The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වැට පනින්න ගිය වටගල හොට බිම ඇන ගත්තාද?

T

The Leader Desk

December 6, 2025 • 11:22 AM

වැට පනින්න ගිය වටගල හොට බිම ඇන ගත්තාද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අන් කිසිදු මර්දනීය ක්‍රියාදාමයක් වෙනුවෙන් උපයෝගී කර නොගන්නා බව ඉකුත් 30 වැනි දා ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතාව ඉදිරියේ සහතික වී තිබේ.
  • එවන් පසුබිමක් යටතේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පසුගියදා ඊට මුළුමනින්ම පරස්පර ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.
  • ඒ, විවිධ පාර්ශ්ව විසින් සමාජ මාධ්‍ය, අන්තර්ජාලය සහ කෘත්‍රිම බුද්ධිය (AI) ඔස්සේ ජනාධිපතිවරයාට සිදුකරන අසත්‍ය ප්‍රචාර සහ මඩ ප්‍රහාර වැළැක්වීම සඳහා දැඩි පියවර ගත යුතු බවට තමන් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවකි.
  • නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක නොවැම්බර් 30 වැනි දා ජාතිය අමතමින් කළ මතු දැක්වෙන ප්‍රකාශය හා සුනිල් වටගල අමාත්‍යවරයා කළ “දඹුලු ගිහින් තලගොයින් මැරීම” සිහි ගන්වන අවිචාරවත් කතාව කෙතරම් දුරස්තර දැයි විමසීම ඔබට භාර කරමු.
අකුරු ප්‍රමාණය (Font Size):

අන් කිසිදු මර්දනීය ක්‍රියාදාමයක් වෙනුවෙන් උපයෝගී කර නොගන්නා බව ඉකුත් 30 වැනි දා ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතාව ඉදිරියේ සහතික වී තිබේ.


එවන් පසුබිමක් යටතේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පසුගියදා ඊට මුළුමනින්ම පරස්පර ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.

ඒ, විවිධ පාර්ශ්ව විසින් සමාජ මාධ්‍ය, අන්තර්ජාලය සහ කෘත්‍රිම බුද්ධිය (AI) ඔස්සේ ජනාධිපතිවරයාට සිදුකරන අසත්‍ය ප්‍රචාර සහ මඩ ප්‍රහාර වැළැක්වීම සඳහා දැඩි පියවර ගත යුතු බවට තමන් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවකි.

හදිසි අවස්ථා රෙගුලාසිවල 20 සහ 21 වගන්ති යටතේ මෙවැනි ක්‍රියාවන් ආවරණය වන බවත්, ආපදා තත්ත්වය පිළිබඳ අසත්‍ය තොරතුරු පතුරුවන හෝ විකෘති අදහස් සමාජගත කරන පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන වසර පහක් දක්වා සිරදඬුවම් ලබාදීමේ හැකියාව පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත.

නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක නොවැම්බර් 30 වැනි දා ජාතිය අමතමින් කළ මතු දැක්වෙන ප්‍රකාශය හා සුනිල් වටගල අමාත්‍යවරයා කළ “දඹුලු ගිහින් තලගොයින් මැරීම” සිහි ගන්වන අවිචාරවත් කතාව කෙතරම් දුරස්තර දැයි විමසීම ඔබට භාර කරමු.

“කාර්යක්ෂම සේවාවක් ලබා දීම වෙනුවෙන් මේ ආපදා තත්ත්වය කළමනාකරණය කර ගනිමින් වේගවත්, කාර්යක්ෂම යළි ගොඩනැංවීමක් සඳහා අවශ්‍ය වන නීතිමය රැකවරණය සහ ප්‍රතිපාදන අවශ්‍යතාව වෙනුවෙන් අපි හදිසි නීතිය පනවා තිබෙනවා. මා මේ රටේ පුරවැසියන්ට එක සහතිකයක් ලබා දෙන්න කැමතියි. මෙම හදිසි නීතිය මෙම ආපදාව කළමනාකරණය කර ගැනීමට සහ කාර්යක්ෂමව අපේ රට ගොඩනැගීම සඳහා ඉවහල් කර ගන්නවා හැර, වෙනත් කිසිදු මර්දනීය ක්‍රියාදාමයක් වෙනුවෙන්, මෙම හදිසි නීතිය අපි උපයෝගී කරගන්නේ නැහැ,” (උපුටා දැක්වීම අවසන්)

නමුත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සුනිල් වටගල කළ එම ප්‍රකාශය ජනාධිපතිවරයාගේ ඉහත ප්‍රකාශය බිම දමා පෑගීමක් බව බැලූ බැල්මටම පෙනෙනු ඇත. ඔහුගේ ඒ ප්‍රකාශයත් සමඟ ඒ සම්බන්ධ ප්‍රබල සමාජ කතිකාවකට මුල පිරුණේ ඒ අනුවය.

