The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජලාශ හිස් කර ගංවතුර පාලනය කරන්න බෑ - වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව

T

The Leader Desk

December 8, 2025 • 4:28 AM

ජලාශ හිස් කර ගංවතුර පාලනය කරන්න බෑ - වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් අජිත් ගුණ­සේ­කර ගම්පොළ ප්‍රදේ­ශයේ මරණ 1000කට ආසන්න ප්‍රමා­ණ­යක් සිදු­ව­න්නට ඇතැ­යිද එය වළ­ක්වා­ගත හැකිව තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය.
  • මේ, ඒ පිළි­බඳ වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් අජිත් ගුණ­සේ­කර සමඟ කළ සාක­ච්ඡා­වකි. “අපේ සෑම ජලා­ශ­යක්ම වාන් මට්ට­මට වඩා අඩි 4ක් යටින් තබා­ගන්නා ලෙස මම නිල­ධා­රින්ට දැනුම් දී තිබුණා.
  • වගා­වට ජලය ලබා­ දී­මට දෙපා­ර්ත­මේන්තු බැඳී සිටින නිසා අඩි 4 මට්ටමේ ජලය රඳ­වා ­ගැ­නීම කර­නවා.
  • පසු­ගි­යදා ඇති­වුණේ එවැනි තත්ත්ව­යක්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ajithවාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් අජිත් ගුණ­සේ­කරගම්පොළ ප්‍රදේ­ශයේ මරණ 1000කට ආසන්න ප්‍රමා­ණ­යක් සිදු­ව­න්නට ඇතැ­යිද එය වළ­ක්වා­ගත හැකිව තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය. මේ, ඒ පිළි­බඳ වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් අජිත් ගුණ­සේ­කර සමඟ කළ සාක­ච්ඡා­වකි. 



“අපේ සෑම ජලා­ශ­යක්ම වාන් මට්ට­මට වඩා අඩි 4ක් යටින් තබා­ගන්නා ලෙස මම නිල­ධා­රින්ට දැනුම් දී තිබුණා. එය ක්‍රියා­ත්මක වුණා. ඊට වඩා යට මට්ට­ම­කින් ජලා­ශ­වල ජලය රඳ­වා­ගෙන බැහැ. මොකද කාල­ගු­ණය පිළි­බඳ ලබා­ දෙන්නේ අනා­වැකි. වගා­වට ජලය ලබා­ දී­මට දෙපා­ර්ත­මේන්තු බැඳී සිටින නිසා අඩි 4 මට්ටමේ ජලය රඳ­වා ­ගැ­නීම කර­නවා. කාල­ගු­ණික වාර්තාව අනුව අපි ජලය මුදා හැරී­මත් සිදු කළා. පසු­ගි­යදා ඇති­වුණේ එවැනි තත්ත්ව­යක්. එවැනි තත්ත්ව­යන් පාල­නය කිරීම ඉතාම අසී­රුයි.

Daduru oya 01

දැදුරු ඔය, රාජාං­ගණ ජලා­ශය, යාංඔය සහ තබ්බෝව වාං දැමීම හේතු­වෙන් එම ජලාශ පහළ ජන­තා­වට ගංව­තු­රට මුහුණ පෑමට සිදු වුණා. ජලා­ශ­වල ජලය වාරි කට­යුතු සඳහා යොදා ගන්නවා. මේ වක­වා­නුව කන්න වගාව ආරම්භ වන කාල­යයි. ඒ නිසා ගොවීන්ට ජලය ලබා දීමට අපි බැඳී සිටි­නවා. කාල­ගුණ දෙපා­ර්ත­මේ­න්තුව ලබා­ දෙන්නේ අනා­වැ­කි­යක්. ඒ මතම පිහි­ටුවා වාරි කළ­ම­නා­ක­ර­ණය කළ නොහැ­කියි. ඒව­ගේම ජලා­ශ­යක් වාන් ඇරීම සඳහා සලකා බලන කරුණු ගණ­නා­වක් තිබෙ­නවා. වැසි වැටීම මතම වාන් හැරී­මට නොහැ­කියි.

ජලා­ශ­යක වාන් මට්ටම ධාරි­තාව ලෙස අපි මනිනු ලබ­නවා. ජලා­ශයේ වාන් මට්ට­ම­ටත් වඩා ජලය ඉහ­ළට නැඟිය හැකියි. එය අධි වාන් මට්ටම ලෙස සල­කනවා‍. මෙය වාන් මට්ටමේ සිට අඩි 4 – 3ත් ඉහ­ළට පැමි­ණිය හැකිය. ජලා­ශයේ හැටි­යට අඩි පහක් දක්වාත් ඉහ­ළට යාහැකි අවස්ථා තිබෙ­නවා. අධි වාන් මට්ට­මට එහා අඩි 5ක් පමණ තව­දු­ර­ටත් උඩට මට්ට­මක් තිබෙ­නවා. එය ජලා­ශයේ බැම්මේ මට්ටම ලෙස සැල­කෙ­නවා. ඒ අයු­රින් මූලික මිනුම් මට්ටම් 3ක් තිබෙ­නවා.‍

