The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

උත්සව සමයේ මුස්ලිම් මුදලාලිලා දඬු කඳේ ගහමුද?

T

The Leader Desk

December 20, 2025 • 8:11 AM

උත්සව සමයේ මුස්ලිම් මුදලාලිලා දඬු කඳේ ගහමුද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උත්සව සමය ලෙස හැඳින්වෙන, සෑම වසරකම අවසාන මාසය අප ජන සමාජයේ මෙන්ම ලොව බොහෝ රටවල ජනතාවගේ පාරිභෝගිකත්වය ඉස්මතු වන බව ප්‍රසිද්ධ කරුණකි.
  • මේ, මෙවර උත්සව සමය පදනම් ව එලෙස සමාජගත වූ දුර්මත අතුරින් පසුගිය දිනයෙක අසන්නට ලැබුණු පට්ටපල් කෙබරයකි.
  • එහෙත්, මා එවැන්නක් ඉන් පෙර කිසි දිනෙක අසා නොතිබූ අතර මම ඒ බව ඇයට කීවෙමි.
  • එවිට ඇය වැඩිදුරටත් පවසා සිටියේ ඇතැම් මුස්ලිම් ආපන ශාලා තුළ සිදු වන මෙම උපක්‍රමය එම පාරිභෝගිකයාගේ ජනවාර්ගිකත්වය අනියමින් සන්නිවේදනය කරනු පිණිස එම සේවකයන් යොදා ගන්නා උපක්‍රමයක් ලෙසින් ඇතැමුන් පවසන බවකි.
අකුරු ප්‍රමාණය (Font Size):


එහෙත්, අප රට තුළ ඇති වන එම පාරිභෝගිකත්වයත් සමඟ මුස්ලිම් ව්‍යාපාර කෙරෙහි පොදු ජනතාව කලකිරවන නොයෙකුත් දුර්මත පැතිරවීමේ සම්භාවිතාවක් ද මීට වසර ගණනක සිට අප හට නිරීක්ෂණය වී තිබේ. මේ, මෙවර උත්සව සමය පදනම් ව එලෙස සමාජගත වූ දුර්මත අතුරින් පසුගිය දිනයෙක අසන්නට ලැබුණු පට්ටපල් කෙබරයකි.

කිසියම් අයකු මුස්ලිම් ආපන ශාලාවකට ගොස් සිංහල බසින් “ප්ලේන් ටී එකක් දෙන්න” යනුවෙන් තේ එකක් ඇනවුම් කළහොත්, එම ඇනවුම භාරගන්නා මුස්ලිම් අවන්හල් සේවකයා ද එහි තේ සාදන්නා වෙත එම පණිවිඩය සිංහල බසින්ම ලබා දෙන බවටත්, යම් හෙයකින් එම ආපන ශාලාවට යන තැනැත්තා එහි සේවකයකුගෙන් “ප්ලේන් ටී ඔන්ඩු තාංග” (දෙමළ බසින්, ප්ලේන් ටී එකක් දෙන්න) ලෙසින් දෙමළ බසින් තේ එකක් ඉල්ලා සිටියහොත් ඔහු ද දෙමළ බසින්ම ඒ ඇනවුම තේ සාදන්නා වෙත ඉදිරිපත් කරන බවටත් ඇතැමුන් අතර පවතින කතාවේ යම් සත්‍යතාවක් තිබේ ද? යන්න පසුගිය දිනයෙක සිංහල මිතුරියක මගෙන් විමසා සිටියා ය.

එමෙන්ම එවැනි සිංහල පාරිභෝගිකයකු “සීනි අඩුවෙන් දාන්න” යනුවෙන් එම සේවකයාගෙන් ඉල්ලීමක් කළහොත් ඔහු ද ඒ ඇනවුම තේ සාදන්නා වෙත ඉදිරිපත් කරන අතර, යමකු එය “සීනි කොන්ජම් පෝඩුංග” (දෙමළ බසින්, සීනි ටිකක් දාන්න) ලෙසින් දෙමළෙන් ප්‍රකාශ කළහොත් එම සේවකයා ද එය තේ සාදන්නා වෙත එලෙසින්ම ප්‍රතිරාවය කරන බවක් තමන් අසා ඇතැයි මගේ එම මිතුරිය කියා සිටියා ය. එහෙත්, මා එවැන්නක් ඉන් පෙර කිසි දිනෙක අසා නොතිබූ අතර මම ඒ බව ඇයට කීවෙමි. එවිට ඇය වැඩිදුරටත් පවසා සිටියේ ඇතැම් මුස්ලිම් ආපන ශාලා තුළ සිදු වන මෙම උපක්‍රමය එම පාරිභෝගිකයාගේ ජනවාර්ගිකත්වය අනියමින් සන්නිවේදනය කරනු පිණිස එම සේවකයන් යොදා ගන්නා උපක්‍රමයක් ලෙසින් ඇතැමුන් පවසන බවකි.

