The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විද්‍යුත් මාධ්‍ය, හිරු, පොලිසිය, ආණ්ඩුවේ විදුලි සංදේශ කොමිසම සහ අපි..| විජයානන්ද ජයවීර

T

The Leader Desk

December 25, 2025 • 10:52 AM

විද්‍යුත් මාධ්‍ය, හිරු, පොලිසිය, ආණ්ඩුවේ විදුලි සංදේශ කොමිසම සහ අපි..| විජයානන්ද ජයවීර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිරු රූපවාහිනිය විසින් සාවද්‍ය කරුණු අඩංගු පුවතක් ප්‍රචාරය කරනු ලැබීමේ චෝදනාවක් ගැන විද්‍යුත් මාධ්‍ය විකාශන බලපත්‍ර අධිකාරිය වන විදුලි සංදේශ කොමිසමේ අවධානය යොමු කිරීමට පොලිසිය තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසූ බව වාර්තා විය.
  • විද්‍යුත් මාධ්‍ය ප්‍රමිති, ප්‍රවෘත්ති සංස්කරණය, වැඩසටහන් අන්තර්ගතය සහ ඉදිරිප්ත කිරීම සම්බන්ධ විස්තීර්ණ ජාත්‍යන්තර ප්‍රමිති හඳුන්වා දී ඇති අතර ඒවා අනුව කටයුතු කිරීමට විද්‍යුත් මාධ්‍ය විකාශන බලපත්‍රලාභීහු බැඳී සිටිති.
  • උදාහරණයක් ලෙස පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යුත් මාධ්‍ය සංවිධානය විසින් පිළිගත් වැඩසටහන් ප්‍රමිති පිළිබඳ විස්තීර්ණ මාර්ගෝපදේශ ඇතුළත් පොතක් යුනෙස්කෝ ආයතනයේ අනුග්‍රහයෙන් පළ කලේය.
  • මා දන්නා අන්දමට ලංකාවේ විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභීන්ට වැඩසටහන් සම්බන්ධ එක සමාන විස්තීර්ණ කොන්දේසි පනවා නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


නීත්‍යනුකූල නොවන අන්දමින් රජය පෙරලීමට කුමන්ත්‍රණය කිරීම වැනි බරපතළ චෝදනාවක දී  දී හැරෙන විට විකාශන බලපත්‍ර ලාභීන් විසින් සිය විකාශන බලපත්‍රය අපහරණය කරමින් සාවද්‍ය කරුණු ජනගත කිරීම ඇතුළු වෘත්තිය  පිළිබඳ ප්‍රමිති සහ ආචාරධර්ම උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් පොලිසියට මැදිහත් වීමට සිදුවීම යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයක් නොවේ.

විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති පිළිබඳ සම්මත ප්‍රමිති අනුව කටයුතු නො කරන විට ඒ ගැන සොයා බලා කටයුතු කළ යුත්තේ පොලිසිය මගින් නොව විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා ම පිහිටුවන ලද ස්වාධීන අධිකාරියක් මගිනි. විදුලි සංදේශ කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සම්මුතිය අනුව පත් කරනු ලබන ස්වාධීන කොමිෂන් සභාවක් නොවේ. පොලිසිය මෙන්ම එයද බලයේ සිටින ආණ්ඩුවේ ඇමතිවරයෙකු යටතේ පවත්වාගෙන ඇමතිවරයා විසින් පත් කරනු ලබන ආයතනයකි.  

