The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුට සජිත් හදිසියේ දුන් කොන්ත්‍රාත්තුව

T

The Leader Desk

December 6, 2025 • 9:26 AM

සජිත්ගේ දේශපාලන සතිය : සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුට සජිත් හදිසියේ දුන් කොන්ත්‍රාත්තුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී මේ ගැන කරුණු දක්වද්දී ආණ්ඩුව පාර්ශවයෙන් ඊට බාධා එල්ල වුව ද, එම චෝදනා නිවැරදි බව සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය හරහා තහවුරු වෙමින් තිබේ.
  • සිකුරාදා (05) පාර්ලිමේන්තුවේදී සජබ මන්ත්‍රී කබීර් හෂීම් මේ ගැන කරුණු ඇතුළත් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළේ ය.
  • ඊට අමතරව සජිත් ඒ කතාවේදී තවත් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ අතර ඒවා අතරින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යළි සාකච්ජා කර මේවනවිට ඇතිකරගෙන ඇති කොන්දේසි ලිහිල් කරගන්නට කටයුතු කරන ලෙසද රජයෙන් ඉල්ලා සිටියේ ය.
  • මේ කතාවෙන් පසුව සජිත් පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිටතට පැමිණ පාර්ලිමේන්තුවේ ඇති ඔහුගේ කාර්යාලයට ඇතුල්වනවාත් එක්කම විපක්ෂයේ නවක මන්ත්‍රීවරු කිහිපදෙනෙක් සජිත්ගෙන් විමසා සිටියේ “සර්, අර කිව්ව වැඩේ කරන්න පුළුවන්ද?
අකුරු ප්‍රමාණය (Font Size):

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී මේ ගැන කරුණු දක්වද්දී ආණ්ඩුව පාර්ශවයෙන් ඊට බාධා එල්ල වුව ද, එම චෝදනා නිවැරදි බව සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය හරහා තහවුරු වෙමින් තිබේ.

සිකුරාදා (05) පාර්ලිමේන්තුවේදී සජබ මන්ත්‍රී කබීර් හෂීම් මේ ගැන කරුණු ඇතුළත් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළේ ය.

 



කබීර් ගේ කතාව පිලිබඳ උවිඳු ගේ සටහන

2020 ශ්‍රී ලංකාවට බලපෑ බුරවි සුළි කුණාටුව අවස්ථාවේ එය දැඩි ආපදා තත්ත්වයක් බවට පත්වීමට නොදී කළමණාකරනය කර ගැනීම ගැනත්, 2005 අංක 13 දරණ ව්‍යසන කළමණාකරන පනත අනුව කටයුතු නොකිරීමත් ගැනත් කරුණු ඇතුව කබීර් කළ කතාව නිසා දැන් රටම මේ ගැන කතා කරන්නට පටන්ගෙන තිබේ. ඊට හොඳම උදාහරණය වන්නේ ජනපති අනුරගේ ළඟ ම මිතුරකු මෙන්ම දේශපාලන මත දරන්නකු වන උවිඳු කුරුකුලසූරිය කබීර් සිය කතාව සිදුකර විනාඩි කිහිපයකින් මුහුණ පොතේ තැබූ මේ සටහනය.

උපුටා ගැනීම : ‘කබීර්ගෙ කතාව මරු..! නමුත් වරදක් කළා. ඩිසාස්ටර් මැනේජ්මන්ට් කවුන්සලය වසරකට හතර පාරක් කැඳවන්න ඕන. අනුර ජනාධිපති ඒක කළේ නැහැ කියන එක කිව්වෙ නැහැ. ඔන්න හර්ෂ කොළේක ලියල කබීර්ට මතක් කළා.! ඒත් කිව්වෙ නැහැනේ.’

යනුවෙන් උවිඳු සටහන් කර තිබුනේ කබීර්ගේ අතපසුවීමක් ගැනය. එහෙම බලද්දී කබීර් කරපු කතාවේ ඉතිරි කරුණු නිවැරදි ය.

