The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හදිසි ආපදාවකදී එදා ජනතාවට සහන සැලසූ හැටි....

T

The Leader Desk

November 29, 2025 • 6:02 AM

 හදිසි ආපදාවකදී එදා ජනතාවට සහන සැලසූ හැටි....

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අයට ආහාරපාන සපයා රැකබලා ගැනීමේ පළාතේ මහ දිසාපතිවරයාටත් ප්‍රාදේශීය ලේකම්වරයාටත් භාරවිය.
  • "දිසාපතිතුමා තියෙන තැනකින් කෑම අරගෙන දෙන්ඩ මුදල් ගැන කරදර වෙන්න එපා..මම මේ නියෝගය දුන්න බව ඔයා ලොග් පොතේ ලියන්න.
  • එහෙත් රාත්‍රී-එය වසා දමා ඇත.
  • ඊට පෙර තමන් මේ කරන්නට යන කාර්යය පිළිබඳව පළාතේ මහේස්ත්‍රාත් තුමාටද නිල වශයෙන් දැන්වූයේ ජාතික ආපදාවක් බැවින් මෙසේ ක්‍රියා කරන බවට සහතිකයක් දෙමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ අයට ආහාරපාන සපයා රැකබලා ගැනීමේ පළාතේ මහ දිසාපතිවරයාටත් ප්‍රාදේශීය ලේකම්වරයාටත් භාරවිය. සෞඛ්‍ය කටයුතු  ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවරුණි.

මෙම ආපදාව සිදුවූයේ උඩරට පළාතේ දිස්ත්‍රික්කයකය. ජනතාව කඳවුරු වලට එක් රැස්වූයේ සන්ධ්‍යා  භාගයේය. දිසාපතිතුමා ප්‍රමුඛ බලධරයන්ට විසදගත ප්‍රධාන ප්‍රශ්නය වූයේ දැඩි කුසගින්නෙන් සිටි ජනතාවට රාත්‍රි ආහාරය සැපයීමයි.

එකල ආපදා කළමනාකරණ විෂය පුළුල් කාර්යභාරයකට අත ගැසුවේ නැත. එමනිසා දිසාපතිවරයා විසින් එවක මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාවු ආචාර්ය පී බී ජයසුන්දර ඇමතිය. දහස් ගණනක් ජනතාව ආහාර නොමැතිව දැඩි පීඩාවකින් සිටින බැවින් කළ යුත්තේ කුමක්දැයි උපදෙස් පැතිය.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස මෙසේ විය.

 "දිසාපතිතුමා තියෙන තැනකින් කෑම අරගෙන දෙන්ඩ මුදල් ගැන කරදර වෙන්න එපා..මම මේ නියෝගය දුන්න බව ඔයා ලොග් පොතේ ලියන්න. වැඩේ කරලා වියදම කියන්න පළාතේ ඇමතිතුමාටත් කියන්න. බඩගින්නේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්නෙ මුලින්ම විසඳලා බලමු ඉතුරු ප්‍රශ්න"

 
අනතුරුව හෙතෙම ජනාධිපති ලේකම් ලේකම් ලලිත් වීරතුංග සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් ද දැනුවත් කළේය. ඒ සියලු දෙනා දිසාපතිවරයාට අභිමත පරිදි කටයුතු කිරීමට අවසර දුන්නේය.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ ඉහළ ධාරීන්ගේ පැහැදිලි නියෝගය නිසා දිසාතිවරයා දිරිමත්විය.

ආහාර සපයාගත හැකිතැන් සොයා බැලීය.

එම නගරයේ  ස.තො.ස වෙළඳසැලක් තිබිණි. එහෙත් රාත්‍රී-එය වසා දමා ඇත. කල හැකි කිසිවක් නොවූයෙන් දිසාපතිතුමා පළාතේ පොලිස් ස්ථානාධිපතිවරයා සහ
ග්‍රාම නිලධාරීවරයාද සමග ස.තො ස ට ගියේ තවත් කම්කරු පිරිසක් ද කැඳවාගෙනය. ඊට පෙර තමන් මේ කරන්නට යන කාර්යය පිළිබඳව පළාතේ මහේස්ත්‍රාත් තුමාටද නිල වශයෙන් දැන්වූයේ ජාතික ආපදාවක් බැවින් මෙසේ ක්‍රියා කරන බවට සහතිකයක් දෙමිනි.

සතොස කළමනාකරු නොදැන සතොසේ දොරවල් කඩා එහි තිබූ ආහාරද්‍රව්‍ය ලයිස්තුගත කොට ගෙනා වාහනකට ඒවා පටවාගනු ලැබීය. අනතුරුව ඒවා කඳවුරු වෙත ගෙන ගොස් කඩිනමින් ආහාර පිස කුසගින්නේ සිට ජනතාවට රාත්‍රී  10..30 පමණ වන විට ආහාර සපයා හමාර  කළේය.

MtJrAMZ5QGFxhvPK NA800468

අනතුරුව පොල් වෙළෙන්දෙකු අවදි කරවා ඔහුගෙන් පොල් ලබා ගෙන පසුදා උදෑසනක් පොල් සම්බෝල සහ පරිපප්පූ සමග ආහාර සැපයීමට අවශ්‍ය කටයුතු සංවිධානය කළේය. දිසාපතිතුමාද කඳවුරු භූමියේ ජනතාව සමඟ ආහාර ගත්තේය.