images 21

සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම අපහරණයක් වන නමුදු නූතන ලෝකයේ ස්වාධීන විද්‍යුත් විකාශන මාධ්‍ය යනු ආණ්ඩුවේ කටයුතු මහජන සංනිරීක්ෂණයට ලක් කිරීම සඳහා අත්‍යවශ්‍ය වන මූලික ප්‍රජාතන්ත්‍රවාදී සාධකයකි. එනිසා ඒවායේ කටයුතු  අකටයුතු ගැන සොයා බලා විසඳුම් දිය යුත්තේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට වග වන ආයතන මගින් නොව ස්වාධීනත්වය මුල් කොට  පිහිටුවා ඇති මැතිවරණ කොමිසම, අධිකරණ සේවා කොමිසම හා පොලිස් කොමිසමට සමානව විද්‍යුත් විකාශන මාධ්‍ය බලපත්‍ර ප්‍රදානය සහ නියාමනය සඳහා ද ස්වාධීන කොමිසමක් පිහිටුවීමෙනි. නො එසේව  පොලිසිය සහ ආණ්ඩුවේ ආයතනයක් එක්ව ජන මාධ්‍ය සම්බන්ධයෙන් අනුපිළිවෙළින් අභිචෝදක හා අධිකරණ කටයුතු තමන් වෙත පවරා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදු නොවිය යුත්තකි. එය ජන මාධ්‍යයේ ස්වාධීනත්වයට තර්ජනයකි. ස්වයං වාරණයට අත වැනීමකි.

download 2

 

පවතින ප්‍රකට ව්‍යවස්ථානුකූල ස්වාධීන කොමිෂන් සභා මෙන් නොව පාලන බලය හිමි දේශපාලනස අධිකාරිය සිය අභිමතය පරිදි  පත් කරනු ලබන සාමාජිකයන්ගෙන් හෙබි විදුලි සංදේශ නියාමන කොමිසමෙන් විද්‍යුත් මාධ්‍ය අන්තර්ගතය පිළිබඳ නඩු විමසීම බියකරු පූර්වාදර්ශයකි. අනෙක් බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙන් ම  විද්‍යුත් මාධ්‍යයෙ වෘත්තීය භාවය ප්‍රවර්ධනය කිරීම මුල් කර ගෙන මහජන යහපත සඳහා විද්‍යුත් මාධ්‍ය නියාමනය කරන ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමනය අධිකාරියක අවශ්‍යතාව පිළිබඳව අප කලක සිට ම පෙන්වා දුන්නෙමු. අපේ විද්‍යුත් විකාශන මාධ්‍ය ක්ෂේත්‍රය වෘත්තිය භාවය ගොඩනැගිය හැක්කේ එමගින් මිස පොලිසියේ මැදිහත් වීමෙන් නොවේ.

එතෙක් විද්‍යුත් මාධ්‍ය අපහරණය කිරීම වැළැක්වීමට ආණ්ඩුව විසින් කළ හැකි එක් දෙයක් තිබේ. විද්‍යුත් මාධ්‍ය ප්‍රමිති, ප්‍රවෘත්ති සංස්කරණය, වැඩසටහන් අන්තර්ගතය සහ ඉදිරිප්ත කිරීම සම්බන්ධ විස්තීර්ණ ජාත්‍යන්තර ප්‍රමිති හඳුන්වා දී ඇති අතර ඒවා අනුව කටයුතු කිරීමට විද්‍යුත් මාධ්‍ය විකාශන බලපත්‍රලාභීහු බැඳී සිටිති. උදාහරණයක් ලෙස පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යුත් මාධ්‍ය සංවිධානය විසින් පිළිගත් වැඩසටහන් ප්‍රමිති පිළිබඳ විස්තීර්ණ මාර්ගෝපදේශ ඇතුළත් පොතක් යුනෙස්කෝ ආයතනයේ අනුග්‍රහයෙන් පළ කලේය. මා දන්නා අන්දමට ලංකාවේ විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභීන්ට වැඩසටහන් සම්බන්ධ එක සමාන විස්තීර්ණ කොන්දේසි පනවා නැත. වරක ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දී හෙළි වූ අන්දමට එක් එක් විද්‍යුත් මාධ්‍යයට දී ඇති බලපත්‍ර එකිනෙකකට වෙනස් ය. ඇතැම් බලපත්‍රවල වැඩසටහන් ප්‍රමිති සම්බන්ධ කිසිදු විස්තීර්ණ කොන්දේසියක් සඳහන් නොවේ. ඒ නිසා මුලින් ම කළ යුතු වන්නේ විද්‍යුත් මාධ්‍ය වාර්තාකරණය හා අන්තර්ගතය හා සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිති විස්තීර්ණ ලෙස හඳුන්වා දීමයි.

