The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රනිල් ආයේත් පරද්දමු ... | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

T

The Leader Desk

December 25, 2025 • 8:41 AM

රනිල් ආයේත් පරද්දමු ... | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් ආයේත් පරද්දමු - ලිපිය නැවත කියවන්න.
  • දෝණි තම අම්මාටත් නො කියවන ඔසප් සංසිද්ධියට  දේශපාලනික පෑඩ් ඇන්දවීමෙන් 2019දීම සජිත් ප්‍රේමදාසත් අමු ජෝකරයෙක් විය.
  • දැන් සිදුව ඇත්තේ වෙනත් දෙයකි.
  • 2015දී ඡන්ද 5098916ක් සහ මන්ත්‍රීන් 106ක් සමග රට කරවූ රනිල්, 2020දී ඡන්ද 249435ක් සහ එක් මන්ත්‍රී ආසනයකට සීමා විය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පසුගිය අසීරු දෙ වසර අවසානයේ උද්ධමනය අඩු විය. රුපියල ශක්තිමත් විය. සංචාරක කර්මාන්තය වැඩි දියුණු විය. විදේශ සංචිත තර විය. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සුලභ විය. පාසල් විවෘත විය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මුහුදට විසි කොට අප්‍රෙල් අරගලය නිර්මානය කළ පීඩාකාරි යුගය මෙසේ තුනී වී යාම  මග හැර යමින්, ''ඕවා කියලා  වැඩක් නෑ රනිල් පරදිනවා''  කියන මාලිමාව තම මුහුණු පොත් සහෘදයන් ලවා මාලිමාවට ජය වේවා කියවා ගත්තාට බංගාවේවා කියන උපන් නැකතක් හිමි  ජෙප්පන් කවදාවත් මෙතෙක් දිනලාම නැත.

දෝණි තම අම්මාටත් නො කියවන ඔසප් සංසිද්ධියට  දේශපාලනික පෑඩ් ඇන්දවීමෙන් 2019දීම සජිත් ප්‍රේමදාසත් අමු ජෝකරයෙක් විය. අනුන් දෙන දේ කමින් බොමින් යැපෙන, පිනට ලැඛෙන රෙදි කලිසම් වලින් විලි වසා ගන්නා කයියනායකලා වචනාර්ථයෙන් අපතයන් මිස යුගයක් නිර්මානය කිරීමට සමත් නො වෙති. එකට එකතුව රනිල් පරාද කළ හැකි වුණත් වඩාත් ගහ බැණ ගන්නේ මේ දෙ ගොල්ලමය.

 

 

ගෝඨාට රැවටී දෙ කෝටි පනස් ලක්ෂයකට යන එන මං නැති කළ හැට නව ලක්ෂයෙන් එකියක් වූ නිවාස අධිකාරියේ නිලධාරිනියක් ''ගිය ගමන රනිල් පරද්දන්න ගෝඨාට දුන්නා. මේ ගමන මාලිමාවට දෙන්න ඉන්නේ. ඒත් බයත් හිතෙනවා.'' යනුවෙන් කීවේ පවත්නා දේශපාලන දෙ ගිඩියාව එළි දක්වමිනි. ඇයි සජිත් මොකද? එහි සිටි අයෙක් විමසූ විට ඇය කීවේ '' නිවාස අධිකාරියට එයා කළ විනාසය අපි දන්නවා'' කියාය.

රටේ බහුතරය කතිර පාවිච්චි කළේ රට හදන්න නොවේ. රනිල් ගෙදර යවන්නය. දැන් සිදුව ඇත්තේ වෙනත් දෙයකි. 2015දී ඡන්ද 5098916ක් සහ මන්ත්‍රීන් 106ක් සමග රට කරවූ රනිල්, 2020දී ඡන්ද 249435ක් සහ එක් මන්ත්‍රී ආසනයකට සීමා විය. සජිත් 2020දී තමන්ගේ අප්පාවත් ජනාධිපති කරවූ එජාපයට හතුරු නො වුණා  නම් රාජපක්ෂලාට තුනෙන් දෙකක් ගන්නේවත් රටට මෙහෙම වෙන්නේත්  නැත. රටක විපක්ෂ නායකයා අස්ථාවර රට භාර ගෙන අගමැති වීම වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදාය වුවද, 2022දී ලංකාවේ එහෙම නො වීය. සජිත් බය වුණේ මැයි 9 වෙනිදා ගෝල්ෆේස්හිදී ඔලූවට එල්ලවූ පොලූ පාර නිසා විය හැකිය. 17 වසරක් තම දේශපාලන ප්‍රතිවාදියාවූ රනිල් හාස්කමකින් මෙන් නිමේෂයකින් රටේ පාලකයා වීම රාජපක්ෂලාට වඩා පොහොට්ටුවට මදි පුංචිකමක් විය. සිද්ධ වුණේ රටට පවත්නා  එකම  විකල්පය එක්සත් ජාතික පක්ෂය හෙයින් ජනතාව ගෙදර යැවූ රනිල් පාර්ලිමේන්තු බහුතරය 2022 ජූලියේ විසින් යළි කැඳවීමය. රනිල් එජාප ශෛලියෙන් අර්බුදයට මුහුණ දුන් ආකාරය දෙ කෝටි පනස් ලක්ෂයක් දෙනා විමසිල්ලෙන් බලා සිටිති.  

