The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ වාර්තාකරණයට ජනමාධ්‍යවේදීන් සදහා ප්‍රථම වරට ආචාරධාර්මික ප්‍රතිපත්ති මාලාවක්

T

The Leader Desk

December 26, 2025 • 11:10 AM

ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ වාර්තාකරණයට ජනමාධ්‍යවේදීන් සදහා ප්‍රථම වරට ආචාරධාර්මික ප්‍රතිපත්ති මාලාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ වෙසෙන ලිංගික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් පුවත් වාර්තාකරණයේදී මෙරට ජනමාධ්‍යවේදීන් අනුගමනය කලයුතු ආචාරධර්ම හා මුලධාර්මික ප්‍රතිපත්ති මාලාවක් පසුගියදා කටුනායක KYN ROOK AIRPORT HOTEL හිදී එළිදැක්වීණි.
  • එය  ඔවුන් කෙරහි සමාජ ප්‍රචන්ඩත්වය මුදාහැරීම සාධාරණීය කරනවා මෙන්ම, මෙම තත්වය පොදු, මහජන සේවාවන් සදහා ඔවුන්ට ප්‍රවේශවිමට ඇති අයිතිය අහිමිකරනු ලබයි.
  • මෙම වෙනස්කොට සැලකීම එම ප්‍රජාවගේ මුලික අයිතිවාසිකම් පවා අහිමිකිරිමක් බව මෙරට ලිංගික ශ්‍රමිකයින්ගේ අදහස වී තිබේ.
  • ලිංගික ශ්‍රමිකයින් පිළිබද වාර්තාකරනයේදී ජනමාධ්‍යවේදීන්ට මාර්ගෝපදේශනයක් ලෙස සකසා ඇති මෙම ප්‍රතිපත්ති මාලාවේ ප්‍රම්‍රඛ මුලධාර්මික කාරණා කිහිපයක් ඉස්මතුකර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජේෂ්ඨ ජනමාධ්‍යවේදී ලසන්ත ද සිල්වා මහතාගේ සම්පත් දායකත්වයෙන් එළිදැක්වු මෙම ආචාරධර්ම හා මූලධාර්මික ප්‍රතිපත්ති මාලාව සම්පාධනය සදහා මුල්‍ය දායකත්වය සපයා තිබුනේ ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වසර ගනනාවක සිට හඩ නගන ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් සංවිධානය විසිනි.

ස්ටෑන්ඩ්අප් මුව්මන්ට් සංවිධානය යනු මෙරට දිස්ත්‍රික්ක 09ක ලිංගික ශ්‍රමිකයින් 900කට ආසන්න පිරිසකගේ වෘත්තිය හා මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින සිවිල් සංවිධානයකි.

 

ස්ටෑන්ඩ් අප් මුව්මන්ඩ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරිය මාධ්‍ය සාකච්ජාවට එක්වෙමින්
මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා මහතා පවසන්නේ ජනමාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට ලිංගික ශ්‍රමිකයින් පිලිබදව වාර්තාකරණයේදී අනුගමනය කල යුතු මෙම ආචාරධාර්මික ප්‍රතිපත්ති මාලාව සැකසීම සදහා මෙරට වෘත්තිය ජනමාධ්‍යවෙිදීන්, ලිංගික ශ්‍රමිකයින් හා ඔවුන් වෙනුවෙන් පෙනීසිටින සංවිධානවල අදහස් හා යෝජනා සැලකිල්ලට ගත් බවයි.

