The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජවිපෙ/මාලිමාවට රැවටුනු සංඛ්‍යාවත් මෙදා 'ඩිට්වා' සුළි කුණාටුවෙන් නාය ගිහින්

T

The Leader Desk

December 11, 2025 • 3:45 PM

ජවිපෙ/මාලිමාවට රැවටුනු සංඛ්‍යාවත් මෙදා 'ඩිට්වා' සුළි කුණාටුවෙන් නාය ගිහින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රතිසංස්කරණ සැළසුම් කිරීමට අවශ්‍ය නිවැරදි දත්ත හා තොරතුරු නැතැයි ආඩපලි කියමින් ජනාධිපති අනුර කුමාර දිසානායක, නිලධාරීන් හමුවීමට රට පුරා යන්නට විය.
  • මේ විනාසයෙන් රට ගොඩ නගන්නට අවුරුදු ගණනාවක් යාවි යැයි ඇතැමුන් කියුවාට, රට යථා තත්ත්වයට පත් කිරීමේ සියලු කාර්යන් තම ආණ්ඩුව සිදුකර අවසන් යැයි දිස්ත්‍රික් අධීක්ෂණ රැස්වීම් පැවැත් වීමට කැමරාද රැගෙන ගිය ජනාධිපති අනුර කුමාර, ප්‍රසිද්ධියේ කියුවේ ය.
  • පෙර පාසල් හා ධාරකාගාර සියල්ල ලබන දෙසැම්බර් 16 වන දින ආරම්භ කළ යුතු යැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිල නිවේදනයක් පෙරේදා දින (දෙසැම්බර් 09) නිකුත් කරනු ලැබුවේය.
  • ඒ පාසල් එකතුව සමස්ථ පාසල් සංඛ්‍යාවෙන් දළ වශයෙන් සියයට 50 ක් පමණ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රතිසංස්කරණ සැළසුම් කිරීමට අවශ්‍ය නිවැරදි දත්ත හා තොරතුරු නැතැයි ආඩපලි කියමින් ජනාධිපති අනුර කුමාර දිසානායක, නිලධාරීන් හමුවීමට රට පුරා යන්නට විය.

මේ විනාසයෙන් රට ගොඩ නගන්නට අවුරුදු ගණනාවක් යාවි යැයි ඇතැමුන් කියුවාට, රට යථා තත්ත්වයට පත් කිරීමේ සියලු කාර්යන් තම ආණ්ඩුව සිදුකර අවසන් යැයි දිස්ත්‍රික් අධීක්ෂණ රැස්වීම් පැවැත් වීමට කැමරාද රැගෙන ගිය ජනාධිපති අනුර කුමාර, ප්‍රසිද්ධියේ කියුවේ ය.

පෙර පාසල් හා ධාරකාගාර සියල්ල ලබන දෙසැම්බර් 16 වන දින ආරම්භ කළ යුතු යැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිල නිවේදනයක් පෙරේදා දින (දෙසැම්බර් 09) නිකුත් කරනු ලැබුවේය. එය විපක්ෂ පිරිස් කියනවාට වඩා ආණ්ඩුව බෙහෙවින් කාර්යක්ෂම යැයි පෙන්වීම සඳහා වූ තීන්දුවක් යැයි පෙනෙන්නකි. එදිනම ප්‍රාදේශීය අධ්‍යාපන පරිපාලකයින් හා ජාතික පාසල් විදුහල්පතිවරුන් සමග පැවති සාකච්ඡාවකදී ගත් තීන්දුවක් යැයි බස්නාහිර (1,344), දකුණු (1,101), සබරගමුව (1,101), නැගෙනහිර (1,124) සහ උතුරු-මැද (1,243) පාසල් සියල්ලද දෙසැම්බර් 16 වන දින ආරම්භ කළ යුතු යැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ප්‍රකාශ කළේය.