 

watagala 2025.12.04

ඔහුගේ මෙම ප්‍රකාශයත් සමඟ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ද දැඩි විරෝධයක් පළ කර තිබේ. රට තුළ ඇති වූ ආපදා තත්ත්වය පාලනය කිරීමට පැනවූ හදිසි නීතිය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අහෝසි කිරීමට යොදා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ක්‍රියාවක් බව පෙන්වා දෙන එම සංගමය, බලයට පැමිණීමට පෙර මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි වත්මන් රජය, විවේචන හමුවේ මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කිරීම කණගාටුදායක බවත්, මෙම පනත යටතේ සැකකරුවෙකු ලෙස නොව චූදිතයෙකු ලෙස සලකා කටයුතු කිරීමට සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් දීම පිළිකුල් සහගත බව අවධාරණය කොට තිබේ.

මේ අතර සුනිල් වටගලගේ මෙම ප්‍රකාශය පදනම් ව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ද තම ස්ථාවරය මෙසේ දක්වා තිබේ. ඒ මානුෂීය ව්‍යසනයකදී, ආපදා වැනි තත්ත්වයන්වලදී භාවිත කිරීමට, ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත තිබියදී පවතින ආපදා තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙනි. ජාතික වශයෙන් ඇතිව තිබෙන දුෂ්කරතා මධ්‍යයේ වුව ද, ක්‍රම වෙනසක් වෙනුවෙන් පොරොන්දු දුන් නව රජය නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් ආරක්ෂා කරනු ඇතැයි විශ්වාස කරන බව පවසන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත සුනාමි ව්‍යසනයෙන් පසුව හඳුන්වා දෙනු ලැබුවේ ගංවතුර, නායයාම්, සුළි කුණාටු ඇතුළු ස්වාභාවික විපත්වලදී නැවත යථා තත්ත්වය පත්වීමට සහ මානුෂීය ගැටලු විසඳා ගැනීමට බවත් අවධාරණය කොට තිබේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසා ඇත්තේ ද සමාජ මාධ්‍ය හෝ දේශපාලන විවේචන මර්දනය කිරීම සඳහා හදිසි නීතිය යොදා ගැනීමට රජය කිසිදු උපදෙසක් ලබා දී නොමැති බවයි. දේශපාලනඥයන් විවේචනය කිරීමට ජනතාවට අයිතියක් ඇති බවත්, හදිසි නීතිය මුවාවෙන් දේශපාලන දඩයම් සිදු නොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

මේ අතර පාතාල නායකයකු වූ ගණේමුල්ලේ සංජීවට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට ඉකුත් පෙබරවාරි 19 වැනි දා කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණයට පැමිණි සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදීන් ඉදිරියේම සිය ජංගම දුරකථනයෙන් “බූරුවෝ වරෙන්” කියමින් තම රියැදුරු මහතාට පරිභව කිරීමේ සිද්ධියත්, ඉන් පසුව ඔහුගේ රියැදුරු මහතා සුනිල් වටගල සමීප යේ සේවයෙන් ඉවත් වූ පුවතත් නැවත සමාජ කරළියට එන තරමට ඔහු හදිසි නීති අවභාවිතය පිළිබඳ කතාව ප්‍රබල වී තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක් සමාජ ජාල ක්‍රියාකාරුවකු පවසා ඇත්තේ එම “බූරු නාමය” ද සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයාට සිදු වූ වැරදීමක් බවය.

 



ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සමීපතමයකු ද වන ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය ද ජනාධිපතිවරයා ආපදාව සමග පැනවූ හදිසි නීතිය භාවිතයෙන් ආණ්ඩුව විවේචනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බවට සුනිල් වටගල සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රකාශයක් සිදුකර තිබේ. “අවවාදයේත් කෂායේත් කර්කෂ බව වැඩි වන තරමට එහි ගුණය ද වැඩි වනු ඇත” යන වව්‍යණ නම් භාරතීය ආයුර්වේද සෘෂි වරයා පවසා ඇති සිද්ධාන්තය සිහි ගන්වන උවිඳු කුරුකුලසූරියගේ එම අනගි ප්‍රකාශය සම්පූර්ණයෙන්ම මෙලෙසිනි.

“පතිරණ කියන එක ඇත්ත වගේ. මේකට මට කියන්න තියෙන්නෙ වටගල කියන්නෙ කට ඇරියොත් ගිය තැන ගම කන මැට්ටෙක් කියල. ඒක අනුර ජනාධිපති වෙන්න ඉස්සරත් දන්නව, ජනාධිපති උනාට පස්සෙත් දන්නව. මම ඔය හැම එකාගෙම හැටි ගැන ඉස්සර කාලෙ අනුර එක්ක කතා කරල තියෙනව සැරෙන් සැරේ ඉෂූස් මතුවෙන වෙලාවල.

