The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ස්වාභාවික ආපදාවලින් මිදෙන්නට සුනඛ පිහිට | රීටා ජෙනට් පෙරේරා

T

The Leader Desk

December 14, 2025 • 9:12 AM

ස්වාභාවික ආපදාවලින් මිදෙන්නට සුනඛ පිහිට | රීටා ජෙනට් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසැනින් අප කාගේත් සිත් තුළ පැන නඟින ප්‍රධාන කුකුසක් තිබේ.
  • එහිදී අප අවට ජීවත් වන සතුන් වෙතින් ඒ සංඥා ලබා ගැනීමට ඇති හැකියාව ද ඉවත හෙළිය නොහැක.
  • සතුන්ගේ දියුණු සංවේදීතාව (Enhanced Senses) ඒ සඳහා කිනම් හෝ ආකාරයක පිටිවහලක් කර ගැනීමට ඇති හැකියාව සම්බන්ධ විවිධ තොරතුරු මේ වන විට ලොව පුරා සමාජ ජාල මඟින් පැතිරෙමින් තිබේ.
  • මේ නවීන මානව චින්තනය ඒ වෙත යොමු ව ඇති බවට කදිම සාක්ෂියකි.
අකුරු ප්‍රමාණය (Font Size):

එසැනින් අප කාගේත් සිත් තුළ පැන නඟින ප්‍රධාන කුකුසක් තිබේ. එනම්, නවීන සේම ස්වභාවික ක්‍රම මඟින් මෙම අනතුරු පිළිබඳ පූර්ව සංඥා ලද නොහැකි ද? යන්න ය. එහිදී අප අවට ජීවත් වන සතුන් වෙතින් ඒ සංඥා ලබා ගැනීමට ඇති හැකියාව ද ඉවත හෙළිය නොහැක.

සතුන්ගේ දියුණු සංවේදීතාව (Enhanced Senses) ඒ සඳහා කිනම් හෝ ආකාරයක පිටිවහලක් කර ගැනීමට ඇති හැකියාව සම්බන්ධ විවිධ තොරතුරු මේ වන විට ලොව පුරා සමාජ ජාල මඟින් පැතිරෙමින් තිබේ. විශේෂයෙන් මිනිසුන්ට අත් වන ස්වභාවික විපත් වලින් ඔවුන් ගලවා ගැනීමට ඉදිරිපත් වන තිරිසන් සතුන් පිළිබඳ විවිධ වීඩියෝ මේ වන විට ලොව පුරා සන්නිවේදනය වේ. මේ නවීන මානව චින්තනය ඒ වෙත යොමු ව ඇති බවට කදිම සාක්ෂියකි.

594859661 122261581706220296 3422144941321724175 n

 

ඒ සම්බන්ධයෙන් ගත හැකි ආසන්නතම සාක්ෂියක් වනුයේ පසුගිය දිට්වා සුළි කුණාටු ආපදාවෙන් සිදු වූ විකාශයේ දී අපට පිහිට වීමට පැමිණි ඉන්දීය ජීවිතාරක්ෂක හා ගලවා ගැනීමේ කණ්ඩායමට ඒ සඳහා විශේෂ පුහුණුවක් ලත් සුනඛ සාමාජිකයන් සිව් දෙනකු ද ඇතුළත් වීම ය.

සුනඛයන්ට මිනිසුන්ට වඩා බෙහෙවින් දියුණු ශ්‍රවණ හා ආඝ්‍රාණ හැකියාවන් ඇති බවත් අනාදිමත් කාලයක සිට මිනිසුන් ඉන් ප්‍රයෝජන ගෙන ඇති බවත් නොරහසකි. සුනඛයන් සහ වෙනත් සතුන් ස්වභාවික ආපදාවකට පෙර අසාමාන්‍ය ලෙස හැසිරීමට හේතු විය හැකි ප්‍රධාන සාධක අතරට හඳුනා නොගත් සංවේදන (Undetected Sensations) ද ගත හැක. ඔවුන්ට මිනිසුන්ට නොදැනෙන අඩු සංඛ්‍යාතයේ කම්පන සහ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රවල වෙනස්කම් හඳුනාගත හැකි බව මේ වන විට විද්‍යාත්මකව සනාථ වී තිබේ.