chandrika hotel khairagarh rajnandgaon tea stalls hhfxtxj
නමුදු, එම මිතුරියගේ එම ප්‍රකාශයෙන් අන්දමන්ද වූ මම එම බොජුන් හලට පැමිණෙන කාට හෝ තේ කෝප්පයක් දීම සඳහා ඔහුගේ ජනවර්ගය පරීක්ෂා කිරීමට හේතුව කුමක් විය හැකි දැයි ඇගෙන් අසා සිටියෙමි. එවිට මගේ එම මිතුරිය පවසා සිටියේ එය ඉල්ලා සිටින පාරිභෝගිකයාගේ ජන වර්ගය අනුව ඇතැම් මුස්ලිම් බොජුන්හල්වල තේ පිළියෙල කිරීමේ දී ‘කිසියම් වෙනසක්’ සිදු කෙරෙන බවට ජන සමාජය තුළ යම් කතිකාවක් ගොඩනැඟෙමින් පවතින බවකි. එහෙත්, ඇය පැවසූ එම සන්නිවේදන රටාව එලෙසින්ම ක්‍රියාත්මක වන්නේ නම් එය එම ආපන ශාලා සේවකයන්, ඒ ඇනවුම භාරගත් බවට ඒ පාරිභෝගිකයාට ද ඒ මොහොතේම සන්නිවේදනය කිරීමේ සද්භාවයෙන් කරන්නක් බව මගේ පෞද්ගලික වැටහීම ය.

එමෙන්ම ඇගේ එම කතාව ඇසූ සැනින් එක් වරම මගේ සිහියට පිවිසියේ මීට පෙර අප රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ මුස්ලිම් වෙළඳ ප්‍රජාව ඉලක්ක කොට ගත් වඳ කොත්තු, වඳ බ්‍රෙසියර් වැනි පට්ට පල් බොරු දාමයයි. එහි එක් අන්තයක් වූයේ රජයේ මහ රෝහලක මුස්ලිම් ජාතික විශේෂඥ ද නොවන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු සිංහල කතුන් වඳ කිරීමට දැරූ වෑයමක් පිළිබඳ ඔලමොට්ටල ගණයේ කතාවක් සමාජය තුළ පැතිර යාම ය. ඊට හේතුව තම ඒකකය තුළ එවැනි අතිශය සාහසික කටයුත්තක් සිදු වන්නේ නම් ඊට සම්පූර්ණයෙන් වග කිව යුතු ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා එම ප්‍රවෘත්තියෙන් “අතුරුදන් කොට” තිබීම ය.

වර්තමාන සමාජයේ පවතින නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය තුළ දිනෙන් දින මුවහත් වන වෙළඳ තරඟය මේ වන විට සාමාන්‍ය ව්‍යවහාරයට අනුව කිවහොත් “මිනී මරා ගන්නා මට්ටම” තෙක් දරුණු වී තිබේ. එම තරඟයේ දී අප සමාජයේ බොහෝ ව්‍යාපාරිකයන් යොදා ගන්නා, නීතිමය මූලධර්මයන් හා සදාචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කෙරෙන උපක්‍රම අතර, මුස්ලිම් ජනවර්ගයට විවෘත ව්‍යාපාරික තරඟයට පිවිසීමට ඇති අවකාශය විවිධ ක්‍රමෝපායන් මඟින් අවුරා තිබීම ද ප්‍රධාන තැනක් ගනී.