සාමාන්‍ය කාල­ය­කදී වාන් මට්ටමේ සිට අඩි­යක් වැනි මට්ට­ම­කදී වාන් විවෘත කර­නවා. දිට්වා කුණාටු තත්ත්ව­යේදී ජලාශ වාන් මට්ට­මට අඩි 3-4ක් යට මට්ට­ම­කදී විවෘත කළා.‍ වැසි ලැබෙ­නවා යැයි අනා­වැ­කි­ය­කුත් තිබුණු නිසා අපි එම තීර­ණය ගත්තා.ගොවීන්ට අවශ්‍ය ජලය ලබා­ දී­මේදී කන්නය ආර­ම්භ­යත් සමඟ ඔවුන්ව දැනු­වත් කර­නවා. පව­තින ජල මට්ටම අනුව මෙත­රම් අක්කර ගණ­නක වගා­වක් කළ හැකියි, වගා කළ යුතු වී වර්ගය මාස ගණන අනු­වත් නිර්දේශ කර­නවා. වගා කට­යුතු සඳහා මුලින්ම ජලය සපයා දෙන දිනය වගේම ජලය ලබා­ දෙන අව­සන් දින­යත් වැනි කොන්දේසි මත වගා කර­නවා. එහිදී කන්නය සාර්ථක කර­ගැ­නී­ම­ටත් අප ආය­ත­නය බැඳී සිටි­නවා.

rajangana

කල් තබා ජලය මුදාහැරියේ නැතැයි අපිට චෝද­නාව තිබෙ­නවා. මහා පරි­මා­ණ­යෙන් ගංව­තුර උව­දුර ගෙනාවේ රාජාං­ග­ණය සහ දැදුර ජලා­ශ­යයි. දැදුරු ඔය ජලා­ශය පිළි­බඳ පැහැ­දිලි කර­නවා නම් 22වැනිදා මුලින්ම වාන් මට්ට­මට බැම්මට වඩා අඩි 2-3ත් මට්ට­මට ජලය නැඟ ආවා. මේ නිසා වාන් විවෘත කළා. එදින සවස වන විට තත්ප­ර­යට ඝන අඩි 5600ක් සහ 23 වැනිදා පාන්දර 2 වන විටදී තත්ප­ර­යට ඝන අඩි 19400ක් මුදා හැරියා. මුලින්ම ගංව­තුර තර්ජ­න­යක් පැමි­ණියේ 27වැනි­දායි. එදින පෙර­වරු 10 වන විටදී තත්ප­ර­යට ඝන අඩි 60000ක් සහ පෙර­වරු 6 පමණ වන විටදී තත්ප­ර­යට ඝන අඩි 102000ක් මුදා හැර තිබුණා.

දැදුරු ඔය ජලා­ශයේ ධාරි­තාව මෙන් අට ගුණ­යක තරම් ධාරි­තා­වක් ඉතා සීමිත කාල­යක් තුළදී ලැබුණා. ජලා­ශයේ වතුර නැතිව සිඳී තිබු­ණත් ලැබුණු විශාල ජල ප්‍රමා­ණය කළ­ම­නා­ක­ර­ණය කළ හැකිව තිබුණේ පැය 6ක් වැනි කාල­යක් සඳහා පම­ණයි. අනෙක් සිය­ලුම ජලය මුදා­හැ­රී­මට සිදු වනවා. වගා­වට ජලය ලබා­ දීමේ මූලික පර­මා­ර්ථය ඇතිව ජලාශ ගොඩ­නගා තිබෙ­නවා. වසර 100-1000කට කාල­ය­කට සැර­යක් එන ජලය රඳ­වා­ග­න්නට නම් සකසා නැහැ. දෙවැනි අර­මුණ ලෙස ගංව­තුර පාල­න­යත් තිබෙ­නවා. නමුත් පසු­ගිය සති­යේදී ලැබුණු ජලය පාල­නය කිරී­මට තරම් පහ­සු­ක­මක් අපිට නැහැ. ඒ සඳහා දැදුරු ඔය තිබෙන ප්‍රමා­ණ­යට වඩා හතර පස්ගු­ණ­ය­ක්වත් විශා­ලව ඉදි­කි­රී­මට සිදු වනවා.

 

kala oya
රාජාං­ග­ණය ජලා­ශ­යේත් නොවැ­ම්බර් 22දා තත්ප­ර­යට ඝන අඩි 2000ක් වාං ඇර තිබුණා.‍ 27 වැනිදා වන විට එහි මට්ට­මත් වාන් මට්ට­මට පැමි­ණියා. 28 වැනිදා වන විට තත්ප­ර­යට ඝන අඩි 78000ක් මුදාහැරියා. ජලා­ශය බේරා­ගැ­නී­මට කලා­ඔය දිගේ පැමිණි විශාල ජල කඳ පහ­ළට යැවී­මට සිදු වුණා.

(සාක­ච්ඡා­ සටහන | ඉරෝෂා දීපානි)

උපුටා ගැනීම - silumina
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...