593646176 122261581814220296 4516565966676923776 n

 

භූමිකම්පාවලට පෙර සතුන් දක්වන හැසිරීම් පිළිබඳව ඈත අතීතයේ සිටම වාර්තා තිබුණද, ඒවා තවමත් නිරීක්ෂණ අධ්‍යයන (Observational Studies) මඟින් ස්ථිර කර නොමැත. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ස්වභාවික විපතකදී ඒ සඳහා නිසි අවකාශ නොමැති වීම ය.

භූමිකම්පාවක් සිදුවීමට පෙර භූමිය යට ඇතිවන ප්‍රාථමික තරංග නිකුත් වන අතර, මෙම තරංගවල සංඛ්‍යාතය (Hz) මිනිසුන්ට නොඇසෙන තරම් අඩු වුව ද, සුනඛයන්ට එම කම්පන ද ශබ්ද ලෙස ඇසෙන බව තහවුරු වී තිබේ. එවන් අවස්ථාවල දී සුනඛයන් අධික ලෙස බිරීම, ඌඩු බිරුම් දීම හෝ කෙඳිරිගෑම සිදු කරන අතර, තමන්ට දැනුණු අවදානම අවට සිටින මිනිසුන්ට හෝ වෙනත් සතුන්ට අනතුරු ඇඟවීමට උත්සාහ කිරීම, කලබලකාරී ලෙස පැන යාමට සුරක්ෂිත ස්ථානයක් සෙවීමට උත්සාහ කිරීම හෝ විවෘත අවකාශයකට යෑමට උත්සාහ කිරීම සිදු විය හැක.

 

එමෙන්ම නාය යෑමකට පෙර භූමියේ ඇතිවන කම්පන හෝ පසේ ගන්ධය වෙනස්වීම ආදී මිනිසුන්ට නොදැනෙන සංවේදිතාවන් හඳුනාගැනීමට සුනඛයන්ට හැකියාවක් තිබේ. විශේෂයෙන් කුණාටු, ටොනේඩෝ ආදී අත්‍යන්ත අවස්ථා වලට පෙර ද සුනඛයන් අධික ලෙස කෙඳිරිගෑම හෝ සැඟවීමට උත්සාහ කිරීම සාමාන්‍ය තත්ත්වයකි. වායු පීඩනය මනින බැරෝමීටර පීඩනයේ හදිසි වෙනස්වීම සුනඛයන්ට දැනෙන බව ද මේ වන විට තහවුරු වී තිබේ. එවිට ඔවුන් කුමක් හෝ අමුතු දෙයක් සිදුවන බව දැනීමෙන් ඇති වන අවිනිශ්චිතතාව හමුවේ විවිධ ප්‍රතිචාර දක්වති.

earth.com press mention

 

අකුණු හෝ ගිගුරුම් සහිත කුණාටුවකට පෙර ඇතිවන ඉතා අඩු සංඛ්‍යාතයේ ශබ්ද (Infra-Sound) පවා මිනිසුන්ට කලින් සුනඛයන්ට ඇසෙන අතර, එවිට ද ඔව්හු ඊට ඒ මොහොතේම ප්‍රතිචාර දක්වති. කාලගුණික විපර්යාස නිසා ඇතිවන බිය හෝ නොසන්සුන්කම හේතුවෙන් හිමිකරුගෙන් ආරක්ෂාව සෙවීම ද සුනඛයන් කෙරෙන් දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි.

මුහුදු වෙරළෙන් ඉවතට පැන යෑම, සුනාමියකට පෙර ඇතිවන භූමිකම්පාවේ කම්පන හෝ මුහුදු පත්ලේ වෙනස්වීම් නිසා ජනනය වන ඉතා අඩු සංඛ්‍යාතයේ ජල තරංග ශ්‍රවණය වීම අතින් ද සුනඛයෝ මිනිසා අභිබවති.