පොර මොනවද කියල තියෙන නඩු? කසිප්පු නඩුවක්වත් දිනල තියෙනවද? ප්‍රසිද්ධ නඩු යනකොට සුප්‍රිම් උසාවියට ගිහින් පඩිපෙළේ ඉදන් මාධ්‍යයට වොයිස් කට් දෙන “පඩි පෙළේ ලෝයර්” කෙනෙක් විතරයි වටගල කියන්නෙ.

පොර ඉස්සර එන්නෙ ලෝයර් කෙනෙක් ඉදිරිපත් වෙන්න ඕන නැති පුවත්පත් මණ්ඩලේ නඩුවලට පෙනී ඉන්න විතරයි. ජවිපෙ රාවයට විරුද්ධව පුවත්පත් මණ්ඩලයේ නඩුවක් දැම්ම. රාවයේ හිටපු ප්‍රවෘත්ති කර්තෘ නැසී ගිය නිව්ටන් අයියයි මායි තමා නඩුවට ගියේ. මොකද ඒ පළවෙච්ච කතාව මගේ නිසා. ජවිපෙන් ආවෙ විමල් වීරවංශයි වටගලයි. විමලුයි මායි එකට වාඩි වෙලා කයිය ගහන් හිටිය. පුවත්පත් මණ්ඩලේ නඩුවකටවත් හරියට පෙනී හිටින්න බැරි පොරක් වටගල කියන්නෙ.

 

D. Minister Sunil Watagala 2024.11.25 2

අර පොර නියෝජ්‍ය ඇමතිකමේ දිවුරුම් දුන්න දවසෙ කවුදෝ පොර නොදන්න එකෙක් පොරත් එක්ක ඉදල පාස්පෝට් දුසිමක් අරං ගියා කියල ලැජ්ජ නැතුව මාධ්‍යයට කිව්ව ගොනානෙ මූ. ඒකට පරීක්ෂණයක් කරනව ඒ කරපු අපහාසයට මේ බූරුවට විරුද්ධව. ඔය නියෝජ්‍ය ඇමති කට්ටත් දුන්නෙ ඒ ගොල්ලන්ගෙ පක්ෂයට කරපු සේවයක් නිසා මිසක් නීතිය ගැන හෝ මහජන ආරක්ෂාව ගැන දන්න පොරක් නිසා නෙමෙයි. අනික ඔය පක්ෂයේ ඕව ගැන දන්න මිනිස්සුත් නැති නිසා.

ඒ නිසා තමුන් කට ටිකක් පරිස්සමින් අරිනව. ජනාධිපති ප්‍රසිද්ධියේ කියල තියෙද්දි හදිසි නීතිය ව්‍යසන කළමනාකරණයට හැර කිසිම මර්දන ක්‍රියාවකට යොදාගන්නෙ නැහැ කියල, තමුන් කොහොමද සමාජ මාධ්‍යයේ ලියන අයව අත්අඩංගුවට අරන් චූදිතයො කරල නඩු දාන්න කියල පොලිසියට කියන්නෙ? තමුන් ද ලොකු හදිසි නීතිය දාපු අනුරද?

වටගල, මෙතන තියෙන්නෙ 2005 ව්‍යසන කළමනාකරණයට අදාල පනත ක්‍රියාත්මක නොකර ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ගැන හා ආපදාව හරියට පාලනය නොකිරීම ගැන මිනිස්සුන්ට තියෙන කෝපය මිසක් වෙන එකක් නෙමෙයි. ඒක තේරුම් ගන්නව ඉස්සෙල්ලා.” (උපුටා දැක්වීම අවසන්)

ගංවතුර, නායයාම්, සුළි කුණාටු ඇතුළු ස්වාභාවික විපත්වලදී නැවත යථා තත්ත්වය පත්වීමට සහ මානුෂීය ගැටලු විසඳා ගැනීම පිණිස වන 2004 සුනාමි ව්‍යසනයෙන් පසුව හඳුන්වා දුන් 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත බලාත්මක කිරීම පසෙක තබා තිබියදී ජනාධිපතිවරයා විපක්ෂයේ ද සහායෙන් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ විද්වත් සංවාදයක් ගොඩ නැඟිය යුතු අවස්ථාවක සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍ය “වැට පනින්න” ගොස් “හොට බිම ඇන ගැනීම” සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ තියුණු සංවාදයක් ඇති විය යුත්තේ, හැකි නම් තමන් ඒ ඔස්සේ අත්අඩංගුවට ගන්න ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ද සුනිල් වටගල නියෝජ්‍ය ඇමතිවරයාට ප්‍රසිද්ධ අභියෝගයක් සිදු කොට ඇති පසුබිමක ය. එය ඔහුට පමණක් නොව සමස්ත මාලිමා ආණ්ඩුවටම එරෙහිව එල්ල වූ අභියෝගයකි.


Screenshot 2024 12 25 at 10.13.44 copy 1
(සටහන | රීටා ජෙනට් පෙරේරා)

madampagereetajenet@gmail.com


උපුටා ගැනීම - vinivida

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වැට පනින්න ගිය වටගල හොට බිම ඇන ගත්තාද? | The Leader