The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය: තිස්ස ගේ දියණිය ගේ දීගය මැද තවත් දීගයකට ඉඟියක්

T

The Leader Desk

December 12, 2025 • 7:38 AM

සජිත්ගේ දේශපාලන සතිය: තිස්ස ගේ දියණිය ගේ දීගය මැද තවත් දීගයකට ඉඟියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ස්ථාපිත කෙරුණු මෙම කේන්ද්‍රය ඔස්සේ, අපදාවෙන් විපතට පත්ව තවමත් කිසිදු ආධාරයක් නොලැබුණු පිරිස් හඳුනා ගනිමින්, රාජ්‍ය සේවයේ සහ ස්වේච්ඡා සංවිධානවල අවධානය ඔවුන් වෙත යොමු කරමින් සම්බන්ධීකරණ කිරීම සජිත්ගේ ප්‍රමුඛ අරමුණ විය.
  • මේ සඳහා යොදවා ඇති කාර්ය මණ්ඩලය වෙත ආරම්භයේ දී ම උපදෙස් කිහිපයක් දුන් විපක්ෂ නායකවරයා කියා සිටියේ “ආපදාවෙන් විපතට පත් සියලු දෙනාට යම් සහනයක් ලබාදීම තමයි අපේ අරමුණ වෙන්න ඕන.
  • ඇතුළු කට්ටිය මේ තොරතුරු කේන්ද්‍රය හරහා අදාළ පාර්ශව දැනුවත් කිරීමේ යාන්ත්‍රණය ගැනත් සජිත් එක්ක සාකච්ජා කළේය.
  • ඒවා හොඳ වැඩ, ආණ්ඩුව කරන්න ඉස්සෙල්ලා රටේ ජනතාව ඉදිරිපත් වෙනවා කියන්නේ මෙයාලා ඇත්තට ම ෆේල්.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ස්ථාපිත කෙරුණු මෙම කේන්ද්‍රය ඔස්සේ, අපදාවෙන් විපතට පත්ව තවමත් කිසිදු ආධාරයක් නොලැබුණු පිරිස් හඳුනා ගනිමින්, රාජ්‍ය සේවයේ සහ ස්වේච්ඡා සංවිධානවල අවධානය ඔවුන් වෙත යොමු කරමින් සම්බන්ධීකරණ කිරීම සජිත්ගේ ප්‍රමුඛ අරමුණ විය.

මේ සඳහා යොදවා ඇති කාර්ය මණ්ඩලය වෙත ආරම්භයේ දී ම උපදෙස් කිහිපයක් දුන් විපක්ෂ නායකවරයා කියා සිටියේ “ආපදාවෙන් විපතට පත් සියලු දෙනාට යම් සහනයක් ලබාදීම තමයි අපේ අරමුණ වෙන්න ඕන. ආණ්ඩුවෙන් ජනතාවට දෙන ආධාර ගැන ඒ අය හරිහැටි දැනුවත් නෑ. මම එළියට ගිහින් ජනතාව එක්ක කතා කරද්දී මට ඒක තේරුණා. ඒක නිසා මිනිස්සු අහන දේවල්වලට හරියට ඔයාල උත්තර දෙන්න ඕන. රජය ලබාදෙන සහන ගැන තොරතුරුත් ළඟ තියාගන්න. දේශපාලන කාරණා නිසා කිසිම කෙනෙකුට ආධාර නොලැබී යන්න බැහැ.”

WhatsApp Image 2025 12 12 at 4.20.59 AMආපදා තොරතුරු කේන්ද්‍රය

එහෙම කියපු සජිත් තම කාර්ය මණ්ඩලයට වැඩිදුරටත් උපදෙස් දුන්නේ “ මුදල් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ලබාදෙන සහන ගැන චක්‍රලේඛයක් තියෙනවා. ඔයාලා හැමෝම ඒක හොඳට කියවලා අවබෝධ කරගන්න. කතා කරන ජනතාවට කියන්න යන්න ඕන පාත් එක. ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී සහ ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ නිර්දේශ මත විතරයි මේ ප්‍රතිලාභ වැඩේ ක්‍රියාත්මක වෙන්න ඕන. නැත්නම් මේක තව ටික දවසකින් දේශපාලනයට ඈඳගන්නවා.”

