The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පරලොවින් ආ තලගොයි පැටවා | තිලක් සේනාසිංහ

T

The Leader Desk

December 7, 2025 • 8:20 AM

පරලොවින් ආ තලගොයි පැටවා | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සඳහා මට විශිෂ්ට සහයෝගයක් දක්වන ලද්දේ මේ වන විට ශ්‍රී පලාබද්දල චන්දිමාලෝක නමින් පැවිදි බිමට පත් ශ්‍රී පලාබද්දල, මාපලානේ චන්ද්‍රසෝම බී.
  • එහි දී ඔහු මා සමඟ තම ගම්පියස මුල්කොට ඇති සිරිපා ජනශ්‍රැති සම්බන්ධයෙන් සේම රත්නපුර, කුරුවිට, එරත්න‍, පරකඩුව ආදී ප්‍රදේශවල පවතින ජනශ්‍රැති සම්බන්ධයෙන් ද කරුණු විමසීමට අදාළ ස්ථාන රැසකට මා කැඳවාගෙන ගියේ ය.
  • අප එහි යන විට කුරුවිට එම වත්තේ පදිංචිව සිටි ඔහු වරින් වර තම ඉඩකඩම් වතුපිටිවල තනා ඇති නිවෙස්වල මාරුවෙන් මාරුවට පදිංචිව සිටින්නකු බව ද මට වැටහිණ.
  • ඔහු පමණක් විසූ එම නිවසේ සේවය කළ ගෘහ සේවිකාවගේ කඩිසර, උද්‍යෝගිමත් සේම තම හාම්පුතා කෙරෙහි දැක් වූ අතිශය ලෙන්ගතු හැසිරීම් රටාව අනුව එම ඉඩම් හිමි වැවිලිකරු තම විවාහ ජීවිතය පිළිබඳ එතරම් තැකීමක් නොමැත්තකු බවට අනුමානයක් ද මා තුළ ජනිත විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සඳහා මට විශිෂ්ට සහයෝගයක් දක්වන ලද්දේ මේ වන විට ශ්‍රී පලාබද්දල චන්දිමාලෝක නමින් පැවිදි බිමට පත් ශ්‍රී පලාබද්දල, මාපලානේ චන්ද්‍රසෝම බී. කලවාන මහතා හෙවත් කලවානේ පොඩි අප්පො ය. එය මට කිසිදා අමතක නොවන උපකාරයකි.

 

sripada 2
එහි දී ඔහු මා සමඟ තම ගම්පියස මුල්කොට ඇති සිරිපා ජනශ්‍රැති සම්බන්ධයෙන් සේම රත්නපුර, කුරුවිට, එරත්න‍, පරකඩුව ආදී ප්‍රදේශවල පවතින ජනශ්‍රැති සම්බන්ධයෙන් ද කරුණු විමසීමට අදාළ ස්ථාන රැසකට මා කැඳවාගෙන ගියේ ය. ඉන් එක් අවස්ථාවක කුරුවිට ප්‍රදේශයේ වෙසෙන තමන් දන්නා ඉඩම් හිමි වැවිලිකරුවෙකු හමුවීමට ද පොඩි අප්පො මා කැඳවාගෙන ගියේ ගමනේ විඩාව මඳකට සන්සිඳුවා ගැනීමට ය. සබරගමුවේ ස්ථාන කිහිපයක තේ සහ මිශ්‍ර බෝග වගා ඉඩම් හිමිකරුවෙකු වූ ඔහු එම ඉඩම මිලට ගෙන තිබුණේ අප එහි යාමට වසරකට හමාරකට ඉහත දී ය. අප එහි යන විට කුරුවිට එම වත්තේ පදිංචිව සිටි ඔහු වරින් වර තම ඉඩකඩම් වතුපිටිවල තනා ඇති නිවෙස්වල මාරුවෙන් මාරුවට පදිංචිව සිටින්නකු බව ද මට වැටහිණ. ඔහු පමණක් විසූ එම නිවසේ සේවය කළ ගෘහ සේවිකාවගේ කඩිසර, උද්‍යෝගිමත් සේම තම හාම්පුතා කෙරෙහි දැක් වූ අතිශය ලෙන්ගතු හැසිරීම් රටාව අනුව එම ඉඩම් හිමි වැවිලිකරු තම විවාහ ජීවිතය පිළිබඳ එතරම් තැකීමක් නොමැත්තකු බවට අනුමානයක් ද මා තුළ ජනිත විය.