ඇතැම් නගරවල වෙළඳ ප්‍රජාව විසින් මුස්ලිම් වෙළඳ ප්‍රජාවට එම නගරවල ව්‍යාපාරික කටයුතු ඇරඹීමට ඉඩ නොදෙනුයේ, සමානාත්මතාවයකින් යුතු විය යුතු ශිෂ්ටාචාරගත මිනිස් සමාජය තුළ වනයේ නීතිය ස්ථාපිත කරමිනි. එය මුස්ලිම් නොවන වෙළඳ ප්‍රජාවගේ කූට වාණිජෝපායක් බව මගේ විශ්වාසයයි. එහිදී ඔව්හු මුස්ලිම් ව්‍යාපාරිකයන් ඉතා සූක්ෂම ලෙස පාරිභෝගිකයන් ගසා කන බවට පට්ට පල් කෙබර සමාජය පුරා වපුරන බව ද ප්‍රසිද්ධ රහසකි. වත්මන් සමාජ, ආර්ථික සංකීර්ණතාව අනුව ව්‍යාපාරික ලෝකයේ වංචා, දූෂණ, සටකපටකම් ප්‍රවර්ධනය වීමේ පහසු අවකාශයන් තිබේ. නමුදු, එම නීති හා සදාචාර විරෝධී ක්‍රියා ජනවර්ග අනුව බෙදීම කිසිසේත් යුක්ති සහගත නොවන බව ඒ සම්බන්ධයෙන් කරනු ලබන නිරීක්ෂණ අධ්‍යයන වලින් මනාව තහවුරු කර ගත හැක. ඒ, සමාජයේ වෙසෙන සත් පුරුෂයන් හා අසත් පුරුෂයන් ජන වර්ග අනුව බෙදා වෙන් කළ නොහැකි බැවිනි.

image 31d45108 9e16 4967 9c9a 32bfa03596d4 1024x1024
එමෙන්ම ඉහත සඳහන් මුස්ලිම් ආපන ශාලාවල සිදුවන බව පැවසෙන ජන වර්ග අනුව තේ කෝප්පයේ වෙනසක් සිදු කෙරෙන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සැකයක් ඇති වන ඕනෑම අයකුට ඒ මොහොතේම මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා හෝ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිලි කිරීමට විවෘත අවකාශයක් තිබේ. ඒ අනුව එම ආපන ශාලාව කිනම් හෝ එවැනි අයුතු ක්‍රියාවක් සිදු කර තිබේ නම්, එය එම වෙළෙඳ සලට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකේය මුස්ලිම් වෙළඳ ප්‍රජාව කෙරෙහිම අතිශය අනර්ථකාරී ලෙස බලපානු නියතය. නමුත් ව්‍යාපාරික සහජීවනයකින් යුතු මුස්ලිම්වරුන් හට ඒ සම්බන්ධයෙන් දී ඇති ඉස්ලාමීය උපදේශන අනුව කිසිවකුත් එසේ කළහොත් ඔවුන් ජාති හා ආගම් ද්‍රෝහීන් වනු නියත ය. මෙහි පවත්නා ගැටළුව වනුයේ ඒ සම්බන්ධයෙන් අප සමාජයේ සෙසු ජන කොටස් අතර කිසිදු දැනීමක් නොතිබීම ය. මෙහි දී විශේෂයෙන් කිව යුතු තවත් කරුණක් වනුයේ, මේ වන විට බහුතර ඉස්ලාමීය ප්‍රජාව ගෝලීය වශයෙන් පවා තම වාණිජ ආධිපත්‍යය ස්ථාපිත කොට ඇත්තේ ඔවුන්ගේ ආගමික ඉගැන්වීම් නිසි ලෙස අනුගමනය කොට ඇති නිසා බව ය.

Islamic man, pray and hands in home with faith, peace and calm with worship, praise and gratitude. Muslim person, living room and dua with kiss for spiritual guide, religion and apartment in Doha

ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ව්‍යාපාරයක් කිරීමේ දී පවා අල්ලාහ් දෙවියන් පිළිබඳ ගෞරවාදරය, භයපක්ෂපාතීත්වය හා විශ්වාසය (ඉබාදත්) පෙරදැරි කර ගත යුතු ය. ඒ සඳහා අවංකභාවය සහ විශ්වාසවන්ත භාවය (සිද්ක්, අමානා) අනිවාර්ය වේ. ඉස්ලාම් දහමට අනුව ව්‍යාපාරිකයෙකු සතු විය යුතු වැදගත්ම ගුණාංගය වන්නේ අවංක භාවයයි.

ව්‍යාපාරිකයා තමන් ඉදිරිපත් කරන භාණ්ඩයේ හෝ සේවාවේ ගුණාත්මකභාවය හෝ මිල පිළිබඳව කිසිවිටකත් බොරු නොකළ යුතු ය. එසේ කිරීම දේව විශ්වාසය (තක්වා) පළුදු කර ගැනීමකි. භාණ්ඩයක යම් දෝෂයක් ඇත්නම් එය පාරිභෝගිකයාට කල් තියා පැවසිය යුතු වනුයේ ද අවංකභාවය සහ විශ්වාසවන්ත භාවය ඉස්ලාමීය මූලික ඉගැන්වීමක් වන බැවිනි.


