The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
විශේෂාංග

ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කරන පාදඩ ආඥා පනත | ප්‍රියන්ජත් ආලෝකබණ්ඩාර

T

The Leader Desk

December 26, 2025 • 8:47 AM

ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කරන පාදඩ ආඥා පනත | ප්‍රියන්ජත් ආලෝකබණ්ඩාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “අපි ලිංගික සේවා සැපයීම තමයි කරන්නේ. පෑලියගොඩයි, කිරිබත්ගොඩයි තමා මම රස්සාව කරන්නේ. මාව කිහිප පාරක් අත්අඩංගුවට අරන් උසාවි දාලා දඬුවම් කරලා තියෙනවා. එක පාරක් රෑ පොලීසියේ අය ඇවිල්ලා මාව අල්ලාගෙන උදලු මිටක් කැඩෙනකම් මට ගැහුවා.”
  •   ලිංගික අවශ්‍යතා ඇති පුද්ගලයින්ට සේවා සපයන්නන් බොහෝ විට තම සේවා සැපයීම සඳහා තෝරා ගන්නේ රාත්‍රී කාලයයි.
  • පාදඩ ආඥා පනතේ 19 වන වගන්තියට අනුව ‘සද්භාවයෙන් කරනු ලබන කිසියම් ක්‍රියාවක් හෝ අතපසුවීමක් සඳහා සාම නිලධාරියෙකුට හෝ පරිවාස නිලධාරියෙකුට එරෙහිව කිසිදු අපරාධ හෝ සිවිල් නඩුවක් පැවරිය නොහැක්කේය…’ යනුවෙන් සඳහන් කොට තිබේ.
  • 19 වන සියවසේ අග භාගයේ සහ 20 වන සියවසේ මුලභාගයේ ලංකාවේ නීති පද්ධතියට ඇතුළත් වූ ඇතැම්  දණ්ඩ නීති අදටත් වලංගුය.
අකුරු ප්‍රමාණය (Font Size):


ලිංගික අවශ්‍යතා ඇති පුද්ගලයින්ට සේවා සපයන කාන්තාවක් වන කේ පුෂ්පරානී තමන්ගේ අත්දැකීම අපට විස්තර කළේ මේ ආකාරයටය.

 

wcew

ලිංගික අවශ්‍යතා ඇති පුද්ගලයින්ට සේවා සපයන්නන් බොහෝ විට තම සේවා සැපයීම සඳහා තෝරා ගන්නේ රාත්‍රී කාලයයි. එසේ ලිංගික සේවා සපයන්නේ කාන්තාවක්, පුරුෂයෙක්, සංක්‍රාන්ති ලිංගිකයෙක් හෝ සමරිසි පුද්ගලයෙක් විය හැකිය. එවැනි අවස්ථාවල පොලිසිය මගින් පුරුෂයින් අත්අඩංගුවට ගන්නා අවස්ථා අල්පය. පාදඩ ආඥා පනතට අනුව ‘ඉබාගාතේ යන්නන්’ ලෙස හඳුන්වා ඇති වගන්තිය අනුව රාත්‍රී කාලයේ තම සේවා දායකයින් සොයා ගන්නට උත්සාහ දරමින් සිටින එවැනි කාන්තාවන්, සංක්‍රාන්ති ලිංගිකයින් හෝ සමරිසි පුද්ගලයින් සාම නිලධාරීන් හෙවත් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සිදු වේ.

පාදඩ ආඥා පනතේ 19 වන වගන්තියට අනුව ‘සද්භාවයෙන් කරනු ලබන කිසියම් ක්‍රියාවක් හෝ අතපසුවීමක් සඳහා සාම නිලධාරියෙකුට හෝ පරිවාස නිලධාරියෙකුට එරෙහිව කිසිදු අපරාධ හෝ සිවිල් නඩුවක් පැවරිය නොහැක්කේය…’ යනුවෙන් සඳහන් කොට තිබේ.

 

1411982448balumgala
ලංකාවේ නීති, අණ පනත් යාවත්කාලීන නොවීම නිසා මහජනතාව නිරන්තරයෙන් පීඩාවට පත් වේ. ඒ අතරින් වැඩිපුරම පීඩාවට පත් වන්නේ සමාජයේ ආන්තීකරණයට ලක් වූ ජන කොටස්ය. යටත් විජිත සමයේ සිට ක්‍රියාත්මක වන ‘පාදඩ ආඥා පනත’ එසේ යාවත්කාලීන නොවූ නීති අතරින් විශේෂිතය. ලිංගික අවශ්‍යතා ඇති පුද්ගලයින්ට සේවා සපයන කාන්තාවන්, සංක්‍රාන්ති ලිංගිකයින් සහ සමරිසි පුද්ගලයින් මේ පනත නිසා නිරන්තරයෙන් පීඩාවට පත් වේ. ඔවුන් සමාජයේ ආන්තීකරණයට ලක් වූ ප්‍රජාවන් නිසා ඔවුන් වෙනුවෙන්, ඔවුන්ට සිදුවන අසාධාරණයන් වෙනුවෙන් සමාජයේ හඬක් නැගෙන්නේ නැත.