නිරවද්‍ය, ආචාරධාර්මික, සහ වගකීම් සහගත මාධ්‍යකරණය යනු ජනමාධ්‍යවල සුපිලිපන් පැවැත්මට පමනක් අදාල කරුනක් නොවේ.එය සමාජ යහ පැවැත්ම සහ මහජන ආරක්ෂාව සදහාද අතිශය වැදගත්ය.ලිංගික ශ්‍රමිකයින් පිලිබද සිදුකරන සංවේදී හා භාවාතිශය මාතෘකා හා අපහාසාත්මක භාෂාව, ඔවුන් වඩාත් අපකිර්තියට ලක්කරන බව නොරහසකි. එය  ඔවුන් කෙරහි සමාජ ප්‍රචන්ඩත්වය මුදාහැරීම සාධාරණීය කරනවා මෙන්ම, මෙම තත්වය පොදු, මහජන සේවාවන් සදහා ඔවුන්ට ප්‍රවේශවිමට ඇති අයිතිය අහිමිකරනු ලබයි. මෙම වෙනස්කොට සැලකීම එම ප්‍රජාවගේ මුලික අයිතිවාසිකම් පවා අහිමිකිරිමක් බව මෙරට ලිංගික ශ්‍රමිකයින්ගේ අදහස වී තිබේ.

“ ලිංගික සේවා සපයන තැනැත්තන් නැතිනම් ලිංගික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අපේ රටේ ජනමාධ්‍ය වාර්තාකරණයේදී, වගකිම් සහගත නොවීම හා මාධ්‍ය ආචාරධර්ම නොතකා හැරිම නිසා මෙරට ලිංගික ශ්‍රමිකයින් පිලිබදව සමාජය තුල වැරදි මතයක් වගේම, ඔවුන් කෙරහි සමාජ වෛරය වැපිරීමත්, අපකිර්තියට ලක් කිරිමත් සිදුකරනවා . ඒ නිසා තමයි ස්ටෑන්ඩ් අප් මුව්මන්ට් ආයතනය එක්ක එකතුවෙලා මෙි සදහා ජනමාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට මේ ආචාරධර්ම හා මාර්ගෝපදේශ මාලාවක් සකස්කරන්න තීරණය කලේ “ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හා නිදහස් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ වර්තමාන කැදවුම්කරු ලසන්ත ද සිල්වා මහතා පවසයි.

 

නිදහස් මාධ් ය ව් යාපාරයේ කැදවුම්කරු ජේෂ්ඨ මාධ් යවේදී ලසන්ත ද සිල්වා මහතාලසන්ත ද සිල්වා
මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් ලිංගික ශ්‍රමිකයින් පිලිබදව වාර්තාකරනයේදී යම් ප්‍රතිපත්ති මාලාවක් මාර්ගෝපදේශයක් ලෙස යොදාගැනිම නිසා එම ලිංගික ශ්‍රමිකයින් සුරාකෑමට ලක්විම හා ඔවුන් සම්බන්ධයෙන් වෙන හානි අවම වන බව ලසන්ත ද සිල්වා මහතාගේ අදහසයි. ලිංගික ශ්‍රමිකයින්ගේ නම, මුහුණ, පදිංචි ස්ථානය, හෝ ඔවුන් හදුනාගැනිමට හැකි ඇතැම් තොරතුරු මාධ්‍ය මගින් පල කිරිමෙන් ඔවුන් තවදුරටත් පීඩාවට පත්වන බවත්,මෙම මාධ්‍ය ප්‍රතිපත්ති මාලාව හදුන්වාදීම මගින් එම ප්‍රජාව ජනමාධ්‍ය භාවිතාව හරහා මුහුනදෙන ගැටලු රැසකට පිලියම් ලැබෙනු ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

“ වාර්තාකරණයේදී භාවාතිශය හා ඒකාකෘතික බව වලකාගැනිමත්, මෙම ශ්‍රමිකයින් සම්බන්ධයෙන් කාමෝද්දීප භාෂාවන් භාවිතය වලකාලීමත් මෙි ප්‍රතිපත්ති මාලාවෙි බලාපොරොත්තුවක්, ඒ වගේම ඔවුන්ගේ පෞද්ගලිකත්වය කෙරහි සංවේදීවිම, මෙම ලිංගික ශ්‍රමිකයින්, අනෙකුත් ශ්‍රමිකයින්ට මෙන් සමාජ පිලිගැනිමක් ඇති කිරිම අපේ ප්‍රධාන අරමුණක්.“ ජේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා මහතා අපකල විමසිමකදී තවදුරටත් පැවසීය.