ඒ අවස්ථාවේ එතන හිටපු සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරත්, කාවින්ද, හර්ෂණ, ජේ.සී. ඇතුළු කට්ටිය මේ තොරතුරු කේන්ද්‍රය හරහා අදාළ පාර්ශව දැනුවත් කිරීමේ යාන්ත්‍රණය ගැනත් සජිත් එක්ක සාකච්ජා කළේය.

සජිත්ගෙන් යළිත් 'හුස්ම'

WhatsApp Image 2025 12 12 at 4.23.28 AM 2
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවටත් පත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමත්, ඔවුන්ට අවශ්‍ය ඖෂධ ලබාදීමත් අරමුණු කරගනිමින් ගම්පහ සංවිධායක වරුණ රාජපක්ෂ දොම්පේ ශ්‍රී කල්‍යාන ධර්මාශ්‍රමයේ සෞඛ්‍ය කඳවුරක් සංවිධානය කර තිබුණේ පසුගිය සති අන්තයේ ය. ගම්පහ දිස්ත්‍රීක්කයේ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ ගැටලු සොයා බැලීමට පැමිණි සජිත් මේ ස්ථානයට ගියේ ගම්පහ මන්ත්‍රී හර්ෂණ රාජකරුණාත් සමග ය. එම ස්ථානයේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය සමග කතාබහ කරමින් සිටි සජිත් අපූරු යෝජනාවක් කළේ ය.

“මේ ආපදාවෙන් විපතට පත්වෙච්ච ජනතාවට ආහාර, වතුර දෙන එක හැමෝම වගේ දැන් කරනවා. දැන් මම දැක්කා හානි වෙච්ච ඉස්කෝලත් පිරිසිදු කරලා, රෙපයාර් කරලා දෙන්න කට්ටිය ඉදිරිපත් වෙලා. ඒවා හොඳ වැඩ, ආණ්ඩුව කරන්න ඉස්සෙල්ලා රටේ ජනතාව ඉදිරිපත් වෙනවා කියන්නේ මෙයාලා ඇත්තට ම ෆේල්. ඔයාලා දන්නවද? මම කතා කළා හලාවත රෝහලට, මාරවිල රෝහලට ඒ දෙකේම වකුගඩු රෝගීන්ගේ Dialysis machines වැඩ කරන්නේ නෑ. අපි ඒවට උදව් කරන්න ඕන. ඒවා දීර්ඝකාලීනව මේ රටේ මිනිස්සු ජීවත් කරවන්න පුළුවන් වැඩ. මම අපේ ‘හුස්ම’ program එකෙන් මේ රෝහල් දෙකට මෙෂින් දෙක්ක අරන් දෙන්න පොරොන්දු වුනා.”

WhatsApp Image 2025 12 12 at 4.23.28 AMසමන් රත්නප්‍රිය හමුවීම

ඒ අනුව දෙසැම්බර් 11 වෙනිදා Dialysis machines (වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු පෙරණ පද්ධති) දෙක හලාවත සහ මාරවිල රෝහල්වලට විපක්ෂ නායක සජිත් අතින් පරිත්‍යාග කිරීම සිදුවූ අතර යූන්පීයේ සෞඛ්‍ය වෘත්තිය සමිතියේ සමන් රත්තප්‍රිය හලාවත රෝහලේ දී සජිත්ට හමුවුණේ ඒ අතරතුරය.