 

දිගු කලක් වැසී තිබුණ පාසල් පද්ධතිය රනිල් ජනාධිපතිවී පැය 48ක් තුළ විවෘත නො කළා නම්, සජිත්ට ස්කෝලවල රැස්වීම් තියන්ට ලැඛෙන්නේ නැත. ඉන්ධන හිඟවී ඇනහිට තිබුණ රට, රනිල්  පැය 48ක් තුළ කිව්ආර් කේතය යොදා සක්‍රිය නො කරන්නට, එදා අඳුරු මුඩුක්ක්කුවක්ව පැවති රට අදටත් එසේම පවතිනවා නිසැකය. රනිල් පාසල් විවෘත කිරිමේ වාසිය, වෘතීය සමිති කාරයන්ගේ ගුරු වර්ජන නිසා අදටත් පාසල් දරුවන්ට ලැඛෙන්නේ නැත. දීමනා වැඩි කරන්නැයි විභාග රාජකාරි නවතා මහා මාර්ගය අවහිර කොට ගුරු වෘත්තිකයන් වරක් ඉල්ලා සිටි සාකච්ඡාව, උසස් පෙළ  ප්‍රතිපල නිකුත් කරන තෙක් ලබා නො දෙන බව තීන්දු කළ ජනාධිපති  වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේදී  නිකමා කී සජිත් ගැන රටේ සිසු පරපුර සිතන විදිය මරික්කාර්ලා බුද්ධිකලා නො දැන සිටියාට හර්ෂලා කබිර්ලා එරාන්ලා රෝහිණිලා තලතලා රෝහිණිලා හොඳින් දනිති.  

2022ට සාපේක්ෂව, රටේ ජන ජිවිතය සාමාන්‍ය වෙමින් පවතී. පැට්‍රල් ලීටරය රුපියල් 117ට ගෑස් සිලින්ඩරය රුපියල් 1250ට ජනතාවට දුන් යහ පාලන ආණ්ඩුව පරදවා 2020දී රටේ බලය අල්ලා ගැනීමට රාජපක්ෂලාට වඳ ෂාපි වඳ කොත්තු හා පාස්කු බෝම්බය මෙන්ම සජබ විගඩමද සහාය දුන්නේය. ඒ පාඩම ඉගෙණ ගත් රටේ මිනිස්සු ඉදිරි ජනාධිපති මැතිවරණයේ (2024 සැප්තැම්බර් 21) දී  කළ යුත්තේ කුමක්දැයි ජනතාව විසින්ම තීරණය කළ යුතුව තිබේ.


දේශපාලනිකව එජාපයටත් අමිහිරි අත්දැකීමක් වූ රනිල් වික්‍රමසිංහ අප්‍රේල් අරගලයෙන් ප්‍රතික්ෂේපවූ රාජපක්ෂලා, ප්‍රේමදාසලා, අනුර කුමාරලා, වාසුදේවලා විමල් වීරවංශලා වෙනුවට දෙවියන් වහන්සේ විසින් නොව ස්වභාව ධර්මය තෝරා දුන් එකම විකල්පය තිත්ත වුවද ශක්තිමත් සත්‍යය බව තහවුරු විය.  බටලන්ද සහ බැංකු මංකොල්ලය ගැන කියමින් රනිල් රටට එපා කරවා රටේ බලයට පත් රාජපක්ෂ සිදු කළ සුනාමි ගිණුම,  එක්ස්ප්‍රස් පර්ල් නෞකා වන්දිය, සිරිලිය ගිණුම,  එයාර් බස් ගණුදෙනුව ආදි අනේක චෝදනා යටපත් කළ  විපක්ෂය, මේ පිටපොට ගසන්නේ  යළි රනිල් ගෙදර යවා රටේ බලය ඇල්ලීමටය.  