තම නිවහනට පැමිණි අප දෙදෙනාට ඉතා හොඳින් ආගන්තුක සත්කාර කළ ඔහු, එම නිවහනට බල පෑ අමනුෂ්‍ය දෝෂයක් මුල්කොට තමන්ට සිදුවීමට ගිය නස්පැත්තියක් අප හමුවේ ගෙන හැර පෑවේ ය. සැබැවින්ම එය මා ජීවිත කාලය තුළ දී ඇසූ රසවත්ම කතා ගොන්න අතුරින් එකකි.

 

land7823

ඒ ඉඩම් හිමි වැවිලිකරු ඒ වත්ත මිලට ගෙන මාස තුනක් ඉක්ම යන්නටත් පෙර එහි මුල් හිමිකරු හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත. පසුව එම වත්තෙන් තමන් සතු සෙසු ඉඩකඩම්වලින් මෙන් ලාභ ප්‍රයෝජන නොලැබීම මෙම දෙවන හිමිකරුගේ කණස්සල්ලට සේම කුතුහලයට ද හේතු වී තිබේ. එවිට එවක එම වත්තේ වැඩට පැමිණෙන ඔහුට හිතවත් කාන්තාවක කියා ඇත්තේ “මෙම වත්තෙන් ලාභ නොලැබීමට ගුප්ත හේතුවක් තිබේද?” යන්න ශාස්ත්‍රයක් මඟින් දැනගත හැකි තැනක් පරකඩුව ප්‍රදේශයේ ඇති බවකි. වයස්ගත වැන්දඹුවක වන එම ශාස්ත්‍රකාරිය එවන් අස්වාභාවික පාඩු ලැබීම්වලට හේතූන් දේවාරූඪයෙන් පෙන්වා දෙන බව ද ඒ හිතවත් කාන්තාව ඔහු හා කියා තිබේ.

21 6162c80214a60

ඇගේ කීම අනුව එම ශාස්ත්‍රය ඇසීමට ගිය ඒ ඉඩම් හිමි වැවිලිකරුට දේවාරූඪයට පත් කාන්තාව පවසා ඇත්තේ එම භූමියට කලින් හිමිකම් කියූ තැනැත්තෙකු තවමත් ඒ දේපළ කෙරෙහි ලොබ බැඳ එහි ගැවසෙන බව ය. එම දේපළෙන් ලාභ නොලැබීමට හේතුව එය බව ද ඇය කියා ඇත. එමෙන්ම එම ස්ථානයට හිටිහැටියේ කඩා වදින විවිධ සතුන් මඟින් එම පුවත තහවුරු කරගත හැකි බව ද එම ශාස්ත්‍රකාරිය ආරූඪයෙන් කියා තිබේ. ඇගේ එම කතාවෙන් ඉඩම් හිමි වැවිලිකරුගේ සිත සසල වී ඇත්තේ තමන්ට අයත් දේපළකට අමනුෂ්‍යයෙකු අරක්ගෙන ඇතැයි යන පුවත කිසිවකුටත් සුබ පණිවිඩයක් නොවන බැවිනි.

“ඔය කතාව අහලා සතියක් යන්න හම්බ වුණේ නැහැ. මෙන්න මෙච්චර විතර තලගොයි පැටියෙක් මෙන්න මේ වැරැන්ඩා එකට නැඟලා මගේ මූණ දිහාම බලා ඉන්නවා. ඒකාව දැක්කා විතරයි මගේ සරුවාංගෙම සීතල වුණා” ඔහු කීයේ තම අත්ලේ සිට වැලමිට තෙක් ප්‍රදේශය දක්වමිනි. එමෙන්ම ඒ වන විට එම මළගිය ප්‍රාණකාරයා සත්ව ස්වරූපවලින් පෙනී සිටින බවට ආරූඪයෙන් පැවසුණු කතාව මනැසේ රඳවාගෙන සිටි ඔහු ඒ තලගොයි පැටවා මළගිය ප්‍රාණකාරයා බවට අනුමාන කළ අතර, ඔහුගේ අනුමානය තහවුරු වූයේ ඉන්පසු දින කිහිපයක් යන තුරුත් තලගොයි පැටවා (හෝ එවැනි වෙනත් තලගොයි පැටවුන්) තම නිවහන වටා සැරිසරනු දැකීමෙනි.