“ විපක්ෂ නායකතුමා, ඔයාලා අපි විපක්ෂයේ ඉඳගෙන මේ ආපදා වෙලාවේ ආණ්ඩුවේ කකුළෙන් අදින්නේ නැතුව ලොකු සපෝට් එක්ක දෙනවානේ. ඒත් ආණ්ඩුවනම් ඔයාටයි, අපේ ලොක්කටයි ගහන තරමක් ගහන්නේ මඩමයි. අපි මේ කරන වැඩේ රටේ මිනිස්සු දැනගන්න ඕන. අපි කිසිම වෙලාවක මුන්ගේ කකුලෙන් ඇද්දේ නෑ. ඒත් මුන් පැවත්තේ මඩ බලකාය ලවා අපිට ගහනවා”

සමන් අදහස් ඵල කලේ ටිකක් කේන්තියෙන්ය.

“ අයියෝ ඕව අපිට පුරුදුයි නේ... මෙයාලා ඉතිං අපි මොන හොඳ වැඩක් කළත් කකුලෙන් ඇදපු එකයි, මඩ ගහපු එකයිනේ කළේ. මතකනේ මම ඉස්කෝල 386කට ස්මාට් පත්තිකාමරයි, ඉස්කෝල 89කට බස් රථයි දෙනකොට මට ඉස්කෝලවලට යන එක තහනම් කෙරුවා, මම උදව් කරපු 66 වෙනි හොස්පිටල් එක තමයි මේ. අපිට මඩ ගැහුවට කමක් නෑ. අපි උදව් කරලා තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ට නේ... මට කියන්න තියෙන්නෙත් මගේ තාත්ත කියපු දේම තමයි.. ‘ සත්‍යය කවදා හරි ජයගනීවි’ ගිහින් එන්නම්” කියමින් සජිත් අයිබෝවන් කියා පිටව ආවේය.

595295925 1428410675311827 8634179244162918494 n

 

තිස්සගේ දියණිය ගේ දීගය මැද තවත් දීගයකට ඉඟියක්

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායකගේ දියණියගේ විවාහය පසුගිය අඟහරුවාදා සිදු විය. එහි විවාහ ගිවිස ගැනීමේ දී සාක්ෂියට අත්සන් කිරීමට යොදාගෙන තිබුණේ අපූරු දෙදෙනකු ය. මනාලියගේ පාර්ශවයෙන් සාක්ෂිය අත්සන් කිරීමට සජිත් තෝරා ගනිද්දී, මනාලයාගේ පාර්ශවයේ සාක්ෂියට අත්සන යොදන්නට ආරාධනා කර තිබුණේ රනිල්ට ය. මනාල යුවළ ගේ දෙපසට වී තමන් ගේ වාරය එනතුරු පෑන අතට ගෙන සිටි, සජිත් සහ රනිල් මුහුණට මුහුණ බලමින් සිටිනු දුටු ඒ අසල සිටි අයෙක් අපූරු කතාවක් තිස්ස ගේ කනට කර කීවේ ය.

“බලන්න මේ ජෝඩුව බඳිනකොට, අර ජෝඩුවටත් හිතෙනවා ඇති අපි දෙන්නත් වෙන් නොවී හිටියනම් අද සතුටින් නේ කියලා..”

කටට බ්‍රේක් නැති තිස්සත් මිතුරට කොඳුරමින් ඊට ප්‍රතිචාර දැක්වීය.

“මමත් හැමදාම හැදුවේ ඔය දෙක බන්දන්න තමයි, මේ අද කළෙත් ඒකට ම පොඩි ට්‍රයල් එකක්”

එහෙම කියපු දෙදෙනාම කාටවත් නොපෙනෙන ලෙස සිනාසුණේ අවට සිටින අය හිනස්සවන්නට බැරිකමට ම ය.

මේ සතියෙත් තානාපතිවරුන් හමුවූ සජිත්

WhatsApp Image 2025 12 12 at 4.21.45 AM
පසුගිය සතියේ මෙන්ම මේ සතියේදීත් තවත් රටවල් කිහිපයක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු කිහිප දෙනෙකුම සජිත් හමුවුනේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය. මෙරට බංගලාදේශ මහකොමසාරිස් Andalib Elias මහතාත්, ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Mathew Duckworth මහතා සහ මෙරට රුසියානු තානාපති Levan Dzhagaryan මහතා හමුවූ විපක්ෂ නායක සජිත් ආපදා තත්ත්වය හේතුවෙන් පිඩාවට පත් ජනතාවට උදව් කිරීමට එක්වන ලෙස ඉල්ලීම් කළේ ය.

