The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රජයෙන් ලබා දෙන ගංවතුර සහන මුදල් ලබා ගන්නේ කෙසේද?

T

The Leader Desk

December 3, 2025 • 8:07 AM

රජයෙන් ලබා දෙන ගංවතුර සහන මුදල් ලබා ගන්නේ කෙසේද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගංවතුරෙන් හානි වූ පවුල්වලට රජය විසින් මූල්‍ය ආධාර ලබා දෙනවා.
  • මේ මුදල රුපියල් 10,000 සිට 50,000 දක්වා වෙන්න පුළුවන් (මේ මුදල ලොකු ගානක් වගේ නොපෙනුනත් මේ අවස්තාවේ එය ඔබට ගොඩක් උදව් විය හැකියි) හානියේ තරම අනුව මුදල වෙනස් වෙනවා.
  • මෙන්න ඔබ අයදුම් කරන්න ඕනේ කරන සම්පූර්ණ ක්‍රියාවලිය: 1) කාටද සහන මුදල් ලැබෙන්නේ?
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කරන ලැයිස්තුවේ ඔබේ ප්‍රදේශය තියෙන්න ඕනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගංවතුරෙන් හානි වූ පවුල්වලට රජය විසින් මූල්‍ය ආධාර ලබා දෙනවා. මේ මුදල රුපියල් 10,000 සිට 50,000 දක්වා වෙන්න පුළුවන් (මේ මුදල ලොකු ගානක් වගේ නොපෙනුනත් මේ අවස්තාවේ එය ඔබට ගොඩක් උදව් විය හැකියි) හානියේ තරම අනුව මුදල වෙනස් වෙනවා. මෙන්න ඔබ අයදුම් කරන්න ඕනේ කරන සම්පූර්ණ ක්‍රියාවලිය:

1) කාටද සහන මුදල් ලැබෙන්නේ?

ගංවතුරෙන් නිවස හානි වූ පවුල්, ගෘහභාණ්ඩ හානි වූ අය, ජීවනෝපාය අහිමි වූ පවුල්, භෝග හානි වූ ගොවීන්, ව්‍යාපාර හානි වූ කුඩා ව්‍යාපාරිකයන්, තුවාල ලැබූ අයට අයදුම් කරන්න පුළුවන්. නමුත් ඔබ ආපදාවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයක ජීවත් වෙන්න ඕනේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කරන ලැයිස්තුවේ ඔබේ ප්‍රදේශය තියෙන්න ඕනේ.
 
y33q456

2) අවශ්‍ය ලියකියවිලි මොනවද?

ජාතික හැඳුනුම්පත තිබීම අනිවාර්යයි (මේ දේවලුත් විනාශ වෙලා නම් ඒවා හදාගන්න හැටි මුල ඉදල සම්පූර්ණ විස්තරයක් අපි දාන්න බලා පොරොත්තු වෙනවා).
 
ගෙදර හානි වෙලා තියෙන අයුරු ඡායාරූප අනිවාර්යයෙන් ගන්න. හැකි නම් හානියේ වීඩියෝ ගන්න. ගෘහභාණ්ඩවලට හානි වෙලා තියෙනවා නම් ඒවාගේත් ඡායාරූප ගන්න. භෝග හානි වෙලා තියෙනවා නම් ඒවගෙත් ගන්න.
බැංකු ගිණුම් විස්තර අනිවාර්යයි. බැංකු ගිණුම් ප්‍රකාශයක් ගන්න. ගොවීන්ට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහතිකයක් අවශ්‍ය වෙන්න පුළුවන්. ව්‍යාපාරික බලපත්‍රය හෝ වෙළඳ බලපත්‍රය ව්‍යාපාරික වලට අවශ්‍යයි.

3) අයදුම් කරන්නේ කොහෙන්ද?
 
dso9348yhg

ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තමයි මුල්ම තැන. එතනට ගිහින් ආපදා සහන අංශයෙන් විමසන්න. ගොඩක් තැන්වල ඔවුන් ගම්මානවලටම ගිහින් ලියාපදිංචි කරනවා. සමහර දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ කවුන්ටර් දාන්න ඉඩ තියෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙනුත් මේ ගැන මුල ඉදලා අගට තොරතුරු ගන්න පුලුවන් . ගොඩක් වෙලාවට ජංගම සේවා කවුන්ටර් ගම්වලට යනවා.

4) අයදුම්පත් පුරවන හැටි
 
අයදුම්පත හොඳින් කියවලා තේරුම් ගන්න. සියලු තොරතුරු නිවැරදිව පුරවන්න. වැරදි තොරතුරු දුන්නොත් අයදුම් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. හානියේ වර්ගය හරියට සඳහන් කරන්න - නිවස හානිද, ගෘහභාණ්ඩ හානිද, භෝග හානිද කියලා. හානියේ වටිනාකම තක්සේරු කරලා ලියන්න. ඉතා විශාල ගණන් ලියන්න එපා. සාධාරණ වටිනාකමක් ලියන්න. බැංකු ගිණුම් අංකය හොඳින් පරීක්ෂා කරලා ලියන්න. වැරදි ගිණුම් අංකයක් දුන්නොත් මුදල් යන්නේ වෙන කෙනෙකුට. අත්සන දාන තැන් හරියට අත්සන දාන්න.
5) සත්‍යාපන ක්‍රියාවලිය
flood le monde

අයදුම්පත දීලා ඉවර වුණාට පස්සේ නිලධාරීන් ඔබේ නිවසට පරීක්ෂා කිරීමකට එනවා. මේකට සූදානම් වෙන්න. හානි වුණු තැන් ඔවුන්ට පෙන්වන්න. ඡායාරූප තියෙනවා නම් පෙන්වන්න. අසල්වාසීන්ගේ සාක්ෂි අවශ්‍ය වෙන්නත් පුළුවන්. ග්‍රාම නිලධාරීයා හෝ ගොඩනැගිලි සාමාජිකයා හානිය සනාථ කරන්න ඕනේ. ඔවුන්ගේ වාර්තාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යනවා. එතැනින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යනවා. අවසානයේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අනුමැතිය ලැබෙනවා.