ඒ පාසල් එකතුව සමස්ථ පාසල් සංඛ්‍යාවෙන් දළ වශයෙන් සියයට 50 ක් පමණ ය. ඒ සමග, ඌවේ පාසල් 26 ක්ද, වයඹ පාසල් 06 ක්ද, මධ්‍යම පළාතේ පාසල් 115 ක්ද වසා තැබෙන්නේ යැයි නිවේදනය කෙරිණ. දෙසැම්බර් 16 වන දින එම පළාත්වල පාසල් විවෘත කිරීමක් ගැන සඳහන් නොවුනු හෙයින් ඉන් අදහස් වන්නේ කුමක්දැයි පැහැදිලි නොවුනි.  

xtr45634
මෙහි ඇති විහිළුව වන්නේ, එසේ දෙසැම්බර් 16 වන දින ආරම්භ කෙරෙන පාසල් දින 06 ට පසු වාර අවසානය සඳහා නැවත දෙසැම්බර් 23 වන දින නිවාඩු දීම ය. ඒ විහිළුව උමතු තීන්දුවක්දැයි සිතෙන්නේ, ඒ දින කිහිපය ඉගැන්වීමට නොව, පාසල් ගොඩනැගිලි හා පරිශ්‍රය සුද්ද පවිත්‍ර කිරීම වෙනුවෙන් යොදා ගැනීමට යෝජනා කෙරෙන හෙයිනි. ලබන 2026 වසරේ පළමු වාරය ආරම්භ කෙරෙන ජනවාරි 01 දින දිවයිනේ සියළු පාසල් ආරම්භ කෙරෙන්නේ ය. අවසන් නොවුනු ආපදා විපත් අතර, හදිසියේ මේ පාසල් ටික, දින 06 ට ආරම්භ කිරීමේ ඇති තේරුම කුමක් විය හැකිද?


කාලගුණික වෙනස්කම් සම්බන්ධ අනතුරු දැන්වීම්ද ඒ අතර නිකුත් වන්නේය. ඩිට්වා සුළි කුණාටුව අපගේ භූමියට ගොඩ වැදුණු නොවැම්බර් 27 වන දින සිට මෙදින (දෙසැම්බර් 11) වන විට, වැඩිම විපත් වාර්තා වූයේ නොවැම්බර් 30 වන දින පස්වරුවෙහිදී ය. එදින බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වූ පවුල් 5,524 ක් වූහ. ඊළඟට කොළඹ දිස්ත්‍රික්කයේ වූයේ පවුල් 5,303 කි. ආරක්ෂිත ස්ථාන 180 ක් වූ වැඩිම සංඛ්‍යාව පැවතියේද බදුල්ල දිස්ත්‍රික්කයේ ය. දෙවනුව 176 ක් තිබූ මහනුවර දිස්ත්‍රික්කය විය.

මේ සමාජය හිරි වට්ටනු ලැබුවේ, කම්පනයට ලක් කරනු ලැබුවේ, මිය යෑම් පමණක්ම නොවේ. වැඩිම කම්පණයක් ඇති කරන්නේ ආපදාවට ලක්වූ පවුල්ය. ගොඩනැගිලි සුන්බුන් අතර කොටුව ඉන්නා පවුල් ය. සිය නිවෙස් පොළොවට සමතලා වූ පවුල් ය. නිවෙස් අතහැර යන්නට සිදුවූ, අවතැන් වූ පවුල් ය. සිය ජීවිත කාලයේ දහදුක් මැද උපයා ගත් සියලු වත්කම් අහිමි වූ පවුල් ය. යම්තම් දෙවේල ගැට ගසා ගත් ජීවනෝපායන් අහිමි වූ පවුල් ය. කොපමණ සංඛ්‍යාවක් දැයි තවමත් නොදන්නා, වෘත්තීය මට්ටමින් මනෝ උපදේශන අවශ්‍ය, ආපදාවන්ට හසුවූ මහළු සහ ලා බාල දරුවන් ය. මේ සමාජයට බර කර ගැසීමට සිදුවන්නේ මේ සංකීර්ණ මානුෂීය ඛේදවාචකයෙහි ය.