අල්ලස, දූෂණය, වංචාව රටේ බලය අල්ලන මන්ත්‍රය කර ගත් ජෙප්ප්න් සිය තුවක්කු දේශපාලනය ගිනි අවි පැහැර ගැනීමෙන් බැංකු කැඩීමෙන් මිනී මැරිමෙන් පටන් ගත් බව රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මතකය. 88-89 භීෂණය සමයේ කු ප්‍රකට බටලන්ද හමුදා කඳවුර යනු, වීජේවීර පන පිටින් පුලූස්සා ඔහුගේ දරු පවුල ආරක්ෂා කළ රාජ්‍යය විසින් රටේ ආරක්ෂාවට ගොඩ නැගූ  ආරක්ෂක කුටියක් මිස,  අධ්‍යාපන හා යව්වන කටයුතු ඇමතිව සිටියදී අනාගතය වෙනුවෙන් නිර්මානය කළ  විද්‍යා පීඨ, යොවුන් කඳවුරු වැනි රනිල් වික්‍රමසිංහ පන්නයේ ව්‍යාපෘතියක් නොවේ. බටලන්ද කඳවුරේදී  ඝාතනය වූ විජේදාස ලියනාරච්චි ආරක්ෂක අංශවලට කොටු කළේ ජවිපෙය වෙනුවෙන් ජිනීවා ගිය ලංකාවේ ප්‍රකට දකුණේ දේශපාලනඥයෙකු බව රහසක් නොවේ.

 


ඊයේ පෙරේදා අනුර කුමාර දිසානායක, නවසිය හැත්තෑ අටේ සිට දෙ දහස් විසි දෙක වසර 44ක් තුළ විදේශ ආයෝජන වලින් ලංකාවට ලැබුණේ ඩොලර් බිලියන 22ක් පමණක් බවත් වියට්නාමය 2022දී පමණක් ඩොලර් බිලියන 22ක් රටට ගෙන්වා ගත් කී සැනින්, දෙරණ මාධ්‍යවේදියා ඊට තමුන්නාන්සේලාත් වගකිව යුතු නැතිදැයි පෙරළා විමසුවේ 88-89 කාලයේ බලය අල්ලා ගැනීමට මනුෂ්‍ය ඝාතනවලට අමතරව සාපරාධි ලෙස ජෙප්පන් රටේ ආර්ථීකයට කළ විනාසය එල්ටීටීඊයටවත් නො කළ බව සිහිපත් කරමිනි.

 



ඩොලර් බිලියන 22ක විදේශ ආයෝජන එක් වසරකින් උපයා ගත් වියට්නාමය ඊට ගුරු කොට ගත්තේත්, පිදෙල් කැස්ත්‍රෝ කොමියුනිස්ට් කියුබාවට නිදහස් ආර්ථීකය හඳුන්වා දුන්නේත්, එජාප පාලකයන්ගේ නිදහස් වෙළඳ කලාප අත්දැකීමය. ලෝක ප්‍රකට කියුබානු සුරුට්ටු මිටි පිටින් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට වරින් වර එවන තරමට ලංකාවට ලෙන්ගතු වූ ක්‍රැස්තෝ අනුර කුමාරලාට යට ඇඳුමක් එවා නැත. චීනය හා වියට්නාමය මෙන් කියුබාව සාර්ථක නො වීමට හේතු අනුර කුමාරලා පැහැදිලි කළ  යුතුවේ. මහ කොළඹ ආර්ථික කොමිෂමට අදාළ අණ පනත් වලින් නිදහස් වෙළඳ කලාප තුළ වෘතිය සමිති ක්‍රියාකාරිත්වයට යම් සීමා තහංචි  පනවන ලද්දේ වර්ජන නිසා ශ්‍රී ලංකාව හැර ගිය ජාත්‍යන්තර ආයෝජකයවන් පිළිබඳ ව්‍යාපාරික ලෝකයේ  පැවති බිය සැක තුනී කිරිමටය. වෘත්තීය සමිති අරගල සහ ඊනියා ජනසතු ව්‍යාපාර නිසා  නවසිය පනස් ගණන්වල ලංකාව හැර ගිය බොහෝ ජාත්‍යන්තර ආයෝජකයන් සිංගප්පූරුවට කැඳවා ගත් බව ලී ක්වාන් යූ කියා තිබේ.