19 වන සියවසේ අග භාගයේ සහ 20 වන සියවසේ මුලභාගයේ ලංකාවේ නීති පද්ධතියට ඇතුළත් වූ ඇතැම්  දණ්ඩ නීති අදටත් වලංගුය. 1948 ලංකාවට නිදහස ලැබීමෙන් පසු දශක ගණනාවක් ගතවී තිබුණද, සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික වශයෙන් සමාජය විශාල ලෙස වෙනස් වීමට ලක් වී තිබුණද මේ ආඥා පනත් ප්‍රමාණවත් ලෙස යාවත්කාලීන වී නොමැත. 1824 දී එංගලන්තයේ ස්ථාපිත වූ ‘ඉංග්‍රීසි පාදඩ පනත’ මෙරටට ‘පාදඩ ආඥා පනත’ ලෙස හඳුන්වා දී තිබෙන්නේ 1841 දීය. එය අවසන් වරට සංශෝධනය වී ඇත්තේ 1847 දීය.

sw 4

 

ශ්‍රී ලංකාව අත්සන් කොට ඇති ජාත්‍යන්තර සම්මුතීන් බොහෝමයක් අත්සන් කොට තිබෙන්නේ නිදහසින් පසු අවධියේය. විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසු පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කළ මානව හිමිකම් සම්මුතීන් ඒ අතර වේ. නිදහසට පෙර යුගයේ මෙරට නීති පද්ධතියට එක් වූ ආඥා පනත්වල ඇතැම් වගන්තිවලින් ශ්‍රී ලංකාව අත්සන් කළ ප්‍රඥ්ප්තිවල වගන්ති උල්ලංගණය වන අවස්ථා තිබුණද ඒවා නිරාකරණය කිරීම සඳහා ප්‍රමාණවත් අවදානයක් යොමු වී නැත.

විශේෂයෙන් සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය (ICCPR), වාර්ගිකත්වය මත වෙනස්කොට සැලකීම තුරන් කිරීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය (ICERD), කාන්තාවන්ට එරෙහි වෙනස්කොට සැලකීම තුරන් කිරීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය (CEDAW), වද හිංසාවලට හෝ කෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීමට හෝ දඬුවමට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය (CAT) වැනි ප්‍රඥප්ති නොවූ පාදඩ ආඥා පනත නිසා පැහැදිළි ලෙසම උල්ලංගනය වන බව පෙනෙන්නට තිබේ.

iccprdf

 

“සියලූම තැනැත්තෝ නීතිය ඉදිරියේ එක සමාන වන්නාහ. තවද කිසිම ප්‍රභේධයකින් තොරව නීතියේ සමාන රැකවරණය ලැබීමට හිමිකම් ඇත්තෝය. මේ සම්බන්ධයෙන් ඕනෑම වෙනස්කමක් නීතියෙන් තහනම් විය යුතු අතර වර්ණය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, භාෂාව ආගම, දේශපාලනය හෝ වෙනත් මත, ජාතික හෝ සමාජීය සම්බවය, දේපොළ, උප්පත්තිය හෝ වෙනත් සාධක යන යම් සාධකයක් මත වෙනස්කම් කිරීමට විරුද්ධව සමාන හා කාර්යයසාධක රැකවරණය නීතියෙන් සහතික කළ යුතුය.” යනුවෙන් සිවිල් හා දේශපාන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ (ICCPR) 26 වන වගන්තියේ සඳහන්ය.

ලිංගික අවශ්‍යතා ඇති අයට සේවා සැපයීම වෘත්තියක් ලෙස තවමත් ලංකාවේ නීතිමය පසුබිමක් සකස් වී නැත. කාලීනව, යාවත්කාලීන නොවූ අණ පනත් කාලයට උචිත ලෙස ප්‍රතිසංස්කරණය විය යුතුවා සේම, ලිංගික අවශ්‍යතා ඇති අයට සේවා සැපයීම පිළිබඳ නීතිමය තත්වයක අවශ්‍යතාව දැඩිව දැනෙමින් තිබේ.

 

ස්ටෑන්ඩ් අප් මූමන්ට් ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා අශිලා දන්දෙනිය

 

ආන්තීකරණයට ලක් වූවන් ආරක්ෂා කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් යහපත් ප්‍රතිචාර බලාපොරොත්තු විය හැක්කේ එවිටය. ඒ නිසා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ සිවිල් සංවිධානවල මැදහත්වීමත්, රජයේ වගකිවයුතු තනතුරුවල සහ ආයතනවල අවධානය යොමු වීමත් කාලීන අවශ්‍යතාවකි.