dfy5654
ඉකුත් දෙසැම්බර් 01 වන දින නැවත ආපදා සංඛ්‍යාවන් වැඩි විය. කලින් දිනට වඩා 2,000 ක් වැඩි වූ පවුල් සංඛ්‍යාවක් දෙසැම්බර් 01 වන දින ආපදාවට ලක්ව සිටියහ. එදින ආරක්ෂිත ස්ථාන සංඛ්‍යාව 1,368 ට අඩු වූවත් ආපදාවට ලක්වූ පවුල් සංඛ්‍යාව 57,790 ක් විය. පුත්තලමේ ආපදාවට ලක් වූ පවුල් සංඛ්‍යාව 1,000 කින් පමණ, 4,104 දක්වා වැඩි විය. සියයක් පමණ වැඩි වූ බදුල්ල දිස්ත්‍රික්යේ පවුල් 6,685 ක් විය. නොවැම්බර් 30 වන දින ආපදාවට ලක් වූ පවුල් 3,225 ක් වූ කෑගල්ලේ දෙසැම්බර් 01 වන දින පවුල් සංඛ්‍යාව 4,647 ක් විය.

ඩිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවෙන් පිටවීමත් සමග දෙසැම්බර් 06 සහ 09 අතර දිනවල ආපදාවට ලක් වූ සංඛ්‍යා සැළකිය යුතු අයුරු අඩු විය. එහෙත් භෞතික හා මානව ඛේදවාචකයෙහි අවසානයක් නොවුනි. දිනපතා මෙන් කුඩා, සාමාන්‍ය, විශාල හා යෝධ නාය යෑම් වාර්තා විය. කෙළවර නොවුනු මේ ආපදාවට අපගේ සුපුරුදු ඊසාන දිග තද මෝසම් වැසිද එකතු වන්නේ යැයි නිවේදනය කෙරුණි. ඒ නිවේදනවල වූ අනාවැකි අනුව, මධ්‍යම කඳුකරයේ ඊසානදිග බෑවුම් වලට ඇදහැලුනු වැසි සමග නාය යෑම්ද වාර්තා විය. ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයෙහි සංඛ්‍යා ලේඛන වලට අනුව, දෙසැම්බර් 09 වන දිනට වඩා ආපදාවට ලක් වූ පවුල් 6,441 ක් හා පුද්ගලයින් 21,705 ක් දෙසැම්බර් 10 වන දින වූහ.

එවගේම නැවතත් නාය යෑමේ තර්ජන වලට අදාල “රතු” අනතුරු ඇඟවීම් මාතලේ, මහනුවර, කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා නිකුත් කෙරුණි. මි.මී 150 ට වැඩි අඛණ්ඩ වැසි තිබුණු මේ දිස්ත්‍රික්කවල අවදානම් සහගත ප්‍රදේශ 45 ට වැඩි සංඛ්‍යාවක් ආපදාවන්ට ලක්වීමේ ඉඩ ඇතැයි අනතුරු අඟවා තිබිණ. එවගේම කුරුණෑගල, කෑගල්ල හා බදුල්ල දිස්ත්‍රික්කවල තවත් අවදානම් සහගත ප්‍රදේශ 40 ට ආසන්න සංඛ්‍යාවකට දෙවන පෙළ “රෝස” අනතුරු ඇඟවීම් සිදුකර තිබිණ.