ව්‍යාපාරයක් පවත්වා ගෙන යාමේ දී සාධාරණ මිනුම් සහ තරාදි ආදිය අනිවාර්ය වන අතර ගනුදෙනුකරුවන්ට භාණ්ඩ කිරා මැන දීමේදී ඉතා නිවැරදි විය යුතු ය. අල්-කුරානයේ සඳහන් වන පරිදි, මිනුම් සහ තරාදිවලින් වංචා කරන අය කෙරෙහි අල්ලාහ් ගේ කරුණාව හිමි නොවන අතර, පාරිභෝගිකයාට හිමිවිය යුතු නියමිත ප්‍රමාණය කිසිදු අඩුවකින් තොරව ලබා දීමට වගබලා ගත යුතු බව පවසනුයේ, එසේ කිරුම් මිනුම් අවභාවිතා කොට මිනුම් සහ තරාදිවලින් වංචා කරන අය (අල්-මුතෆිෆීන්) ට දැඩි දඬුවම් හිමි වන බව අවධාරණය කරමිනි. පාරිභෝගිකයාට හිමිවිය යුතු නියමිත ප්‍රමාණයම ලබා දීම (අල්-කිස්ත්) හෙවත් අල්ලාහ් දෙවියන් අපේක්ෂා කරන යුක්තිය ඉටු කිරීමක් ලෙස ඉස්ලාමයේ සඳහන් වේ.

මිල ඉහළ යන තෙක් අත්‍යවශ්‍ය භාණ්ඩ හිතාමතා සඟවා තබා හිඟයක් ඇති කිරීම (ඉහ්තිකාර්) හරාම් හෙවත් පව්කාර ක්‍රියාවක් බව දැඩිව අවධාරණය කරන ඉස්ලාමය, භාණ්ඩ සහ සේවා මිල කෘතිමව ඉහළ නැංවීම (නජ්ෂ්) පාපකාරී ක්‍රියාවක් ලෙස දක්වා තිබේ. එමෙන්ම ණයක් ලබා දී ඒ වෙනුවෙන් අමතර වාසි හෝ තෑගි බලාපොරොත්තු වීම සේම ණය ලබා දීමේදී හෝ ගැනීමේදී අමතර මුදලක් හෙවත් පොලියක් (රිබා) අය කිරීමෙන් වැළකිය යුතු ය.

 

maxresdefault 7

“විශ්වාසවන්ත සහ අවංක වෙළෙන්දා මරණින් මතු ජීවිතයේදී නබීවරුන් සහ ෂහීද්වරුන් වැනි ඉහළ ආධ්‍යාත්ම තලයන් හි පිහිටන” බව ප්‍රකාශ කරන ඉස්ලාමය, නිර්ලෝභී වීමෙන් හා නිතර දානමාන දීමෙන් (සදකා) ව්‍යාපාරයට අල්ලාහ්ගේ ආශිර්වාදය (බරකාත්) ලැබෙන බව විශ්වාස කෙරේ.

මෙහි මා ඉහත දක්වා ඇත්තේ ව්‍යාපාරකරණය හා සම්බන්ධ අල්-කුරානය හා නබි වදන් (හදීස්) ඇසුරින් ඉදිරිපත්ව ඇති ඉස්ලාමීය මාර්ගෝපදේශන වලින් ඉතා සුළු කොටසකි. ඉහත සඳහන් ආගමික පසුබිමක් යටතේ ව්‍යාපාරික කටයුතු වල යෙදිය යුතු මුස්ලිම් වෙළඳ ප්‍රජාව ප්‍රායෝගික වශයෙන් එම ආගමික මාර්ගෝපදේශන කොතෙක් දුරට පිළිපදින්නේ ද යන්න විමසා බැලීමේ පොදු හා විවෘත අවකාශයක් සැමටම හිමි ය. එසේ නොකොට බොරු උප්පරවැට්ටි මවා පාමින් මේ උත්සව සමයේ පාරිභෝගිකයන් මුස්ලිම් වෙළඳායතන වෙත යාම වලක්වා, මුස්ලිම් වෙළඳුන් දඬු කඳේ ගැසීමේ අයුතු අසාධාරණ ක්‍රියාවලිය තුළින් එම වෙළඳ ප්‍රජාවට සේම වඩාත් සාධාරණ පාරිභෝගික සේවාවක් අපේක්ෂා කරන මෙරට පොදු ජනතාවට සිදුවන අගතිය සම්බන්ධයෙන් ජන වාර්ගික අසාධාරණ කම් පිටු දකින බවට සහතික වී බලයට පත් වත්මන්  රජයේ මෙන්ම සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන වල  අවධානය මීට වඩා යොමු විය යුතු බව අපගේ වැටහීම ය.

(සටහන | ෆාතිමා හලල්දීන්)

උපුටා ගැනීම -vinivida.lk

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...