ලිංගික ශ්‍රමිකයින් පිළිබද වාර්තාකරනයේදී ජනමාධ්‍යවේදීන්ට මාර්ගෝපදේශනයක් ලෙස සකසා ඇති මෙම ප්‍රතිපත්ති මාලාවේ ප්‍රම්‍රඛ මුලධාර්මික කාරණා කිහිපයක් ඉස්මතුකර තිබේ. ආචාර ධර්මික හා නිරවද්‍ය වාර්තාකරණය, එම ශ්‍රමික ප්‍රජාවට නිසි ගරුත්වය සහ වටිනාකම ලබාදීම, විවිධත්වය ඉවසීම,සමාජ වගකීම, ලිංගික ශ්‍රමික ප්‍රජාවට සිදුවිය හැකි හානි වලකාලීම, ඉන් ප්‍රධානය. ඊට අමතරව මෙම ලියවිල්ලෙන් ලිංගික ශ්‍රමිකයින් පිලිබදව වාර්තාකරනයේ දී, භාෂාව හා පාරිභාෂික වචන භාවිතයේ  ඇති වැදගත්කම පෙන්වා දී ඇති අතර,නිවැරදි මුලාශ්‍ර සපයා ගැනිමට හා ලිංගික ශ්‍රමිකයින් නියෝජනය කරන සංවිධාන සදහා මෙන්ම ලිංගික ශ්‍රමිකයින්ගේ අදහස් හා යෝජනාවන්ටද මාධ්‍යකරනයේදී අවස්ථාවක් ලබාදිය යුතු බවද අවධාරනය කර තිබේ.

ලිංගික සේවාවන් සපයන්නන්ගේ අමානුෂික බව හා හුදු ලිංගිකත්වය හුවා දැක්වෙන අන්දමෙි ජායාරෑප වලින් හා සිරස්තල වලින් වාර්තා කිරිම මගින් සිදුවන, මාධ්‍ය අන්තර්ගතයන් අසභ්‍යකරණය වලක්වා ගැනිමත්,මාධ්‍යවේදීන්ට මුහුණ දිමට සිදුවිය හැකි නීතිමය ගැටලු හා වෙනත් අවදානම් අවම කර ගැනිමටත්, මෙම මාර්ගෝපදේශන මාලාව මග පෙන්වන බව,මෙම අවස්ථාවට එක්ව සිටි ජේෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම මව්බිම දිනපතා පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ බිගුන් මේනක ගමගේ මහතාගේ අදහසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම ලියවිල්ල  මාධ්‍ය වාර්තාකරනයේ ඇති සමාජ වගකීම හා යුක්තිසහගත බාවය පිලිඹිඹු කරන්නක් මිස මෙම විෂය සම්බන්ධයෙන් මාධ්‍යයට කරන වාරණයක් නොවන බවයි. ලිංගික ශ්‍රමිකයින්ට එරෙහි ජනප්‍රිය මිත්‍යාවන් නිශේධනය කරමින් ඔවුන්ද සෙසු පුරවැසියන් හා සමාන මුලික මානව අයිතිවාසිකම් සහිත පිරිසක් බව සිහිතබා ගනිමින් වාර්තාකරණයට මෙම මග පෙන්විම පිටුවහලක් බවද ඒ මහතාගේ අදහස වී තිබේ.

ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් සදහා සටන් වදින ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් සංවිධානය පෙන්වා දෙන්නේ ලිංගික සේවා සපයන්නන් ශ්‍රමික පිරිසක් ලෙස පිලිගැනිමට ලක්විය යුතුබවයි. මානව හිමිකම් සහ කම්කරු අයිතීන් පිලිබද ජාත්‍යන්තර දැක්ම අනුවද, UNIIDS, WHO,UN WOMAN, ඇමිනේට්ස් ඉන්ටර්නැෂනල් වැනි සංවිධාන හා ආයතන වැඩිහිටි තැනැත්තන් විසින් ස්වකීය කැමැත්ත මත සිදුකෙරෙන ලිංගික සේවා සැපයිම ශ්‍රමයේ ස්වරෑපයක් ලෙස පිලිගන්නා බවත්, ඒ අනුව ඔවුන්ද ශ්‍රමය වැයකරන කම්කරුවන්ට ඇති අයිතීන්, හා ආරක්ෂණය සහ රැකවරණයට හිමිකම් ලැබිය යුතු බවත් අවධාරණය කරයි. නවසීලන්තය ලිංගික සේවා සැපයීම අපරාධමය කාරණයක් නොවන බව පිලිගෙන ඇති අතර, ඔවුන් ශ්‍රමිකයින් ලෙස පිලිගන්නා බවත්, නෙදර්ලන්තය හා ජර්මනිය ලිංගික සේවා සැපයිම රෙගුලාසිවලට යටත්ව ශ්‍රමය ලෙස පිලිගෙන ඇති බවත් ඔවුහු අවධාරණය කරති.

ඩේලිමිර්ර පුවත්පත වෙනුවෙන් අප මේ සම්බන්ධයෙන් ස්ටෑන්ඩ් අපි මුව්මන්ට් සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා අශිලා දන්දෙණිය මහත්මියගෙන් කල විමසිමකදී ඒ මහත්මිය පැවසුවේ ලිංගික ශ්‍රමිකයින් හේතු තුනක් නිසා ශ්‍රමික ලෙස පිලිගැනීම යුක්ති සහගත බවයි.

 

ස්ටෑන්ඩ්අප් මුව්මන්ට් සංවිධානයේ විධායක අධ් යක්ෂිකා අශීලා දන්දෙනියඅශිලා දන්දෙණිය
“ ශ්‍රමිකයින් කිවිවම සේවා සහ නිෂ්පාධන කියන කාන්ඩ දෙකකට බෙදෙනවා. ඉන් මේ කන්ඩායම පැහැදිලි ලෙසම සේවා කාන්ඩයට අයත්,ඔවුනුත් එම කාන්ඩයට අයත් වෙනත් වෘත්තිකයින් වගේම අවශ්‍යතාව අනුව සේවා සැපයිමක් කරනවා, අනික ශ්‍රමිකයින් කිව්වම ෆෝමල් සහ ඉන් ෆෝමල් කියන කන්ඩායම් දෙකක් ඉන්නවා අපේ නිරික්ෂණයන්ට අනුව ලිංගික ශ්‍රමිකයින් අයත් වෙන්නේ ඉන්ෆෝමල් කන්ඩායමට ඒ වගේම වෘත්තියක සේව්‍යයා හා සේවා ලබන්නන් ලෙස දෙපිරිසක් ඉන්නවා. ලිංගික ශ්‍රමිකයින් කියන්නේ ස්වයං රැකියාලාභීන් පිරිසක් ඔවුන්ද කිසියම් ආකාරයකින් තම ශ්‍රමය වපුරලා මෙි රටේ සේවා ආර්ථිකයට දායකත්වයක් සපයනවා. ඒ නිසා අපි කියන්නේ මේ රටේ ලිංගික වෘත්තියේ නියැලෙන්නන් , වෘත්තිකයෙක් නැතිනම් ශ්‍රමිකයෙක් කියලා පිලිගත යුතුයි. කියලයි“