මෙහිදී විපක්ෂ නායක සජිත්ගේ ඉල්ලීමට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ මෙරට රුසියානු තානාපති Levan Dzhagaryan මහතා එරට බලධාරීන් දැනුවත් කිරීමේ ප්‍රතිඵලය වුණේ, මෙට්‍රික් ටොන් 35ක වියළි ආහාර සහ කූඩාරම් තොගයක් රැගත් ගුවන් යානයක් දින දෙකක් තුළ මෙරටට පැමිණීම ය.

 

WhatsApp Image 2025 12 12 at 4.21.44 AMWhatsApp Image 2025 12 12 at 4.21.45 AM 1
'අනේ Please අපිට උදව් කරන්න' සජිත් යළිත් ඉල්ලයි

විපක්ෂ නායක සජිත් ගෙවුණු දින කිහිපයේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරි කටයුතුවලින් අනතුරුව වැඩිම කාලයක් ගත කළේ, ආපදාවෙන් විපතට පත්වූ ජනතාවගේ ගැටළු සොයා බැලීමට ය. ඒ අනුව, මල්වාන, බියගම, කිඹුලාපිටිය, මුරුතාන, කටාන, කදිරාන, මීරිගම ආදී ගම්පහ දිස්ත්‍රීක්කයේ සුරක්ෂා මධ්‍යස්ථානවලත්, ගංවතුරින් හානිවූ නිවාස සහ කර්මාන්ත ශාලාවලත් තත්ත්වය සොයා බලන්නට සජිත් කටයුතු කළේ ය.

 

WhatsApp Image 2025 12 12 at 4.22.16 AM
ගම්පහ හර්ෂණ රාජකරුණාත්, කාවින්ද ජයවර්ධනත් මේ ගමන්වලට එක්වූ අතර, මීරිගම ආනන්ද ප්‍රේමචන්ද්‍ර ක්‍රීඩාංගනයේ දී ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා සංවිධානය කර තිබූ, සෞඛ්‍ය කඳවුර නිරීක්ෂණය කරන්නට ද සජිත් අමතක නොකළේ ය. විපක්ෂ නායක සජිත් කෑගල්ල දිස්ත්‍රීක්කයේ විපතට පත් ජනතාවගේ සුවදුක් විමසන්නට ගියේ අඟහරුවාද ය.

යටියන්තොට, රුවන්වැල්ල, දෙහිඕවිට, අඟුරුවැල්ල, ගිරිඋල්ල, දැදිගම, වරකාපොළ, තුල්හිරිය ආදී ප්‍රදේශවලට පැමිණි සජිත් සමග මන්ත්‍රී සුජිත් ද එක්ව සිටියේ විපතට පත්ව සිටින ජනතාව ජීවත්වන ස්ථාන නිවැරදිව පෙන්වන්නට ය.

 

WhatsApp Image 2025 12 12 at 4.22.35 AM
ඒ අවස්ථාවේ අලියෙකු මුද්‍රණය කර තිබූ කොළ පැහැති කමිසයකින් සැරසී සිටි පුද්ගලයකු සජිත් ඉදිරියට පැමිණ “සර්... මොකක්ද මේ ජනාධිපතිතුමා සර්ට කියන්නේ  'අනේ Please ඔබතුමාගේ උදව් ඕන නෑ..'  කියලා. සර් අපිත් හොඳ UNP කාරයෝ සර්ට එහෙම බනිද්දී අපිටත් රිදෙනවා. සර් ඔන්න ඔය ඕන විදිහකට මෙයාලට කරගන්න දීලා පැත්තකට වෙලා ඉන්න සර්.”