 



“IMF ගිවිසුම වෙනස් කරන්න පුළුවන් මේ ගැන රටට පෙන්නලා දෙන්න” - සජිත් දුන් දුරකථන ඇමතුම

දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ ආපදා හේතුවෙන් විපතට පත් ජනතාවට සහන දෙන්නත්, රටේ ආර්ථික තත්ත්වයට එල්ලවී ඇති බලපෑම නිසා සමස්ථ පුරවැසියන්ට සිදුවන පීඩාව අවම කරන්නත්, අලුත් අයවැයක් පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බදාදා (03) රජයට යෝජනාවක් කළේ ය. ඊට අමතරව සජිත් ඒ කතාවේදී තවත් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ අතර ඒවා අතරින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යළි සාකච්ජා කර මේවනවිට ඇතිකරගෙන ඇති කොන්දේසි ලිහිල් කරගන්නට කටයුතු කරන ලෙසද රජයෙන් ඉල්ලා සිටියේ ය. මේ කතාවෙන් පසුව සජිත් පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිටතට පැමිණ පාර්ලිමේන්තුවේ ඇති ඔහුගේ කාර්යාලයට ඇතුල්වනවාත් එක්කම විපක්ෂයේ නවක මන්ත්‍රීවරු කිහිපදෙනෙක් සජිත්ගෙන් විමසා සිටියේ “සර්, අර කිව්ව වැඩේ කරන්න පුළුවන්ද? දැන් ඉතිං අපිට හෙට අනිද්දට IMF එකේ අන්තිම වාරිකය ලැබෙනවනේ. ඉතිං ඒකෙන් පස්සේ ඔක්කොම ඉවරනේ” කියා ය.



ඊට පිළිතුරු දුන් විපක්ෂ නායක සජිත් කියා සිටියේ, “ දන්නව ද... දැන් තමයි ඒක කරන්න හොඳම වෙලාව, අපි සල්ලි ටිකත් අරන් ඉවරයි, අපේ රට ආපදා තත්ත්වයකට මුහුණදීලා ඉන්නේ... ඉතිං කොහොමත් IMF එකේ එකඟතා යළි සලකා බලන්න දැන් තමයි හොඳම අවස්ථාව, ඔයාලා දන්නව ද...? IMF ඇග්‍රිමන්ට් එකේ, ආටිකල් 5 සෙක්ෂන් 3B2 එකේ තියෙනවා හදිසි ආපදා තත්ත්වයක දී මේක සංශෝධනය කරන්න පුළුවන් කියලා. ඒ වගේම 2023 මේ ගිවිසුමට පෙර ඇතිකර ගත් කාර්යමණ්ඩල එකඟතාවලත් මේකට ප්‍රතිපාදන තියෙනවා. මම මුල ඉඳලම කියපු දෙයක් තමයි මේ එකඟතා මේ රටට බර වැඩීයි. දැන් මේ ආපදා තත්ත්වයත් එක්ක තවත් බර වැඩියි. මේ තරම් පීඩනයක් මේ රටේ මිනිස්සුන්ට දරාගන්න බෑ. ඉතිං ඒක නිසා මේ රටේ ඔක්කොම මිනිස්සු ගැන හිතලා, පීඩාවට පත්වෙච්ච මිනිස්සු ගැන හිතලා, ආයෙත් IMF එක්ක සාකච්ජා කරලා කොන්දේසි ලිහිල් කරගන්න පුළුවන්.”

එතන හිටපු නවක මන්ත්‍රීවරයෙක් ඒ මෙහොතේ සජිත්ට අපූරු යෝජනාවක් කළේ ය.

“සර් මේගැන රටට කියන්න ඕනනේ, මේ ආණ්ඩුව මේවා ගැන කිසිදෙයක් දන්නේ නැතුව නේ වැඩ කරන්නේ... සර් මේ වෙලාවේ මේක කරගන්න එක රටට ම හොඳයිනේ. මිනිස්සුන්ට හුස්මක් ගන්න ඉඩක් හදලා දෙන්න පුළුවන් නේ... සර් බැරිද මේක ගැන ෂෝෂල් මීඩියා හරහා අපිට කියන්න.”

ඊට හිස සලා ප්‍රතිචාර දැක්වූ සජිත් ඒ මන්ත්‍රීවරයගේ පිටට තට්ටුවක් දමමින් විපක්ෂ නායක කාර්යාලය තුළට ගියේ ය. ඒත් ඒ මන්ත්‍රීවරයාගේ යෝජනාව ගැන දෙවරක් සිතූ සජිත් දුරකථන ඇමතුමක් ගෙන තිබුණේ ගම්පහ සංවිධායක වරුණ රාජපක්ෂටය.