 අප සමග මෙහිදි අදහස් දැක්වු ශ්‍රී ලංකාවේ ලිංගික වෘත්තියේ නියැලෙන්නන් කිහිප දෙනෙක්ම ජනමාධ්‍යවෙිදීන් සදහා ඔවුන් පිලිබදව වාර්තාකරනයේදී මුලධාර්මික මග පෙන්විමක් නැතිනම් මාර්ගෝපදේශණ මාලාවක් එළිදැක්වීම පිලිබදව ඇත්තේ සුබවාදී අදහසකි. ඔවුන් පෙන්වා දෙන්නේ තම වෘත්තියට වැඩිම බලපෑමක් එල්ල වන්නේ සාධාචාරාත්මක නොවන ජනමාධ්‍යකරනය හේතුවෙන් බවයි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලිංගික ශ්‍රමික තරුණියක වන කේ.පුෂ්පරාණි පවසන්නේ මෙවැනි අදහසකි.

“මේ වෘත්තියට දිර්ඝ ඉතිහාසයක් තියෙනවා. ලෝකෙ බොහෝ දියුණු රටවල් මේ වෘත්තිය නීතිගත කරලා ලිංගික වෘත්තියේ නියැලෙන්ටත්,ඔවුන්ගෙන් සේවය ලබාගන්නා එන දෙපිරිසටම ගුනාත්මක සේවාවක් සැපයිමට හා සේවාවක් ලැබිමට අවස්ථාවක් සපයලා තියෙනවා. නමුත් අපේ රටේ එවැනි තත්වයක් නැති නිසා යම් යම් ගැටලු මතුවෙලා තියෙනවා. ඒ වගේම වැරදි මුලාශ්‍ර නැතිනම් මුලාශ්‍ර නොමැතිව ජනමාධ්‍ය කරන වාර්තාකරණයන් නිසා අපේ වෘත්තිය ලොකු අභියෝගයකට ලක්වෙලා තියෙනවා. මෑතක පුවත්පතක ප්‍රධාන පුවතක් ලෙස අගනුවර ඒඩ්ස් රෝගීන්ගේ විශාල වැඩිමක් තියනවා කියලා වාර්ථාකරලා තිබුනා. නමුත් ඒ දාලා තිබුන සංඛ්‍යාව ලබාගත්ත මුලාශ්‍රයක් නැහැ.ඒ වාර්තාවට අනුව ඒඩ්ස් රෝගින් වැඩි වෙන්න හේතුව ලිංගික ශ්‍රමිකයින්, නමුත් එහෙම තත්වයක් නැහැ.මෙවැනි මුලාශ්‍ර නැති පුවත් නිසා අපට පොලිසියෙන්, සමාජයෙන් එල්ලවෙන පිඩාව වැඩියි. අපිත්, අපේ පවුල් නඩත්තු වෙන්නෙ මේ වෘත්තියෙන් ඒ නිසා මාධ්‍යවේදීන් අපගැන වාර්ථාකරන්න යම් ප්‍රතිපත්තියකට එකග වෙනවා කියන්නේ අපට විශාල සතුටක් බව ඇය පවසන්නීය.

කේ.එච් සෞභාග්‍යා කොළඹ හා තදාසන්න නගරවල ලිංගික ශ්‍රමිකාවක් ලෙස කටයුතු කරන සංක්‍රාන්තික ලිංගික තරුණියකි.ඇය පවසන්නේ වාර්තාකරනයේදී යොදාගන්නා ජායාරුප, අපහාසාත්මක භාෂා විලාශය මෙන්ම අතිශෝක්තියෙන් කරන යම් යම් වාර්තාකරණයන් නිසා තම වෘත්තිකයින් සමාජය තුල දැඩි ලෙස අසරණ වෙන බවයි.