ඊට සිනහවකින් ප්‍රතිචාර දැක්වූ සජිත් කියා සිටියේ “ මේ ආපදාව නිසා විපතට පත්වෙලා ඉන්න ඔබතුමාල වගේ මිනිස්සුන්ට තව, තවත් බදු ගහලා 2028 දී අපිට ණය ගෙවන්න බෑ, ඒකයි මම කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක කතා කරලා මේ ණය ගෙවන එක කල්දාගන්න කියලා. මම මේ රටේ ඔක්කොම මිනිස්සු ගැන හිතලා ඒක කිව්වේ, ජනාධිපතිතුමාටයි, ආණ්ඩුවටයි ඉතිං අපි කියන ඕනම දෙයක් විහිළුවක් නේ, එයාලා හිතන්නේ මේ රටේ ඉන්නේ එයාලා වගේ මුකුත් නොදන්න හරක් කියලා, බලන්නකෝ එයාලට IMF එක්ක සාකච්ජා කරන්නම වෙනවා, නැත්නම් අපේ රටට මෙහෙම යන්න බෑ. මමත් ජනාධිපතිට කියන්නේ අනේ Please කිය, කිය මිනිස්සුන්ගේ ජීවිත එක්ක විහිළු කරන්න එපා කියලා තමයි. මමනම් ලෝකයට කතා කරලා කියන්නේ අනේ Please අපිට උදව් කරන්න කියලම තමයි”  ඔබතුමාලා බයවෙන්න එපා, අපිට දොස් කිව්වත්, විහිළු කලත් අපි අපේ වගකීම කරනවා, ඒක ගැන බයවෙන්න එපා යැයි සජිත් ඒ පුද්ගලයාට පිටට තට්ටුවක් දමමින් කියා සිටියේය.

නුවර මහේෂ්ට සජිත් දුන් හදිසි ඇමතුම

WhatsApp Image 2025 12 12 at 4.22.17 AM
මහනුවර තෙල්දෙණිය ආසනයට අලුතින් පත්වූ සංවිධායක මහේෂ් සේනානායක සංවිධායකවීමෙන් පසු පැවැත්වූ මාධ්‍ය හමුවට සමාජ මාධ්‍ය තුළත්, රූපවාහිනී සහ පුවත්පත්වලත් හොඳ ප්‍රචාරයක් ලැබී තිබුණේය.

මහේෂ් ඒ මාධ්‍ය හමුවේදී විපක්ෂ නායක සජිත් ඉලක්ක කර ජනාධිපතිවරයා කියපු අනේ  Please කතාවට කන පැලෙන ප්‍රතිචාරයක් ලබාදී තිබුණේය.

ඒ ගැන විඩියෝ පටයක් නැරඹූ සජිත් වහාම මහේෂ්ට දුරකථන ඇමතුමක් දී කියා තිබුනේ. “ මහේෂ්, ඔයා අනේ Please කතාව නැතිකරලම දාලා නේද? මම දැක්කා නියමයි, ඔයාලා වගේ අය ඔය වැඩේ කරන්න ඕන, නැත්නම් අපි අවංකව කියන දේටත් මෙයාලා  විහිළු කරලා අපිව විනාශ කරන්නයි හදන්නේ.”

සජිත්ගේ එම අදහසට ස්තුතිවන්ත වූ මහේෂ්, “සර් නුවරත් එන්න, ඇවිත් බලන්න, නුවර, ගම්පොල තත්ත්වය වැඩක් නෑ සර් විනාශයි මේ පැත්තේ මිනිස්සුන්ගේ ඔක්කොම, බිස්නස් ඔක්කොම ඉවරයි සර්, අපි ආණ්ඩුවට පෙෂර් එකක් දීලා මේ මිනිස්සුන්ගේ ජීවිත ආයෙත් ගොඩනගලා දෙන්න ඕන”  කියමින් විනාඩි කිහිපයක දුරකථන සංවාදය අවසන් කළේය.


| මම, බංගලා හංදියේ ලියුම්කරු

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...