අනතුරුව පසුදා සියලු ලිපි ලේඛන සකස් කලේය. මුදල් අමාත්‍යංශයට තමන් කරන ලද කාර්යය දැනුම්දී මුදල් අනුමත කරවා ගන්නා ලදී. පළාතේ ඇමැතිවරයාද එය අනුමත කළේය.  සතොසෙන් ගත් බඩු වලට මුදල් ගෙවා දැමිණි.

දිනක් දෙකක් මේ ආකාරයෙන් කටයුතු සිදුවිය. ජනතාවගේ මැසිවිලි නැවතිණි. දින දෙකකින් ගං වතුර බැස ගියේය. සියල්ල සාමාන්‍ය තත්වයට පත්විය. දිසාපතිතුමා
තුමා කරන ලද කාර්යයෙන්ම අගය කරමින් රජය ඔහුට ප්‍රශංසා කළේය. නීති ව්‍යවස්ථා රෙගුලාසි වලින් ඔහු මට්ටු කරන්ට කිසිවක් ඉදිරිපත් නොවීය.

පසු කාලයේ ඔහු ජේෂ්ඨ අමාත්‍යාංශය ලේකම්වරයෙකු ලෙස සතුටින් විශ්‍රාම ගියේය.

(එම ලේකම්වරයාගේ සැබෑ අත්දැකීමයි මේ. ඔහුගේ බලවත් ඉල්ලීම මත නම සඳහන් නොකරමි)
.

590482989 1441424261326368 1152730117421336653 n
මතු පලවන්නේ සුනාමි ව්‍යසනය අවස්ථාවේදී ඊට මැදිහත්වූ Dr Dilanthe Withanage සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනකි.

හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කිර්‍රිම, අත්‍යවශ්‍ය  සේවා ගැසට් කිරීම හා ජාත්‍යන්තර  සහය ඉල්ලීම මේ වෙලාවේ අත්‍යාවශ්‍යයි. කතා පවත්වලා දේශන දීලා පමනක් මේ අර්බුධය විසඳන්න බෑ.

2004 සුනාමිය වු විගස ජනපති චන්ද්‍රිකා ගේ ජනපති කාර්‍යාලයේ ඇගේ කාමර සියල්ල සුනාමි ආපාදා කළමණාකරණයට වෛද්‍ය තාරා ද මෙල්ට බාර දුන්නා. අපි වහාම අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට ජනපති කාර්‍යාලයට ඇවිල්ලා රජයේ සියලු අමාත්‍යාංශ ත්‍රිවිධ හමුදාව පොලීසිය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, පෞද්ගලික අංශ සම්බන්ධ කරගෙන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය( CNO- Center for National Operations) ස්ථාපිත කරලා සුනාමි ව්‍යවසනය සාර්ථකව කළමණාකරණය  කලා.

 ඒ මාසේ අපි දවල් රෑ වැඩකලා. ජනපති කාර්‍යාලය ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය බවට පත්වුනා. ඒ කාලේ රටේ ආපාදා කළමණාකරණ සභාවක්, ආයතනයක් හෝ අමාත්‍යාංශයක්, පණතක් තිබුනේ නැහැ. එක දවසින් www.cnosrilanka.org හදලා සම්බන්ධීකරණය  කලා. එජා මහ ලේකම් කොෆී අන්නන් පවා CNO එකට ඇවිල්ලා ඒ මෙහෙයුම අගය කලා.


මට මතකයි දැන් ජන බල වේගයේ මහ ලේකම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වෛද්‍ය  නිහාල් අබේසිංහ අපේ ටීම් එකේ වැඩ කලා. එවකට අගමැති මහින්ද ඇතුලු බොහෝ දෙනා උදව් ඉල්ලා අපිට කතා කලා. වත්මන් සභානායක බිමල් රත්නායක මට දුරකථනයෙන් කතා කොට උදව් ඉල්ලුවා. ඔක්කොම එක්වෙලා කරපු ඒ මෙහෙයුම ලංකා ඉතිහාසයේ ආපාදා කළමණාකරණයේ සැබෑ උපත කියලා මට හිතෙනවා. එම මෙහෙයුම මේ රටේ කාලකන්නි  දේශපාලනය නිසා ජාතියටම අමතක වුනා. එම දැනුම හා ආයතනික මතකය සහිත දැනුම කළමණාකරණය  කිරීමට CNO මෙහෙයුම ගැන පොතක් ලියන්න පුලුවන් නම් අවුරුදු 20 කට පස්සේ වුනත් ඉතා වැදගත්.

 ''අපි ඔක්කොම දන්නවා, අපිට වඩා පොරවල් නෑ කියන මතයෙන් ඉවත්වෙලා අපි ඔක්කොම එකතුවෙලා හිතීම හා ක්‍රියාකිරීම මේ වගේ ව්‍යවසනයෙන් ආරක්ෂා වෙන්න අතිශය වැදගත්''

 
WhatsApp Image 2025 11 29 at 10.05.08 AM
සබැඳි ලිපි :

මෙදා ආපදා කළමනාකරණයේ අවුල කොතන ද ?

මේවා ස්වාභාවික 'ආපදා' නොවේ - අපි ගෙන්න ගත්ත 'විනාස'

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...