“ වරුණ, පොඩි වැඩක් කරන්න ඕන, දැන් මේ ආර්ථිකය මේ රටේ මිනිස්සුන්ට තවත් අමාරුවෙන කාලයක් එන්නේ, අපිට IMF එකත් එක්ක තියෙන Agreement එක Re negotiation කරන්න පුළුවන්. මොකද ඒ අවබෝධතා ගිවිසුමේ තියෙනවා හදිසි ආපදා තත්ත්වයකදී එහෙම කරන්න පුළුවන් කියලා. ඔයා දැන් මේ ගැන හොඳ වීඩියෝ එකක් හදලා දාන්න.”

මේ යෝජනාව ක්‍රියාත්මක කරපු වරුණ ‘ IMF ගිවිසුම වෙනස් කළ හැකිද? සජිත් මොනවද මේ කියන්නේ’ වීඩියෝව සමාජ මාධ්‍යට මුදා හැරියේය.

ඉතිහාසය තුළ විවිධ රටවල් මෙවැනි ආපදා තත්ත්වයන් හමුවේ IMF ගිවිසුමේ කොන්දේසි වෙනස් කරගත් ආකාරය සඳහන් කරන්නටත් වීඩියෝව හරහා වරුණ වගබලාගෙන තිබුණේ, නරඹන්නන්ට හොඳ අවබෝදයක්ද ලබාදෙමින්ය.



“අපේ රටට උදව් අවශ්‍යයි” - තානාපතිවරුන් හමුවේ සජිත් ඉල්ලයි

දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ ආපදා තත්ත්වය නිසා බිඳ වැටුණු රට යළි ගොඩනගන්නට දායක වන ලෙස විදෙස් තානාපතිවරුන් වහා ආමන්ත්‍රණය කළ යුතු බවට තීරණය කළ සජිත්, තමන් විසින් ම පුද්ගලිකව ඔවුන්ට කතා කරමින් හමුවීම් සූදානම් කළේ ය.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන් ඇමතූ සජිත්, ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත්ව ඇති මාර්ග, පාලම් සහ සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව තහවුරු කළ යුතු ජනතාව පිළිබඳ නිවැරදි තොරතුරු තමන්ට සඳුදා වනවිට අවශ්‍ය බවට දැනුම් දුන්නේ ය. ඉන් අනතුරුව තානාපතිවරුන් හමුවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රටට මේ මොහොතේ කඩිනමින් අවශ්‍යව ඇත්තේ මොනවාද යන්න ඔවුන් හමුවේ පැහැදිලි කිරීමට කටයුතු කළේ ය.

 

WhatsApp Image 2025 12 06 at 7.52.56 AM

ඒ අනුව සජිත් පළමුවෙන් ම හමුව තිබුණේ මෙරට ජපාන තානාපති Akio Isamota ය. ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ම හමුවූ සජිත්, හානි වී ඇති මහා මාර්ග පද්ධතිය පිළිබඳවත්, දුම්රිය මාර්ග පද්ධතිය පිළිබඳවත් කරුණු පැහැදිලි කළේ ය. සජිත් ජපාන තානාපතිවරයා ගෙන් කළ ප්‍රමුඛතම ඉල්ලීමක් වී තිබුණේ ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල සෞඛ්‍ය ගැටලුවලට පිළියම් යෙදීම සඳහා වහාම මැදිහත්වන ලෙසය.

මේ අයුරින් ම සජිත්: මෙරට කොරියානු තානාපති මියෝන් ලී, යුරෝපීය සංගමයේ ශ්‍රී ලංකා තානාපතිනි කාමන් මොරෙනෝ, ජර්මානු ජනරජයේ මෙරට තානාපති Dr. Felix Neumann, ඉතාලි ජනරජයේ මෙරට තානාපති Damiano Francovigh සහ ඉන්දීයාවේ මෙරට මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන පිරිස පුද්ගලිකව ම කතා කොට හමුවීම් යොදාගෙන තිබුණේ ය.