WhatsApp Image 2025 12 25 at 2.16.29 PM

ෂෙල්, කැල්ටෙක්ස්, එසෝ ආදි අමෙරිකා සමාගම් සතුව පැවති ඉන්ධන  ව්‍යාපාර ජනසතු කොට පිහිටවූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අදටත් රාජ්‍ය භාණ්ඩාගාරයට වැය බරක් වී ඇත්තේ වෘත්තිය සමිති මාෆියාව මිස වංචා දූෂණ නිසා නොවේ. මේ ඛේදවාචකයට ලංකා විදුලි බල මණ්ඩලය මෙන්ම, එයාර් ලංකා සහ ටෙලිකොම් ආදි රාජ්‍ය ආයතනද බිලි විය. (ලංවිම 1994 තෙක් 17 වසරක් සහ 2015-2019 අතර  ලාභ ලැබීය.)

තුවක්කු පෙන්නා මංකොල්ල කෑමත් වර්ජන තර්ජන හරහා අමතර දීමනා ලබා ගැනීමත් හේතුවෙන් ආසන්න අඩ සියවසක් රාජ්‍ය ව්‍යාපාර විනාස වීමටත් විදේශීය ආයෝජකයන් නො පැමිණිමටත් වඩාත් හේතු වුණේ ජෙප්පන් මිස වාංචා දූෂණ නොවේ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව
1965-1970 කාලයේ  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ වරයෙකු ලෙස සහ පසුව සෙනෙට් සභාවද නියෝජනය කළ එජාප හිතවාදි ඔස්කා ද ලිවේරා සෙනෙට් මන්ත්‍රීවරයෙකු වීමේ සතුට සැමරීමට පැවති සාදයේදී එජාප මන්ත්‍රීන් ඇතුළු හිතවතුන් හමුවේ කී කතාවක් මෙහිදී ඉතා  වැදගත්ය. අධ්‍යක්ෂ ධුරය දරද්දී වරක් ඔහුගේ නමට නිකුත් කළ චෙක් පතක් පිළිබඳ අදාළ සමාගමෙන්  විමසූ විට ඒ වාර්ෂිකව සේවාස්ථ අධ්‍යක්ෂ වරයෙකුට හිමි කොමිස් මුදල දැන ගත් වහා ආයතනයේ ගණකාධිකාරි කැඳවා එකී චෙක් පත ආයතනයේ සුභ සාධක ගිණුමට බැර කිරීමට නියම කළ බව කී ඔස්කාර් ලිවේරා,  කොහොමද ජනසතු ව්‍යාපාරවල ඇතුල් පැත්ත  බව කියා සිනාසිණ.

මාසික වැටුප් ලබන්නන් විරැකියාවෙන් පෙළෙන්නන්  සරසවි සිසූන් මිස, ගොවීන් ස්වයං රැකියා කරන්නන් ව්‍යාපාරිකයන් උද්ඝෝෂණ වර්ජන සඳහා කැඳවා  ගැනීමට වර්තමාන දේශපාලන ක්‍රියාකාරින්ට නො හැකිව ඇත්තේ කෘෂි කාර්මික නිෂ්පාදන හා සේවා මිල ඉහළ යාමෙන් ග්‍රාමීය ආර්ථීකය  වඩාත්  කාර්යක්ෂම වීමට සමාන්තරව, අර්ධ කාලීන රැකියා අවස්ථා වැඩිවීම හේතුවෙනි. සමහර බැංකු සේවකයන්  පවා අර්ධ කාලීනව කුරියර් සේවා වලට බැඳි වැඩ කිරීම රහසක් නොවේ. ශ්‍රම දායකත්වයෙන් අවංක කැපවීමෙන් සාධාරණව උපයා ගත් දෙයින් ජීවත් වීමට හුරුවූ රටේ බහුතරයක් දෙනා හැමදාමත් ස්ව ශක්තියෙන් ගොඩ නැගුණා මිස එක එකා පසුපස ගමන් කළේ නැත. මෑතක රටට කිර්තිය ගෙනා ග්‍රාමීය ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ වැඩිහිටියන්ද තවත් උදාහරණයකි. වැට් බදු නීතියට  එරෙහිව කළ දැවැන්ත උද්ඝෝෂණ වලදී  අස්වැන්න අඩුවීමෙන් කැරට් කිලෝව රුපියල් දෙදහසක් වීමත් පාලකයාට එරෙහි සටන් පාඨයක් කර ගත් වමේ බලවේග ගිය සතියේ දෙහි කිලෝවක් රුපියල් 2000ක් වීම ගැන කතා කළේම නැත. මාධ්‍යට මුණ ගැසුණ දෙහි ගොවීන්ට අනුව,  ඉඩොරය හේතුවෙන් අස්වැන්න අඩුවීමෙන්   දෙහි මිල ඉහළ යාමක්, වර්ෂාව සමග නැවත මිල පහත වැටීමත් හැමදාම සිදුවේ. මාධ්‍යට කතා කළ තවත් තරුණ දෙහි ගොවියෙක්,  සහනාධාර නොව අතිරික්ත අස්වැන්න කල් ලබා ගැනීමේ විද්‍යාත්මක ක්‍රම හඳුන්වා දෙන ලෙස ඉල්ලා සිටියේය.  මෙම ප්‍රකාශ වලින් තහවුරු වන්නේ අව්ව වැස්ස පවා තම වාසියට යොදා ගන්නා මුග්ධ දේශපාලනය ගැන ජනතාව වර්තමානයේ උනන්දු නොවන බවය.