තැනිතලා බිම්වල ගංවතුරක් ඇතිවීමට පෙර, වේගයෙන් වෙනස් වන පස් සුවඳ හෝ ඉහළ යන ජල ගර්භයේ ශබ්දය කලින් හඳුනාගැනීමට තරම් තියුණු සංවේදිතාවක් සුනඛයන් සතු වේ.

 disaster response ButteCounty Jen dog JuliaCumes

මෙලෙස ස්වභාවික විපත් සතුන්ට හඳුනාගත හැකි බවට ඇති අදහස අලුත් දෙයක් නොවේ. ඓතිහාසික වාර්තා මගින් ප්‍රධාන ස්වභාවික විපත්වලට පෙර අසාමාන්‍ය සත්ව හැසිරීම් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. නිදසුනක් ලෙස 2004 ඉන්දියානු සාගරයේ ඇති වූ ව්‍යසනකාරී සුනාමියට පෙර, බොහෝ සතුන් රළ පහරට පැය කිහිපයකට පෙර උස් බිම්වලට ගිය බව ඇසින් දුටු සාක්ෂිකරුවන් තහවුරු කොට තිබේ. බොහෝ සුනඛයන් වෙරළ ආසන්නයේ ඔවුන්ගේ සුපුරුදු ඇවිදීම ප්‍රතික්ෂේප කිරීම ද නිරීක්ෂණය වී තිබේ. එමෙන්ම 1975 දී චීනයේ හයිචෙන් භූමිකම්පාවෙන් ද සමාන කතා මතු විය. රික්ටර් මාපකයේ 7.3 ක භූමිකම්පාවට දින කිහිපයකට පෙර සිටම ඔවුන් නොනවත්වා කෑ ගසමින් සිටි බව වාර්තා වූ අතර සුපුරුදු ලෙස සුනඛයෝ පශු සම්පත් ගබඩාවලට ඇතුළු වීම ප්‍රතික්ෂේප කළහ.

paws9834

 

නමුත් සුනඛයන්ගේ හැසිරීම සැමවිටම ස්වභාවික ආපදාවක් පුරෝකථනය නොකරන බව ද අප විශේෂයෙන් සිහි තබා ගත යුතු ය. ඇතැම්විට මෙය නරක සෞඛ්‍ය තත්ත්වයක්, තනිකමක් හෝ වෙනත් හේතු නිසා විය හැකි ය. ඒ කෙසේ හෝ ඔබේ සුනඛයා ඉහත සඳහන් කළ පරිදි හදිසියේම, හේතුවක් නොමැතිව සහ අඛණ්ඩව දරුණු නොසන්සුන් හැසිරීමක් පෙන්වන්නේ නම්, අවට භූමියේ හෝ කාලගුණයේ වෙනසක් තිබේදැයි පරීක්ෂා කිරීම සුදුසු ය. එමෙන්ම එම චර්යාවන් සෙසු සුනඛයන් කෙරෙන් පළ වන්නේ දැයි විමසිලිමත් වීම ද වැදගත් වේ. එසේම මෙම තත්ත්වය නිවාස අහිමිව මහ මඟට වැටී සිටින සුනඛයන් වෙතින් කදිමට නිරීක්ෂණය කළ හැකි බව ද විශේෂයෙන් කිව යුතු ය. ඒ අනුව අප සමාජයේ ඇතැම් පාපිෂ්ඨයන් මරා දැමිය යුතු බවට පවා යෝජනා කරන එම අසරණ සුනඛ ප්‍රජාව ද මතු කෙදිනක හෝ අපගේ ජීවිතාරක්ෂකයන් නොවෙතැයි කිව හැක්කේ කාට ද?

(සටහන | රීටා ජෙනට් පෙරේරා)
madampagereetajenet@gmail.com

උපුටා ගැනීම - vinivida

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...