 

WhatsApp Image 2025 12 06 at 7.52.55 AM

 ඉන්දීයාවේ මෙරට මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර සිදුවූ හමුවේ දී, ගංවතුර සහ නායයෑම් වලින් හානිවූ මාර්ග සහ පාලම් පද්ධතිය පිළිබඳ මහකොමසාරිස්වරයාගේ විශේෂ අවධානයක් යොමු කළ සජිත් පෙන්වා දී තිබුණේ: ඒවා කඩිනමින් අලුත්වැඩියා කිරීම තුළින් බිඳවැටී ඇති සැපයුම් ජාලය යළි යථාතත්ත්වයට පත් කිරීමට හැකිවන බව ය. ඒ අනුව එම කටයුත්තට ඉන්දීය රජයේ පූර්ණ සහය සහ කඩිනම් අවධානය යොමු කරන බවට, ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සජිත් ප්‍රේමදාසට සහතිකයක් දුන්නේ ය.

සෑම අසීරු අවස්ථාවකම සමීපතම මිතුරා ලෙස ඉන්දියාව - ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳව සිහිපත් කළ විපක්ෂ නායක සජිත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිටත් ඉන්දීය රජයටත්, ජනතාවටත් ස්තුති කිරීමට මෙහි දී අමතක නොකළේ ය.

meet sajith

මීට අමතරව පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින්, ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය කළමනාකරු වන Gevorg Sargsyan ඇතුළු නියෝජිත පිරිසක් සමග ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සතියේ සාකච්ජා කළේ ය.

යටිතල පහසුකම් යළි ගොඩනැංවීම, ජන ජීවිත යථා තත්ත්වයට පත් කර ගැනීමට සහ විනාශ වී ගිය දේපළ සහ ව්‍යාපාර නැවත නගා සිටුවා ජනතාව ශක්තිමක් කිරීමට උපකාර අවශ්‍ය බව සජිත් ලෝක බැංකු නියෝජිතයින්ට අවධාරණය කර තිබුණි.


ඇමති බිමල් කොලොන්නාවට බෝට්ටු ඉල්ලද්දි සජිත් ගෙන් බෝට්ටු දෙකක් 

WhatsApp Image 2025 12 06 at 7.53.41 AM

සෙනසුරාදා සහ ඉරිදා දින දෙකම සජිත් ගත කළේ කොළඹ දිස්ත්‍රීක්කයේ ගංවතුර නිසා පීඩාවට පත්වූ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමේ කාර්යයේ ය. කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැමිණි සජිත් ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සිදුවිය යුත්තේ මොනවාදැයි එහි රජයේ නිලධාරීන්ගෙන් විමසා සිටියේ ය. කොලොන්නාව ආසනයට බලපෑ ගංවතුර තත්ත්වය නිසා අවතැන් වූ ජනතාවට සහන සැලසීමට සහ ඔවුන් සිටින ස්ථාන වෙත ළඟා වීමට බෝට්ටු අවශ්‍ය බව ඇමති බිමල් ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබා තිබුණි. එය දුටු මන්ත්‍රී මරික්කාර් ඒ බව සජිත්ට පවසා තිබූ අතර, වහාම ක්‍රියාත්මක වූ සජිත් බෝට්ටු දෙකක් එම ස්ථානයට ගෙන්වා සහන කටයුතුවල නිරතව සිටි පිරිසට පහසුකම් සලසාදීමට පියවර ගත්තේය. 

WhatsApp Image 2025 12 06 at 7.53.15 AMඅවතැන් ජනතාව හමුවීම
අවතැන්වූවන්ට දීමට මරික්කාර් ඇතුළු කණ්ඩායම ගෙනැවිත් තිබු: පිසූ ආහාර සහ ජල බෝතල් ද පටවාගත් සජිත්, මරික්කාර් සමගින් ඒවා ජලගැලීමෙන් කොටු වී සිටි නිවෙස්වල නිවැසියන්ට ලබාදීමට කටයුතු කළේ ය. ඊට අමතරව විපක්ෂ නායක සජිත් සෙනසුරාදා සහ ඉරිදා දින දෙක පුරා, කඩුවෙල, කැලණිය, හංවැල්ල, අවිස්සාවේල්ල, කළුඅග්ගල, ජා ඇල, තුඩැල්ල ආදී ප්‍රදේශ රැසක අවතැන්වූවන් ගේ අවශ්‍යතා සොයා බැලීමට කටයුතු කළ අතර ඒ අවස්ථාවලට කඩුවෙල සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හෝමාගම සංවිධායක එරන්ද වැලිඅංගගේ, ජාඇල සංවිධායක ශිරන්ත අමරසේකර ඇතුළු පිරිසක්ද එක්ව සිටියේ ය.