 

මරබිය සමාජගත කිරීමේ මෙහෙයුමක් !
ව්‍යාපාරිකයෙකු හමුවූ  රෝහල් සුළු සේවිකාවක් අමතර ආදායමක් ලැබිය හැකි අර්ධ කාලීන රැකියා ගැන විමසා තිබිණ. ලැඛෙන වැටුප මදිදැයි ව්‍යාපාරිකයා විමසූ විට, වැටුප්  දීමනා වෙනුවෙන්  වර්ජන කර රෝගීන්ගේ සාපයට ලක් වෙනවාට වඩා අමතර රැකියාවක් කිරීම පවුලටත් සහනයක් බව කියා තිබේ. ගතවූ  දුෂ්කර කාලය සිහිපත් කළ උප තැපැල් ස්ථානාධිපතිනියක කීවේ, හම්බ කර ගත් දේ ඔහේ වැය කරමින් ගෙවූ නාස්තිකාර ජිවිතය කළමනාකරණය කර ගැනීමෙන් යමක් ඉතිරි කළ හැකි බව තේරුම් ගැනීම ආශිර්වාදයක් වූ බවය. මේ විස්තර කරන්නේ අප්‍රේල් අරගලයට මැදිවූ රටේ සාමාන්‍ය ජනතාව තුළ ඇතිවූ ආකල්පය වෙනසය.

දේශපාලනයෙන් බැහැරව ආර්ථීක අර්බුදය තේරුම් ගැනීම නිසා නව ආකල්ප වලින් ජන සමාජය ශක්තිමත්වීම නිසා දේශපාලන කි්‍රයාකම් වලින් සාමාන්‍ය මිනිසුන් ඈත්වීමේ සම්භාවිතාව වැඩි  බවය. මේ ආර්ථීක හා සාමාජික පරිසරය තුළ බොහෝ දේ සිදුවෙමින් පවතී. රට කැමති වුණත් නැතත් එකී 2022-2024 වසර දෙක පුරා රටේ ජනතාව භුක්ති විඳින්නේ තනි මන්තී්‍ර ධුරයක් හිමි එජාප රනිල් වික්‍රමසිංහ විශ්වාසයෙන්  කළ දේ පමණකි.

රටේ බලය ඉල්ලා කා කොටා ගන්නා අනුර සජිත් දෙදෙනාට  උනුන් මුන ගැසී තම ආර්ථීක ප්‍රතිපත්ති ගැන කතා කිරීමත්  රටේ හාස්‍යට ලක්වී හමාරය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එක දිගට එක්ව වැඩ කිරීමට විපක්ෂයට  ආරාධනා කළ ද, අදටත් රටට ඔබින එකම වැඩ පිළිවෙල හුදෙකලා රනිල්ගේ මත වාදය පමණක් බව පැහැදිලිය. මේ පසුබිමෙහි ළ`ග එන ජනාධිපති මැතිවරණයේදී ආයෙත් 2019දී මෙන් ආයෙත් රනිල් පරද්දමු කියමින් මේ ලිපිය අවසන් කරමි.

(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

සබැඳි ලිපි :

රනිල් ආයේත් පරද්දමු - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

රනිල් වික්‍රමසිංහ අනේපිඩු සිටානන් වීම | චන්ද්‍රසිරි සෙනෙවිරත්න

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...