ඒ අනුව හනික නැවත පරකඩුවේ පේනකාරිය හමුවට ගිය ඔහු, ඇය ආරූඪයෙන් කී කරුණ සත්‍ය බව පිළිගෙන එම අමනුෂ්‍ය උපද්‍රවයෙන් අත් මිදෙන්නට ඇයගෙන් විසඳුමක් ඉල්ලා ඇත. එවිට පේනකාරිය කියා ඇත්තේ එම අමනුෂ්‍ය දෝෂය දුරින් දුරු කරනු පිණිස පූජා භාණ්ඩවලට ද සමඟ රුපියල් ලක්ෂ දෙක තුනක මුදලක් (එම ගණන දැන් මට හරිහැටි මතක නැත) වැය වන බවකි.

 

1245251 orig
නමුත් ඒ කතාවේ රසවත්ම කොටස එය නොවේ. එම වත්තෙන් නිසි ආදායම නොලැබීමට හේතුව පැරණි හිමිකරු මියගොස් තලගොයි පැටවකුගේ වෙසින් එහි පැමිණීම බව, පුද්ගලයාගේ හිතවත් කාන්තාව තමන් දන්නා හඳුනන සෑම කෙනෙකුහටම පවසා තිබීම ය.

“ඒකේ වැඩේ කියන්නේ පස්සේ ඒ අමනුෂ්‍ය උපද්‍රවේ නැති වුණා. ඒත් ඔය තලගොයි පැටියගේ කතාව ඒ මැරුණු වතු අයිතිකාරයාගේ මල්ලිට ආරංචි වෙලා, ඒ යකා දවසක් රෑක කනමදයෝ වගේ බීගත්තු මදාවි සෙට් එකක් එක්ක මෙහාට කඩා වැදිලා මගේ බෙල්ල මිරිකන්න හැදුවනේ. වල් පරයා තෝ මගේ මැරුණු අයියා තලගොයෙක් වෙලා කියලා වේ… ගෑනු එක්ක කිව්වද?” එම ඉඩම් හිමි වැවිලිකරු කීය. “හැබැයි ඔය කියන ගෑනු කෙනා මම නම් නෙවෙයි. මෙයා ළඟ මට කලින් හිටපු එකියක්.” එකෙනෙහිම එම නිවහනේ ගෘහ සේවිකාව කී අතර, ඔහු තම සේවිකාව දෙස නොරිස්සුම් සහගත බැල්මක් හෙළා නිහඬ වූයේ එය ප්‍රතික්ෂේප කළ නොහැකි නිසා බව මට වැටහිණ

බොහෝ ශාස්ත්‍ර පොළවලදී ශාස්ත්‍ර අසන්නා තුළ පවතින මානසික ආතති මට්ටම ඉහළ දැමීම මත, පසුව එම ශාස්ත්‍ර අසන්නවුන් “තේ කෝප්පයෙත් කිඹුල්ලු දකින” මට්ටමට පත් කිරීම එම ශාස්ත්‍රකරුවන්ගේ උපාය කෞශල්‍යය මත සිදු වන්නකි. මෙම ඉඩම් හිමි වැවිලිකරුගේ නවාතැනට පැමිණි තලගොයි පැටවා එම ඉඩමේ පැරණි හිමිකරු ලෙස ඔහුට පෙනී ඇත්තේ ඒ බැවිනි. රට පුරා වෙසෙන එවන් පේන කරුවන්, කාරියන් අප සමාජයේ ඉහළම තරාතිරම්වල පිරිස් අන්දවා ඔවුන්ගේ අත මිට කොල්ල කෑමේ සිදුවීම් සිය ගණනක් මේ වන විට මා හමුවේ ගොනු වී තිබේ.

saman dewiමා විසින් සමනළ අඩවිය මුල්කොට සිදු කරන ලද එම ජනශ්‍රැති අධ්‍යයනය පදනම් කරගනිමින් 1997 සම්පාදනය කළ ‘සමන් දෙවියන්ගේ අඩවිය’ කෘතියට එම රසවත් සිදුවීම අදාළ නොවූ බැවින් එය එක් කිරීමට මා හට අවකාශ නොලැබුණු මුත් 2008 වසරේ මා විසින් ලියා එළි දක්වන ලද ‘අග්නි චාමර’ නව කතාව තුළින් ජස්ටින් හෙවත් සුදු මහත්තයා නම් චරිතයට ආදේශ කොට ඉහත සඳහන් තලගොයි පැටවාගේ කතාව මුළුමනින්ම ලියා තබන්නට මට සිත් විය. ඒ එහි ඇති රසවත් බව නිසාම ය.

Thilak Senasinghe(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පරලොවින් ආ තලගොයි පැටවා | තිලක් සේනාසිංහ | The Leader