ලිංගික අවශ්‍යතා ඇති පුද්ගලයින්ට සේවා සපයන්නන්ගේ ශ්‍රමයට සාමාජය තුළ පිළිගැනීමක්, ගෞරවයක් ලැබිය යුතු බවයි ස්ටෑන්ඩ් අප් මූමන්ට් ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා අශිලා දන්දෙනිය පැවසූයේ.
 
sw 3
“ලිංගික ශ්‍රමිකයින් කියන පිරිස සමාජය තුළ වැඩි අවදානයක් නැති ශ්‍රමිකයින් පිරිසක් හැටියටයි අපි හඳුණාගෙන තියෙන්නේ. සමාජයේ පවතින ආකල්පවලින් පරිභාහිරව මේ අය ශ්‍රම දායකත්වයක් සපයන අය ලෙස පිළිගැනීමත්, මනුෂ්‍යයින් ලෙස ඔවුන්ට හිමි ගෞරවය, ආරක්ෂාව ඔවුන්ට ලබා දීමත් අපේ යුතුකමක් වෙනවා. ඔවුන් ශ්‍රමිකයින් ලෙස පිළිගන්න පුළුවන්ද කියන ගැටළුව අදටත් අපේ සමාජය තුළ ඉතිරි වෙලා තියෙනවා. ඔවුන් ශ්‍රමිකයින් හැටියට පිළිගත හැකියි කියලා අපි පැහැදිළිව කියනවා. ඒ නිසා මේ රටේ අනෙක් සේවා සපයන්නන් වගේම ලිංගික සේවා සපයන්නන්ටත් සමාන අයිතිවාසීකම් හිමි විය යුතුයි. ඒවගේම ඒ රැකියාව ස්වයං රැකියාවක් ලෙස අර්ථදැක්විය හැකි බව අපි පැහැදිළිව කියනවා. ඒ නිසා වෙනත් ස්වයං රැකියා කරන අයට තියෙන අයිතිවාසීකම් ඔවුන්ටත් හිමිවිය යුතුයි. ඒ වාගේම මේක අවිධිමත් රැකියා ක්ෂේත්‍රයක් හැටියට අපි හඳුන්වනවා. අද ලෝකය ගොඩාක් ඉදිරියට ගිහින් තියෙනවා. ඉතා දියුණු සමාජයක් නිර්මාණය වෙමින් තියෙනවා. ඒ නිසා මේ රටට සමාජයට ශ්‍රම දායකත්වයක් දක්වන ශ්‍රමිකයින් පිරිසක් නොපිළිගැනීමට ලක් කිරීම මෙවැනි දියුණු සමාජයකට නොගැලපෙන දෙයක් හැටියට දකිනවා.”
 
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වන වගන්තිය තුළින් මූලික අයිතිවාසීකම් පරිච්ඡේදයට අදාළ නොවන 1978 ව්‍යවස්ථාවට පෙර පැවැති ලිඛිත හෝ ලිඛිත නොවන නීති වලංගුව හා බලාත්මකව ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දී තිබේ. ව්‍යවස්ථාවේ මෙම වගන්තිය තුළින් මූලික අයිතිවාසීකම් උල්ලංගනය කරන පාදඩ ආඥාපනත වැනි නීතිමය තත්වයන්වල බලාත්මක වීම තහවුරු කොට තිබීමද ගැටළුසහගතය.

ජාත්‍යන්තර නීති විශාරදයින්ගේ කොමිසම ජාත්‍යන්තර මානව හිමිකම් නීති හා ප්‍රඥප්තිවලට අනුකූල වන ආකාරයට සමාලෝචනය කර ශ්‍රී ලංකාවේ පාදඩ ආඥා පනත අහෝසි කරන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.
 
 senaka perera llb
නීතිඥ සේනක පෙරේරා
 
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතීඥ සේනක පෙරේරා මේ පිළිබඳ පවසන්නේ මෙවැනි අදහසකි.

“ලංකාවේ වතුවල වැඩට ඉන්දියානු ජනයා ගෙනාවා. නමුත් ඇතැම් ගැටලු නිසා වතු කම්කරුවන් වතුවලින් පැනලා යන්න පටන් ගත්තා. ඒක නවත්වන්න පිළියමක් ලෙස තමයි 1841 පාදඩ ආඥා පනත ගෙනාවේ.
 
