The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආපදා චාරිකා නවතනු!

T

The Leader Desk

November 30, 2025 • 9:44 AM

ආපදා චාරිකා නවතනු!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආධාර සියල්ල රජය භාරයට ගෙන සාධාරණ අන්දමින් බෙදන ක්‍රමයක් හදන්න.
  • අනෙක් අයට කරදර වෙන ට්‍රිප් යාම නොකරන්න.
  • ඒ සඳහා හැකියාව ඇති, පළපුරුද්ද ඇති සංවිධාන එම කාර්යය ආරම්භ කර ඇත.
  • ආපදාවට ලක්වූ මිනිසුන් වෙනුවෙන් දෙස් විදෙස් වශයෙන් රැස්කරන ලද ආධාර ඉතා පුළුල් ලෙස පිල්ලි ගැසූ අතීතයක් අපට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ආධාර සියල්ල රජය භාරයට ගෙන සාධාරණ අන්දමින් බෙදන ක්‍රමයක් හදන්න. විනිවිද පෙනෙනසුළු විදියට එය කරන්න. එයට ප්‍රදේශයේ සංවිධානවලින් උපකාර ලබාගන්න. දේශපාලන සංවිධාන ගාවා නොගෙන රජයට වැඩේ භාරදෙන්න.

බොරු ට්‍රිප් යන්නන් නවත්වන්න. එය ආපදා කළමනාකරණයට ලොකු බාධාවකි. එසේම, ඔවුන් මුහුණ දෙන්නේ ද විශාල අවදානමකටය.

මේ වෙලාවේ තිබෙන සහකම්පනීය රැල්ල නරක දෙයක් නොවේ. එහෙත්, රැල්ලට මනුස්සකම් කිරීමට වඩා බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත්ය. ආපදා වූ තැන් සියල්ල ඔබේ දෑසින් දැකගන්නට අවශ්‍ය නැත. රූපවාහිනියෙන් හා සමාජ මාධ්‍යවලින් පෙන්වන දර්ශන තරම් හොඳින් කවදාවත් ඒවා ඔබට දැකගත නොහැකිය. ඒ නිසා ගෙදර ඉන්න. ෆේස්බුක් යන්න. ටීවී බලන්න. අනෙක් අයට කරදර වෙන ට්‍රිප් යාම නොකරන්න.

අනෙක, හැමෝම ආධාර එකතු කර තමන්ම බෙදා දෙන්නට ඕනෑ නැත. ඒ සඳහා හැකියාව ඇති, පළපුරුද්ද ඇති සංවිධාන එම කාර්යය ආරම්භ කර ඇත. ඒ අයට ඔබේ ආධාරය යොමු කරන්න. ඔබම එකතු කර, ඔබේ දෑතින්ම බෙදාදෙන්නට අවශ්‍යම නැත.

එකතු කරන ආධාර ට්‍රිප් යාම, ටීෂර්ට් ප්‍රින්ට් කිරීම, බැනර් ප්‍රින්ට් කිරීම වැනි නාස්තිකාර වැඩවලට යොදවන්න එපා. ආපදාවට ලක්වූ මිනිසුන් වෙනුවෙන් දෙස් විදෙස් වශයෙන් රැස්කරන ලද ආධාර ඉතා පුළුල් ලෙස පිල්ලි ගැසූ අතීතයක් අපට ඇත. ඒවාට සම්බන්ධ වූයේ එක්කෙනෙකු දෙන්නෙකු නොවේ. ඒ නිසා සහකම්පනීය රැල්ලෙන් ඔබ්බට සිතන්න. ඔබේ ආධාර විශ්වාසවන්ත අයට පමණක් යොමු කරන්න.


AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)

දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...