 

TV copy

ශ්‍රී ලංකාවේ දැනට පවතින නීතියට අනුව විද්‍යුත් මාධ්‍ය විකාශනයක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම අදාළ විෂය භාර අමාත්‍යාංශයේ කටයුත්තකි.. එය ඉතා අවිචාරශිලී ක්‍රමයක් වන නමුත් ඒ ක්‍රමය තුළ පවා විද්‍යුත් මාධ්‍ය සඳහා මහජන සේවය මුඛ්‍ය කරගත් නිසි ප්‍රමිති පවත්වා ගෙන යාම අවධාරණය කිරීම නො කළ හැක්කක් නොවේ. විද්‍යුත් විකාශන මාධ්‍යයක් පවත්වාගෙන යා ම හැම දෙනෙකුට ලැබෙන වරප්‍රසාදයක් නොවේ. ඒ නිසා  ඒ සඳහා බලපත්‍රයක් ලබා ගන්නා අය  නියමිත ප්‍රමිතියකට අනුව අපක්ෂපාතී ව සහ නිරවද්‍ය ව සුපිළිපන්න තොරතුරු විකාශනය කිරීමට බැඳී සිටී. ඒ නිසා ගුවන් විදුලි සහ රූපවාහිනී පනත් මගින් අමාත්‍යවරයාට පවරා ඇති බලතල අනුව එකී ප්‍රමිති මොනවද යන්න මාර්ගෝපදේශ වසයෙන් ගැසට් කර විකාශන බල පත්‍ර කොන්දේසි වල අඩංගු  කළ හැකිය.

පහත දැක්වෙන්නේ ප්‍රකට අන්තර්ජාතික ප්‍රමිති අනුගමනය කරමින් ම විසින් පිළියෙළ කරන ලද එවැනි මාර්ගෝපදේශ මාලාවකි. සිංහල ඉංග්‍රිසි භාෂා දෙකෙන් ම කෙටුම්පත් කර ඇති එය මහජන කතිකාවකට ලක් කොට යොදා ගත හැකිය. අවම වසයෙන් එවැනි මාර්ගෝපදේශ ඇති බව විද්‍යුත් මාධ්‍ය කරවන අය පමණක් නොව විද්‍යුත් මාධ්‍ය පරිහරණය කරන අය දන්නේ නම් එය විද්‍යුත් මාධ්‍ය අවභාවිතය කිරීම වැළැක් වීමේ ප්‍රමුඛ පියවරක් විය හැකිය. ඒ හැර අවංක අධ්‍යාශයක් ඇත්නම් විද්‍යුත් මාධ්‍යයට ද මහජනයාට පිළිගත හැකි තමන්ගේ ම ඕම්බුඩ්ස්මන්වරුන් පත් කොට එවැනි මාර්ගෝපදේශ උල්ලංඝනය වන අවස්ථා සම්බන්ධ පැමිණිලි විබාග කරලීමට සිය ආයතන විවෘත කිරීමෙන් මහජන විශ්වාසය දිනා ගත හැකිය.

(මාර්ගෝපදේශ ඇතුළු සම්පූර්ණ ලිපිය jayavoice.com වෙබ් අඩවියෙන් කියවන්න)

@highlight

ජෝ බයිඩන්ගෙන් කොවිඩ් එන්නත ගැන විශිෂ්ඨ තීන්දුවක් -විජයානන්ද ජයවීර(සටහන | විජයානන්ද ජයවීර)  
යුනෙස්කෝ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ
ජ්‍යෙෂ්ඨ මාධ්‍ය විචාරක

w.jayaweera@gmail.com

jayavoice.com

උපුටා ගැනීම - Wijayananda Jayaweera ෆේස්බුක් පිටුවෙන්...

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...