“සමහර මාධ්‍යවේදීන් වගේම සමාජ මාධ්‍ය කටයුතු කරන්නන්. අපේ අය සමග සම්මුඛ සාකච්ජා ඇරන් ගිහින් අපි නොකිව්ව කාරණා හෝ ඒ අයට අවශ්‍ය කථාව ගන්න කථාව විකෘතිවෙන අන්දමට එඩිට් කරලා විකාශණය කරනවා නැතිනම් පුවත්පත්වල පලකරනවා. තවත් සමහර මාධ්‍යවේදීන් අපේ අවසරයක් නැතිව පුවත්පත් වල අපේ ජායාරෑප හොරෙන් ඇරගෙන ප්‍රසිද්ධ කරනවා.මේ වෘත්තිය අපි කරන්නේ අපේ කැමැත්තෙන් නමුත් අපේ සමහර අයගේ පවුලේ පිරිස් අපේ අය මෙි වෘත්තිය කරන බව දන්නේ නැහැ. ඇතැමි අයට දරුවෝ ඉන්නවා මේ නිසා ඔවුන්ගේ ආදරණීයන් අපහසුතාවට ලක්වෙනවා. නිග්‍රහ ලබනවා, පීඩාවන්ට පත්වෙනවා, අපට තියෙන මානව ගරුත්වය, හිමිකම නැතිවෙනවා. ඒ නිසා අනෙක් වෘත්තිකයින් ගැන වාර්තාකරන කොට වාර්තාකරනවා වගේම අපේ වෘත්තිය ගැනත් වාර්තාකරනය කරන කොට අපේ වෘත්තිය ගරුත්වයත් ආරක්ෂාකරන්න තරම් සදාචාර සම්පන්න වෙන්න කියලා අපි අපේ රටේ මාධ්‍ය වෘත්තිකයින්ගෙන් ඉල්ලනවා. ඒ නිසා මෙි මාර්ගෝපදේශ මාලාව ගැන අපි සුබවාදීව හිතනවා“ ඇය අප සමග සිනහ මුසුව පැවසුවාය.


උක්ත මාතෘකාව සම්බන්ධයෙන් කථාකරන විට අප රටේ මාධ්‍ය වෘත්තිකයින්ගෙන් සාතිශය බහුතරයක් ඉන්නේ ලිංගික වෘත්තියේ නියැලෙන්නන්ට විරුද්ධ පාර්ශවයේය. ඊට අප රටේ ආගමික හා සංස්කෘතික වටපිටාව හා නැඹුරුව වියහැක. නමුත් මාධ්‍යකරනයේදී අප කැමති හෝ අකමැති යම් පාර්ශවයකට වැඩි නැඹුරුවක් ඇතිව වාර්තාකරනය කල හැකිද ? එය මාධ්‍ය සදාචාරයන්ට හා ආචාරධර්මයන්ට කොතෙක් ගැලපේද ? යන්න මාධ්‍යකරුවන් ස්වයං විග්‍රහයක යෙදිය යුතු බව ලිංගික ශ්‍රම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනිසිටින අභිමානි කාන්තා එකමුතුවේ චමරි උපසේන මහත්මිය පවසන්නීය.

“ ලිංගික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් යම් ගැටලුවක් පැන නැගුනම ජනමාධ්‍ය හැමවිටම තොරතුරු විමසන්නේ අපට එරෙහි සංවිධාන, පොලිසිය,දේශපාලන අධිකාරිය නැතිනම් ඊට සමාන පාර්ශවයන්ගෙන් පමනයි.නමුත් සමබර වාර්ථාකරනය සදහා මෙම ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනිසිටින සංවිධාන හා ඒ වෘත්තියේ නියැලෙන්නන්ටත් අවස්ථාවක් තිබිය යුතුයි.ඒ නිසා ජනමාධ්‍යවෙිදීන් හා ඒ ආයතන වෙනුවෙන් සකස්කල මේ ආචාර ධර්ම ඇතුලත් ප්‍රතිපත්ති මාලාව මේ රටේ සියලු ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන අනුගමනය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඇය වැඩිදුරටත් පවසන්නීය.


නයනජිව බන්ඩාර(සටහන | සංජීව බණ්ඩාර)
nayanajeewabandara@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...