fgth5634
එවැනි පසුබිමක, දින 06 ට පමණක් පාසල් වලින් අඩක් ආරම්භ කිරීමේ ආණ්ඩුවට තිබූ හදිස්සිය කුමක්ද? ජවිපෙ/මාලිමා ආණ්ඩුව පමණක් නොව, ජනාධිපති අනුර කුමාරද අසාර්ථක, ආධුනික, ප්‍රායෝගික සැළසුමක් නැති ආණ්ඩුපාලකයින් යැයි මේ සමාජයේ වැඩි වැඩියෙන් කෙරෙන හෑල්ලු කිරීම් ඔවුන්ටද දැනෙනවා ඇත. අපට ආර්ථික බිඳ වැටීමට පෙර 2019 තිබූ තත්ත්වය අත්පත් කර ගැනීමට දසකයක පමණ කාලයක් යනු ඇතැයි ඇතැම් විශේෂඥයින් පවා කීවත් තම ආණ්ඩුව වසරක් ඇතුළත මේ 2025 වසර අවසන් වන විට ඒ තත්ත්වය අත්පත් කර ගැනීමට ආසන්නව ඇතැයි, 2026 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර කීවේද එනිසා ය. මේ බරපතල ව්‍යසනය හමුවේ මේ රට නැවත ගොඩ ගැනීමට අවුරුදු ගණනාවක් ගත වෙනු ඇතැයි වන විපක්ෂයේ මතය අනාථ කිරීම් වස්, තම ආණ්ඩුවේ කාර්යක්ෂමතාව ප්‍රදර්ශනය කිරීමට, පාසල් විවෘත කිරීම සාර්ථක පියවරක් යැයි ඔහු සිතන්නට ඇත. එහි සත්‍යයක් ඇත. පාසල් පැවැත්වෙන විට හා දරුවන් පාසල් යනවා දැකීම, සාමාන්‍ය තත්ත්වයක් පිළිබඳව සමාජය ගණන් හදා ගන්නා සාධකයකි. එහෙත් එය එසේ වන්නේ නිවාස අහිමි, ජීවනෝපායන් අහිමි වූ, අතපය අහිමි වූ, අනාථයින් දහස් ගණනක් සහනාධාර මත ජීවත් වන, රේල් පාරවල්, මහා මාර්ග, ගොඩනැගිලි-ඉදිකිරීම් සුන්බුන්-අබලි ගොඩවල් ලෙස හතර වටේම දකින්නට ඇති පරිසරයක නොවේ.


එබැවින්, කොළඹ-බදුල්ල දුම්රිය පාරත් කොළඹ-මහනුවර ඒ-1 මහා මාර්ගයත් මේ වසර අවසාන වන්නට පෙර යථා තත්ත්වයට පත්කර දෙන්නේ යැයි හා අවතැන්ව ජීවනෝපායන් අහිමි වූවන්ට ඉදිරි සය මසක කාලයේ රුපියල් 50,000 ක ජීවන දීමනාවක් සමග නොමිලේ මනෝ උපදේශන සේවාවක්ද ලබා දෙන්නේ යැයි කීවා නම්, එය මීට වඩා ශිෂ්ඨ සම්පන්න, යහපත් හා අපේක්ෂා සහගත පොරොන්දුවක් වන්නට තිබිණ. එහෙත් දුම්රිය හා මහා මාර්ග ඉදිකිරීම තව මාස ගණනාවකින් හෝ අත ගසා සම්පූර්ණ කළ නොහැකි බැව් ඔහුද හොඳින් දන්නා කාරණාවකි.

කෙතරම් ජාත්‍යන්තර ආධාර ලැබිණැයි කීවත් යෝධ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ හමුවේ කෙතරම් මුදලක් ඒ වෙනුවෙන් වැය කරන්නට සිදුවනු ඇතිදැයි අනුමාන කිරීමටත් අපහසු තත්ත්වයක, රුපියල් 50,000 ක ජීවන දීමනාවක් දීමේ අරමුදලක් පිහිටුවා ගැනීමේ බියක් ඇති බැව්ද නිසැක ය. ඉන් දැකිය හැක්කේද නව අනාගතවාදී සැළසුම් සම්පාදනයේ ඇති නිර්මාණාත්මක දිළිඳු බව හා ආණ්ඩු පාලනයේ ඇති ආධුනිකත්වය ය. “ඩිට්වා” සුළි කුණාටුවද එය ඔප්පු කරන්නකි.

kusal perera(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 දෙසැම්බර් 11 වන දින

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...