මේ පනතට අනුව හේතුවක් නොදක්වා යම් කිසි තැනක රැඳී සිටින අයෙක් අත්අඩංගුවට ගන්න පුළුවන්. නිදහස ලැබිලා ඒ තත්වයන් තරමක් දුරට වෙනස් වුණාට පස්සේ, කාලයක් යනකොට කාන්තාවන්ට එරෙහිව මේ පනත ක්‍රියාත්මක ක්‍රියාත්මක කරන්න පටන්ගත්තා. ලංකාවේ තියෙන්නේ සදාචාර පොලිසියක්නේ. රෑට බස් හෝල්ට් එකේ ඉන්න පිරිමියා ඔය පනතෙන් අල්ලන් යන්නේ නෑ. හැබැයි කාන්තාව අල්ලන් යනවා. අයාලේ යාමට දඩය වෙන්නේ රුපියල් 100 ක්. ඒ වගේම ලිංගික ශ්‍රමිකයින් ලංකාවේ දැඩි ලෙස ගර්හාවට පත් වෙච්ච පිරිසක්නේ. රෑට සේවා සපයන ලිංගික ශ්‍රමිකයෝ පොලිසියෙන් අල්ලලා මේ පනත යටතේ නඩු පවරනවා. මොකද බොහෝ ලිංගික ශ්‍රමිකයෝ තමන්ගේ ගම් පළාත්වල ඉඳලා නගරයට ඇවිල්ලා ගෙවල්වලට, ගමට, සමාජෙට හොරෙන් තමයි මේ රස්සාවේ නිරත වෙන්නේ. ප්‍රසිද්ධ වෙන්න තියෙන අකමැත්ත සහ නඩු කියන්න ගියාම යන වියදම, කාලය නිසාත් ඒ අය වැරදිකරු කියලා පිළිඅරන් රුපියල් 100 ගෙවලා නිදහස් වෙනවා.
spa dj
 
ස්පා වගේ ආයතනවලින් කාන්තාවන් අත්අඩංගුවට ගත්තාමත් ඒ පනත යටතේ තමයි නඩු දාන්නේ. ඒක අපේ රටේ සම්ප්‍රදායක් බවට පත් වෙලා තියෙන්නේ.’’

පාදඩ ආඥා පනතේ වගන්ති 3 කින් වෛශ්‍යා වෘත්තියට අදාළ ක්‍රියාකාරකම් පිළිබඳ සඳන් කර තිබේ. එහි 9 (1) (අ) වගන්තියේ සිය කැමැත්තෙන්ම පූර්ණ හෝ අර්ධ වශයෙන් වෛශ්‍යා වෘත්තියෙන්උපයාගනිමින් ජීවත්වන පුද්ගලයින් වරදක් සිදු කරන බව දක්වා තිබේ. නමුත් සයිබෝ එල්. චෙල්වම් නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාවේ ශ්‍රෙෂ්ඨාධිකරණය වෛශ්‍යාවක් ලෙස ජීවත් වීම අපරාධයක් නොවන බව සඳහන් කරමින් එම නඩුවට අදාළ කාන්තාවන් දෙදෙනා නිදහස් කර තිබේ.

ලිංගික අවශ්‍යතා ඇති අයට සේවා සපයන කාන්තාවක් වන නිමාලි ඇයගේ අත්දැකීම අපට මෙසේ විස්තර කළේය.
 
“දවසක් මම අපේ මහත්තයත් එක්ක පිටකොටුවට ගිහින් බස් එකේ ඇවිල්ලා කටුණායක 18 කණුවෙන් බැස්සා. මහත්තයා පොඩි අයට කෑම එකක් ගන්න නයිට් කඩේ ඇතුළට ගියා. මම පාර අයිනේ එයා එනකම් හිටගෙන හිටියා. පොලීසියෙන් ඇවිත් අපි දෙන්නම අල්ලගෙන ගිහින් අයාලේ ගියා කියන වරදට මාව උසාවි දැම්මා. ගංජා ලඟ තියාගත්තා කියලා මගේ මගේ මහත්තයාව දැම්මා. මම හිතන්නේ මම ලිංගික අවශ්‍යතා ඇති අයට සේවා සපයන කෙනෙක් කියලා දැනගෙන වෙන්න ඇති එහෙම කරන්න ඇත්තේ.”
WhatsApp Image 2025 03 15 at 10.29.12 AM
 
ලිංගික ශ්‍රමය සැපයීම වරදක් නොවන බවට පූර්වාදර්ශ තිබුණද, ශ්‍රී ලංකා පොලීසිය තවමත් ලිංගික අවශ්‍යතා ඇති පුද්ගලයින්ට සේවා සපයන කාන්තාවන් හා සමරිසි පුද්ගලයින් සහ සංක්‍රාන්ති ලිංගිකයන් අත්අඩංගුවට ගැනීම හා පාදඩ ආඥා පනත යටතේ නඩු පැවරීම නැවැත්වූ බවක් පෙනෙන්නට නැත.

priyanjith w(සටහන | ප්‍රියන්ජත් ආලෝකබණ්ඩාර)
Creative Content Consultant

priyanjithab@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...