6) මුදල් ලැබෙන්නේ කොහොමද?
 
මුදල් කෙළින්ම ඔබේ බැංකු ගිණුමට බැර වෙනවා. මුදල් පැමිණි බව එස්එම්එස් පණිවිඩයකින් දැනුම් දෙනවා. බැංකුවට ගිහින් මුදල් ගන්න පුළුවන්. කිසිම මුදලක් කඩඉමක් විදිහට අය කරන්නේ නැහැ. හානියේ තරම අනුව මුදල වෙනස් වෙනවා. කුඩා හානි වලට රුපියල් 10,000 විතර දෙනවා. මධ්‍යම හානි වලට රුපියල් 25,000 විතර. විශාල හානි වලට රුපියල් 50,000 දක්වා දෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම නිවස විනාශ වෙලා තියෙනවා නම් වැඩි මුදලක් ලැබෙන්නත් පුළුවන්.
7) කාලසීමා දැනගන්න
damaged

ගංවතුරෙන් පසු ඉක්මනින් අයදුම් කරන්න. සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් ඇතුළත අයදුම් කරන්න කියලා කියනවා. ප්‍රමාද වෙච්ච අයදුම් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. මුදල් ලැබෙන්න මාස එකහමාරක් දෙකක් ගත වෙන්න පුළුවන්. ඉවසීම තියාගන්න.

සත්‍යාපන ක්‍රියාවලියට කාලය යනවා. ගොඩක් අයදුම් තියෙනවා නම් තවත් ප්‍රමාද වෙනවා. නමුත් මුදල් අනිවාර්යයෙන් ලැබෙනවා ඔබේ අයදුම නිවැරදි නම්.
 
8) මුදල් නොලැබුනොත් කරන්නේ මොකද?

කාලසීමාව ඉක්මවුණත් මුදල් නොලැබුනා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසන්න. ඔබේ අයදුම්පත් තත්ත්වය පරීක්ෂා කරන්න කියන්න. අයදුම්පත ප්‍රතික්ෂේප වෙලා තියෙනවා නම් හේතුව විමසන්න. නැවත අයදුම් කරන්න පුළුවන්ද අහන්න.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලිඛිත පැමිණිල්ලක් කරන්න පුළුවන්. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ හොට්ලයින් අංකය අමතන්න. දූෂණයක් හෝ අසාධාරණයක් තියෙනවා නම් ප්‍රධාන ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් කරන්න පුළුවන්.
wv64u569) වංචා වලින් ඈත්වෙන්න
 
මුදල් ලබා ගන්න කොමිස් ඉල්ලන  අය ඉන්නවා. එහෙම කාටවත් මුදල් දෙන්න එපා. රජයේ සහන මුදල් සඳහා කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. අයදුම්පත නොමිලේ ලබා ගන්න පුළුවන්. සත්‍යාපනය නොමිලේ කරනවා. මුදල් කඩඉමක් නැතිව බැංකු ගිණුමට එනවා. ව්‍යාජ අයදුම්පත් පුරවන්න උදව් කරන කියන අය ඉන්නවා. ඔවුන්ට ඔබේ පෞද්ගලික තොරතුරු දෙන්න එපා. ජාතික හැඳුනුම්පත වත් කාටවත් ලබා දෙන්න එපා. බැංකු ගිණුම් පොළී පොත අත හරින්න එපා. මුදල් බෙදාගන්න ගිවිසුම් වලට අත්සන් කරන්න එපා.
10) අමතර සහන වැඩසටහන්
 
591049847 1155586126751774 1955339134971028287 n

මූලික සහන මුදලට අමතරව වෙනත් සහන වැඩසටහන් තියෙනවා. ආහාර පැකේජ දෙනවා. වියළි සලාක දෙනවා. ගෘහ නිර්මාණ ද්‍රව්‍ය දෙනවා. අධ්‍යාපන උපකරණ දරුවන්ට දෙනවා. ඖෂධ නොමිලේ ලබා දෙනවා. මේ සියල්ල ගැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසන්න.

ජාත්‍යන්තර සංවිධාන විශේෂ සහන වැඩසටහන් කරනවා. රතු කුරුස සංගමය, එක්සත් ජාතීන්ගේ ආයතන, පුණ්‍ය ආයතන උදව් කරනවා. මේවා ගැනත් තොරතුරු ලබා ගන්න.

අවසාන උපදෙස
 
ගංවතුර සහන මුදල් ඔබේ අයිතියක්. නිවැරදිව අයදුම් කළොත් මුදල් අනිවාර්යයෙන් ලැබෙනවා. ඉවසීම තියාගන්න. වංචා වලින් ඈත්ව ඉන්න. රජයේ නිල නිලධාරීන් හරහා විතරක් කටයුතු කරන්න. ශක්තිමත්ව ඉදිරියට යන්න.
(මුලාශ්‍රය :බුද්ධික වීරසිංහ ගේ Legal and important facts for community WhatsApp සමූහයෙනි.)
 
316530548 1524951801314606 4794167548555152189 nසටහන :
ආනන්ද ධර්මප්‍රිය ජයසේකර

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රජයෙන් ලබා දෙන ගංවතුර සහන මුදල් ලබා ගන්නේ කෙසේද? | The Leader