රතනසාර නාහිමියන්ට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ මහා නායක ධුරය පිළිබඳ ශ්‍රී සන්ස්පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන්, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබුන උත්සවයට සජිත්ටද ආරාධන කර තිබුණි.

සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමටත්, විවිධ අවස්ථාවල මතුවන අභියෝගවලට මුහුණ දීමටත්, ජාතික ඒකාග්‍රතා කමිටුවක් සර්ව ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපතිවරයා ඇතුළු සර්වපාක්ෂික කණ්ඩායම්වල සහභාගිත්වයෙන් ස්ථාපිත කළ යුතු බව සජිත් සිය කතාවේදී මතු කළ මූලික කාරණය විය.
පාසල් වසා දැමීම යනු හිර ගෙවල් විවෘත කිරීමක්

“ 2023 දත්ත අනුව අපේ රටේ පාසල් 10096ක් තියෙනවා, ඇති අතර ඇති සිසුන් 50ට අඩු පාසල් 1506ක් වසා දමන්න රජය තීරණය කර තිබෙනවා. ඒක රටේ පාසල් පද්ධතියෙන් 14.9%ක් වසා දැමීමක්, මේ ගැන දෙවරක් හිතන්න, මේවා වහන්න ලේසීයි, දරුවෝ ඊළඟ පාසැලට යාවිද? දුර, ප්‍රවාහන ගැටළු, ආර්ථික ගැටළු, මේක නිසා පාසැල් වහලා හිරගෙවල් අරින ක්‍රමයකට රට තල්ලු කරන්න එපා. ගැටළුව විසඳන්න, විද්‍යාත්මක විදිහට, දරුවන් හැමෝම මේ රටේ දරුවෝ, ඒ හැමෝටම ඉගෙන ගන්න අයිතියක් තියෙනවා. ඒක අපි සුරක්ෂිත කළ යුතුමයි.”
එහෙම කියපු සජිත් “ අර ගුරු සංවර්ධන නිලධාරීන් 16,600ත් අනාත කරන්න එපා, ඒ අය අමාරු අවස්ථාවේ මේ රටේ දරුවන්ට ඉගෙන ගන්න තමන්ගේ දැනුම බෙදලා දීපු මිනිස්සු, ඒ අය ගැන රජයේ ස්ථාවරයත් වහාම රටට කියන්න” යැයිද ප්‍රකාශ කර සිටියා.
ඊට අමතරව ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ ස්ටීම් එඩියුකේෂන් ගැන සජිත් පාර්ලිමේන්තුවට කරුණු කියමින් අවධාරණය කළේ කතාවට සීමා නොවී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ මේවා ප්‍රායෝගිකව ක්‍රියාවේ යොදවන ලෙසයි.
බදාදා පැවති ධීවර අමාත්‍යාංශ වැය ශීර්ෂයේදීද, සාර්ථක ධීවර ප්‍රතිපත්තියක් ගොඩනැගීමේ අවශ්‍යතාව අවධාරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික ධීවර දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ වැදගත්කමත් පෙන්වා දුන්නා.
බිලියන 30 ක ඩිජිටල් ආර්ථිකයකට සජිත්ගෙන් යෝජනාවක්
2030 වන විට ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 25 - 30 ක ඩිජිටල් ආර්ථිකයකට පරිවර්තනය කිරීම සඳහා පුළුල් ජාතික මාර්ග සිතියමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
කලාපීය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව සතු හැකියාව පෙන්වා දුන් සජිත් රට පුරා 5G පුළුල් කිරීම, ෆයිබර් සම්බන්ධතාවය දිරිගැන්වීම, ගෝලීය සැපයුම්කරුවන් සමඟ හවුල් වීම සහ දිස්ත්‍රික්ක 25 පුරාම තාක්ෂණික ආයෝජන කලාප ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවත් අවධාරණය කළා.
ජාතික අරමුදලක් පිහිටුවීමත්, AI, ෆින්ටෙක්, කෘෂි, සෞඛ්‍ය, සංචාරක සහ ධීවර කේෂ්ත්‍ර තාක්ෂණිකව බලගැන්වීමත්, ගෝලීය විශේෂඥයින්ට තාක්ෂණික වීසා ලබාදීම සහ 2030 වන විට IT-BPM අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 සිට ඇමරිකානු ඩොලර් බිලියන 10 දක්වා ඉහළ නැංවීමටද සජිත් යෝජනා කළා.
ඩිජිටල්කරණය, සයිබර් ආරක්ෂාව වැඩිදියුණු කිරීමත්, යල් පැන ගිය නීති යාවත්කාලීන කිරීමත්, රට පුරා ඩිජිටල් සාක්ෂරතාවය පුළුල් කිරීමත් සජිත් පෙන්වා දුන්නේ ජනාධිපති අනුරගේ ඩිජිටල් අමාත්‍යාංශ වැය ශීර්ෂයේ විවාදයට එක්වෙමිනුයි.
ප්‍රසාද් සිරිවර්ධන ඇරපු ෆයිල් එක

සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන ජනපතිට අදාළ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදය අවස්ථාවේ නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න ගැන කරපු හෙළිදරව්ව දැන් රටේම මාතෘකාවක් විය.
ප්‍රසාද් කියන විදහට ඩිජිටල් නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න සභාපතිත්වය දරන ආයතන දෙකක් රජයේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක කොන්ත්‍රාත් දිනාගෙන ඇත.
ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහා Smart Highway Tolling System එකේ ප්‍රධාන සැපයුම්කරුත්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ පිටත වටරවුම මාර්ගයේ Backend System පාලනය කරන්නෙත්, ජාතික ප්‍රවාහන සහ ආර්ථික යටිතල පහසුකම් ආදියේ ගණු දෙණු පද්ධති පාලනය කරන්නේ මේ සමාගම්ය.
ඊටත් එහා ගිය කාරණය අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවේදී දිග හැරියේය.
එනම් ඇමති එරංග වීරරත්න සිදුකළ අදහස් දැක්වීම් හරහාම මතුවූ කාරණා පදනම් කරගෙනය.
ඕනෑම තැනැත්තෙකු නාමයෝජනා ලබාදෙන අවස්ථාවේ රජය සමඟ ගිවිසුමක් ඇත්නම් ඉන් ඉවත්විය යුතුය යන නිර්නායකය මත පදනම්වය.
අතීත සිදුවීම් දෙකක් එළියට දැමූ අජිත් පී. රාජිත සේනාරත්නට සහ 1977 දී ගාල්ලේ ඇල්බට් සිල්වාට මන්ත්‍රීකමින් යන්නට සිදුවූ හේතු එකින් එක සිහිපත් කළේය.

මේ කතාබහ අතරේ සජබයේ මන්ත්‍රිවරු පිරිසක් කියා සිටියේ, ඊබ්‍රාහිම් නානා ගැන නොදැන සිටි අනුර කුමාර දිසානායකලා එරංග ගැන නොදැන සිටීම පුදුම වෙන්න දේකුත් නොවේ කියාය.
සජිත් ප්‍රමුඛ සජබයේ මන්ත්‍රීවරු ගෙවීයන සතියේ ආණ්ඩුව අවස්ථා කිහිපයකදී දණ ගැස්සුවේය.
සජබයේ ගම්පහ වරුණ රාජපක්ෂ සහ හොරණ චරිත් අබේසිංහ ඇමති හඳුන්ගේ හඬපටයක් එළියට දැමීමත් උණු කැවුම් ලෙස රටපුරා ඇවිලී ගියේ තත්ත්පර කිහිපයකින්ය.
ඇමති හඳුන් දැන් CID ගොස්ය, බලපත්‍ර නොමැතිව ගෙනා හාල් කන්ටේනර් 5ක් නිදහස් කිරීමේ හුටපටයක් ගැන කියවෙන මේ හඬ පටය තමන්ගේ බව පිළිගත් හඳුන්, දැන් කියන්නේ එය විකෘති කර ප්‍රචාරය කර ඇති බවය.
දැන් එය නීතිය හමුවේ ඇති ප්‍රශ්ණයකි, අපිට බලා සිටීමට ඇත්තේ, පසුගිය සමයේ මාලිමාවේ මන්ත්‍රීවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දිව ගොස් කළ පැමිණිලි කුණු කූඩයට විසි වූවා සේ, මෙයත් කාලයේ වැලිතලාවට හසුව වැසී යාවිද කියාය.
(මම, බංගලා හංදියේ ලියුම්කරු)