 

WhatsApp Image 2025 12 06 at 7.54.54 AM

සෑම පොහෝ දිනකම විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කරනු ලබන ධර්ම දේශනය මෙවර උඳුවප් පොහොයදා (4) ගංගොඩවිල ඓතිහාසික ශ්‍රී විජයාරාම රජමහා විහාරස්ථානයේ පැවැත්වුණි. දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමි වූ ජනතාවට පිං අනුමෝදන් කරමින්, මතක වස්ත්‍ර පූජාවක් ද එහි දී සිදු කිරීම විශේෂත්වයක් විය. වැඩසටහන අවසානයේ සජිත් ප්‍රේමදාසත්, ආචාර්ය හර්ෂ ද සිල්වාත්, ගයන්ත කරුණාතිලකත් මෙම වැඩසටහනේ සංවිධායකවරයා වන සදහම් පවුර බෞද්ධ සංවිධානයේ සභාපති නීතිඥ සුදත් ජයසුන්දරත් කතාබහක නිරතව සිටිනු දැකගත හැකි විය.

 WhatsApp Image 2025 12 06 at 7.53.40 AM

ආපදා තත්ත්වය නිසා ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම අවම කරන්නට විපක්ෂයක් ලෙස මැදිහත්විය යුතු බවට හර්ෂ කළ යෝජනාව අනුමත කරමින් සජිත් කියා හිටියේ, “ අපි මේක වැටෙන්න දෙනවා කියන්නේ අපි රටේ ජනතාව තමයි වට්ටන්නේ, අපි බයනැතුව කියන්න ඕන රටට වෙන්න යන දේ සහ ආණ්ඩුව කළ යුතු දේ, නැත්නම් අපි හැමෝට ම දේශපාලනය කරන්නවත් රටක් ඉතුරු වෙන්නේ නෑ. මේක හිතන තරම් ලේසි නෑ, මෙයාලා මේ හදිසි නීතියට මුවාවෙලා මිනිස්සුන්ගේ කටවල් වහන්න හදනවා නම් ඒකට අපි විරුද්ධ වෙන්නම ඕන.”


රණවිරුවකුට අවසන් ගෞරව

WhatsApp Image 2025 12 06 at 7.54.54 AM 1
ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සලසමින් සිටිය දී වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරටපත් වූ Bell 212 හෙලිකොප්ටර් යානයේ නියමු විංග් කමාන්ඩර් නිර්මල සියඹලාපිටිය ගේ නිවසට සජිත් ගොස් තිබුණේ ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ය.

සජිත් එක්වර ම තනිවෙයි

තම හිතවතකුගේ ආයතනයක් වූ නුගේගොඩ පිහිටි හමිංබර්ඩ්ස් දිවා සුරැකුම් මධ්‍යස්ථාන යේ දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් විවෘත කරන්නට පසුගිය දිනක සජිත්ට ආරාධනාවක් ලැබ තිබුණේ ය.

WhatsApp Image 2025 12 06 at 7.54.55 AM

සජිත් ඒ ගැන තම බිරිඳ ජලනිටත් පවසා තම පුංචි දියණිය දියත්නාත් සුදානම් කරගෙන මේ ප්‍රදර්ශනය බලන්නට පිටත්වුණේ දුවගේ ද සතුට ගැන සිතමින් ය. එහෙත් එකවරම පුංචි දියත්නාට මෝටර් රථය තුළදී ඇතිවූ සංකූලතාවක් නිසා ඇයව මව සමඟ යළි නිවසට පිටත් කළ සජිත්, පුංචි දරුවන් ගේ බලාපොරොත්තු කඩ නොකරමින් චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කරන්නට එක්ව තිබුණි.


(මම, බංගලා හංදියේ ලියුම්කරු)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...